Divaina - කොදෙව්වෝ ප‍්‍රබල ඔස්ටේ‍්‍රලියාවට පහර දෙති - යොවුන් ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

p12 2යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු දින තුන අවසන් වන විට ඔස්ටේ‍්‍රලියාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශ, බටහිර ඉන්දීය කොදෙව්වන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ජයග‍්‍රහණ වාර්තා කිරීමට සමත් විය.
 
 ඇෆ්ගනිස්තානය විසින් සත්කාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම පරාජය කර දැමුවේ කඩුලූ හතකිනි. එම තරගයේදී පළමුව පිති ප‍්‍රහාරය දියත් කළ දකුණු අප‍්‍රිකාව ලකුණු 129 කට දවා ගත් ඇෆ්ගනිස්තානය අදාළ ඉලක්කය පන්දුවාර 25 කදී ලබාගත්තේ කඩුලූ තුනක් පමණක් අහිමි කර ගනිමිනි.
 
 මේ අතර බංග්ලාදේශය විසින් සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කළ අතර එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව බංග්ලාදේශයට කඩුලූ නවයක ජයක් හිමිවිය. නවසීලන්තය සහ ජපානය අතර පැවැති තරගය වර්ෂාව හේතුවෙන් තීරණයක් රහිතව අවසන් වෙද්දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් කැනඩාව කඩුලූ 8 කින් පරාජය කර දැමුවේය.
 
 ‘බී’ කාණ්ඩයෙන් තරග වදින බටහිර ඉන්දීය කොදෙව්වන් විසින් ප‍්‍රබල ඔස්ටේ‍්‍රලියාව පරදා කඩුලූ 3ක ජයක් ලැබීය. එම තරගයේ පළමුව පිති ප‍්‍රහාරය දියත් කළ ඔස්ටේ‍්‍රලියාව ලකුණු 179 කට සීමා වූ අතර කොදෙව් යොවුන් පිතිකරුවන් අදාළ ඉලක්කයක පන්දු 18 ක් සහ කඩුලූ තුනක් අතැතිව තිබියදී ලබා ගත්තේය.
 
 අදාළ ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකා සහභාගිවන පළමු තරගය ඊයේ රාත‍්‍රියේදී ඉන්දියාව සමග පැවැත්වුණි. තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැති පුහුණු තරග දෙකේදී ශ‍්‍රී ලංකාව දකුණු අප‍්‍රිකාවට එරෙහිව ජය ලැබුවද පාකිස්තානය හමුවේ පරාජයට පත්විය. 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles