Divaina - ශ‍්‍රී ලංකා ටෙස්ට් පිල අද සිම්බාබ්වේ යයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

testsසිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පිල අද (15 දා* රාත‍්‍රියේදී සිම්බාබ්වේ බලා පිටත්වීමට නියමිතව තිබේ.
 
 ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ශූරතාවලිය මේ වන විට ක‍්‍රියාත්මක වුවද ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ටෙස්ට් තරග දෙක ලෝක ටෙස්ට් ශූරතාවට ඇතුළත්ව නැත. එ් අනුව මෙම තරගාවලිය දෙරට අතර තරගාවලියක් බවට පත්ව තිබේ.
 
 පාකිස්තාන් ටෙස්ට් තරගාවලියට සහභාගි වූ ටෙස්ට් කණ්ඩායම මේ තරගාවලිය සඳහාත් නම් කර ඇති අතර එහිදී ආබාධයකින් පසුවූ සුරංග ලක්මාල් යළිත් කණ්ඩායමට එක්ව තිබේ. ලක්මාල් පාකිස්තාන් ටෙස්ට් තරගාවලියට ඇතුළත්ව සිටියද ඔහු ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් අදාළ සංචාරයට සහභාගි නොවුණි.
 
 දෙරට අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ලබන 19 වැනිදා හරාරේ හිදී ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගය ලබන 27 වැනිදා එම ක‍්‍රීඩාංගණයේදීම ආරම්භ වේ.
 
 ශ‍්‍රී ලංකාව වත්මන් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල හය වැනි තැන පසුවන අතර සිම්බාබ්වේ අදාළ ශ්‍රේණියේ 11 වැනි තැනට පත්ව තිබේ. ඔවුන්ට ඉදිරියෙන් මීට වසර දෙකකට ටෙස්ට් වරම් ලැබූ ඇෆ්ගනිස්තානය පත්ව ඇත.
 
 ශ‍්‍රී ලංකා කණ්ඩායම
 
 දිමුත් කරුණාරත්න (නායක*, ඕෂධ ප‍්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් ඇඹුල්දෙණිය, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ඩිල්රුවන් පෙරේරා, විශ්ව ප‍්‍රනාන්දු, ළහිරු කුමාර, කුසල් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, ලක්ෂාන් සඳකැන්

 

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles