Divaina - වැටුණු කි‍්‍රකට් ගොඩ ගන්න ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ටොම් මූඩිගේ සහය පතයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p16 1ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වැඩි දියුණු කිරීම වෙනුවෙන් කණ්ඩායමට විශේෂඥ උපදේශකයෙකු බඳවා ගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමු වී තිබේ. එ් අනුව එ් සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු පුහුණු කරුවෙකු වන ටොම් මූඞී නැවත ශී‍්‍ර ලංකාවට කැඳවීමට කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇති අතර ලබන පෙබරවාරි මාසයේ සිට ඔහු ආදාළ තනතුරේ වැඩ භාර ගැනීමට නියමිත බවද ‘දිවයින’ට වාර්තා වේ.
 
 ශී‍්‍ර ලංකා කණ්ඩායම දිගින් දිගටම තරග පරාජය වීම හේතුවෙන් කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ සහ උපදේශකවරුන්ගේ වෙනසක් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පියවරගෙන තිබේ. එ් අනුව කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස ජෙරම් ජයරත්න පත් කිරීමටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තීරණය කර ඇතැයි වාර්තා වේ. මීකී ආතර් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන විශේෂඥ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.
 
 කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ විශේෂඥ උපදේශකයකු ලෙස ටොම් මූඩි බඳවා ගැනීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මේ වන විට සාකච්ඡුා ආරම්භ කර තිබේ. එ් අනුව වසර දෙකක කාලයක් වෙනුවෙන් ටොම් මූඩිගේ සේවාව විශේෂඥ උපදේශකයකු වශයෙන් කණ්ඩායමට ලබා ගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තීරණය කර ඇතැයි වාර්තාවේ. මේ අතර අදාළ යෝජනාව පිළිබඳ ටොම් මූඩිද යහපත් ප‍්‍රතිචාර දක්වා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
 
 ඔස්ටේ‍්‍රලියානු ජාතික ටොම් මූඩි 2005 සිට 2007 වසර දක්වා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළේය. එහිදී 2007 දී ලෝක කුසලාන තරගාවලියේදී අවසන් තරගය දක්වා යෑමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වූ අතර එය 1996ට පසු ලෝක කුසලාන අවසන් තරගයක් සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම පැමිණි පළමු අවස්ථාව බවට පත් විය.
  

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles