Divaina - බ්ලූ ස්ටාර් සහ සෝන්ඩර්ස් වෙන්ටේජ් එෆ්.එ් කුසලාන පාපන්දු අවසන් පූර්ව වටයට

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 p16 4වෙන්ටේජ් එෆ්.එ් කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට සෝන්ඩර්ස් කී‍්‍රඩා සමාජ කණ්ඩායම සහ බ්ලූ ස්ටාර් කණ්ඩායම සමත් විය. කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැති සිව්වැනි අර්ධ අවසන් පූර්ව වටයේදී සී හොක්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් සෝන්ඩර්ස් කණ්ඩායමත් බන්ධනාගාර කණ්ඩායම පරාජයට පත් කරමින් බ්ලූ ස්ටාර් කණ්ඩායමත් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
 
 සී හොක්ස් සහ සෝන්ඩර්ස් අතර තරගය
 
 තරගයේ පළමු අර්ධයේ 32 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීමට සෝන්ඩර්ස් කී‍්‍රඩකයෝ සමත් වූහ. එය තරගයේදී කණ්ඩායම් දෙක වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය ලෙසින් සටන් විය. එ් අනුව අදාළ තරගයේදී ගෝල 1-0ක් ලෙස ජය වාර්තා කිරීමට සෝන්ඩර්ස් කණ්ඩායම සමත් විය.
 
 බන්ධනගාර කී‍්‍රඩා සමාජය සහ බ්ලූ ස්ටාර් අතර තරගය
 
 රාතී‍්‍ර විදුලි ආලෝකය යටතේ පැවති මෙම තරගයේදී ගෝල 1-0ක් ලෙස ජයග‍්‍රහණය වාර්තා කිරීමට බ්ලූ ස්ටාර් කණ්ඩායම සමත් විය. තරගයේ පළමු අර්ධය නිමාවන විටදී කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කණ්ඩායම් දෙකම අසමත් විය. දෙවැනි අර්ධයේ 75 වැනි මිනිත්තුවේදී තරගයේ ජයග‍්‍රාහී ගෝලය වාර්තා කිරීමට බ්ලූ ස්ටාර් කී‍්‍රඩකයෝ සමත් වූහ.
  

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles