Divaina - තෙවැනි දිනය පන්දු 32 කට සීමා වෙයි.... ධනංජයගේ ශතකය අඳුර නිසා පමාවේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

අසේල විතාන රාවල්පින්ඩි සිට
 
 sbsපිට පිටම තෙවැනි දිනයටත් පාකිස්තානය සහ ශ‍්‍රී ලංකාව අතර රාවල්පින්ඩි හිදී පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගයට කාලගුණයෙන් බාධා එල්ලවීමෙන් තෙවැනි දිනය පන්දුවාර 5.2 කට පමණක් සීමා විය. ඒ අනුව ශ‍්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ හයක් දැවී ලකුණු 282 ක් තෙවැනි දිනට (13 දා* තරගය නවතා දමන විට ලබා සිටියේය.
 
 දිගින් දිගටම කාලගුණයෙන් තරගයට බාධා වෙද්දී තෙවැනි දිනයේ තරගය ආරම්භ වුයේ මිනිත්තු 150 අහිමි වෙමිනි. එහිදී වර්ෂාවද නොමැතිව තරගය ආරම්භ කිරීමට නොහැකි වුයේ ක‍්‍රීඩාංගණයේ වතුර ඉවත් කිරීමට හැකි සේවකයන් සුළු පිරිසක් සිටීම විම දැඩි මාතෘකාවකට බඳුන් විය. ක‍්‍රීඩාංගණයේ වතුර ඉවත් කිරීමට ප‍්‍රමාණවත් සේවකයන් නොසිටීම හේතුවෙන් දිවා ආහාරයෙන් පසුව ප.ව 1.10 ට තරගය ආරම්භ වෙද්දී පන්දුවාර 37 ක් අහිමිව තිබුණි. ඊයේ දිනට පන්දුවාර 90 ක් යැවීමට නියමිතව තිබුණද සම්පූර්ණ දින තුන පුරා තරගයට පන්දුවාර 179 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට අහිමි තිබේ.
 
 පන්දුවාර 5.2 ක් යැවීමෙන් පසු මීදුම
 
 ක‍්‍රීඩාංගණයට පතිත වීමෙන් විනිසුරුවන් තරගයේ තෙවැනි දිනය අතහැර දැමීමට ප.ව 3.30 ට පමණ තීරණය කළේ විදුලි ආලෝකය තිබුණද තරගය පැවැත්වීමට හැකි ආලෝකයක් ක‍්‍රීඩාංගණයට නොවැටීම හේතුවෙනි. තරගය නවතා දමන විටත්
 
 ක‍්‍රීඩාංගණයට වැසි නොවැටුන අතර රතු පන්දුවෙන් ක‍්‍රීඩා කරන විට මීදුම සහ විදුලි ආලෝක දහරාවන් ක‍්‍රියාත්මක වීමේදී පිතිකරුවන්ට පහරදිය හැකි ආලෝකයක් නොතිබුණි.
 
 ඊයේ දිනයේ ක‍්‍රියාත්මක වු පන්දු 32 ක තුළදී ධනංජය ද සිල්වා සහ ඩිල්රුවන් පෙරේරා ලකුණු 19 ක් උදුරා ගත්තේය. සිය හය වැනි ශතකයට ගමන් කරමින් සිටින ධනංජය ද සිල්වා පන්දු 151 කදී හතරේ පහර 13 ක් සමග ලකුණු 87 ක් ලබා සිටියි. අනෙක් අන්තයේ කඩුල්ලේ රැුදී සිටින ඩිල්රුවන් පෙරේරා පන්දු 18 කදී ලකුණු හයක් ලබා සිටියේය.
 
 28 වැනි වියේ පසුවන ධනංජය ද සිල්වා මේ වන විට ඔස්ටේ‍්‍රලියාවට (129*, සිම්බාබ්වේට (127*, ඉන්දියාවට (119*, බංග්ලාදේශයට (173* සහ නවසීලන්තයට (109* එරෙහිව ශතක ලබා ඇති අතර ඔහු පිය මනිමින් සිටින්නේ පාකිස්තානයට එරෙහිව පළමු ටෙස්ට් ශතකය උදුරා ගැනීමේ මෙහෙයුමකටය.
 
 වත්මන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ධනංජය ද සිල්වාට වඩා ශතක ලැබු පිතිකරුවන් වන්නේ දිනේෂ් චන්දිමාල් (11*, දිමුත් කරුණාරත්න (9*, ඇන්ජලෝ මැතිව්ස් (9* සහ කුසල් මෙන්ඩිස් (6* පමණි. ඒ හැරුණු කොට වත්මන් කණ්ඩායමේ කිසිදු පිතිකරුවකු ශතක ලබා නොමැති අතර ධනංජයට සිය හය වැනි ශතකයට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 13 ක් පමණි. පළමු දිනයේ දිවා ආහාරයෙන් පසුව පිති ප‍්‍රහාරයට පැමිණි ධනංජයට සිය පිති ප‍්‍රහාරය එක දිගට ක‍්‍රියාත්මක කිරීමට කාලගුණයෙන් ඉඩ නොලැබුණද ඔහු හැම විටම ඉතාමත් විශ්වාසයෙන් පිති ප‍්‍රහාරයේ යෙදෙනු දක්නට ලැබුණි.
 
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles