Divaina - වර්ෂාවට ඔරොත්තු නොදෙන රාවල්පින්ඩි ක‍්‍රීඩාංගණ ආවරණය... ක‍්‍රීඩාංගණ සකස් කිරීම ගැන ශ‍්‍රී ලංකාව ලෝකයටම පාඩමක් කියාදී තිබෙනවා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

 

paakis555

ජාත්‍යන්තර විස්තර විචාරක රොෂාන් අබේසිංහ කියයි
 
 අසේල විතාන රාවල්පින්ඩි සිට
 
 rosansදස වසරකට පසුව පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගයක් වෙනුවෙන් ක‍්‍රීඩාංගණයට යොදවා ඇති වැසි ආවරණ සහ සේවකයන් සංඛ්‍යාව අඩුවීමෙන් ඊයේ දිවා ආහාරයට ප‍්‍රථම ඇරඹීමට තිබූ තරගය ආරම්භ කිරීමට නොහැකි විය. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විස්තර විචාරක රොෂාන් අබේසිංහ මහතාද විමතිය පළ කර සිටියි.
 
 ‘‘ පේ‍්‍රක්ෂකයන් එන්නෙ තරග නරඹන්න. වර්ෂාවෙන් තරගවලට බාධා එන්න පුළුවන්. නමුත් වර්ෂාව නැති වු විගස තරග ආරම්භ කිරීමට නිසි ක‍්‍රමවේදක් තිබිය යුතුයි. ශ‍්‍රී ලංකාව ලෝකයට යම් කිසි තත්ත්වයක් පෙන්නලා තියෙනවා වර්ෂාවට ක‍්‍රීඩාංණය ආවරණය කිරීම සහ වතුර ඉවත් කිරීම ගැන. වැස්සක් පෑව්වහම තරගයක් හැකි ඉක්මනින් ආරම්භ කරන්න පුළුවන් රට ශ‍්‍රී ලංකාව. අපේ රටේ තණතිලි ආවරණය දාන විදිහ එකක් උඩ එකක්. ලංකාවේ වැසි ආවරණවල වතුර එකින් එකට හලමින් හතරේ සීමාවෙන් එහාට ගෙනියනවා. ඊට පස්සෙ සුපර් සෝපර් දානවා. ඒ අත්දැකීම පාකිස්තානයට නැහැ. ඒක නිසා තමයි වැස්ස නැතිවත් තරගය ආරම්භ කරන්න බැරි වුණේ.’
 
 සේවකයන් දහයකින් පහළොවකින් වැස්සකට ක‍්‍රීඩාංගණයක් ආරම්භ කර නොහැකි බවත් ශ‍්‍රී ලංකාවේ මෙම තත්ත්වය තිබ්බේ නම් තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට හැකියාව තිබූ බවත් පවසන අබේසිංහ මහතා වැඩිදුරටත් ‘දිවයින’ සමග මෙසේ පැවසීය.
 
 ‘‘සේවකයන් 10-15 කින් මේක කරන්න බැහැ. අද තත්ත්වය ශ‍්‍රී ලංකාවේ ඇති වුණානම් පාන්දර 7 ට අපි ආවත් ක‍්‍රීඩාංගණය භාරව ඉන්න අය වතුර නිදහස් කරලා පිරිසිදු කරලා වේලලා කවර අරන් දාලා ඉවරයි. ඔවුන් තරගය ආරම්භ කිරීමට පැයකට කලින් ක‍්‍රීඩාංගණය විනිශ්චයකරුවන්ට භාර දෙනවා. ඊට පස්සෙ විනිසුරුවන් තමයි තීරණය කරන්නෙ ක‍්‍රීඩා කරනවාද නැද්ද යන්න. මට ආරංචි වෙච්ච විදිහට පාකිස්තාන් අයට ඒක කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. විනිසුරුවන් කියලා තියෙනවා ඔවුන් එනකන් මුකුත් කරන්න එපා කියලා. අපි ක‍්‍රීඩාංගණයට එන කොට 7.50 ටත් වහලා තිබ්බා වතුර අයින් කරන්න තියා කිසිම කෙනෙක් ක‍්‍රීඩාංගණය මැද හිටියෙ නැහැ. අයි.සී.සී.යෙන් මම දන්නෙ නැහැ එහෙම එපා කියන නීතියක් තියෙනවා කියලා. ලංකාවේනම් මෙහෙම වෙන්නෙ නැහැ.’’
 
 ටෙස්ට් තරගයකට දින දෙකක් අවසානයේදී පන්දුවාර 180 ක් යැවිය යුතු වුවත් මෙම තරගයේ තෙවැනි දිනය අවසන් වන විටත් යවා තිබුණේ පන්දුවාර 86.3 ක් පමණි. සාමාන්‍යයෙන් පැයකට පන්දුවාර 15 ක් යැවිය යුතු අතර දිවා ආහාරය අතර කාලයේදී පන්දුවාර 30 කට ආසන්න සංඛ්‍යාවක් යැවීමට හැකියාවක් තිබේ. කෙසේ වෙතත් සේවකයන් නොමැති වීමෙන් රාවල්පින්ඩි ක‍්‍රීඩාංගණයේ වතුර ඉවත් කිරීමට නොහැකි විය. සේවකයන් විස්සකට අඩු සංඛ්‍යාවක් වතුර ඉවත් කිරීමට සිටීම මෙවැනි ජාත්‍යන්තර තරගයක කිසි සේත් ප‍්‍රමාණවත් නොවුණි. ශ‍්‍රී ලංකාවේ වර්ෂාවෙන් තරග පමාවීම අවම කර ගැනීම වෙනුවෙන් සේවකයන් 150-200 ත් අතර ප‍්‍රමාණයක් යොදවා තිබේ.
 
 මේ අතර හිටපු ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ වත්මන් පාකිස්තාන් ක‍්‍රිකට් සභාපති ඒෂාන් මානී මහතා මෙසේ පවසා තිබේ. ‘‘ඒෂාන් මානී මා සමග කිව්වා මේ තරගාවලියේ තියෙන වැදගත් කම අනාගතයට භාර දෙනවා කියලා. ඔහු කිව්වෙ ශ‍්‍රී ලංකාව පැමිණිමෙන් පසුව පාකිස්තානයේ ක‍්‍රිකට් අනාගතය ගොඩක් සුබ වෙයි කියලා.’’
 
 ටෙස්ට් ලෝක කුසලාන යටතේ පැවැත්වෙන තරගාවලියකදී ප‍්‍රසාද ලකුණු ලබා දෙන ක‍්‍රමවේදය තරගාවලියෙන් තරගාවලියට වෙනස් වේ. ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දැන් පැවැත්වෙන ටෙස්ට් තරගයද බොහෝ දුරට ජය පරාජයෙන් තොරව අවසන් වන ලකුණු පහලව තිබේ. එවැනි තත්ත්වයක ටෙස්ට් ලෝක කුසලාන ප‍්‍රසාද ලකුණු සටහන ගැන රොෂාන් අබේසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය.
 
 ‘‘තරග දෙකකින් සමන්විත තරගාවලියක තියෙන ලොකුම වාසිය තමයි ප‍්‍රසාද ලකුණු 60 ක් ලබා ගන්න පුළුවන් වීම. අළු බඳුනේ තරග පහක් තියෙනවා. ඒ තරගාවලියේ දෙකක් පුර්ණ ජයග‍්‍රහණ දෙකක් දින්නත් ඒ කණ්ඩායමට ලැබෙන්නේ ලකුණු 48 යි. තරග අඩුවෙන් සමන්විත තරගාවලි ක‍්‍රීඩා කිරීමෙන් ලැබෙන වාසිය වගේම දිනන්නත් ඕන. තරග දෙකක් තිබීම කණ්ඩායමකට ඉතාමත් වාසියි. මොකද එවිට ක‍්‍රීඩකයන්ව ආබාධවලට ලක්වීමත් අඩු වෙනවා.
 
 පාකිස්තානයේදී ශ‍්‍රී ලංකාවට ටෙස්ට් තරගයට පිවිසෙන්නේ 2009.03.03 ලාහෝර් ප‍්‍රහාරයෙන් පසුවය. ශ‍්‍රී ලංකා පිල පාකිස්තානයට පැමිණ පැය 48 කින් පසුව ටෙස්ට් තරගයට පිවිසියේ එක් පුහුණු සැසියකට පමණක් සහභාගි වීමෙනි. එය පාකිස්තානයේ වැඩි දින ගණනක් රැුඳී සිටීමට තවමත් කණ්ඩායම් වැඩි කැමැත්තක් නොදක්වන හෙයින් විය හැකිය. නමුත් ටෙස්ට් තරගාවලියකට පෙර පුහුණු තරග පැවැත්වීමේ වැදගත්කම සම්බන්ධයෙන් අබේසිංහ මහතා පවසන්නේ මෙවැනි අදහසකි.
 
 ‘‘පාකිස්තාන් සංචාරය විශේෂ සංචාරයක් නිසා මේක ගැන වැඩිය කතා කරන්න බැහැ. අද වර්තමාන සංචාරවල තියෙන ලොකුම අඩුව තමයි කණ්ඩායමක් රටකට ගොඩ බැස්සහම පුහුණු තරග ගොඩක් අඩුවීම. ඉස්සර ගත්තොත් ටෙස්ට් තරගාවලියක් පටන් ගන්න කලින් පුහුණු තරග තියෙනවා. මැදදි තවත් තරග තියෙනවා. එවිට අසාර්ථක ක‍්‍රීඩකයන්ට සාර්ථක වෙන්න අවස්ථාවක් තියෙනවා පුහුණු තරගවලදී. පුහුණු දැල තුළ සිය පාරක් පිතිකරුවකු පහර දුන්නත් තරගයකදී ක‍්‍රීඩා කරලා ලබන අත්දැකීම ලබන්න බැහැ. ඉස්සර පුහුණු තරග දෙකක්වත් අඩුම තරමේ තියෙනවා. තරගාවලි මැදදි තවත් පුහුණු තරගයක් තියෙනවා. එහෙම වුණාම අසාර්ථක ක‍්‍රීඩකයන්ට සාර්ථක වෙන්න අවස්ථාවක් තියෙනවා.’’
 
 පාකිස්තාන් හිටපු ක‍්‍රිකට් නායක රමීස් රාජා වත්මන් ජාත්‍යන්තර විස්තර විචාරකයකු ලෙස පාකිස්තානයේදී ටෙස්ට් තරග ක‍්‍රීඩා කරවීමට සෑහෙන උනන්දුවක් දැක්වු පුද්ගලයෙකි.
 
 ‘‘අපිත් සමග ඉන්නවා රමීස් රාජා සහ බාසීද් ඛාන් . ඒ අයට හැම වෙලාවේම ඕන වුණේ ජාත්‍යන්තර තරග පාකිස්තානයට ගෙන එන්නට. ශ‍්‍රී ලංකාව එක්දින තරග ක‍්‍රීඩා කරලා පෙන්නුවා ක‍්‍රීඩා කරන්න පුළුවන් කියලා. නමුත් ඔවුන්ට ඕන වුණේ කෙටි කාලයක් ඉන්නෙ නැතිව සති දෙකක් විතර ඉඳලා ටෙස්ට් ක‍්‍රීඩා කිරීම මුළු ලෝකයටම යවන්න. ශ‍්‍රී ලංකාව පාකිස්තානයට ආපු එක ඓතිහාසික දෙයක්.’’
 
 ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර රාවල්පින්ඩි ටෙස්ට් තරගයේ ශ‍්‍රී ලංකාවට ඇති වාසිය සහ අවාසිය ඉදිරි දින දෙකේදී කෙසේ වෙයිද යනුවෙන් අබේසිංහ මහතාගෙන් විමසන ලදුව, ‘‘තරගය දිහා බැලූවොත් දෙවැනි දවසේ ඕවර 18 යි. මම දකින්නෙ පළමු දවසේ මැද පැය දෙකේ ශ‍්‍රී ලංකා පිලට තිබුණ වාසිය නැති වුණා. ලකුණු 89 ක් ලබාගෙන එක කඩුල්ලක්වත් දැවී ගොස් තිබුණෙ නැහැ. පාකිස්තානයට විවේචනයක් තියෙනවා වේග පන්දු යවන්නන් හතර දෙනෙක් ඔවුන්ගෙ ගැහුව්වෙ ඇයි කියලා. ශ‍්‍රී ලංකාවට තිබුණා ඒ විවේචනය වැඩි කරන්න ක‍්‍රීඩා කරන්න. පීඩනය නොගෙන ලකුණු ගහන්න. තුන්වැනි දිනය ගහන්නෙ නැති වුණොත් දවස් දෙකක් තියෙන කොට පාකිස්තානයට වාසිය වැඩියි. බැරි වෙලාවත් හෙට අව්ව පැව්වොත් පාකිස්තානයට තියෙනවා ඉතිරි දින දෙකේදී ඕවර 200 ක් පමණ. එයින් ඕවර 100 ක් ඔවුන් බැට් කරලා ලකුණු 400 ක් වගේ ගහලා අපිට දුන්නොත් අපිට පීඩනයක් එනවා. ඒ නිසා ලකුණු 350 විතරක් නෙමෙයි අපි පාකිස්තානට බැට් කරන්න දෙන එක ගොඩක් ප‍්‍රමාද කළ යුතුයි. තරගයේ අවසන් දිනයේ පිති ප‍්‍රහාරයේ යෙදීම ටිකක් අමාරුයි ටෙස්ට් තරගයක.’’
 
 කුසල් මෙන්ඩිස් විශේෂ හැකියාවක් ඇති පිතිකරුවකු බව නව පුහුණුකරු මිකී ආතර් හඳුනාගෙන ඇති බවද අබේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
 ‘‘මිකී ආතර් කියනවා කුසල් මෙන්ඩිස්ට විශේෂ හැකියාවක් තියෙනවා කියලා. සාමාන්‍ය පිතිකරුවකුට වඩා ඔහුට පන්දුව හොඳින් පේනවා කියලා. කතාවට කියන්නෙ හොඳ පිතිකරුවකුට එක පන්දුවකට පහරවල් තුනක් තියෙනවා කියලා. මිකී කියනවා කුසල්ට ලොකු ගමනක් තියෙනවා කියලාත්. මම දකින්නෙ කුසල්ට ස්ථිර තැනක් ලැබුණෙ නැති එක තමයි ඔහුට තිබුණ ප‍්‍රශ්නය. ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දැන් හොද කණ්ඩායමක්. මේ කණ්ඩායම ඉදිරියට යා යුතුයි.’’

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles