Divaina - පාකිස්තානයට ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඉහළ පිළිගැනීමක්...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p16 3ටෙස්ට් තරගාවලියක් සඳහා පාකිස්තානයට පිටත්ව ගිය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම ඊයේ (09 වැනිදා) ඉස්ලාමාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පාකිස්තානයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් නූර්දීන් මොහොමඞ් සයිඞ් මහතා ඇතුළු පාකිස්තානු ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.
 
 එක්දින සහ විස්සයි 20 තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් ආරක්ෂාව හා සමානම රාජ්‍ය නායකයකුට ලබා දෙන ආකාරයේ ආරක්ෂාවක් ටෙස්ට් කණ්ඩායමට ලබා දීමටද එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙන අතර කණ්ඩායම නවා තැන් ගෙන සිටින ඉස්ලාමාබාද්හි හෝටල් පරිශ‍්‍රය දැඩි ආරක්ෂක කලාපයක් බවට පත් කර තිබෙන අයුරු දැක ගැනීමට හැකි විය. මීට අමතරව ගුවන් තොටුපොළේ සිට ක‍්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින හෝටල් ප‍්‍රදේශය සඳහා විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් දියත් කර තිබෙන අතර ඒ සඳහා 5000 කට ආසන්න ආරක්ෂක පිරිසක් සේවයේ යෙදවීමට එරට ආරක්ෂක අංශ කටයුතු යොදා තිබේ.
 
 ඩෙංගු උණ රෝගය වැළඳීම නිසා අද පැමිණි කණ්ඩායමට වේග පන්දු යවන සුරංග ලක්මාල් ඇතුළත් නොවුණු අතර ඒ සඳහා වේග පන්දු යවන අසිත ප‍්‍රනාන්දුව කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. අසිත ප‍්‍රනාන්දු මේ වන විට නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු ක‍්‍රීඩා තරගාවලියට ක‍්‍රීඩා කිරීම සඳහා කත්මන්දු නුවරට ගොස් සිටින නමුත් ටෙස්ට් තරගාවලිය අතරතුරදී ඔහු ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නියමිතය.
 
 ලෝක කුසාලන ටෙස්ට් ශූරතාව යටතේ දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය හෙට (11 වැනිදා) රාවල්පින්ඩි කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles