Divaina - ශී‍්‍ර ලංකාව දකුණු ආසියානු ඉතිහාසයේ පදක්කම් 200 පසුකරයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

p16 1- කි‍්‍රකට් රන් පදක්කම අහිමිවෙයි - මැතිව්ගෙන් තවත් රන් පදක්කමක්
 
 -ඉතිහාසයේ පළමු වතාවට කබඩි රිදී පදක්කමක්
 
 - 13 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ 9 වැනි දිනය වූ ඊයේ (09 වැනිදා) දිනය සවස් වන විටදී සිය පදක්කම් ගොන්න 216 දක්වා ඉහළ දමා ගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වී සිටියහ. එ් අනුව දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලකදී ශී‍්‍ර ලංකාව නම ඉදිරියේ සටහන් වූ වැඩිම පදක්කම් සංඛ්‍යාව මෙය වේ. මීට පෙර දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලකදී ශී‍්‍ර ලංකා කණ්ඩායම දිනා තිබූ වැඩිම පදක්කම් සංඛ්‍යාව 186ක් වන අතර එය 2016දී පැවැති 12 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී වාර්තා විය.
 
 ශී‍්‍ර ලංකාව ඉදිරියේ ඊයේ දිනයේ සවස් වන විටදී රන් පදක්කම් 36ක්, රිදී පදක්කම් 74ක් සහ ලෝකඩ පදක්කම් 106ක් සටහන් වී තිබිණි. එ් අනුව ශී‍්‍ර ලංකාව තවමත් තරගාවලියේ පදක්කම් සටහනේ තුන් වැනි ස්ථානයේ රැඳී සිටින අතර රන් පදක්කම් 138ක් සහ රිදී පදක්කම් 83ක් ඇතුළුව ලෝකඩ පදක්කම් 43ක් සමග පදක්කම් 264ක් දිනාගත් ඉන්දියාව එහි පළමු  ස්ථානයේ පසු වේ. දෙවැනි ස්තානයේ පසුවන සත්කාරක නෝපාලය රන් 49ක්, රිදී 48ක් සහ ලෝකඩ පදක්ම් 78ක් සමගින් මුඵ පදක්කම් 175ක් දිනා ගැනීමට ඊයේ සවස් වන විටදී සමත් වී සිටියේය.
 
 මැතිව්ගෙන් තවන් රන් පදක්කමක්
 
p16 2 තරගාවලියේ පිහිනුම් තරග ඉසව්වේ 5 වැනි දිනය වූ ඊයේ ශී‍්‍ර ලංකාවට තවත් රන් පදක්කමක් දිනා දීමට මැතිව් අබේසිංහ සමත් විය. එ් අනුව මෙවර තරගාවලියේ මැතිව් විසින් දිනාගත් 4 වැනි රන් පදක්කම මෙය වන අතර පිහිනුම් ඉසව්වේ මුළු රන් පදක්කම් ගණන 6 දක්වා ඉහළ දැමීමටද ඔහු සමත් විය.
 
 පළමු වතාවට කබඩි ඉසව්වෙනුත් පදක්කමක්
 
 දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ ඉතිහාසයේ පළමු වතාවට ශී‍්‍ර ලංකා කබඩි කණ්ඩායම රිදී පදක්කමක් දිනා ගැනීමට ඊයේ සමත් විය. පෙරේදා (08 වැනිදා) පැවැති අවසන් පූර්ව වටයේදී බංග්ලාදේශය පරාජය කරමින් අවසන් වටයට සුදුසුකම් ලැබීය. එ් අනුව අවසන් තරගයේදී පරාජයට පත් වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමට රිදී පදක්කම හිමි විය.
 
 23න් පහළ කි‍්‍රකට් පිලට රන් පදක්කම  අහිමි වෙයි
 
 ශී‍්‍ර ලංකා 23න් පහළ කි‍්‍රකට් කණ්ඩායම ඊයේ පැවැති අවසන් මහා තරගයේදී බංග්ලාදේශය හමුවේ පරාජයට පත් විය. එ් අනුව මෙවර දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ තවත්් රන් පදක්කම් බලාපොරොත්තුවක් බවට පත්වී සිටි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිරිමි කණ්ඩායමට එම ඉසව්වේ රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදු විය.
 
 බංග්ලාදේශය කාසියේ වාසිය දිනා පළමුවෙන් පිති ප‍්‍රහාරය දියත් කිරීමට ශී‍්‍ර ලංකාවට ආරාධනා කළේය. එහිදී පිටියට පිවිසි ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 20දී ලකුණු 122කට සියලූම දෙනා දැවී ගියේය. එ් අනුව පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ බංග්ලාදේශය පන්දුවාර 18.1කදී කඩුලූ 3ක් පමණක් දැවී ජයග‍්‍රාහි ඉලක්කය පසුකර ගියේය.
 
 ශී‍්‍ර ලංකාව තරගාවලියේ මූලික වටයේ සියලූම තරග ජයගනිමින් අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය පරාජය කරමින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීය. එහිදී පැතුම් නිශ්ශංක (22), ෂම්මු අශාන් (25) සහ නිශාන් මදුසංක (16) හැරුණු කොට කිසිදු ශී‍්‍ර ලංකා පිතිකරුවෙකු හට ලකුණු 12 සීමාව පසුකර යෑමට නොහැකි විය. හෂාන් මොහොමඞ් සහ තන්වීර් ඉස්ලාම් පිළිවෙළින් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කඩුලූ 3 සහ 2 බැගින් බිඳ දැමීය.
 
 ජයග‍්‍රාහී බංග්ලාදේශය අවසන් පූර්ව වටයේදී ශී‍්‍ර ලංකාව හමුවේ කඩුලූ 9ක් පරාජයක් ලැබීය. අවසන් තරගයේ ප‍්‍රබල ලෙස කි‍්‍රයාත්මක වූ නජිමුල් හුසේන් පන්දු 28කදී නොදැවී ලකුණු 35ක් රැුස් කළේය. බංග්ලාදේශයට සාර්ථක ආරම්භයක් එක් කළ සායිෆ් හුසේන් පන්දු 30කදී ලකුණු 33ක් වාර්තා කළේ හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක්ද සමගිනි.
 
 ලකුණු සටහන
 
 ශී‍්‍ර ලංකා 23න් පහළ කණ්ඩායම පන්දුවාර 20දී සියලූ දෙනා දැවී ලකුණු 122යි (පැතුම් නිශ්ශංක 22, ෂම්මු අශාන් 25, නිශාන් මදුසංක 16, හෂාන් මොහොමඞ් 3/20, තන්වීර් ඉස්ලාම් 2/28)
 
 බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 18.1දී කඩුලූ 3ක් දැවී ලකුණු 125යි (සායිෆ් හුසේන් 33. සෞම්‍ය සර්කාර් 27, නජිමුල් හුසේන් 35, කමිඳු මෙන්ඩිස් 1/09, සචිඳු කොළඹගේ 1/33)

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles