Divaina - පිහිනුම් ඉසව්වෙන පදක්කම් 23ක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p16 3මෙවර දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ පිහිනුම් ඉසව්වෙන් රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් 13ක් සමගින් පදක්කම් 23ක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකා පිහිනුම් කණ්ඩායම සමත් වී තිබේ.
 
 මැතිව් අබේසිංහ මීටර් 200 නිදහස් ආර සහ මීටර් 100 සමනල ආර ඉසව්ව නියෝජනය කරමින් රන් පදක්ම් දෙකක් දිනා ගැනීමට සමත් විය. ඊට අමතරව මීටර් 100ඞ4 පිරිමි නිදහස් ආර ඉසව්ව නියෝජනය කළ ශී‍්‍ර ලංකා කණ්ඩායමද රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
 
 මීට අමතරව මෙවර තරගාවලියේ ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටුවීමට අකලංක පීරිස් සමත් විය. මීටර් 100 පිරිමි පසුපස ආර තරග ඉසව්ව තත්පර 54.14කින් නිමා කරමින් එම ඉසව්වේ රිදී පදක්කම ඔහු දිනා ගත්තේය. එහි ලෝකඩ පදක්කම ශේවින්ද ද සිලවා දිනා ගත්තේ තත්පර 56.11කින් තරගය නිමා කරමින්ය.
 
 පිහිනුම් ඉසව්වෙන් බිහි වූ දෙවන ශ‍්‍රී ලංකා වාර්තාව වූයේ මීටර 50 පිරිමි ළයආර තරග ඉසව්වෙනි. එම ඉසව්ව තත්පර 28.79කින් නිමා කළ කිරන් ජාසිංහ ලෝකඩ පදක්කම ද තමන් සතු කරගැනීමට සමත් විය. එහි කාන්තා තරග ඉසව්ව තත්පර 34.21කින් නිමා කළ රමුදි සමරකෝන් හට ද ලෝකඩ පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදු විය.
 
 මීට අමතරව මීටර 800 කාන්තා නිදහස් ආර ඉසව්ව මිනිත්තු 9:34.42කින් නිමා කළ රමුදි සමරකෝන් එහි රිදී පදක්කමක් දිනා ගන්නට සමත් වූවාය. තවද මීටර් 50 කාන්තා නිදහස් ආර ඉසව්ව නියෝජනය කළ භක්ති කරුණාසේන තත්පර 26:81කින් එම ඉසව්ව නිමා කරමින් එහි රිදී පදක්කම දිනා ගත්තාය. ලෝකඩ පදක්කම හිමි වූයේ තත්පර 27.03කින් නිමා කළ සන්දු සවින්දි හටයි.
 
 මීටර 400 පිරිමි තරග ඉසව්ව මිනිත්තු 4:46.46 කින් නිමා කළ රෙවාන් සේනාරත්න එම ඉසව්වෙන් ද ශ‍්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමිකර දෙන ලදි.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles