Divaina - ලක්මාල්ට පාකිස්තාන සංචාරය අහිමි වෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p16 4ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකකින් යුත් පාකිස්තාන තරගාවලිය ශී‍්‍ර ලංකා වේග පන්දු යවන සුරංග ලක්මාල් හට අහිමි වී තිබේ. ලක්මාල් හට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් අදාළ සංචාරය ඔහුට අහිමිවී ඇති බවට වාර්තා වේ.
 
 ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරගාවලිය ලබන 11 වැනිදා ආරම්භ වීමට නියමිතය. එ් අනුව තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (08 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගිය අතර එම සංචිතය සඳහා නම්කර තිබූ සුරංග ලක්මාල් වෙනුවට අසිත ප‍්‍රනාන්දු කණ්ඩායමට කැඳවීමට තීරණය කර ඇති බවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වාර්තා කර සිටී.
 
 2009දී ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉලක්ක කරගනිමින් එල්ලවූ ලාහෝර් ප‍්‍රහාරයේදී තුවාල ලැබූ කී‍්‍රඩකයින් අතර සුරංග ලක්මාල්ද පසු විය. එ් අනුව වසර 10කට පසු නැවතත් පාකිස්තාන සංචාරයක් වෙනුවෙන් සූදානම් වූ ලක්මාල් හට එම අවස්ථාව අහිමි වී තිබේ.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles