Divaina - හතුරුගේ තැනට අලුත් පුහුණුකරුවෙක් ළඟදීම එයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p16 1ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු රොමේෂ් රත්නායක වෙනුවට විදෙස් පුහුණුකරුවකු මේ සතියේදී ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියකු ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය.

විදෙස් පුහුණුකරුවන් කිහිප දෙනෙකු සමගම සාකච්ඡා කිරීමෙන් පසුව අදාළ පුහුණුකරුවා තෝරාගෙන තිබේ. එළැඹෙන පාකිස්තාන් සංචාරයේ සිට ඔහු සිය පළමු මෙහෙයුම ඇරඹීමට නියමිත බවත් එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් අනාවරණය වේ. කෙසේ වෙතත් ලබන සතියේදී ඔහු සමග ස්ථිර එකඟතාවකට පැමිණිමෙන් පසුව පුහුණුකරුවා සම්බන්ධයෙන් සියලු තොරතුරු මාධ්‍යයට නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සැලසුම් කර තිබේ.

අදාළ පුහුණුකරුවා මේ වන විටත් කොන්ත්‍රාත් පදනම මත රාජකාරි කරන බැවින් ඔහුගේ නම ඉදිරියේදී සඳහන් කරන බවත් කෙසේ වෙතත් මේ වන විටත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා බවට කටයුතු කිරීමට සියයට සියයක් එකඟ වී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහව මේ වන විටත් ක්‍රිකට් ආයතනය සමග ඇති කොන්ත්‍රාත්තුවෙන් ඉවත් කර ඇති අතර ඔහුට ගෙවූ මිලියන හතක වැටුප නව පුහුණුකරුවාට ලබානොදෙන බවත් සඳහන් වේ. ඒ අනුව නව පුහුණුකරුවාගේ වැටුප හතුරුසිංහගේ වැටුපට වඩා භාගයකටත් පමණ අඩු බවද වාර්තා වේ.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයේ නව වෙනසක් ඇති කිරීමට ඉදිරියේදී සැලසුම් කර ඇති අතර පිතිකරණ පුහුණුකරුවකු වශයෙන්ද විදෙස් පුහුණුකරුවකු තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය යොමු කර තිබේ. මේ අතර වත්මන් ප්‍රධාන පුහුණුකරුවා වන රොමේෂ් රත්නායක තවදුරටත් වේග පන්දු පුහුණුකරුවා වශයෙන් කටයුතු කරනු ලබයි.

2019 වසරේ ඔස්ටේ්‍රලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන ඉලක්ක කරමින් නව පුහුණුකරුවා සහ පිතිකරණ පුහුණුකරුවා බඳවා ගත්තද ඔවුන්ට පළමුව වසරක කොන්ත්‍රාත් කාලයක් සඳහා ස්ථිර කරන අතර අනතුරුව

ඔහුගෙරාජකාරිය සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සහ ක්‍රිකට් ආයතනය තෘප්තිමත් වුවහොත් පමණක් කොන්ත්‍රාත්තුව දික් කරනු ලබයි.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබන දක්ෂතා ඉහළ දැමීමේ පුහුණු කාර්ය මණ්ඩලයටද විදෙස් පුහුණුකරුවන් දැනුම ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි මාස තුන ඇතුළත කටයුතු කරන බවද වාර්තා වේ. ඒ අනුව ලෝකයේ සිටි විශිෂ්ටතම පන්දු යවන්නන්, පන්දු රකින්නන් සහ පිතිකරුවන්ව වරින් වර කෙටි කාලීනව ගෙන්වා පුහුණුකරුවන්ගේ දැනුම වැඩි කිරීමට එමගින් හැකියාව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියා වැඩිදුරටත් සඳහන්  කළේය.

අසේල විතාන
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles