Divaina - කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ශූරතා දෙකක්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p16 4- 35 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා දැල්පන්දු තරගාවලියේදී

අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පවත්වන ලද 35 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා දැල්පන්දු තරගාවලියේ වයස අවුරුදු 20 න් පහළ සහ අවුරුදු 16 න් පහළ ශූරතා දිනා ගැනීමට කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය නියෝජනය කළ ක්‍රීඩිකාවෝ සමත්වූහ.

අවුරුදු 18න් පහළ වයස් සීමාවේ ශූරතාව තහවුරු කරගැනීමට කොළඹ කාන්තා විදුහලට හැකිවිය.

අවුරුදු 20 න් පහළ අවසන් මහා තරගයේ දී කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය හමුවේ ලකුණු 40 -19 ක් ලෙස පරාජයට පත්වූ මහනුවර හිල්වුඞ් වීදුහලට රිදී පදක්කම හිමි වූ අතර කළුතර බාලිකා විදුහලට ලෝකඩ පදක්කමෙන් සෑහීමට පත් වන්නට සිදුවිය.

කොළඹ කාන්තා විදුහල සහ කුරුණෑගල ශුද්ධවු පවුලේ කන්‍යාරාමය අතර පැවැති වයස අවුරුදු 18 න් පහළ අවසාන මහා තරගයේදී ලකුණු 38 - 37 ක් ලෙස අතිශය තියුණු ජයග්‍රහණයක් සටහන් කර ගනිමින් ශූරතාවය තහවුරු කරගන්නට කොළඹ කාන්තා විදුහල් ක්‍රීඩිකාවන් සමත්වීම කැපී පෙනුණි. ඒ අනුව අනුශූරතාව කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සතු විය. එහි ලෝකඩ පදක්කම කොළඹ මියුසියස් විදුහලට හිමිවිය.

අවුරුදු 16 න් පහළ අවසාන මහා තරඟයේදී කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය හමුවේ ලකුණු 23 -18 ක් ලෙස පරාජයට පත් වූ කොළඹ මියුසියස් විදුහලට රිදී පදක්කම හිමි විය. කළුතර බාලිකා විදුහල එහි ලෝකඩ පදක්කම හිමිකර ගත්හ.

මෙවර තරඟාවලියේ කුසලාන බෙදී ගිය ආකාරය

අවුරුදු 20 න් පහළ

ශූරතාව : කුරුණෑගල ශුද්ධවු පවුලේ කන්‍යාරාමය

අනුශූරතාව: මහනුවර හිල්වුඞ් විදුහල

දෙවන අනුශූරතාව : කළුතර බාලිකා විදුහල

අවුරුදු 18 ක් පහළ

ශූරතාව: කොළඹ කාන්තා විදුහල

අනුශූරතාව: කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය

දෙවන අනුශූරතාව: කොළඹ මියුසියස් විදුහල

අවුරුදු 16න් පහළ

ශූරතාව: කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය

අනුශූරතාව : කොළඹ මියුසියස් විදුහල

දෙවන අනුශූරතාව: කළුතර බාලිකා විදුහල

අනුරුද්ධ හේරත් බණ්ඩාර

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles