Divaina - ශී‍්‍ර ලංකාවේ ආසියානු පාපන්දු ශූරතා බලාපොරොත්තුව සුන් වෙයි
965x87 01 new
Divaina Wimal

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p16 319න් පහළ ආසියානු පාපන්දු ශූරතාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයේදී පිට පිටම ලද පරාජය හමුවේ තරගාවලියෙන් ඉවතට විසිවීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිදු විය. එ් අනුව 2020 වසරේදී පැවැත්වීමට නියමිත 19න් පහළ ආසියානු පාපන්දු ශූරතාව සඳහා සහභාගි වීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායමට මග හැරී ගියේය.
 
 කටාර් රාජ්‍යයේහී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශී‍්‍ර ලංකාව ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණි. එහිදී ශ‍්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයේදී සත්කාරක කටාර් රාජ්‍ය හමුවේ ගෝල 5-1ක පරාජයක් ලැබීය. අනතුරුව පසුගිය 08 වැනිදා යේමනය සමග පැවැති තරගයේදීද ගෝල 3-0ක් ලෙස පරාජයට පත් වූ ශී‍්‍ර ලංකාව පෙරේදා (10 වැනිදා) පැවැති මූලික වටයේ අවසන් තරගයේදී ටර්ක්මෙනිස්තානය හමුවේ ගෝල 4-2ක පරාජයක් ලැබීය.
 
 තරගයේ පළමු අර්ධයේදී ප‍්‍රබල තර්ජනයක් එල්ල කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම ටර්ක්මෙනිස්තානයට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට අවස්තාව ලබා නොදුන්නේය. 41 වැනි මිනිත්තුවේදී කි‍්‍රයාත්මක වූ මොහොමඞ් සාජිඞ් පළමු අදියරේදී ගෝලයක් වාර්තා කරමින් ශී‍්‍ර ලංකාව පෙරමුණට ගෙන එ්මට සමත් විය. එහෙත් පළමු අදියරේදී ලබා ගත් වාසිය තව දුරටත් රැුක ගැනීමට ශී‍්‍ර ලංකාවට අවස්ථාව ලබා නොදුන් ටර්ක්මෙනිස්තාන කී‍්‍රඩකයෝ දෙවැනි අර්ධයේදී ගෝල 4ක් වාර්තා කිරීමට සමත් වූහ. දෙවැනි අර්ධයේදී ශී‍්‍ර ලංකාවට වාර්තා කිරීමට හැකි වූයේ එක් ගෝලයක් පමණි.
 
 මේ අතර මූලික වටයේ තරග සියල්ලම පරාජයට පත් වූ ශී‍්‍ර ලංකාව ‘බී’ කාණ්ඩයේ අන්තිමයා වෙමින් තරගාවලියෙන් ඉවත් වූ අතර එක් තරග ජයක් වාර්තා කළ ටර්ක්මෙනිස්තානයද තරගාවලියෙන් ඉවතට විසිවෙද්දී මුල් ස්ථාන දෙකෙහි රැුඳුණු සත්කාරක කටාර් සහ යේමනය තරගාවලියේ දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබීය.
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles