Divaina - ලෝක ටෙස්ට් ශූරතාවයේදී ඉන්දියාව පිම්මේ දුවයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p16 3ලෝක ටෙස්ට් ශූරතාව යටතේ සහභාගි වූ තරග පහම ජය ගත් ඉන්දියාව ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇති අතර ඔවුන් අභියෝගයකින් තොරවම ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයකි.
 
 ඉන්දියාව විසින් ටෙස්ට් ලෝක ශූරතාව යටතේ බටහිර ඉන්දීය කොදෙව්වන් දෙවරක් සහ දකුණු අප‍්‍රිකාව තෙවරක් වශයෙන් පරාජය කරමින් ප‍්‍රසාද ලකුණු 240 ක් ලබා තිබේ.
 
 ප‍්‍රසාද ලකුණු 60 බැගින් ලබා නවසීලන්තය සහ ශ‍්‍රී ලංකාව පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථානයේ පසුවේ. සිව්වැනි තැන සිටින ඔස්ටේ‍්‍රලියාව සහ පස්වැනි තැන සිටින එංගලන්තය ප‍්‍රසාද ලකුණු 56 බැගින් ලබා ඇත. ටෙස්ට් ලෝක ශූරතාවට සහභාගි වන අනිකුත් රටවල් වන බටහිර ඉන්දීය කොදෙව්වන් සහ දකුණු අප‍්‍රිකාව මෙතෙක් ප‍්‍රසාද ලකුණු ලබා නොමැති අතර බංග්ලාදේශය සහ පාකිස්තානය තවමත් එකදු තරගයකට හෝ සහභාගි වී නොමැත.
 
 කෙසේ වෙතත් ඉන්දියාවට ලබන මසදී බංග්ලාදේශය සමග ටෙස්ට් තරග දෙකක් ඉන්දියාවේදී පැවැත්වෙන බැවින්
 
 ඔවුන්ගේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව තවදුරටත් ඉහළ දමා ගැනීමට හැකිවනු ඇත. ලෝක ටෙස්ට් ශූරතාවයේ පිතිකරුවන් අතර මුළු ලකුණු 774 ක් ලබා ස්ටීවන් ස්මිත් පෙරමුණේ පසුවන අතර රෝහිත් ෂර්මා මුළු ලකුණු 529 ක් ලබා දෙවැනි තැන පසුවේ. පන්දු යවන්නන් අතර ඔස්ටේ‍්‍රලියාවේ පැට් කමින්ස් කඩුලූ 29 ක් ලබා පෙරමුණ ගෙන ඇති අතර එංගලන්තයේ ස්ටුවර්ට් බ්‍රෝඞ් කඩුලූ 23 ක් ලබා දෙවැනි තැන පසුවේ.

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles