Divaina - 45 වැනි ජාතික මහ කී‍්‍රඩා උළෙල අද ඇරැඹේ... - ශූරයාට සහ ශූරියට මෝටර් රථ පිරිනමන

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p16 1ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය අනුග‍්‍රහය යටතේ කි‍්‍රයාත්මක වන ප‍්‍රධානම කී‍්‍රඩා උළෙල වන ජාතික මහ කී‍්‍රඩා උළෙලේ 45 වැන්න අද (24 වැනිදා* බදුල්ලේදී ආරම්භ වේ. ඒ අනුව ලබන 27 වැනිදා දක්වා පුරා දින හතරක් බදුල්ල වින්ස්ටන් ඩයස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අදාළ කී‍්‍රඩා උළෙලේ සමාරම්භක උත්සවය අද සවස 2. 30ට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු  මහතාගේ මෙහෙයවීමෙන් මෙවර කි‍්‍රයාත්මක වන ජාතික මහා කී‍්‍රඩා උළෙලේදී ජයග‍්‍රාහකයන් ස`දහා ලබාදෙන ත්‍යාග මුදල දෙගුණ කිරීමට කී‍්‍රඩා අමාත්‍යාංශය පියවරගෙන තිබේ. එහිදී තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා සහ කී‍්‍රඩිකාව වෙනුවෙන් මෝටර් රථ දෙකක් ත්‍යාග කිරීමට කී‍්‍රඩා අමාත්‍යාංශය අදහස් කර සිටී. මීට අමතරව කී‍්‍රඩා උළෙලේ නව මලල කී‍්‍රඩා වාර්තාවක් සඳහා රුපියල් 50000ක ත්‍යාගයක් පිරිනැමීමටද කටයුතු යොදා ඇති අතර නව ශී‍්‍ර ලංකා වාර්තාවක් ස`දහා රුපියල් ලක්ෂයක මුදලක් පිරිනැමීමටද සූදානම් බවට වාර්තා වේ. තවද කේවල ඉසව් පදක්කම් ලාභි කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහා රුපියල් 15000, 10000 සහ 6000බැගින් මුදල් ත්‍යාග පිරි නැමීමටද නියමිතව තිබේ. මීට අමතරව කණ්ඩායම් කී‍්‍රඩා ඉසව් හිදී එක් කණ්ඩායමක් දිනා ගන්නා පදක්කම් වටිනාකම අනුව කණ්ඩායමකට රුපියල් 6000, 4000 සහ 2000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමට මලල කී‍්‍රඩා සංවිධායකයෝ සැදී පැහැදී සිටිති. මෙතෙක් දශක 5ක කාලයක් තිස්සේ අඛණ්ඩව තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාත් සමත්ව තිබේ. කණ්ඩායම් කී‍්‍රඩා ඉසව්, කාන්තා සහ පිරිමි කී‍්‍රඩා ඉසව් 42කින් ශූරතා 19ක් දිනා ගනිමින් ජාතික මහා කී‍්‍රඩා වාර්තාවකටද හිමිකම් කීමටද බස්නාහිර සමත්ව තිබේ.

මේ අතර මෙවර ජාතික මහ කී‍්‍රඩා උළෙලේදී සිදුකරන ලද වෙනස් කිරීම් 3ක් මුල්කර ගනිමින් සමස්ත ලංකා කී‍්‍රඩා නිලධාරි වෘත්තීය සංගම් සභාපතිවරයා විසින් කී‍්‍රඩා අමාත්‍යාංශයට සහ කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට චෝදනාවක් එල්ල කර සිටී. එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ ජාතික කී‍්‍රඩා විiායතනයේ අභ්‍යාසලාභින් මෙවර ජාතික කී‍්‍රඩා උළෙලින් ඉවත් කර ඇති බවත්, වසර 25කට වඩා වැඩි කී‍්‍රඩා සංගම් දෙපාර්තමේන්තු සහ පළාත් සභා නිලධාරීන් වෙනුවෙන් වසරක් පාසා සිදුකළ උපහාර දැක්වීම අවලංගු කර ඇති බවත් සහ පළාත් සභා මලල කී‍්‍රඩා විනිසුරුවන්ගේ සංගමයක් තිබියදී තරගාවලිය විනිශ්චය ස`දහා පිටින් විනිසුරුවන් ගෙන්වා ඇති බවත්ය.

මේ පිළිබ`ද ‘දිවයින’ වෙත අදහස් දැක්වූ සමස්ත ලංකා කී‍්‍රඩා නිලධාරි වෘත්තීය සංගම් සභාපති බී. වී. ආර්. ජයලාල් මහතා ‘ජාතික කී‍්‍රඩා විiායතනයේ අභ්‍යාසලාභීන් හැම අවුරුද්දකම මේ ජාතික කී‍්‍රඩා උළෙලට ඇවිත් තමයි අත්දැකීමක් ලබන්නේ. නමුත් මේ අවුරුද්දේ මුදල් ඉතිරි කිරීමේ අදහසින් කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒක කප්පාදු කරලා. ඒ වගේම වසර 25කට වඩා පැරණි කී‍්‍රඩා සංගම් දෙපාර්තමේන්තු සහ පළාත් සභා නිලධාරීන් ස`දහා දෙනවා කියලා පොරොන්දු වුණු උපහාරයත් මුදල් ඉතිරිකර ගැනීමේ අරමුණින් ඉවත් කරලා. පසුගිය වසරේ 9 දෙනකුට දුන්නා. මේ වසරේදී දෙනවා කියලා පොරොන්දු වුණා. ඒත් දැන් ඒක අවසන් මොහොතේ නතර කරලා. ඊට අමතරව අපේ ලංකාවේ කී‍්‍රඩා දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරින් ඉන්නවා විනිසුරු විභාගය සමත් වූ අය. අපි ඒ අයගේ ලිස්ට් එකක් යවල තියෙද්දිත් මලල කී‍්‍රඩා සංගමයෙන් විනිසුරුවන් පිරිසක් තමයි අරන් තියෙන්නේ. මුදල් ඉතිරි කරගන්න අර වගේ කප්පාදු කිරීම් කරලා මෙතන ලොකු ගානක් ගෙවලා විනිසුරුවන් පිටින් අරන් තියෙනවා’ යැයි කියා සිටියේය්.

කෙසේ වෙතත් මෙම චෝදනා සියල්ල කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප‍්‍රතික්‍ෂේප කර සිටී. ඒ අනුව මෙම චෝදනා ස`දහා පිලිතුරු ලබාදුන් කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා ‘මේ පාර කී‍්‍රඩා උළෙලේදී ජයග‍්‍රාහකයන් වෙත ලබාදෙන තෑගි අපි දෙගුණ කළා. ඒ විතරක් නෙමෙයි සෑම කී‍්‍රඩකයෙකු ස`දහාම ටී ෂර්ට් එකක්, බොටම් එකක්, සබන්, දත් බෙහෙත් වගේ රුපියල් 5000ක් වටින අත්‍යවශ්‍ය දේවල් දෙනවා. ඒවට අපිට ලොකු වියදමක් යනවා. නිකන් පෙළපාලි යන්න කට්ටියක් වෙනුවෙන් ලක්ෂ 5ක් 6ක් වෙන් කරන එක අපරාදේ මේ වෙලාවේ. අනික් කාරණේ තමයි අර උපහාර දැක්වීම. හරියට බැලූවම අවුරුදු 25ට වැඩි 75ක් ඉන්නවා. ඉතින් එක් අයෙකුට රන් පවුමක් ගානේ දෙන්න ගියොත් කීයක් වෙයිද? ක‍්‍රීඩකයෙකුට ජයග‍්‍රහණයක් වෙනුවෙන් දෙන්නේ 7500යි. ඒක හො`දටම මදි. කී‍්‍රඩකයෙක්ට සපත්තු දෙකක් ගන්නත් ඒ ගාන මදි. තමන්ට දේවල් ඉල්ලනවට වඩා නරකද කී‍්‍රඩකයන්ට දෙයක් දෙමු කියලා මාත් එක්ක කතා කරන එක. මට වටින්නේ කී‍්‍රඩකයෝ. ඒ නිසා එයාලගේ පහසුකම් කපා හරින්න මට බැහැ. ඊළ`ග එක තමයි ජාතික මලල කී‍්‍රඩා සංගමයේ තමයි සුදුසුකම් සපිරි විනිසුරුවෝ ඉන්නේ. ලියාපදිංචි විනිසුරුවන් ඉන්නෙ ඒකේ. අපිට වගකීමක් තියෙන්නේ ඒ අයගෙන් විතරයි. ඔය චෝදනා එල්ල කරන අයගේ විනිසුරු සංගමය ලියාපදිංචි එකක් නෙමෙයි. ජාතික මට්ටමේ තරගාවලියකට එයාලව ගන්න බැහැ’ යැයි පැවසීය.

කසුන් රණවීර
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles