Divaina - මැතිව්ස්ට වැඩි වටිනාකමක් දෙමින් ක‍්‍රිකට් කොන්ත‍්‍රාත්තුව අලූත් වෙයි උපුල් තරංග ඇතුළු ක‍්‍රීඩකයෝ අට දෙනෙක් කොන්ත‍්‍රාත්තුවෙන් හැලෙති

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 අසේල විතාන
 
anjalfo135 ඉදිරි වසර සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ක‍්‍රීඩකයන් 34 දෙනකුට කොන්ත‍්‍රාත්තු ලබාදී ඇති අතර අදාළ කොන්ත‍්‍රාත්තුව කාණ්ඩ පහක් යටතේ සිදුකර තිබේ. එහිදී ‘එ්’ සහ ‘බී’ කාණ්ඩයට ක‍්‍රීඩකයන් පස් දෙනකු බැගින් ඇතුළත් කර තිබේ.
 
 මාස 14 ක කාලය සඳහා ක‍්‍රීඩකයන් කොන්ත‍්‍රාත් ගත කිරීමේදී ‘එ්’ කාණ්ඩයට ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල් සහ ලසිත් මාලිංග ඇතුළත්ව තිබේ.
 
 අදාළ කොන්ත‍්‍රාත්තු පිරිනැමීමේදී දක්ෂතාව සහ ජ්‍යෙෂ්ඨත්ව සැලකිල්ලට ගෙන ඇති අතර එහිදී හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට වැඩිම කොන්ත‍්‍රාත්තුව හිමිව ඇත. ඔහුට හිමි කොන්ත‍්‍රාත්තුව ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 236 කට ආසන්නය. එමෙන්ම ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්නට ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 181 කට ආසන්න මුදලක් හිමිව ඇති අතර විස්සයි විස්ස පමණක් ක‍්‍රීඩා කරන ලසිත් මාලිංගට රුපියල් ලක්ෂ 127 කට ආසන්න මුදලක් හිමිව තිබේ.
 
 මේ අතර ඉකුත් වසරේ කොන්ත‍්‍රාත්තුවේ ‘එ්’ කාණ්ඩයේ සිටි දිනේෂ් චන්දිමාල් මෙවර ‘බී’ කාණ්ඩයට වැටී ඇති අතර වාර්ෂික කොන්ත‍්‍රාත්තුව අහිමිව ඇති ප‍්‍රධාන ක‍්‍රීඩකයන් අතර උපුල් තරංග, අසේල ගුණරත්න, ෂෙහාන් ජයසූරිය, මලින්ද පුෂ්පකුමාර, භානුක රාජපක්ෂ, පැතුම් නිස්සංක, කමිදු මෙන්ඩිස් සහ අශාන් ප‍්‍රියංජන් ඇතුළත්ව තිබේ. ඔවුන් සියලූ දෙනාම ඉකුත් වසරේ කොන්ත‍්‍රාත්තුවට ඇතුළත්ව සිටි ක‍්‍රීඩකයෝ වෙති.
 
 කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විසින් ඉකුත් වසරේ පළමු පෙළ ක‍්‍රීඩා කරන ක‍්‍රීඩකයන් 104 දෙනකුට කොන්ත‍්‍රාත්තුව ලබාදුන්නද මෙවර පළමු පෙළ ක‍්‍රීඩා කරන ක‍්‍රීඩකයන්ගේ තරග වැටුප රුපියල් 7,500 සිට 12,000 දක්වා වැඩි කිරීමට යෝජනා වී තිබේ.
 
 එමෙන්ම වසරක ක‍්‍රිකට් තරග තහනමකට ලක්ව සිටින අකිල ධනංජයද ‘ඞී’ කාණ්ඩයේ කොන්ත‍්‍රාත්තුවකට ඇතුළත්ව ඇති අතර ඔහුට හිමි කොන්ත‍්‍රාත් මුදල ශී‍්‍ර ලංකා රුපියල් ලක්ෂ 91 කට ආසන්න වේ.
 
 කොන්ත‍්‍රාත් ගත ක‍්‍රීඩකයන් ලැයිස්තුව
 
 ‘එ්’ කාණ්ඩය
 
 ඇන්ජලෝ මැතිව්ස් (ඇ. ඩො. 130,000*, දිමුත් කරුණාරත්න (ඇ. ඩො. 100,000*, සුරංග ලක්මාල් (ඇ. ඩො. 100,000*, දිනේෂ් චන්දිමාල් (ඇ. ඩො. 80,000* සහ ලසිත් මාලිංග (ඇ. ඩො. 70,000**
 
 ‘බී’ කාණ්ඩය
 
 කුසල් පෙරේරා (ඇ. ඩො. 70,000*, කුසල් මෙන්ඩිස් (ඇ. ඩො. 70,000*, නිරෝෂන් දික්වැල්ල (ඇ. ඩො. 52,500*, ධනංජය ද සිල්වා (ඇ. ඩො. 50,000* සහ ඩිල්රුවන් පෙරේරා (ඇ. ඩො. 50,000*
 
 ‘සී’ කාණ්ඩය
 
 නුවන් ප‍්‍රදීප් (ඇ. ඩො. 50,000*, තිසර පෙරේරා (ඇ. ඩො. 50,000*, ළහිරු තිරිමාන්න (ඇ. ඩො. 35,000*
 
 ‘ඞී’ කාණ්ඩය
 
 අකිල ධනංජය (ඇ. ඩො. 50,000*, ලක්ෂාන් සඳකැන් (ඇ. ඩො. 40,000*, ඉසුරු උදාන (ඇ. ඩො. 40,000*, ධනුෂ්ක ගුණතිලක (ඇ. ඩො. 35,000*, ළහිරු කුමාර (ඇ. ඩො. 35,000*, දුෂ්මන්ත චමීර (ඇ. ඩො. 30,000*, අවිශ්ක ප‍්‍රනාන්දු (ඇ. ඩො. 30,000*, දසුන් ශානක (ඇ. ඩො. 30,000*, රොෂේන් සිල්වා (ඇ. ඩො. 25,000*, විශ්ව ප‍්‍රනාන්දු (ඇ. ඩො. 25,000*
 
 ප‍්‍රිමියර් කාණ්ඩය
 
 වනිදු හසරංග (ඇ. ඩො. 25,000*, සධීර සමරවික‍්‍රම (ඇ. ඩො. 20,000*, අමිල අපොන්සු (20,000*, ෂෙහාන් ජයසූරිය (ඇ. ඩො. (20,000*, ඕෂධ ප‍්‍රනාන්දු (ඇ. ඩො. 20,000*, ඇන්ජලෝ පෙරේරා (ඇ. ඩො. 20,000*, කසුන් රාජිත (ඇ. ඩො. 20,000*, ලසිත් ඇඹුල්දෙණිය (ඇ. ඩො. 20,000*, ජෙෆ්රි වැන්ඩ‍්‍රසි (ඇ. ඩො. 15,000*, අසිත ප‍්‍රනාන්දු (ඇ. ඩො. 15,000*, චාමික කරුණාරත්න (ඇ. ඩො. 15,000*

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles