Divaina - ‘හතුරුගේ’ ක‍්‍රිකට් කොන්ත‍්‍රාත්තුව ගලවා දමයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p16 1ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා වූ චන්දික හතුරුසිංහගේ කොන්ත‍්‍රාත්තුව අතරමගදී නවතා දැමීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තීරණය කර ඇති අතර ඒ අනුව ඔහුගේ සේවය මෙම මාසයේ සිට අවසන් කරන බවද දන්වා තිබේ.

චන්දික හතුරුසිංහගේ කොන්ත‍්‍රාත්තු කාලය තවත් වසරක පමණ කාලයක් තිබුණද ඔහුට ඒ සඳහා වැටුප් නෙගෙවනු ඇත. ඒ අනුව රුපියල් ලක්ෂ 800 කට වැඩි වැටුපක් කප්පාදු කරමින් හතුරුසිංහගේ ගිවිසුම අතරමග නවතා දැමීමට එරෙහිව ඔහුට ඇති එකම විකල්පය නීති මාර්ගයට පිවිසීම වේ.

මේ සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගෙන් විමසන ලදුව, ‘‘හතුරුසිංහට වැඩ නැතිව පඩි ගෙවීම සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය වාර්තා කරලා තිබුණා. අපි ඔහු වැඩ කරන්නෙ නැති එක සම්බන්ධව නීතිඥයන් මර්ගයෙන් ලිපියක් යැව්වා. ඒ ලිපියට හතුරුසිංහත් පිළිතුරු ලිපියක් එවලා තියෙනවා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මට දැන්වූවා ඔහුගේ කොන්ත‍්‍රාත්තුව දැන් නවතා දමන බව. හතුරුසිංහට ඕනෑනම් අධිකරණයට යා හැකියි. හැබැයි ඔය සම්බන්ධව යන්න වෙන්නෙ ජාත්‍යන්තර අධිකරණයකට. හතුරුසිංහ එහේ ගිහිල්ලා නඩු අහගෙන එනකොට අපිට ඊළඟ ලෝක කුසලානත් දිනාගන්න පුළුවන්.’’ යනුවෙනි.

2017 වසරේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා වශයෙන් පැමිණි චන්දික හතුරුසිංහ දිගින් දිගටම පුහුණුකරුවකු වශයෙන් අසාර්ථවීම සම්බන්ධයෙන් නොයෙකුත් විවේචන එල්ලවූ අතර මීට මාස තුනකට පෙර ඔහුව ප‍්‍රධාන පුහුණුකාර ධුරයෙන් ඉවත් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කටයුතු යොදා තිබුණි. එහෙත් ඔහුගේ මාසික වැටුප වන රුපියල් ලක්ෂ 70 ක මුදල සේවයක් නොමැතිව ගෙවීමටද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කටයුතු යොදා තිබුණි.

කෙසේ වෙතත් රාජකාරියක් නොමැතිව වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ක‍්‍රීඩා ඇමැතිවරයා සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පසුගිය කාලය පුරාම දැඩි අවධානයක් යොමු කර තිබුණි. එහිදී හතුරුසිංහට කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ දක්ෂතා ඉහළ දැමීමේ පුහුණු ඒකකයේ වැඩ කිරීමට යෝජනා කර තිබුණද ඔහු එය ප‍්‍රතික්ෂේප කර තිබේ. තමා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු බවත් වෙනත් තැන්වල සේවය කිරීමට තමාට අවශ්‍ය නැති බවත් ඔහු විසින් දන්වා ඇති බව වාර්තා වේ.

අනතුරුව හතුරුසිංහ වැඩ නොකිරීම සම්බන්ධයෙන් නීතිඥයන් මාර්ගයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඔහුට ලිපියක් යොමු කර තිබුණි. අදාළ ලිපියට පිළිතුරු වශයෙන් තමාගේ කොන්ත‍්‍රාත්තුව අනුව හතුරුසිංහ කරුණු දක්වා තිබුණද වත්මන් තත්ත්වය අනුව ඔහුට යළිත් ජාතික කණ්ඩායමේ පුහුණුකරු ධුරය ලබා නොදිය හැකි බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් යළිත් දන්වා තිබේ.

ඒ අනුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වලට අවශ්‍ය සේවය  ඔහුගෙන් සිදුනොවීම හේතුවෙන්  හතුරුසිංහගේ කොන්ත‍්‍රාත්තුව ගලවා දැමීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කටයුතු යොදා තිබුණි.

චන්දික හතුරුසිංහගේ පුහුණුකාර ධුරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුම චෝදනා නැග තිබූ අතර ඔහු පුහුණුකාර ධුරයේ රාජකාරි කළ වසර දෙකකට ආසන්න කාලයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්විය. ඒ අනුව මීට මාස දෙකකට පෙර නවසීලන්ත කණ්ඩායම සමග පැවැති තරගාවලියේදී හතුරුසිංහව ඉවත් කර එතැන් සිට ශ‍්‍රී ලංකා පිල ඉකුත් පාකිස්තාන් සංචාරය දක්වා කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් විය. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ පුහුණුකරුවා ලබන ජනවාරි මාසයට පෙර බඳවා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අපේක්ෂාවෙන් පසුවේ.

අසේල විතාන
 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles