Divaina - ක‍්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ජාතික ඔලිම්පික් කමිටුවේ හෙළුව හෙළි කරයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 අසේල විතාන
 
 olශ‍්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව රජයේ ආයතනයක් නොවන බවත් එය එන්.ජී. ඕ. එකක් බව එම සංගමය පැහැදිලිවම ප‍්‍රකාශ කරන බව ක‍්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පවසයි. ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ක‍්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සම්බන්ධව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පළ කර සිටියේය.
 
 ‘‘ජාතික ඔලිම්පික් කමිටුව පැදිලිව සදහන් කළා ඔවුන් රජයේ ආයතනයක් නොව එන්.ජී. ඕ. එකක් බව. එ් නිසා ජාතික ඔලිම්පික් කමිටුව
 
 ක‍්‍රීඩාවට දක්වන මේ ඇල්මැරුණු ක‍්‍රියා
 
 කලාපය සහ දුර්වල දායකත්වය සම්බන්ධයෙන් අපි
 
 කිසිසේත්ම සෑහීමකට පත්වෙන්නේ නැහැ. ජාතික ඔලිම්පික් කමිටුව ලංකාවේ ක‍්‍රියාත්මක වන්නේ ඉතාමත් අවිධිමත් ආකාරයකට. එ් නිසා මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කරන්න අපි ජාතික ඔලිම්පික් කමිටුවට ගිය අවස්ථාවේ අපිට
 
 දැක්වූයේ ඉතාමත් අවිනීත දායකත්වයක්.’’ යැයි
 
 ක‍්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.
 
 ක‍්‍රීඩා අමාත්‍යාංශය වැඩක් නැති බවත් ක‍්‍රීඩා අධිකාරියක් පිහිටුවීම සදහා අග‍්‍රාමාත්‍යවරයාගෙන් ජාතික ඔලිම්පික් කමිටුව ඉල්ලීමක් කර ඇති බවත් අදාළ හමුවීමේදී ඔවුන් පැවසී බව
 
 ලේකම්වරයා වැඩිදුරටත් ස`දහන් කර සිටියේය.
 
 ‘‘මමයි අමාත්‍යාංශ නීති
 
 උපදේශකවරයයි ගිය අවස්ථාවේ ඔලිම්පික් කමිටු නිලධාරීන් කිව්වේ අපිට ක‍්‍රීඩා අමාත්‍යාංශය
 
 වැඩක් නැහැ අපි අග‍්‍රාමාත්‍යවරයාට කිව්වා ක‍්‍රීඩා අධිකාරියක් පිහිටුවන්න කියලා. අපිට සල්ලි හම්බ වෙන්නෙ පිට රටින්. එ් නිසා ක‍්‍රීඩා අමාත්‍යංශයට අපිව විගණනය කරන්න අයිතියක් නැහැ. අපි ඔයගොල්ලන්ගේ යටතේ ඉන්නේ නැහැ. එ් නිසා අපිව පාලනය කරන්න එන්න එපා. හැබැයි අපිව පාලනය කරන්න ආවොත් සුදු කොඩිය යටතේ තමයි ඔලිම්පික් තරග කරන්න යන්න වෙන්නෙ කියලා කිව්වා.’’
 
 එසේ සදහන් කරන ඔලිම්පික් කමිටුව
 
 රජයෙන් රුපියක් කෝටි දහයක් ඉල්ලූ බවත් හෙතෙම සදහන් කරයි. ‘‘එ් අය රජයෙන් කෝටි දහයක් ඉල්ලනවා. එ්කෙන් කෝටියක් යන්නෙ ඔලිම්පික් කමිටුව අලූත් වැඩියා කරගන්න. මේවට ඉඩ දෙන්න බැහැ. අපි කැබිනට් පත‍්‍රිකාවක් දාලා කිව්වාහම අපිට එ් සල්ලි ප‍්‍රයෝජනයට ගන්න කියලා අනුමැතිය ආවා.’’
 
 කෙසේ වෙතත් වත්මන් ඔලිම්පික් කමිටු
 
 සභාපතිවරයා නොව එහි නිලධාරීන් අදාළ අසම්මත වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන බවද අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles