Divaina - එංගලන්තයෙන් මාලිංගට ලොකු වටිනාකමක්

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

malinga1ශ‍්‍රී ලංකා විස්සයි විස්ස ක‍්‍රිකට් නායක ලසිත් මාලිංගව එංගලන්තයේ පැවැත්වීමට නියමිත ‘ද හන්ඩ‍්‍රඞ්’ එක් පිලකට පන්දු 100 ක් වශයෙන් පැවැත්වෙන තරගාවලිය සදහා වැඩි වටිනාකමක් ලබාදෙමින් තෝරාගෙන තිබේ. ඔහුට හිමි වටිනාක වන්නේ ස්ටර්ලිං පවුම් 125000 කි.
 
 ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 280 කට ආසන්න මුදලකට මාලිංගව වෙන්දේසිය සදහා ඉදිරිපත්ව තිබේ. මාලිංගට අමතරව ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයන් වන ඬේවිඞ් වෝනර්, ස්ටීවන් ස්මිත් සහ මිෂෙල් ස්ටාර්ක්ද බටහිර ඉන්දීය කොදෙව් හී ක‍්‍රිස් ගේල් සහ දකුණු අප‍්‍රිකාවේ කාගිසෝ රබාඩාද වැඩිම වටිනාකමක් සහිත සෙසු ක‍්‍රීඩකයෝ වෙති.
 
 පළමු වටර පැවැත්වෙන එක් පිලකට පන්දු 100 ක් වන ක‍්‍රිකට් තරගාවලිය වෙනුවෙන් එංගලන්ත ක‍්‍රිකට් ආයතනයේද අනුමැතිය හිමිව ඇති අතර ජාත්‍යන්තර එක්දින නීති රීති අනූව මෙම තරගාවලිය පැවැත්වේ. පන්දුවාර 15 ක් පන්දු හය බැගින්ද අවසන් පන්දුවාරය පමණක් පන්දු 10 කින්ද සමන්විත වන ලෙස පන්දුවාර 100 තරග ආකෘතිය සකස් කර තිබේ.
 
 මේ වන විට ක‍්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් කර ඇති ක‍්‍රීඩකයන් 570 දෙනකුගෙන් 239 ක්ම විදෙස් ක‍්‍රීඩකයෝ වෙති. මෙම තරගාවලියේ සවුත්හැම්ටන් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් මහේල ජයවර්ධනව තෝරාගෙන තිබේ.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles