Divaina - ශ‍්‍රී ලංකා පිල 20 වැනිදා පිටත් වෙයි - ඔස්ටේ‍්‍රලියාවේ විස්සයි විස්ස සටනට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p16 1ඔස්ටේ‍්‍රලියාව සමග තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් 16 දෙනකුගෙන් සමන්විත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල ලබන 20 වැනිදා ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්වේ.
 
 තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේ සංචාරය කළ සධීර සමරවික‍්‍රම, මිනෝද් භානුක, ළහිරු මධුෂංක සහ ඇන්ජලෝ පෙරේරා ඇතුළත්ව නොමැති අතර එ් වෙනුවට නායක ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් කණ්ඩායමට ඇතුළත්ව තිබේ. නම් කරන ලද කණ්ඩායම ක‍්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය සදහා ඉදිරිපත් කර තිබේ.
 
 පාකිස්තානය 3-0 ක් වශයෙන් පරාජය කිරීම හේතුවෙන් ශ‍්‍රී ලංකාව විස්සයි විස්ස ශ්‍රේණියේ පියවරක් ඉදිරියට පැමිණ හත්වැනි තැනට පත් වූ අතර ඔස්ටේ‍්‍රලියාවට එරෙහිවද එවැනි දක්ෂතාවක් දැක්වුවහොත් හයවැනි තැන දක්වා උසස්වීම් ලබනු ඇත. මේ වන විට ඔස්ටේ‍්‍රලියාව විස්සයි විස්ස ශ්‍රේණීයේ පස්වැනි තැන පසුවන්නේ ප‍්‍රසාද ලකුණු 261 ක් ලබා ගනිමිනි.
 
 ශ‍්‍රී ලංකා පිල අවසන් වරට 2017 වසරේදී ඔස්ටේ‍්‍රලියාවේ පැවැති විස්සය විස්ස තරගාවලිය 2-1 ක් වශයෙන් ජය ගත් කණ්ඩායමකි. දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය ලබන 27 වැනිදා ඇඩිලේඞ් හිදීත් දෙවැනි විස්සයි විස්ස තරගය 30 වැනිදා බි‍්‍රස්බේන් හිදිත් පැවැත්වෙන අතර නොවැම්බර් 1 වැනිදා අවසන් විස්සයි විස්ස තරගය මෙල්බන් හිදී පැවැත්වේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම
 
 ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, ධනුෂ්ක ගුණතිලක, ඕෂධ ප‍්‍රනාන්දු, අවිශ්ක ප‍්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, වනිදු හසරංග, ඉසුරු උදාන, නුවන් ප‍්‍රදීප්, ළහිරු කුමාර, කසුන් රාජිත සහ ලක්ෂාන් සදකැන්
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles