Divaina - දෙවැනි එක්දින තරගයේ ජය බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 
 ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සමග පැවැති නිල නොලත් දෙවැනි එක්දින තරගයේදී කඩුලු 1 ක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාද්ශ ‘එ්’ කී‍්‍රඩකයෝ ඊයේ (10 වැනිදා* සමත් වූහ. එ් අනුව දෙරට කි‍්‍රයාත්මක අතර නිල නොලත් එක්දින තරගාවලයේ 1-1ක් ලෙස සම තැන් ගැනීමට කණ්ඩායම් දෙකම මේ වන විට සමත්ව තිබේ.
 
 තරගයේ පළමුවෙන් පිතිප‍්‍රහාරය දියත් කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 50දී කඩුලූ 9ක් දැවී ලකුණු 226ක් වාර්තා කිරීමට සමත් විය. එ් අනුව ජයග‍්‍රාහි ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50කදී කඩුලූ 9ක් දැවී අදාළ ඉලක්කය පසුකර ගියේය.
 
 ශී‍්‍ර ලංකා ඉනිමේ මේ සාර්ථකම පිතිකරුවා බවට පත් වූ කමිඳු මෙන්ඩිස් පන්දු 67කදී ලකුණු 61ක් වාර්තා කළේය. හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් එම ඉනිමට ඇතුළත් වෙද්දී අනෙක් අන්තයෙන් ඔහුට සහය දැක්වූ ප‍්‍රියමාල් පෙරේරා පන්දු 62කදී අර්ධ ශතකයක් වාර්තා කළේය.
 
 බංග්ලාදේශය වෙනුවෙන් මොහොමඞ් නයිබ් පන්දු 57කදී ලකුණු 66ක් වාර්තා කළෙ අතර නායක මොහොමඞ් මිතුන් පන්දු 87කදී අර්ධ ශතකයක් රැුස් කළේය.
 
 ලකුණු සටහන
 
 ශී‍්‍ර ලංකා ‘එ්’ කණ්ඩායම පන්දුවාර 50දී කඩලූ 9ක් දැවී ලකුණු 226යි (කමිදු මෙන්ඩිස් 61, ප‍්‍රියමාල් පෙරේරා 52, චාමික කරුණාරත්න නොදැවී 25, අබු හිඩර් 2/42, එබඩට් හුසේන් 2/46, සන්සුමල් ඉස්ලාම් 2/43*
 
 බංග්ලාදේශ ‘එ්’ කණ්ඩායම පන්දුවාර 50කදී කඩුලූ 9ක් දැවී ලකුණු 227යි (මොහොමඞ් නයිබ් 68, මොහොමඞ් මිතුම් 52, ෂිරාන් ප‍්‍රනාන්දු 2/38, රමේෂ් මෙන්ඩිස් 3/40, චාමික කරුණාරත්න 2/35 *
 
 
 
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles