Divaina - ශී‍්‍ර ලංකාවට පළමු ඉලක්කය වරදී

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p16 2- 03 වැනි දකුණු ආසියානු 18න් පහළ පාපන්දු තරගාවලිය

- 03 වැනි දකුණු ආසියානු 18න් පහළ පාපන්දු තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගය බංග්ලාදේශය සමග පසුගියදා පැවැත්විණි. එ් අනුව නේපාලයේ කත්මණ්ඩු කී‍්‍රඩාංගණයේදී පැවැති අදාළ තරගයේදී බංග්ලදේශය හමුවේ ගෝල 3-0ක් ලෙස පරාජයට පත්වීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිදු විය.

තරගය ආරම්භ වී දෙවැනි විනාඩිය ගතවීමට මත්තෙන් සිය පළමු ගෝලය වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් විය. එ් අනුව එහි වාසිය සමග තරගයේ පළමු අර්ධය 1-0ක් ලෙස නිමාකර ගැනීමට බංග්ලාදේශ කී‍්‍රඩකයෝ සමත් වූහ.

තරගයේ දෙවැනි අර්ධයේදී බංග්ලාදේශයට එරෙහිව ප‍්‍රබල සටනක් දියත් කිරීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ මහත් පරිශ‍්‍රමයක් දරනු දක්නට හැකි වුවද පිළිවෙලින් 76 සහ 86 වැනි මිනත්තු වලදී තවත් ගෝල දෙකක් වාර්තා කරමින් ගෝල 3-0ක් ලෙස තරගය නිමා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන දෙවැනි තරගය අද (23 වැනිදා) ඉන්දියාව සමගින් පැවැත්වේ.
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles