Divaina - ඉන්දික දිසානායක සහ හංසනී ගෝමස්ගෙන් වාර්තා ති‍්‍රත්වයක් ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p16 4අන්තර්ජාතික බර ඉසිලීමේ සම්මේලනයේ මෙහෙයවීමෙන් තායිලන්තයේ පතායා නගරයේදී දැන් ක‍්‍රියාත්මක ලෝක ශුරතා බර ඉසිලීමේ තරගාවලිය ආශ‍්‍රිතව නව ශ‍්‍රී ලංකා වාර්තා තුන බැගින් බිහිකිරීමට ඉන්දික දිසානායක සහ හංසනී ගෝමස් සමත් විය. එහිදී පිරිමි කිලෝග‍්‍රෑම් 73 ට අඩු බර පන්ති යටතේ තරඟ කරමින් ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 134ක් ද ජකැ්බ ්බා වැරන ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 161 ක්ද ලෙස කිලෝ ග‍්‍රෑම් 298ක මුළු බර එකතුවක් සටහන් කරමින් අදාළ නව ශ‍්‍රී ලංකා වාර්තා බිහි කිරීමට ඉන්දික දිසානායක සමත් විය. ඒ අනුව තමන් නමින් තිබුණු කිලෝ ග‍්‍රෑම් 133 ිබ්එජය ක‍්‍රමයෙහි වාර්තාවද කිලෝග‍්‍රෑම් 161 ලෙස පැවති ජකැ්බ ්බා වැරන ක‍්‍රමයේ වාර්තාව ද කිලෝ ග‍්‍රෑම් 291ක් ලෙස පැවති මුළු බර එකතුව වාර්තාවද අභිබවා යමින් වාර්තා පිටු අතරට එක් වීමට ඉන්දික දිසානායක ට හැකිවිය .
 
 දේශීය පෙර පුහුණුවීම් අභ්‍යාසවලදී කිලෝ ග‍්‍රෑම් 306 ක දක්ෂතාවක් ප‍්‍රදර්ශනය කර ඇති ඉන්දික දිසානායක මෙවර තරගමාලාවේ දී අපේක්ෂිත ඉලක්කයට ළඟා වීමට උත්සාහ කළ නමුත් එම උත්සාහය ව්‍යර්ථ වීම කැපී පෙනුනි. ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 140 ක් සහ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 166 කි.
 
 ඉන්දික දිසානායකට අමතරව කාන්තා අංශයේ කිලෝග‍්‍රෑම් 49 ට අඩු බර පන්තිය යටතේ තරග කළ හංසනී ගෝමස් නව ශ‍්‍රී ලංකා වාර්තා ත‍්‍රිත්වයක් බිහි කරමින් කැපී පෙනුණි. ඇය එහිදී ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 72 ක්ද ජකැ්බ ්බා වැරන ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 85 ක් ද ලෙස කිලෝග‍්‍රෑම් 157 ක මුළු බර එකතුවක් සටහන් කරමින් අදාළ ශ‍්‍රී ලංකා වාර්තා බිහි කළාය. අදාළ ඉසව්වේ 27 වැනි ස්ථානය ඇය සතු විය .
 
 පිරිමි කිලෝග‍්‍රෑම් 55 ට අඩු බර පන්තිය යටතේ කිලෝ ග‍්‍රෑම් 242 ක මුළු බර එකතුවක් සටහන් කරමින් මෙවර තරගමාලාවේ 10 වැනි ස්ථානය දිනා ගැනීමට දීලංක ඉසුරු කුමාර සමත් වීම විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඔහු එහි දී ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 108 ක්ද ජකැ්බ ්බා වැරන ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 134 ක්ද සාර්ථකව ඔසවමින් පැහැබර අනාගතයක පෙර මඟ සලකුණු ප‍්‍රදර්ශනය කිරීම කැපී පෙනුණි. ඩිලංක ඉසුරු කුමාර විසි තුන් හැවිරිදි වියේ පසුවන යොවුන් ක‍්‍රීඩකයෙකි .
 
 පිරිමි කිලෝ ග‍්‍රෑම් 81 ට අඩු බර පන්තිය යටතේ තරග වැදුන චින්තන ගීතාල් විදානගේ ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 133 ක්ද ජකැ්බ ්බා වැරන ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 165 ක් ද ලෙස කිලෝග‍්‍රෑම් 298ක මුළු බර එකතුවක් සටහන් කරන්නට සමත් වූ අතර කිලෝග‍්‍රෑම් 61 ට අඩු බර පන්තිය පංතිය යටතේ තරග වැදුණු චතුරංග ලක්මාල් ට එසවීමට හැකි වූ බර ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් 262 කි. ස්නැච් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 117 ක්ද ජකැ්බ ්බා වැරන ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 145 ක්ද එම බර එකතුවද සටහන් විය. ඔහුට මෙවර තරඟාවලිය 21 වැනි ස්ථානය හිමි විය .
 
 කිලෝ ග‍්‍රෑම් 73 ට අඩු බර පන්තිය යටතේ තරග වැදුණු ඇන්ටන් සුදේෂ පිරිස් ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 130ක් ද ජකැ්බ ්බා වැරන ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 166ක්ද ලෙස කිලෝ ග‍්‍රෑම් 290 ක මුළු බර එකතුවක් සටහන් කරමින් කැපී පෙනුණි. කිලෝ ග‍්‍රෑම් 61ට අඩු බර පන්තිය යටතේ තරග වැදුණු තිලංක විරාජ් පළගසිංහ ස්නැච් ක‍්‍රමයට ගත් උත්සාහයන් අසාර්ථකවීම හේතුවෙන් ස්ථානයක් හිමි නොවීය.

p16 3
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles