Divaina - සාෆ් ගිය ශ‍්‍රී ලංකා 18න් පහළ පාපන්දු ඔටුන්න සෙනල්ට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p16 2නේපාලයේ පැවැත්වෙන වයස අවුරුදු 18 න් පහළ සාෆ් පාපන්දු ශූරතාවට  සහභාගී වන ශ‍්‍රී ලංකා පිලේ නායකත්වයේ ඔටුන්න ෂෙනල් සන්දේශ්ට ලබාදී තිබේ. ඔහුගේ උපනායකයා වශයෙන් මොහොමඞ් මුස්ෆිර් නම් කර ඇත.
 
 අදාළ තරගාවලිය ඉලක්ක කරමින් 30 දෙනකුගෙන් යුත් පුහුණු සංචිතයක් තේරූ අතර ඉන් අවසන් විසි දෙනා සාෆ් තරගාවලියට සහභාගි වීම සඳහා ඊයේ (18 දා) දිවයිනෙන් පිටත් විය. තරගාවලිය හෙට (20 දා) සිට ලබන 29 වැනිදා දක්වා පැවැත්වේ.
 
 මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් හතක් කාණ්ඩ දෙකක් යටතේ තරග වදින අතර ශ‍්‍රී ලංකාව සහභාගි වන ‘බී’ කාණ්ඩයට කණ්ඩායම් තුනක්ද ‘ඒ’ කාණ්ඩයට කණ්ඩායම් හතරක්ද අයත් වේ. එහිදී ‘බී’ කාණ්ඩය යටතේ පළමු වටයට සහභාගි වන ශී‍්‍ර ලංකාව ලබන 21 වැනිදා බංග්ලාදේශය සමගත් 23 වැනිදා ඉන්දියාව සමගත් තරග වැදීමට නියමිතය. ‘ඒ’ කාණ්ඩයෙන් නේපාලය, භූතානය, මාලදිවයින සහ පාකිස්තානය තරග වදිනු ලබයි.
 
 අවසන් පූර්ව තරගය ලබන 27 වැනිදාත් අවසන් මහා තරගය සහ තෙවැනි ස්ථානය වන තරගය ලබන 29 වැනිදාත් නේපාලයේ ඒ. පී. එෆ්. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles