Divaina - ශ‍්‍රී ලංකා වොලිබෝල් පිල ඕමානයට පහර දෙයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p16 4ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් තරගාවලියේ පළමු වටයේ සියලූම තරග පරාජය වූ ශ‍්‍රී ලංකාව ස්ථාන සඳහා තරග වදින වටයේදී ඕමානයට එරෙහිව තරග වට 3-1 ක් වශයෙන් ජය ගැනීමට සමත් විය. එම ජයත් සමග ස්ථාන සඳහා තරග වදින කාණ්ඩයේ තෙවැනි තැනට ශ‍්‍රී ලංකාව පත්ව තිබේ.
 
 ස්ථාන සඳහා තරග වදින කාණ්ඩ යටතේ ශ‍්‍රී ලංකාව අයත් ‘ජී’ කාණ්ඩයට කටාර්, කසකස්තාන් සහ ඕමානය අයත්වේ. එහිදී කසකස්තානය සමග තරගය ශ‍්‍රී ලංකාව තරග වට 3-1ක් වශයෙන් පරාජයට පත්විය.
 
 ඕමානය සමග පැවැති තරගයේදී ශ‍්‍රී ලංකාව මුළු ලකුණු 106 ක් ලබද්දී ප‍්‍රතිවාදීන්ට ලබාගත හැකිවුයේ ලකුණු 98 ක් පමණි. එම තරගය ශ‍්‍රී ලංකාව පිළිවෙලින් 33-31, 25-19, 23-25 සහ 25-23 වශයෙන් අවසන් කිරීමට සමත් විය.
 
 රටවල් 16 ක සහභාගීත්වයෙන් ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැත්වෙන ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරගය ඇතුළු තරග ස්ථාන තීරණය කරන තරග හෙට පැවැත්වීමට නියමිතය. ශ‍්‍රී ලංකාව 13 වැනි ස්ථානයේ සිට 16 වැනි ස්ථානය අතර ස්ථානගත වීමට සුදුසුකම් ලබා තිබේ.
 
 පළමු වටයේදී ශ‍්‍රී ලංකාව ඔස්ටේ‍්‍රලියාව, ඉරානය සහ කටාර් රාජ්‍ය හමුවේ පරාජයට පත්විය. මේ වන විට ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවයේ පළමු ස්ථාන කිහිපය අතරට පැමිණීමට ඔස්ටේ‍්‍රලියාව, දකුණු කොරියාව, කටාර් රාජ්‍ය, ඉන්දුනීසියාව ඉදිරියෙන් පසුවේ. එම කණ්ඩායම් පළමු වටයේ සිට අපරාජිතව ඉදිරියට පැමිණෙමින් සිටී.
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles