Divaina - ශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩායමට තරගාවලි ජයක්

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
sp3
 
සත්කාරක බංග්ලාදේශ නැගී එන කණ්ඩායම සමග පැවැති තරග 3කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සංචාරක ශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩායම සමත් විය. ඒ අනුව කුල්නා නුවර පැවැති අවසන් තරගය ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව කඩලූ 7කින් ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය.
 
 පළමුවෙන් පිතිප‍්‍රහාරය දියත් කළ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩලූ 5ක් දැවී ලකුණු 269ක අභියෝගයක් ශී‍්‍ර ලංකාවට ලබා දුන්නේය. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩායමට අයහපත් කාල ගුණය හේතුවෙන් පන්දුවාර 28කදී ලකුණු 199ක ජයග‍්‍රාහී ඉලක්කයක් හිමිවිය. ශී‍්‍ර ලංකාව පන්දුවාර 24ක් පමණක් වැය කරමින් කඩුලූ 3ක් දැවී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත් විය.
 
 පැතුම් නිස්සංක පන්දු 78කදී ලකුණු 115ක් වාර්තා කිරීමට සමත් වූ අතර එම ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් ඇතුළත් කිරීමට ඔහු සමත් විය. පන්දු 32කදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට මිනෝද් භානුක සමත් වූ අතර හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් එල්ල කිරීමට ඔහු සමත් විය.
 
 බංග්ලාදේශය වෙනුවෙන් පන්දු 130කට මුහුණ දුන් සායිෆ් හුසේන් හයේ පහර 7ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 117ක් වාර්තා කිරීමට සමත් විය. මීට අමතරව අෆිෆ් හුසේන පන්දු 70කදී හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 68ක් වාර්තා කළේය.
 
 ලකුණු සටහන
 
 බංග්ලාදේශ නැගී එන කණ්ඩායම පන්දුවාර 50කදී කඩලූ 5ක් දැවී ලකුණු 269යි (සායිෆ් හුසේන් 117, අෆිෆ් හුසේන් 68, නජිමුල් හුසේන් 39, කලන පෙරේරා 47/2)
 
 ශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 24කදී කඩුලූ 3ක් දැවී ලකුණු 199යි (පැතුම් නිස්සංක 115, මිනොද් භානුක 55, හසිත බෝයගොඩ 12, යසීන් අර්ෆට් 29/1,)

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles