Divaina - 16 වැනිදා සිට ඉන්දියාවට නව පුහුණුකරුවෙක්..?

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p16 2ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා තෝරා ගැනීම සඳහා පැවැත්වන සම්මුඛ පරීක්ෂණය ලබන 16 වැනිදා මුම්බාහිදී පැවැත්වෙන බව වාර්තා වේ. එ් අනුව එම සම්මුඛ පරීක්ෂණය ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක කපිල් දේව්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් ත‍්‍රිපුද්ගල කමිටුවක් යටතේ පැවත්වෙන බව වැඩිදුරටත් සඳහන් වේ.
 
 2019 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරු ඇතුළු කි‍්‍රකට් පරිපාලනයේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට එරට බලධාරීන් තීරණය කළ අතර එ් අනුව නව පුහුණුකරුවන් කිහිප දෙනකුගෙන් එ් සඳහා අයැදුම් පත් කැඳවා තිබිණි. එහිදී වර්තමාන ඉන්දීය කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වන රවි ශාස්ති‍්‍ර, ඔස්ටේ‍්‍රලියානු කී‍්‍රඩක ටොම් මූඩි සහ නවසීලන්තයේ හිටපු පුහුණුකරු වන මයික් හෙසන් යන අය කෙරෙහි ඉන්දීය කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමු වී තිබේ. එ් අනුව මෙම තිදෙනාගෙන් එක් අයෙකු කපිල් දේව්, අන්ෂ්මාන් ගයික්වාඞ් සහ ශාන්තා රංගසාමි යන ති‍්‍රපුද්ගල කි‍්‍රකට් උපදේශක කමිටුව මගින් තෝරා ගැනීමට නියමිතය.
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles