Divaina - තායිලන්ත කෙල්ලන්ගෙන් නව කි‍්‍රකට් වාර්තාවක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p16 4ජාත්‍යන්තර විස්සයි විස්ස කාන්තා කි‍්‍රකට් ඉතිහාසයේ නව තරග වාර්තාවක් බිහි කිරීමට තායිලන්ත කාන්තා කි‍්‍රකට් කණ්ඩායම සමත්ව තිබේ. එ් අනුව නොකඩවා විස්සයි විස්ස තරග 17ක් ජය ගනිමින් වැඩිම විස්ස විස්ස තරග සංඛ්‍යාවක් නොකඩවා ජයගත් කණ්ඩායම බවට පත්වීමට ඔවුහු සමත් වූහ.
 
 නෙදර්ලන්තයේ පැවැති විස්යි විස්ස සිව්කොන් කාන්තා කි‍්‍රකට් තරගාවලියේදී පසුගිය 10 වැනිදා සත්කාරක කණ්ඩායම පරාජයට පත් කිරීමට තායිලන්ත කණ්ඩායම සමත් විය. එම ජයග‍්‍රහණයත් සමගින් නව වාර්තාවට හිමිකම් කීමට තායිලන්ත කී‍්‍රඩිකාවන් සමත් වූ අතර මීට පෙර විස්සයි විස්ස තරග 16ක් එකදිගට ජය ගනිමින් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම තබා තිබූ වාර්තාව බිඳ දැමීමටද ඔවුන් සමත් වූවාය.
 
 2005දී ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ සාමාජිකත්වය ලබා ගැනීමට සමත්ව ඇති තයිලන්ත කාන්තා කණ්ඩායම මේ වන විට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 24කට
 
 සහභාගී වී ඉන් තරග 19 ක් ජය ගැනීමට සමත් වෙද්දී පරාජයට පත්ව ඇත්තේ තරග 5ක් පමණි. මීට අමතරව තායිලන්තය 2017 වර්ෂයේදී දකුණු අසියානු කාන්තා විස්සයි විස්ස තරගාවලියෙහි රන් පදක්කම හිමිකර ගැනීමටද සමත් වූ අතර ශී‍්‍ර ලංකාවේ ජනක් ගමගේ එම කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරයි.
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles