Divaina - ලෝක කුසලානය වැසි කුසලානයක් වෙයි; ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශ තරගයත් වැස්සට සේදෙයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

අසේල විතාන බි‍්‍රස්ටල් සිට

 

raninඑංගලන්තයේ බි‍්‍රස්ටල් නුවරට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (11 දා* පැවැති එක්දින තරගයද වර්ෂාවට සේදී  ගියේය. ඒ අනුව දෙපිළටම එක් ප‍්‍රසාද ලකුණ බැගින් හිමිවිය.
 
 එක දිගට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් කණ්ඩායම් දෙකම කී‍්‍රඩාංගණයට නොපැමිණි අතර නායකයින් දෙපල සහ කළමනාකරුවන් පමණක් පැමිණ විනිසුරුවන් සමග සාකච්ඡුා කොට තරගය අතහැර දැමීමට තීරණය කළේය.
 
 මෙවර ලෝක කුසලානය ‘වැසි කුසලාන’ යන නමින් ක‍්‍රිකට් විචාරකයන් හඳුන්වන අතර එයට ප‍්‍රධානතම හේතුව මෙතෙක් පැවැති තරග කිහිපයකටම වැසි හරස් වීමෙන් සම්පූර්ණ තරග තුනක් පැවැත්වීමට නොහැකි වීමයි. ලෝක කුසලාන වැනි තරගාවලියක ඉහළ තාක්ෂණය භාවිතා කරමින් වැසි සහිත කාලගුණයකදී තරග පැවැත්වීම ගැනද අයි.සී.සී.යට විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වේ. කෙසේ වෙතත් තවත් සතියක් පමණ කාලයකදී පැවැත්වෙන තරගවලටද වර්ෂාවෙන් බාධා එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
 
 ඊයේ තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් ප‍්‍රසාද ලකුණු සටහනේ ශ‍්‍රී ලංකාවට පියවර කිහිපයක් ඉහළ නැගීමේ අවස්ථාව හිමිව තිබුණි. බංග්ලාදේශයට ප‍්‍රසාද ලකුණක් හිමිවීමෙන් ඔවුන්ටද අදාළ සටහනේ පියවර කිහිපයක් ඉදිරියට පැමිණීමේ හැකියාවක් තිබුණි.
 
 කෙසේ වෙතත් ඊයේ තරගය පැවැත්වීමට හැකියාවක් ලැබී ශ‍්‍රී ලංකාව ජය ගත්තේ නම් ප‍්‍රසාද ලකුණු පහක් සමග අදාළ සටහනේ දෙවැනි තැනට පත්වේ. බංග්ලාදේශය ජය ගතහොත් ඔවුන් සිව්වැනි තැනට පත්වේ. මේ වන විට තරග තුනම ක‍්‍රීඩා කරමින් අපරාජිතව සිටින නවසීලන්තය ප‍්‍රසාද ලකුණු 6 ක් ලබා පළමු තැන පසුවන අතර සත්කාරක එංගලන්තය ප‍්‍රසාද ලකුණු හතරක් ලබා ඇත්තේ තරග තුනකදී ජයග‍්‍රහණ දෙකක් සහ පරාජයක් සමගිනි. ඉන්දියාව සහභාගි වූ තරග දෙකම ජය ගෙන තෙවැනි තැනටත් ඔස්ටේ‍්‍රලියාව සිව්වැනි තැනට පත්ව තිබුණි. ඊයේ ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශ තරගයට පෙර අදාළ කණ්ඩායම් එසේ ස්ථාන ගතව තිබුණි.
 
 ශ‍්‍රී ලංකා සහ බංග්ලාදේශ පේ‍්‍රක්ෂකයන්ද තරගය නැරඹීමට පැමිණ සිටියේ පන්දුවාර විස්සක හෝ තරගයක් දැක බලා ගැනීමේ ආශාවෙනි. බි‍්‍රස්ටල් ක‍්‍රීඩාංගණයේ ලෝන් ඕන් සහ ලෝන් ඕෆ් ප‍්‍රදේශ මීටර් 60 ක් පමණ දුරකින් හතරේ සීමාව පිහිටීමෙන් පිතිකරුවන්ගේ හරඹයක් දැක බලා ගැනීමට ඔවුන් මහත් උනන්දුවෙන් පසුවිය.
 

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles