Divaina - රටම දුකින් ඉන්න වෙලාවක පදක්කමක් දිනා ගැනීමට ලැබීම පුංචි සතුටක් - විදුෂා ලක්‍ෂානි - මම කලූ පටි බැඳන් කී‍්‍රඩා කළා

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p16 223 වැනි ආසියානු මලල කී‍්‍රඩා ශුරතාවලියේ ශී‍්‍ර ලංකා පදක්කම් සිහිනය යථාර්ථයක් බවට පත් කරමින් ලෝකඩ පදක්කමක් දිනා  ගැනීමට විදුෂා ලක්‍ෂානි සමත් වූවාය. කටාර්හි කලීෆා කී‍්‍රඩාංගණයේ පැවත්වෙන අදාළ ශූරතාවලියේදී කාන්තා තුන් පිම්ම ඉසව්වෙන් මීටර් 13.53ක දක්‍ෂතාවයක් වාර්තා කිරීමට සමත් වූ විදුෂා එම ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කීමට සමත් වූවාය.
 
 මෙවර ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියේ මේ දක්වා ශී‍්‍ර ලංකාවට හිමි වූ එකම පදක්කම මෙය වන අතර අදාළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට මීටර් 13.72ක දක්‍ෂතාවයක් වාර්තා කළ තායිලන්ත කී‍්‍රඩකාව සමත් වුවාය. එහි රිදී පදක්කම මීටර් 13.65ක දක්‍ෂතාවක් වාර්තා කළ චීන කී‍්‍රඩිකාව විසින් දිනා ගැනීමට සමත් වූවාය.
 
 ‘මගේ පදක්කම් ජයග‍්‍රහණය කවුරුවත් බලා පොරොත්තු වුණු දෙයක් නෙමෙයි. සුදුසුකම් ලැබීම තිබුණේ 13.60ක්. මම 13.28ක් පෙන්නලා තමයි මේ තරගයට ආවේ. ඒ එද්දී ගොඩක් අය ඇහුවා ඇයි මාව අරන් යන්නේ කියලා. එහෙම අහපු අයගේ ඇස් දෙකටම මම අද පෙන්නුවා මම දක්‍ෂතා තියෙන කී‍්‍රඩිකාවක් කියලා.
 
 මම ශී‍්‍ර ලාංකික කී‍්‍රඩිකාවක්. මාව මානසිකව වට්ටන්න බැහැ. මගේ කණ්ඩායමේ අනෙක් අයත් එහෙමයි. දක්‍ෂතාවලට එන්න බැරි වුණත් අපිව දිරි ගන්වලා අපිව ඉස්සරහට ගේන එක තමයි අපිට දෙන ලොකුම ශක්තිය. මේ අයට බැහැ කියලා අපිව විවේචනය කරන්නේ නැතිව අපිට දක්‍ෂතාවලට එන්න අපේ දුර්වල තැන් හඳුනාගෙන අපිට ශක්තියක් වෙන්න කියලා ඒ නිසා මම හැමෝගෙන්ම ඉල්ලනවා. මේ මං රටට අරන් යන මගේ පළමු පදක්කම. ගොඩක් බලාපොරොත්තු තියන් හිටපු අයට දක්‍ෂතා වලට එන්න බැරි වුණා. ඒ ගැන දුකයි. මම හිතවා මම රටට දෙයක් කළා කියලා’ යැයි ජය ග‍්‍රහණයෙන් අනතුරුව වි¥ෂා කියා සිටියාය.
 
 මෙහිදී රටේ උද්ගතව ඇති හදිසි තත්ත්වය පිළිබඳවද අදහස් දැක්වූ වි¥ෂා ‘ඇත්තටම ඒ මියගිය අය ගැන ගොඩක් දුකයි. ඒකයි මම අතේ කලූ පටියක් බැඳන් කී‍්‍රඩා කළේ. රටම දුකට පත්වෙලා ඉන්න වෙලාවක පුංචි හරි සතුටු හිතෙන දෙයක් රට වෙනුවෙන් කරන්න පුලූවන් වුණු එක ගැන මගේ හිතේ පුංචි සතුටක් තියෙනවා’ යැයි වැඩිදුරටත් පැවසුවාය.
 
 මීට අමතරව මීටර් 1500 පිරිමි පළමු වටයේ තරග ඉසව්වට සහභාගී වූ දමිත් හේමන්ත එම ඉසව්වේ සිවුවැනි ස්ථානය හිමිකරගනිමින් ඉදිරි වටය සඳහා සුදුසුකම් ලැබීය. මීට අමතරව පිරිමි දුර පැනීමේ සුදුසුකම් ලැබීමේ තරග වටයට ‘ඒ’ කාණ්ඩයෙන් තරග කළ ප‍්‍රසාද් විමලසිරි එම ඉසව්වේ සිවුවැනි ස්ථානය (මීටර් 7.57) හිමිකර ගැනීමට සමත් විය. එම ඉසව්වට ‘ඊ’ කාණ්ඩයෙන් තරග කළ ධනුෂ්ක පි‍්‍රයරත්න හය වැනි ස්ථානය (මීටර් 7.53) හිමිකර ගත් අතර ඔවුන් දෙදෙනාම ඉදිරි වට සඳහා සුදුසුකම් ලැබීය. ඊයේ (24 වැනිදා) තරගාවලියේ අවසන් දිනයයි.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles