Divaina - ශ‍්‍රී ලංකාව 15 වැන්නා වෙයි - 23 වැනි ආසියානු මලල කී‍්‍රඩා උළෙලේදී

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

කටාර් හි පැවැත්වෙන 23 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙල ඊයේ (24 දා) අවසන් වූ අතර තරග අවසානයට හෝරා කිහිපයකට පෙර පදක්කම් ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට බහරේනය සමත් වූ අතර ඔවුන්ව අභිබවා යෑමට චීනය තියුණු සටනක් ලබාදෙමින් සිටියේය.
 
 බහරේනය රන් පදක්කම් හතක්, රිදී පදක්කම් පහක් සහ ලෝකඩ පදක්කම් දෙකක් සමග මුළු පදක්කම් 14 ක් දිනාගෙන තිබුණි. චීනය රන් පදක්කම් හයක්, රිදී පදක්කම් නවයක් සහ ලෝකඩ පදක්කම් හයක් සමග මුළු පදක්කම් 21 ක් දිනා තිබූ අතර ඔවුන් තවත් එක් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වුවහොත් මෙවර ශූරතාව දිනා ගැනීමට සමත්වීමට ඉඩ තිබුණි.
 
 තරගාවලිය සඳහා රටවල් 43 ක් සහභාගි වූ අතර එහිදී පදක්කම් සටහනේ තෙවැනි තැන දිනූ උස්බෙකිස්තානය රන් පදක්කම් තුනක් දිනා ගෙන තිබුණි. සිව්වැනි ස්ථානයට පත්ව තිබූ ඉන්දියාව රන් පදක්කම් දෙකක්ද පස්වැනි ස්ථානයට පත්වූ ජපානය රන් පදක්කම් දෙකක්ද හය වැනි තැනට පත්වූ කටාරය සහ තායිලන්තයද රන් පදක්කම් දෙක බැගින් දිනා තිබුණි. කෙසේ වෙතත් තරගාවලිය අවසන් වීමට පෙර පැවැති ඉසව් කිහිපයේදී අදාළ රටවල් තවත් රන් පදක්කම් දිනා ගතහොත් ස්ථාන වෙනස් වනු ඇත.
 
 තරගාවලියට සහභාගි වූ ශ‍්‍රී ලංකාව පදක්කම් සටහනේ 15 වැනි තැනට පත්වූ අතර එහිදී දිනා ගත් එකම පදක්කම වූයේ ලෝකඩ පදක්කමකි.
 
 ආසියානු ක‍්‍රීඩා උළෙලේ වේගවත්ම ඉසව්ව වූ මී. 100 පිරිමි ඉසව්ව ජය ගැනීමට ජපානයේ යොෂිදි ක‍්‍රියූ සමත් වූ අතර ඔහු තරගය තත්. 10.10 කින් අවසන් කර තිබුණි. මී. 100 කාන්තා ඉසව්ව ජය ගැනීමට කසකස්තානයේ ඔල්ගා සෆ්රෝනෝවා සමත් වූ අතර ඇය වාර්තා කළ කාලය තත්. 11.17 කි.
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles