Divaina - විස්සයි විස්ස පළමු තරගයේදී - ශී‍්‍ර ලංකාව සුපිරි පන්දුවාරයෙන් පරදී

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p16 3දකුණු අපි‍්‍රකාව හමුවේ 5-0ක් ලෙස එක්දින තරගාවලිය පරාජයට පත් වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමට තම ගෞරවය රැුක ගැනීම පිණිස ජය ගැනීමට තිබූ දුර්වල පන්දු රැුකීම හමුවේ අහිමිව ගියේය.
 
 කේප්ටවුන් හිදී කාසියේ වාසිය දිනූ දකුණු අපි‍්‍රකානු නායකයා පළමුවෙන් පිතිප‍්‍රහාරය දියත් කිරීමට ශී‍්‍ර ලංකාවට භාර කළේය. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලූ 7ක් දැවී ලකුණු 134ක් ලබා ගැනීමට ශී‍්‍ර ලංකා පිතිකරුවෝ සමත් වූහ. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදී ජයග‍්‍රහණය සඳහා ලකුණු 2ක් ලබා ගැනීමට යුතුව තිබිණි. ඉසුරු උදාන යැවූ අදාළ පන්දුවාරයේ අවසන් පන්දුවේදී ඉම්රාන් තහීර් ලබාගත් වාසනාවන්ත ලකුණු හමුවේ දෙපිළේම ලකුණු සමවිය. එහිදී ඉම්රාන් තහීර් දුවද්දී දැවීයැමකට හසුකර ගැනීමට ශී‍්‍ර ලංකා කඩුලූ රකින කී‍්‍රඩක නිරෝෂන් දික්වැල්ලට හොඳින්ම අවස්ථාව තිබුණද ඔහු අතින් එම අවස්ථාව ගිලිහි ගියේය. අනතරුව දෙපිලේම ලකුණු සමවීම මත සුපිරි පන්දුවාරයකට යෑමට සිදු විය.
 
 සුපිරි පන්දුවාරයේදී ලසිත් මාලිංගට එරෙහිව ලකුණු 15ක් ලබා ගැනීමට මිලර් සහ ඩුසේන සමත් විය. අනතුරුව පිති ප‍්‍රහාරය දියත් කළ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ තිසර පෙරේරාට සහ අවිශ්ක ප‍්‍රනාන්දු ඉම්රාන් තහීර් හමුවේ ලකුණු 5කට සීමා වීමට සිදු වීම මත දකුණු අපි‍්‍රකාවට තරගයේ ජය හිමිවිය.
 
 ලකුණු සටහන
 
 ශී‍්‍ර ලංකාව පන්දුවාර 20 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 134 යි. (අවිශ්ක ප‍්‍රනාන්දු 16, කමිදු මෙන්ඩිස් 41 යි, ඇන්ජලෝ පෙරේරා 16, තිසර පෙරේරා 19, ධනංජය සිල්වා 14, පෙලූක් වායෝ 25/3)
 
 දකුණු අපි‍්‍රකාව පන්දුවාර 20 අවසානයේදී කඩුලූ 8ක් දැවී ලකුණු 134යි. (ඬේවිඞ් මිලර් 47, වැන්ඩර් ඩුසේන් 34, ෆෆ් ඩු ප්ලෙසිස් 21, ලසිත් මාලිංග 11/2)

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles