Divaina - ලෝක කුසලානය තෙක් පුහුණුකරුවා හතුරුසිංහයි - ක‍්‍රීඩා ඇමැති හරීන් කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p16 1ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පසුගිය කාලයේදී එක දිගට පරාජය වුවද වත්මන් ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ලෝක කුසලානය තෙක් සිය ධුරයේ රඳවා ගැනීම සඳහා ක‍්‍රීඩා ඇමැතිවරයා අවධානය යොමු කර තිබේ. ඔහු පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡුාවකදී මේ බව සඳහන් කර සිටියේය.
 
 ‘හතුරුසිංහ කියන්නෙ ලෝකයේ ඉන්න හොඳම පුහුණුකරුවන් දහ දෙනා අතර තෙවැනි ස්ථානයේ ඉන්න කෙනෙක්. එතුමා වැඩ කරන ක‍්‍රමවේදය වෙනස්. හැබැයි පිට රටදී වැඩ කරන ක‍්‍රමවේදය ලංකාවට ගැලපෙන්නෙ නැතිව ඇති. එ් නිසා එ් ක‍්‍රමයට හැඩගැහෙන්න ඕන.’ යනුවෙන් ඇමැතිවරයා පවසයි.
 
 ශ‍්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගි වූ ජාත්‍යන්තර තරග 30 කින් ජය ගෙන ඇත්තේ තරග හතක් පමණි. චන්දික හතුරුසිංහ මහතා රුපියල් මිලියන හතකට අධික මුදලක් වැටුප් ලබමින් පුහුණුකරු සේවයේ කටයුතු කළද කණ්ඩායමේ දක්ෂතා ඉහළ මට්ටමක නොතිබීම හේතුවෙන් ඔහුට විවිධ චෝදනා එල්ල විය. නමුත් ක‍්‍රීඩා ඇමැතිවරයා එ් සම්බන්ධව පවසන්නේ මෙවැනි කතාවකි.
 
 ‘‘කාලයක් තිස්සෙ ක‍්‍රිකට් මාෆියාවක් තියෙනවා. මේ ක‍්‍රිකට් පසුගිය කාලය පුරාවටම පාලනය කළේ පාර්ශ්ව තුනක්. එ් හැම දෙනාම මේ ඉන්න තත්ත්වයට වගකියන්න ඕන. එක්කෙනෙක් කියලා කියන්නෙ බැහැ. ලබන 21 වැනිදා ක‍්‍රිකට් නිලවරණය තියෙන නිසා මම කාගෙවත් නම් හෙළි කරන්නේ නැහැ. මොකද එතකොට කාට හරි අසාධාරණයක් වෙන නිසා. හැබැයි නිලවරණයෙන් පස්සෙ මම සියලූ දෙනාගෙම නම් හෙළි කරනවා. දැන් ක‍්‍රිකට්වල සිදුවන ගණුදෙනු සම්බන්ධව ඔඩිට් වාර්තාවක් මම ලබා ගන්න කටයුතු කරලා තියෙනවා. එතකොට හැමෝටම දැනගන්න පුළුවන් වෙලා තියෙන්නෙ මොකද්ද කියලා.’’
 
 ඉදිරි මාස අටක කාලය තුළදී ක‍්‍රිකට් සුද්ද කිරීමට තමා උත්සහ කරන බවත් තමාගේ පෞද්ගලික මතය අනුව ක‍්‍රීඩකයන්ගේ දක්ෂතා අඩුවක් නැති බවත් ඇමැතිවරයා පවසයි. ‘මගේ පෞද්ගලික මතය ක‍්‍රීඩකයන්ගේ දක්ෂතාවල ප‍්‍රශ්නයක් නැහැ කියන එකයි. ක‍්‍රිකට් ගහන 11 දෙනා නෙමෙයි ක‍්‍රිකට් කියන්නෙ. එ්ක වටේ මහා විශාල වටපිටාවක් තියෙනවා. මේ සැලැස්ම හරියට හැදිලා නැහැ. ක‍්‍රිකට් ආයතනය තමයි ලංකාවේ වැඩිම මුදල් හම්බ කරන්නෙ. එ්කෙ සේවය කරන කට්ටිය හරියට වැඬේ කරනවා. හරි පාලනයක් තියෙනව නම් ක‍්‍රීඩකයන්ගේ මානසිකත්වය හොදට තියෙනවා. ක‍්‍රීඩකයන් ක‍්‍රීඩකයන් සමග රණ්ඩු කරනවා. පුහුණුකරුවන් සමග රණ්ඩු කරනවා. මේ දේවල් වෙන්නෙ හරි පාලනයක් නැති නිසා. අලූත් කමිටුව පත්වුණාට පස්සෙ එ් අයට කරන්න ඕන දේ පිළිබඳව පහදලා දෙනවා.’

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles