Divaina - Kathuwakiya

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

රටක ජාතික කොඩිය යනු රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධානම සංකේතයයි. රටේ ඓතිහාසික පසුබිම, පෞඪත්වය, ස්‌වෛරීභාවය, ස්‌වාධීනත්වය පිළිබඳ උත්තුංග කාරණා පිළිබිඹු කරන ජාතික කොඩිය රටකට ඇති ගෞරවනීයම ආභරණයයි. රටේ පුරවැසියන් කළ යුත්තේ මෙම ආභරණය පැළඳ ගැනීම හෝ වැළඳ ගැනීම නොව ඊට නිසි ගෞරවය ලබාදීම ය. මන්ද ජාතික කොඩියට ගෞරව කිරීම උදාර මිනිස්‌ ගුණාංගයක්‌ බැවිණි. නමුත් මේ උදාර මිනිස්‌ ගුණාංගය "අදොa වාතයකට" තරම්වත් මායිම් නොකරන මිනිසුන් සිටින රටකි ශ්‍රී ලංකාව. විශේෂයෙන් රටේ අධ්‍යාපන බලධාරීන් ජාතික කොඩියට අගෞරව කරයි නම් එමඟින් ඔවුන් රටේ අනාගත දරු පරපුරට ලබාදෙන සංඥව ඉතා හානිදායක ය.
 
 පෙරේදා (16 දා) වවුනියාව ඊටම්ටපෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ උත්සවයකට සහභාගි වූ උතුරු පළාත් අධ්‍යාපන ඇමැති එස්‌. සර්වේශ්වරන් මහතා ජාතික කොඩිය එසවීම ප්‍රතික්‌ෂේප කර තිබේ. පසුගිය වසරේ ද මෙම පාසලේ පැවති උත්සවයකට සහභාගි වූ හිටපු උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ටී. කුරුකුලරාජා මහතා ද ජාතික කොඩිය එසවීම ප්‍රතික්‌ෂේප කර තිබිණි. රටක අධ්‍යාපන බලධාරීන් මෙලෙස හැසිරීම අපි කෙසේවත් අනුමත නොකරමු. මන්ද මේ අධ්‍යාපන ඇමැතිවරුන්ගේ චින්තනය රටක අනාගත පැවැත්මට ඉතා හානිදායක බැවිනි. උතුරු පළාත් අධ්‍යාපන ඇමැති එස්‌. සර්වේශ්වරන් ජාතික කොඩිය පිළිනොගැනීමෙන් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍යය පිළිනොගැනීම ය. රටක රාජ්‍යය පිළිනොගන්නා අධ්‍යාපන ඇමැතිවරුන් සම්බන්ධයෙන් ආණ්‌ඩුව ගන්නා පියවර කුමක්‌ද? හරි නම් සිදුවිය යුතුව තිබුණේ සිද්ධිය වූ දිනට පසු දිනම උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයා විසින් අදාළ ඇමැතිවරයා කැඳවා විනය පරීක්‌ෂණයක්‌ සිදුකර අධ්‍යාපන ඇමැති තනතුරෙන් ඔහු ඉවත් කිරීමය. එලෙස විනය පියවර ගැනීමට ව්‍යවස්‌ථාපිත බලයක්‌ නොමැති නම් කළ යුත්තේ ආණ්‌ඩුව විසින් සකස්‌ කරගෙන යන නව ව්‍යවස්‌ථා කෙටුම්පතට එම ව්‍යවස්‌ථාපිත බලතල ඇතුළු කිරීමය. මෙම ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද වීමෙන් සිදුවන්නේ නුදුරේදීම උතුරු පළාතම රටේ ජාතික කොඩිය ප්‍රතික්‌ෂේප කිරීමය. පෑනෙන් කළ යුතු වැඩේ මල්ටි බැරල් වලින් කළ යුතු තැනට කටයුතු සිදු නොකර ගැනීමේ වගකීමක්‌ ආණ්‌ඩුවට තිබේ. ආණ්‌ඩුව එය සිහියේ තබාගැනීම රටේ අනාගතයට වඩාත් හිතකරය.
 
 දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනය තවමත් නන්දිකඩාල් කලපුවෙන් ගොඩට පැමිණ නැත. ආණ්‌ඩුව පැය විසිහතර පුරාම සංහිඳියා මන්තරය ජප කළත් මේ කුම්භාණ්‌ඩයන් මට්‌ටු කිරීමට නොහැකි වී ඇත්තේ ඔවුන් තවමත් ජීවත් වන්නේ සිහින ඊළාම් රාජ්‍යයේ වීමය. ඔවුන්ගේ සිහින අයිති ඔවුන්ට ය. ඒ සිහිනවල නිදන්නට ඔවුන්ට අයිතියක්‌ තිබේ. නමුත් ඊළාම් සිහින දිගේ ඇවිද යමින් රටේ අනාගතය මංමුලා කිරීමට ඔවුන්ට ඉඩදිය යුතු නැත. විග්නේෂ්වරන්ගෙන් පාඩමක්‌ ඉගෙන නොගත් ආණ්‌ඩුව සර්වේශ්වරන්ගෙන්වත් පාඩමක්‌ ඉගෙනගනු ඇතැයි අපි බලා සිටිමු.

 

කඩු සරඹ එතරම් සුබදායක නැත. මන්ද ඒ සරඹයෙන් ජීවිත හානි පවා සිදුවිය හැකි නිසාය. ත්‍රස්‌ත බිය තුරන් වී ඇති නමුත් යාපනයේ වැසියෝ පසුගිය කාලය පුරාම ආවා කල්ලියට බියවී කල් ගෙවූහ. විශේෂ කාර්ය බළකායේ මැදිහත්වීමෙන් මේ ආවා කල්ලියේ ක්‍රියාකාරකම් අඩු වුවද පසුගිය දින කිහිපය පුරාම යළිත් ත්‍රස්‌ත භීෂණයක්‌ පැතිර තිබේ.

තෙල් ප්‍රශ්නය යාන්තමින් අහවරය. දැන් තිබෙන්නේ අරක්‌කු ප්‍රශ්නයකි. මෙවර අයවැයේ කතාබහට ලක්‌වුණු මාතෘකා දෙකක්‌ තිබිණි. එකක්‌ වාහන ප්‍රශ්නයයි. දෙවැන්න අප ඉහත කී අරක්‌කු ප්‍රශ්නයයි. වාහන ගන්නට හිටි අය දැන් හිත හදාගෙන තිබෙන වාහන හදාගෙන පාවිච්චි කරන්නට කටයුතු කරමින් සිටිති. අරක්‌කු බොන අයට එවැනි විකල්පවලට යන්නට බැරිය.

වත්මන් ආණ්‌aඩුවේ අමාත්‍යවරයකු වන පාඨලී චම්පික රණවක පසුගිය 11 වැනිදා පාර්ලිමේන්තුවේදී කියා තිබුණේ මෙවර අයවැය ලේඛනය ජනතාව මත වැඩි බරක්‌ පැටවෙන ආකාරයට සැකසුණු එකක්‌ බවය. අපට කියන්නට ඇත්තේ මේ ආණ්‌ඩුවේම සමහර ඇමැතිවරුන්ගේ කෙරුවාවල් නිසා ජනතාවගේ බෙල්ල මිරිකා හෝ මුදල් ඉපැයීමට ආණ්‌ඩුවට සිදු වන බවය.
 
 පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදීම ඇසුණු පරිදි රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශය සතු භාවිත නො කරන සුවිසල් ගොඩනැඟිල්ලේ මෙම වසරේ මාස තුනක විදුලි බිල සඳහා රුපියල් ලක්‌ෂ පනහකට ආසන්න මුදලක්‌ වැයවී තිබේ. එමෙන්ම 2016.04.07 දින සිට 2017.07.31 දක්‌වා එහි විදුලි බිල සඳහා රුපියල් එක්‌කෝටි තිස්‌නව ලක්‌ෂ තිස්‌දෙදහස්‌ හත්සිය හැටක මුදලක්‌ද ගෙවා තිබේ. මේ අපූරු ගෙවීම් කරන ගොඩනැඟිල්ලේ කතාවද අපූරු එකකි. කෙටියෙන් කීවොත් ඒ මෙසේය. කෘෂිකර්ම අමාත්‍යාංශයට අලුත් ගොඩනැගිල්ලක්‌ වුවමනා වී තිබිණි. ඒ දැනට එය පවත්වාගෙන යන ගොඩනැඟිල්ල පාර්ලිමේන්තු කාරක සභා පවත්වාගෙන යැම සඳහා අවශ්‍ය වූ බැවිනි. ඒ නිසාම කෘෂිකර්ම අමාත්‍යාංශයට වගකියන තරුණ ඇමැතිතුමා ඉක්‌මනින්ම අලුත් ගොඩනැඟිල්ලක්‌ සොයා ගත්තේය. ඒ රාජගිරියෙනි. ඇමැතිවරයා එසේ කළේ ගන්නටම වුවමනා නම් රජයේ ගොඩනැඟිල්ලක්‌ සොයා ගැනීමේ හැකියාව තිබියදීය. ලැබුණු තොරතුරු අනුව ගොඩනැඟිල්ල මිලදී ගැනීමේ ක්‍රියාවලිය ප්‍රසම්පාදන පටිපාටියේ නීති රීතිවලට පටහැනිය. එහෙත් ගනුදෙනුව සිදු විය. ඒ ගනුදෙනු ප්‍රකාරව 2017 වර්ෂය ආරම්භ වන විට ඒ ගොඩනැඟිල්ලට රුපියල් අසූනව කෝටි හැටඅට ලක්‍ෂයක මුදල් ගෙවා තිබේ. එහෙත් තවමත් කෘෂිකර්ම අමාත්‍යාංශය වසර දෙකහමාරකට ආසන්න කාලයක්‌ තිස්‌සේ අලුත් ගොඩනැඟිල්ලට ගෙනගොස්‌ නැත. එසේ තිබියදීත් මාසෙකට රුපියල් දෙකෝටි තිස්‌හත් ලක්‍ෂයක මුදලක්‌ එම ගොඩනැඟිල්ල සඳහා කුලී ගෙවමින් තිබේ. මෙසේ වන්නේ එම ගොඩනැඟිල්ලේ "පදිංචියට" යැමට කෘෂිකර්ම අමාත්‍යවරයාට විවේකය නැතිකමවත්, නැකතක්‌ උදාවී නැතිකමවත් නොවේ. තවත් කෝටි හතරක පහක මුදලක්‌ වැයකර එම ගොඩනැඟිල්ල අලුත්වැඩියා කිරීමට නියමිත නිසාය. අපට මේ කිසිදු කාරණයක්‌ වැදගත් නැත. අපට වැදගත් වන්නේ මේ රටේ ජනතාවට අනේක විධ බදු බර පටවා ජනතාවගේ රීරිමාංශ උලාකන තත්ත්වයක්‌ තුළ මහජන මුදල් නිර්ලඡ්ජිතව නොසැලකිලිමත් ලෙස නාස්‌ති කිරීමය. ඇත්ත වශයෙන්ම මේ ගොඩනැඟිල්ලට වැයකර ඇති සහ වැය කිරීමට ඇති මුදල වත්මන් ආණ්‌ඩුවේ ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තියට හෝ යහපාලන ආණ්‌ඩුව කියන නාස්‌තිය, දූෂණය අවම කිරීමේ ප්‍රතිපත්තියට කොහෙත්ම ගැළපෙන්නේ නැත.
 
 මෙවැනි නාස්‌තිකාර වියදමක්‌ දරා ගොඩනැඟිල්ලක්‌ මිලදී ගන්නා අමාත්‍යාංශයක්‌ රටේ ජනතාව වෙනුවෙන් කරන්නේ මොනවා දැයි අහන්නට අප ඉක්‌මන් වන්නේ නැත. ඊට හේතුව අපට "පටි තද කරගෙන "ඉන්න යෑයි වත්මන් ආණ්‌ඩුව බලයට ආ විගසම කාරුණිකව ඉල්ලා ඇති නිසාය. රජයේ ආදායම හා වියදම අතර පරතරය වැඩි වන්නට මෙවැනි නාස්‌තිකාර වියදම් බලපාන්නේ නැතිදැයි අපි මුදල් ඇමැතිවරයාගෙන් අසා සිටිමු.

උතුරේ ප්‍රශ්නය කුමක්‌ද? උතුරේ තිබූ සැබෑ ප්‍රශ්නය නම් කොටි ත්‍රස්‌තවාදයයි. මේ ත්‍රස්‌තවාදය 2009 මැයි මාසයේදී සහමුලින්ම අතුගා දැමීමට ශ්‍රී ලංකා හමුදාවට හැකිවිය. නමුත් 2009 න් පසුව උතුරේ උද්ගතව ඇති ප්‍රශ්නය කවරක්‌ද? උතුරු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් පසුගිය දිනක උතුරේ ප්‍රශ්නය විසඳන්නැයි ජාත්‍යන්තර මාධ්‍යයෙන් ඉල්ලීමක්‌ කර ඇත. ජාත්‍යන්තර මාධ්‍ය විසින් ලෝකයේ කවර ප්‍රශ්න විස¹ ඇත්ද? ජාත්‍යන්තර මාධ්‍ය මැදිහත්වී ලෝකයේ රටවල් කීයක සාමය ඇතිකර ඇත්ද? නමුත් විග්නේෂ්වරන් හැම විටම උතුරේ ප්‍රශ්න ජාත්‍යන්තර කිරීමේ වලිප්පුවකින් පෙළෙන බවනම් සහතිකය. මේ ඊනියා ජාත්‍යන්තර මාධ්‍යවලට අවශ්‍ය වන්නේ හමුදාවට යුද අපරාධ චෝදනා නඟා ශ්‍රී ලංකා රාජ්‍යය හුදකලා කිරීමටය. උතුරේ යුද්ධය පැවැති කාලයේදී මේ ඊනියා මාධ්‍ය සෑම විටම කොටි ත්‍රස්‌තවාදීන් වීරත්වයට පත් කිරීමට උත්සාහ කළ බව අපි දනිමු. මේ මාධ්‍යකරුවන් තුළ පැවැති කොටි හිතවාදීත්වය නිසා විග්නේෂ්වරන් ජාත්‍යන්තර මාධ්‍යයට ආරාධනා පත් යවන්නේද? බීබීසියේ ෆ්‍රන්සස්‌ හැරිසන් මාධ්‍යවේදිනියගේ කොටි හිතාවාදිත්වය ගැන අමුතුවෙන් කිවයුතු නැත. එසේනම් මෙවැනි මාධ්‍යකරුවන්ගෙන් උතුරේ මහ ඇමැති බලාපොරොත්තු වන්නේ කුමක්‌ද? ජාත්‍යන්තර මාධ්‍යවල මැදිහත් වීමෙන් ෆෙඩරල් ලබා ගැනීමටද? නැත්නම් ඊළම ලබා ගැනීමටද? බඩේ අමාරුව සුවකර ගැනීමටත් වැසිකිළියට නොගොස්‌ ජාත්‍යන්තර මාධ්‍යයට කතා කිරීමේ රුදාවක්‌ මේ මහ ඇමැතිට ඇතිව තිබෙන බව පැහැදිලිය. ඒකීය රාජ්‍යයට විරුද්ධව විග්නේෂ්වරන් ජාත්‍යන්තර මාධ්‍යයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්‌ද?
 
 රටේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය කිරීමෙන් උතුරේ වැසියන්ට යහපතක්‌ ඇති නොවේ. උතුරේ දුගී භාවය නැති නොවේ. උතුරේ ජල හිඟය දුරුනොවේ. නමුත් මහ ඇමැති ලෙස උතුරේ ජනයාට කිසි සේවයක්‌ කිරීමට නොහැකිවූ අකාර්යක්‍ෂම විග්නේෂ්වරන් දෙමළ ජනයා රැවටීම සඳහා ජාත්‍යන්තර මාධ්‍යවලට ආරාධනා කරයි. රටේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය වීමෙන් සිදුවන්නේ ලංකා ආණ්‌ඩුව අපහසුතාවයට පත්වීමය. එසේනම් විග්නේෂ්වරන්ගේ හිතුවක්‌කාරි කටයුතු පාලනයට යහපාලන රජය මැදිහත් විය යුතුය. සංහිඳියාව වෙනුවෙන් යෑයි කියමින් විග්නේෂ්වරන්ට ඩෙඟා නටන්නට ඉඩදිය යුතු නැත.
 
 "දෙමළුනි නැගිටිව්" ව්‍යාපාරය හරහා දෙමළ ජනතාව තුළ බෞද්ධ විරෝධය ඇවිළීමට උත්සාහ කළේද මේ මහ ඇමැතිවරයාය. දැන් එළුඟ තමිල් ව්‍යාපාරය ගැන හාහූවක්‌ නැත. එය අසාර්ථක ව්‍යාපාරයක්‌ වූ නිසා විග්නේෂ්වරන් ජාත්‍යන්තර මාධ්‍යයට ආරාධනා කරන්නේ යුද්ධය කාලයේ දෙමළ වැසියන්ට පීඩා සිදුවූවා යෑයි කියා නැවත නැවතත් ලෝක ප්‍රජාව හමුවේ කරුණු දැක්‌වීමටය. ඇත්තෙන්ම ජාත්‍යන්තර මැදිහත් වීමෙන් සිදුවන්නේ කුමක්‌ද? උතුරේ ප්‍රශ්න මෙන්ම රටේ ප්‍රශ්නද උග්‍රවීමය. එම නිසා හිටපු විනිසුරුවරයාගේ කූට උපායන්ට ඉඩ ලබාදිය නැත.
 
 යුද්ධය නිමාවී දස වසරකට ආසන්න වූවත් දෙමළ ජනතාව නිදහස්‌ නැති බව විග්නේෂ්වරන් ජාත්‍යන්තරයට පවසා ඇත. දෙමළ ජනයාගේ නිදහස නැති කළේ හමුදාවද? ප්‍රභාකරන්ද යන්න විග්නේෂ්වරන් ප්‍රකාශ නොකරයි. පාසල් යන ළමුන් බලහත්කාරයෙන් කොටි සංවිධානයට බඳවා ගත් යුගය අවසන් වීම ගැන දෙමළ ජනයා සතුටු වුවත් විග්නේෂ්වරන් සතුටු නැත. ජාත්‍යන්තර මාධ්‍ය ඔස්‌සේ හෝ බෙදුම්වාදය තහවුරු කිරීමට මොහුට අවශ්‍යව ඇත. එනිසාම විග්නේෂ්වරන්ගේ ජාත්‍යන්තර මාධ්‍ය කුමන්ත්‍රණය පරාජය කළ යුතුය.

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles