Divaina - Kathuwakiya

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

නව ව්‍යවස්‌ථාව වෙනුවෙන් නිරන්තරව පෙනී සිටින ඒබ්‍රහම් සුමන්තිරන් මන්ත්‍රීවරයා පසුගිය දිනක සිදුකළ ප්‍රකාශයක්‌ පිළිබඳව අපේ අවධානය යොමුවිය. ඒ කවරක්‌ද? "මේ ජාතික කොඩියට මමත් කැමැති නැහැ" යන්නයි. ඒ අනුව සුමන්තිරන් මන්ත්‍රීවරයාද උතුරේ අධ්‍යාපන ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය අනුමත කරනු පෙනේ. මේ රටේ ජාතික කොඩිය නිර්මාණය විය යුත්තේ දෙමළ සන්ධානයට අවශ්‍ය ලෙසද? සියලු ජනයාගේ ගරුබුහුමනට ලක්‌ව ඇති ජාතික කොඩිය වෙනස්‌ කිරීමට කවර බලවේගයක්‌ උත්සාහ දරයිද? එම ජාතිවාදී බලවේගවලට අවශ්‍ය පරිදි ජාතික කොඩිය වෙනස්‌ කළ නොහැකිය. ජාතික කොඩියටත් සංහිඳියාවේ ප්‍රහාර එල්ලවී තිබේද යන්න ගැටලුවයි.
 
 නව ව්‍යවස්‌ථාව වෙනුවෙන් පෙනී සිටින සුමන්තිරන් මන්ත්‍රීවරයා ජාතික කොඩිය ගැන සිය අකැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ මඩකලපුවේ පැවැති හමුවකදීය. උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් මහතා පවා පළාත් ඇමැතිවරයා විසින් ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂේප කිරීම හෙළා දකිද්දී අනෙක්‌ පසින් සුමන්තිරන් මන්ත්‍රීවරයා ජාතික කොඩියට ගරහයි.
 
 කිසිම දේශපාලනඥයකුට ජාතික කොඩියට නිග්‍රහ කිරීමට ඉඩදිය යුතු නැත. මොවුන්ට අවශ්‍ය සිංහ කොඩිය පාගා දමා ඊළාම් කොඩියට ප්‍රේම කිරීමද? බ්‍රිතාන්‍යයේ වෙසෙන එල්. ටී. ටී. ඊ. හිතවාදීන්ට එරට ජාතික ධජය නිසා හිත් අමාරුකම් ඇතිව තිබේද? ඒ හිත් අමාරුකම් ගැන ප්‍රකාශ සිදුකර ඇත්ද? ඉන්දියාවේ හින්දු නොවන දේශපාලනඥයකු එරට ජාතික කොඩිය හෙළා දැක්‌කානම් සිදුවන්නේ කවරක්‌ද? එය බරපතළ ගැටුමක්‌ පවා වර්ධනයට හේතුවක්‌ වේ. නමුත් අපේ රටේ මේ ඊනියා මන්ත්‍රීවරුන්ට පළාත් ඇමැතිවරුන්ට කැමති කැමති හැටියට ජාතික කොඩියට නිග්‍රහ කිරීමට අවස්‌ථාව ලැබී ඇත. මොවුන්ට අවශ්‍ය වී ඇත්තේ උතුරු පළාත වෙනුවෙන් වෙනම කොඩියක්‌ හා ජාතික ගීයක්‌ සකස්‌ කර ගැනීම විය යුතුය.
 
 ඊනියා සුළු ජන දේශපාලකයන්ගේ හිතේ අමාරු සුව කිරීමට ජාතික කොඩියට ගැරහීමට ඉඩ නොදිය යුතුය. සංහිඳියාවේ නාමයෙන් මේ සිදුවන්නේ රටේ අනන්‍යතාව විනාශ කරදැමීමකි. සිංහ කොඩියට වෛර කිරීම තුළින් හෙළි කෙරෙන්නේ කවරක්‌ද? දෙමළ සන්ධානය තුළ ඇති සිංහල බෞද්ධ විරෝධය නොවේද? සුළුතරයක්‌ සැනසීම වෙනුවෙන් බහුතරයේ වටිනාකම පාවාදිය යුතු නැත. වසර දෙදහස්‌ පන්සියයක ඉතිහාස කතාවද සංහිඳියාව ගැන සිතා අමතක කළ යුතුද? සුමන්තිරන් මහතා මන්ත්‍රීකම් දරමින්ම සිංහ කොඩිය නිග්‍රහයට ලක්‌කරයි. මොහු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව රැකීමට බැඳී නැද්ද? දෙමළ සන්ධානය නව ව්‍යවස්‌ථාව ගැන වඩාත් උනන්දු වන්නේ සිංහ කොඩියටත් විනකැටීම සඳහාද? ඒ සඳහාද නව වගන්ති සකස්‌ කර ඇත්දැයි සැකයකි. මොවුන්ට අවශ්‍ය ජාතික කොඩියේ සිංහයා ඉවත්කර කොටියා ආදේශ කිරීමටද? නමුත් මේ බලවේග සිංහ කඩුපතින්ම පරාජය කර දැමිය යුතුය. සංහිඳියාවේ නාමයෙන් බහුතර ජනයාගේ ආත්මගරුත්වය සහ රටේ ප්‍රෙෘඪත්වය පාවා නොදිය යුතුය. සුමන්තිරන්ගේ ජාතික කොඩි අකැමැත්ත මගින් පෙන්නුම් කරන්නේ සිංහයාට ඇති වෛරය නොවන්නේද? එය වව්නියාව පැරකුම් විද්‍යාලයේදී උතුරු අධ්‍යාපන ඇමැති ප්‍රකට කළේය. ඒ අධ්‍යාපන ඇමැතිවරයා අනිවාර්යයෙන් ධුරයෙන් පහකළ යුතු සේම සුමන්තිරන්ගේ ජාතික කොඩි විරෝධයටද නිසි පිළිතුරු දිය යුතුය. තමන් මධ්‍යස්‌ථ දෙමළ දේශපාලකයෙක්‌ යෑයි ලෝකය හමුවේ නිරන්තරව ප්‍රකාශ කරන සුමන්තිරන්ගේ සිංහල විරෝධය මේ ජාතික කොඩි විරෝධය හරහා මැනවින් ප්‍රකට වේ. එනිසා මේ ඊනියා මධ්‍යස්‌ථ මතධාරීන්ගේ වෙස්‌ මුහුණ ගලවා දැමිය යුතුය.

සති දෙකකට පෙර මේ රටේ තෙල් ප්‍රශ්නයක්‌ තිබිණි. "තෙල් ප්‍රශ්නයක්‌" යෑයි කී විට එය වරදවා තේරුම් ගත යුතු නැත. තෙල් සම්බන්ධයෙන් මතුවූ ඒ ප්‍රශ්නය කෙළවරක්‌ නැති රෝග සඳහා පාරම්පරික වෙද මහත්වරු, සිඳින බෙහෙත් තෙල් සම්බන්ධයෙන් නොවේ. ඒ නිසාම රෝගීන් හෝ අදාළ වෙද මහත්වරු කලබල විය යුතු නැත. එම තෙල් ප්‍රශ්නය මතු වූයේ වාහනවලට යොදන තෙල් සම්බන්ධයෙනි. හරියටම කීවොත් සති දෙකකට පෙර මේ රටේ පෙට්‍රල් හිඟයක්‌ ඇතිවිය. (හිඟ වූවා නොව නැත්තටම නැති විය.) 70 දශකයේ භූමිතෙල් පෝළිම් වලින් පසු මේ රටේ මිනිස්‌සු එක පෙළට පොරකමින්, ආණ්‌ඩුවට හතර අතේ බණිමින් තෙල් පෝළිම්වල ලැග සිටි පළමු අවස්‌ථාව එය විය. කොටින්ම කීවොත් මෙහා ගෙදර එකා පෙට්‍රල් බෝතලයක්‌ දෙකක්‌ ගෙදර ගෙන එන විට අල්ලපු ගෙදර එකා තරහෙන් පුපුරන, ඊර්ෂ්‍යාවෙන් පැලෙන මට්‌ටමට තත්ත්වය දරුණු වී තිබිණි. පෙම් සබඳතා බිඳවැටීම්, පවුල් ආරවුල්, ඥති සම්බන්ධතා යාළුමිත්‍රකම් පළුදුවීම් ගැන වාර්තා වී නැතත්, එසේ වන්නට ඉඩ තිබුණු බවට සැක කළ හැකි මට්‌ටමට ඉන්ධන ගැටලුව උග්‍ර වී තිබිණි. කෙසේ හෝ ඛනිජ තෙල් ඇමැතිවරයාත් ආණ්‌ඩුවත් පුංචි පුංචි මත ගැටුම් මැද වුවද වැඩේ ගොඩදා ගන්නට සමත් විය.
 
 පෙරේදා (20 දා) නැවතත් රටම කලබල වන තත්ත්වයක්‌ මතුවිණි. ඒ තෙල් හිඟයක්‌ ගැන පැතිර ගිය ආරංචියක්‌ නිසාය. ඒ ආරංචිය බොරුවක්‌ බවත්, සමහර ඉන්ධනහල් එවැනි ඉන්ධන හිඟයක්‌ ඇති බවට බොරු ආරංචි පතුරුවා ඇති බවත්, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ කැඳවා කියා තිබිණි. මේ රට කොතරම් අපූරු රටක්‌ දැයි කියා හිතෙන්නේ ඇමැතිවරයා කියන ඒ කතා අසන විටය. තෙල් පිරවුම්හල් කිහිපයක්‌ එකතු වී රටේ ඉන්ධන හි`ගයක්‌ ඇතිකළ හැකිනම් ඛනිජ තෙල් සංස්‌ථාවෙන් ඇති ඵලය කුමක්‌ ද? එමෙන්ම ඇමැතිවරයා මීට පෙර තෙල් අර්බුදය පිටුපස ඇති කුමන්ත්‍රණයක්‌ ගැන ද කීවේය. පෙරේදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ද ඇමැතිවරයා කියා තිබුණේ "පෙට්‍රල් ඉල්ලුම මෙටි්‍රක්‌ ටොන් 2500 ක්‌ වුවද මෙටි්‍රක්‌ ටොන් 3500 ත්, 4000 ත් අතර ප්‍රමාණයක්‌ මේ වන විට බෙදාහරින" බවය. එමෙන්ම මේ ආණ්‌ඩුව එන්නට පෙර වසර දහයක්‌ තිස්‌සේ තෙල් ගෙන්වූ පිරිසක්‌ "මාෆියාවක්‌" ගොඩනඟාගෙන ඇති බවද ඇමැතිවරයා කියා තිබිණි. ඇමැතිවරයා කීවත් නැතත් මේ රටේ තෙල් සම්බන්ධයෙන් පමණක්‌ නොව බොහෝ විෂයයන් සම්බන්ධයෙන් "මාෆියා" වන් ක්‍රියාත්මක වන බව රටේ ජනතාව දන්නේ බොහෝ කලක සිටය. ඊට හේතුව එවැනි අර්බුද Rජුවම බලපාන්නේ පෝළිම්වල හිටගන්නා රටේ ජනතාවටම වන බැවිනි. අමාත්‍යවරයා තෙල් අර්බුදයේදී ක්‍රියාත්මක වූ ආකාරය පැසසුම් කටයුතුය. ඇමැතිවරයා කතා කරන (කෙළින් කියන) බොහෝ දේ ගැන "සමහර" උදවියට සෑහෙන්න රිදුණු බව කාට කාටත් පෙනෙන්නට තිබුණු කාරණයකි. එහෙත් අපට ඇමැතිවරයාගෙන් ද ආණ්‌ඩුවේ වංචා දූෂණවලට එරෙහි වන උදවියගෙන් ද, යහපාලනය වෙනුවෙන් පෙනීසිටින සිවිල් සංවිධාන වලින් ද අසන්නට ප්‍රශ්නයක්‌ තිබේ. මේ කිසිවකු, ත්‍රිකුණාමලයේ නවතා තිබෙන බාල තෙල් නැව් ගැන කතා නොකරන්නේ ඇයි?

උතුරු පළාත් සභාව සැමවිටම උත්සාහ කරනු පෙනෙන්නේ ප්‍රශ්න ඇතිකර රටේ ගිනි ඇවිලීමය. ඒ ඇවිලීමෙන් රටටත් උතුරේ ජනතාවටත් යහපතක්‌ වන්නේ නම් නැත. ඒකීය රාජ්‍යයට එරෙහි වන විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා උතුරේ සෑම ප්‍රශ්නයක්‌ම ජාත්‍යන්තරීකරණය කිරීමට උත්සාහ දරයි. උතුරු මහ ඇමැතිගේ සහයට දැන් උතුරු පළාත් අධ්‍යාපන ඇමැතිද ඉදිරිපත්වී ඇත. රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට යටත්විය යුතු ඔහු ශ්‍රී ලංකා ධජය ලෙස ජාතික කොඩිය පිළිගැනීමට සූදානම් නැත. මෙවැනි පුද්ගලයකු ඇමැති ධුර දැරීම ප්‍රශ්නයකි. සැබවින්ම මොහු සිදුකර ඇත්තේ ත්‍රස්‌තවාදී ක්‍රියාවක්‌ නොවේද? ශ්‍රී ලංකා ධජය පිළිගන්නේ නැත්නම් මොහු පිළිගන්නේ කවර රටක කොඩියද? ඊළාම් කොඩියද නැත්නම් ඉන්දියාවේ කොඩියද? උතුරු පළාත් අධ්‍යාපන ඇමැතිවරයා රටේ ජාතික කොඩියට ගරහන්නේ නම් උතුරේ අධ්‍යාපනයට යන කල දසාව කුමක්‌ද?

ජාතික කොඩියෙන් පිළිබිඹු වන්නේ සිංහල බෞද්ධ රාජ්‍යය බව උතුරු පළාත් ඇමැති එස්‌. සර්වේෂ්වරන්ගේ අදහසයි. ජාතික කොඩිය ගැන මෙවැනි ප්‍රකාශ ප්‍රභාකරන් පවා ඉදිරිපත් කර නැත. ජාතික කොඩියට වෛර කරන මොහු රටේ ජනතාවට සේවය කරන්නේ කෙසේද? ජාතික කොඩියට වෛර කළද ආණ්‌ඩුවෙන් ලැබෙන දීමනා පඩි නඩි සන්තෝෂම් ලබා ගැනීම නම් මොහු විසින් නතර කර නැත.

උතුරු අධ්‍යාපන ඇමැති ජාතික කොඩියට නිග්‍රහ කිරීම තුළින්ම උතුරු පළාත් සභාව ක්‍රියාත්මක කරන සංහිඳියාව ගැන මනා අවබෝධයක්‌ ලැබේ. උතුරු පළාත් සභාවෙන් ප්‍රකට කරනු ලබන්නේ ජාතික කොඩියට, ජාතික ගීයට, ඒකීය රාජ්‍යයට එරෙහිව සිදුකරන බෙදුම්වාදී සංහිඳියාව බව පසක්‌ වෙයි. උතුරු අධ්‍යාපන ඇමැතිගේ ක්‍රියාව උතුරු මහ ඇමැති විසින් මෙතෙක්‌ හෙළා දැක නැත. එසේ නම් අපට කිව හැක්‌කේ මහ ඇමැතිවරයා ප්‍රමුඛ උතුරු පළාත් සභාවම ජාතික කොඩිය පිළිනොගන්නා බවද? මෙවන් තත්ත්වයක්‌ තුළ සාමය සංහිඳියාව පතුරුවන්නේ කෙසේද? වර්තමාන යහපාලන ආණ්‌ඩුව දකුණේ සිංහල බෞද්ධයාට වඩාත් උවමනාවෙන්ම සංහිඳියාව ඉගැන්වීමට උත්සහ කරද්දී එයට බරපතළ ප්‍රහාරයක්‌ උතුරු අධ්‍යාපන ඇමැතිවරයා විසින්ම එල්ලකර ඇත.

ජාතික කොඩියට වෛර කරන මේ ඇමැතිවරයා සිය ශ්‍රී ලංකා විරෝධී ස්‌ථාවරය ප්‍රකට කළේද වව්නියාව ඊරට්‌ටපෙරියකුලම් පැරකුම් විද්‍යාලයේ උත්සවයකට පැමිණි අවස්‌ථාවේදීය. පැරකුම් විද්‍යාලය සිංහල පාසලකි. සිංහල පාසලකදීම සිය අමනකම ප්‍රදර්ශනය කරමින් මොහු උත්සාහ කළේ රටේ බහුතර සිංහලයන්ට පණිවුඩයක්‌ දීමටය. සංහිඳියාව ප්‍රකට කිරීමට දෙමළ සන්ධානයට විපක්‍ෂනායක ධුරය පිරිනැමුවද එම පක්‍ෂය නියෝජනය කරන පළාත් සභා ඇමැතිවරයා ජාතික කොඩිය ප්‍රතික්‍ෂේප කරයි. එසේ නම් උතුරට වැඩියෙන් බලය ඉල්ලන්නේ අලුතෙන් ජාතික කොඩි නිර්මාණය කර ගැනීමටද? ජාතික කොඩිය ප්‍රතික්‍ෂේප කරන මොවුන්ට දෙමළෙන් ජාතික ගීය ගායනා කර සැනසිය නොහැකි බව මේ සිදුවීම ඉතා හොඳින් පසක්‌ කරවයි.

සැබැවින්ම මේ ඇමැතිවරයා ධුරයෙන් පහ කිරීමට ජනාධිපතිවරයා වහා කටයුතු කළ යුතුය. අධ්‍යාපන රාජ්‍ය ඇමැති පී. රාධක්‍රිෂ්ණන් මහතා වඩා නිවැරදි ලෙස ප්‍රකාශ කර ඇත්තේ ජාතික කොඩියට නිගරු කරමින් ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂේප කළ පුද්ගලයෙක්‌ මෙරට අමාත්‍ය ධුරයක්‌ දැරීමට සුදුසු නැති බවයි. උතුරු අධ්‍යාපන ඇමැතිගේ අමනකම ගැන අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයා විසින් නිසි පිළිතුරු ලබාදී ඇත. එනිසාම මොහු ධුරයෙන් පහකර දැමීම වහා සිදුවිය යුතුය.

රටක ජාතික කොඩිය යනු රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධානම සංකේතයයි. රටේ ඓතිහාසික පසුබිම, පෞඪත්වය, ස්‌වෛරීභාවය, ස්‌වාධීනත්වය පිළිබඳ උත්තුංග කාරණා පිළිබිඹු කරන ජාතික කොඩිය රටකට ඇති ගෞරවනීයම ආභරණයයි. රටේ පුරවැසියන් කළ යුත්තේ මෙම ආභරණය පැළඳ ගැනීම හෝ වැළඳ ගැනීම නොව ඊට නිසි ගෞරවය ලබාදීම ය. මන්ද ජාතික කොඩියට ගෞරව කිරීම උදාර මිනිස්‌ ගුණාංගයක්‌ බැවිණි. නමුත් මේ උදාර මිනිස්‌ ගුණාංගය "අදොa වාතයකට" තරම්වත් මායිම් නොකරන මිනිසුන් සිටින රටකි ශ්‍රී ලංකාව. විශේෂයෙන් රටේ අධ්‍යාපන බලධාරීන් ජාතික කොඩියට අගෞරව කරයි නම් එමඟින් ඔවුන් රටේ අනාගත දරු පරපුරට ලබාදෙන සංඥව ඉතා හානිදායක ය.
 
 පෙරේදා (16 දා) වවුනියාව ඊටම්ටපෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ උත්සවයකට සහභාගි වූ උතුරු පළාත් අධ්‍යාපන ඇමැති එස්‌. සර්වේශ්වරන් මහතා ජාතික කොඩිය එසවීම ප්‍රතික්‌ෂේප කර තිබේ. පසුගිය වසරේ ද මෙම පාසලේ පැවති උත්සවයකට සහභාගි වූ හිටපු උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ටී. කුරුකුලරාජා මහතා ද ජාතික කොඩිය එසවීම ප්‍රතික්‌ෂේප කර තිබිණි. රටක අධ්‍යාපන බලධාරීන් මෙලෙස හැසිරීම අපි කෙසේවත් අනුමත නොකරමු. මන්ද මේ අධ්‍යාපන ඇමැතිවරුන්ගේ චින්තනය රටක අනාගත පැවැත්මට ඉතා හානිදායක බැවිනි. උතුරු පළාත් අධ්‍යාපන ඇමැති එස්‌. සර්වේශ්වරන් ජාතික කොඩිය පිළිනොගැනීමෙන් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍යය පිළිනොගැනීම ය. රටක රාජ්‍යය පිළිනොගන්නා අධ්‍යාපන ඇමැතිවරුන් සම්බන්ධයෙන් ආණ්‌ඩුව ගන්නා පියවර කුමක්‌ද? හරි නම් සිදුවිය යුතුව තිබුණේ සිද්ධිය වූ දිනට පසු දිනම උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයා විසින් අදාළ ඇමැතිවරයා කැඳවා විනය පරීක්‌ෂණයක්‌ සිදුකර අධ්‍යාපන ඇමැති තනතුරෙන් ඔහු ඉවත් කිරීමය. එලෙස විනය පියවර ගැනීමට ව්‍යවස්‌ථාපිත බලයක්‌ නොමැති නම් කළ යුත්තේ ආණ්‌ඩුව විසින් සකස්‌ කරගෙන යන නව ව්‍යවස්‌ථා කෙටුම්පතට එම ව්‍යවස්‌ථාපිත බලතල ඇතුළු කිරීමය. මෙම ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද වීමෙන් සිදුවන්නේ නුදුරේදීම උතුරු පළාතම රටේ ජාතික කොඩිය ප්‍රතික්‌ෂේප කිරීමය. පෑනෙන් කළ යුතු වැඩේ මල්ටි බැරල් වලින් කළ යුතු තැනට කටයුතු සිදු නොකර ගැනීමේ වගකීමක්‌ ආණ්‌ඩුවට තිබේ. ආණ්‌ඩුව එය සිහියේ තබාගැනීම රටේ අනාගතයට වඩාත් හිතකරය.
 
 දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනය තවමත් නන්දිකඩාල් කලපුවෙන් ගොඩට පැමිණ නැත. ආණ්‌ඩුව පැය විසිහතර පුරාම සංහිඳියා මන්තරය ජප කළත් මේ කුම්භාණ්‌ඩයන් මට්‌ටු කිරීමට නොහැකි වී ඇත්තේ ඔවුන් තවමත් ජීවත් වන්නේ සිහින ඊළාම් රාජ්‍යයේ වීමය. ඔවුන්ගේ සිහින අයිති ඔවුන්ට ය. ඒ සිහිනවල නිදන්නට ඔවුන්ට අයිතියක්‌ තිබේ. නමුත් ඊළාම් සිහින දිගේ ඇවිද යමින් රටේ අනාගතය මංමුලා කිරීමට ඔවුන්ට ඉඩදිය යුතු නැත. විග්නේෂ්වරන්ගෙන් පාඩමක්‌ ඉගෙන නොගත් ආණ්‌ඩුව සර්වේශ්වරන්ගෙන්වත් පාඩමක්‌ ඉගෙනගනු ඇතැයි අපි බලා සිටිමු.

 

ගිංතොට දැන් සන්සුන්ය. එය සතුටට කරුණකි. කිසිවකුට ආගමේ හෝ ජාතියේ නාමයෙන් ගහමරා ගැනීමට අවශ්‍ය නැත. නමුත් ගිංතොට ගිනි තැබූ ප්‍රාදේශීය දේශපාලකයා කවුදැයි සොයා බැලිය යුතුය. මෙරට සෑමවිටම සාමය ආරක්‌ෂා වන්නේ බහුතරයේ සංහිඳියාව නිසාය. වසර දෙදහස්‌ පන්සීයක සිට මහා කරුණාව පහළ කළේ බෞද්ධ සමාජය බව සැම දෙනාම හොඳින් අවබෝධ කර ගත යුතුය. එහෙත් ඇතැම් වහාබ්වාදි බලවේග මුස්‌ලිම් සමාජය යම් අන්තවාදයකට තල්ලු කිරීමේ වුවමනාවෙන් පෙළෙන බව සියලු දෙනා අවබෝධ කර ගත යුතුය. ගිංතොට වෙහෙර විහාරස්‌ථානවල නායක හිමිවරුන්ගේ මෙන්ම පල්ලියේ මවුලවිවරුන්ගේ මැදිහත්වීමෙන් සාමය වඩා සුරක්‌ෂිතව පවත්වාගෙන යා හැකිවිය. අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් මර්දනය නොකළ හොත් නම් ඉදිරියේදී මේ ප්‍රශ්න උග්‍රවිය හැකි බවට අපි අනතුරු අඟවමු.

ආගමික ගැටුම් නිසා කිසිවකුට යහපතක්‌ උදාවන්නේ නැත. පුරා වසර තිහක්‌ තිස්‌සේ ත්‍රස්‌තවාදයෙන් බැට කෑ අපට යළිත් ආගමික යුද්ධයක්‌ අවශ්‍ය වන්නේ නැත. බෞද්ධ සමාජය කිසිම විටක අන්තවාදීව කටයුතු කර නැත. දළදා මාලිගාවට බෝම්බ ගැසූ අවස්‌ථාවේදී පවා බෞද්ධයන් ආවේගශීලී වූයේ නැත. මෙරට සංහිඳියාව ආගමික සහයෝගය නවතින්නේ බහුතර බෞද්ධයන්ගේ ඉවසීම නිසා බව සියලු දෙනා ඉතා හොඳින් අවබෝධ කරගත යුතුය. සිංහල තරුණයකු පැදගිය යතුරුපැදියේ මුස්‌ලිම් කාන්තාවක්‌ ගැටීම මේ ප්‍රශ්නයට හේතු විය. මේ රිය ගැටුම ආගම්වාදී අරගලයක්‌ බවට පත්වීමට ඉඩ දුන්නේ කවරකුද? මෙය සාමකාමීව විස¹ ගැනීමට ඉඩ නොතිබුණේද? මීට පෙර ගාල්ල ප්‍රදේශයෙන් මෙවැනි කෝලාහල ගැන අසන්නට ලැබුණේ නැත. දැන් ගිංතොටට වහාබ්වාදීන් ඇතුළු වී තිබේද? මේ ගැන සොයා බැලිය යුතුය.

පසුගියදා ගම්පොලදී කඨින පෙරහැරකට ගල් ප්‍රහාරයක්‌ එල්ල විය. නමුත් එම විහාරස්‌ථානයේ නායක හිsමියන් ඉතාම කල්පනාකාරීව කටයුතු කළ නිසා විශාල අවුලක්‌ වැළකී ගිය බව අපි දනිමු. බෞද්ධයන්ගේ ප්‍රචණ්‌ඩකාරීත්වය ගැන ව්‍යාජ වාර්තා ඉදිරිපත් කරන ඇතැම් මාධ්‍ය ගම්පොල නායක හිමියන්ගේ ආදර්ශවත් ක්‍රියාව ගැන විශේෂ ප්‍රවෘත්ති පළ කළේ නැත. මෙය සැබැවින්ම කනගාටුදායක කරුණකි. කවරක්‌ වෙතොත් මෙරට බහුතර ජනතාව කිසිම විටෙක ජාතිවාදීව හෝ ආගම්වාදීව කටයුතු කර නැත. ජාතිවාදීව කටයුතු කළ බලවේගවල ආයුෂ ඉතා අඩු බවත් අපි දනිමු. දෙමළ නාසිවාදය ප්‍රකට කළ ත්‍රස්‌ත නායකයනට සිදුවූයේ කුමක්‌දැයි යන්න නැවත නැවතත් සටහන් කළ යුතු නැත.

මේ රට සාමකාමීව පැවතීම ඉතා අවශ්‍යය. ඒ සඳහා සාමය හා සහජීවනය සුරකිය යුතුය. අන්තවාදි සුළුතරයක්‌ ඕනෑම සමාජයක සිටින බව අපි දනිමු. ඒ සුළුතරයට බහුතර ජනතාව යට කිරීමට ඉඩ දිය යුතු නැත. ගිංතොට සන්සුන් වූයේ අන්තවාදීන් නිහඬ වූ නිසාය. බහුතර සිංහල බෞද්ධයන් කිසිම විටක ආගම්වාදීව කටයුතු කර නැත. ගිංතොට සිද්ධිය ඇවිළු අයට දැඩි දඬුවම් දෙන බව රජය ප්‍රකාශ කර තිබිණි. එසේ නම් මේ ගින්න ඇවිළුවේ කවුද? වඩා සාහසිකව ප්‍රචණ්‌ඩකාරී වූයේ කවුදැයි යන්න සොයා බැලිය යුතුය. එය සිදුකළ යුත්තේ මතු යහපත තකාය.

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles