Divaina - Kathuwakiya

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

එක්‌සත් ජාතීන්ගේ යුද අපරාධ පිළිබඳ ප්‍රධානියා දින දහතුනක ශ්‍රී ලංකාවේ සංචාරයක්‌ අවසන් කර කටුනායකින් ගුවන්ගත වී වැඩි දවසක්‌ ගතවී නැත. යුද අපරාධ ප්‍රධානී පැබ්ලෝ ඩී ග්‍රෙයිප්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීමට ලංකා රජයට හැකි ද යන්න නම් ප්‍රශ්නයකි. මන්ද මොහුගේ එක්‌ යෝජනාවක්‌ වන්නේ උතුරෙන් හමුදාව ඉවත් කළ යුතුය යන්නයි. උතුරු මහ ඇමැති විග්නේශ්වරන්ද ප්‍රකාශ කරන්නේ උතුරේ හමුදා කඳවුරු සියල්ලම ඉවත් කර යුතු බවයි. විග්නේශ්වරන් මෙන්ම පැබ්ලෝ ද එකම අදහස්‌ ප්‍රකාශ කරන බව පෙනේ. මොවුන් දෙදෙනාගේ අරමුණ එක හා සමානද? පැබ්ලෝ මෙන්ම විග්නේශ්වරන් ද හමුදා භීතිකාවෙන් පෙලේ. ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ පරීක්‌ෂණ ඉක්‌මන් කළ යුතු බවද පැබ්ලෝ ප්‍රකාශකර තිබිණි. පැබ්ලෝ සේම උතුරු මහ ඇමැතිත් හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා නිරන්තරයෙන් ඉදිරිපත් කරයි. එහෙත් මේ දෙදෙනාට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකා රාජ්‍යය අර්බුදය එසේ නැත්නම් අරාජිකත්වයට පත්කිරීමය. යුද්ධය අවසන් වූදා පටන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ නියෝජිතයන් ලංකාවට පැමිණ ලබාදුන් උපදේශකවරක්‌ද? ඒ කිසිවක්‌ ලංකාවට යහපත් වූයේ නැත. එලෙසම යුද අපරාධ ලොක්‌කා ද හමුදාව දංගෙඩියට යවා උතුරෙන් ද පලවා හැරීමට උත්සාහ කරයි. කොටි ත්‍රස්‌තවාදීන් සමූල ඝාතන සිදු කරන විට මේ පැබ්ලෝ කොහේ සිටියාදැයි අපි නොදනිමු.
 
 කොටි සංවිධානය මායිම් ගම්මානවල වැසියන් කැති ගා සමූල ඝාතනය කරද්දී බස්‌ රථවල බෝම්බ පුපුරවද්දී මේ යුද අපරාධ ප්‍රධානියා නිදාගෙන සිටියේද? එහෙත් ලොව බිහිසුණුම ත්‍රස්‌ත කල්ලිය විනාශ කර රටට සාමය ළඟා කරදීම මහා අපරාධයක්‌ යෑයි එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයා සිතා සිටියි. ඉරාකයේදී ඇµaගනිස්‌තානයේදී සිරියාවේදී සිදුවූ මෙන්ම සිදුකරන සමූල ඝාතන ගැන ග්‍රෙයිප් නිහඬව සිටින්නේද? ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කිරීම නිසාම දශ ලක්‌ෂයකට අධික සිවිල් වැසියන් ප්‍රමාණයක්‌ ඝාතනය විය. එලෙස ඝාතනය වූ වැසියන්ගේ අයිතිවාසිකම් සුරැකීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වූයේද? නැත්නම් ඇමරිකානු හමුදාව විසින් සිදුකරන ඝාතන ගැන මොවුන් නිහඬද? ලොව බලවත් ජාතීන් යුද අපරාධ කරද්දී නිහඬව සිටි එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන් ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයක්‌ මානව හිමිකම් උගුලේ හිර කරන්නට කැසකවති. උතුරෙන් හමුදාව ඉවත් කිරීමට බලයක්‌ මේ නියෝජිතයාට කොහෙත්ම නැත. එවැනි යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මොහුට ඇති බලය කුමක්‌ද? රටේ ආරක්‌ෂාව පිළිබඳ තීරණ ගැනීමේ පූර්ණ බලතල ඇත්තේ සේනාධිනායකයාටය. එහෙත් පැබ්ලෝ ලංකාවේ සේනාධිනායකයා නොවේ.
 
 එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයා කෙළින්ම ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම කිසිසේත් අනුමත කළ නොහැකිය. මෙය ලංකාවේ ස්‌වෛරීභාවයට තර්ජනයකි. යුද අපරාධ පරීක්‌ෂණය සඳහා විදේශ විනිසුරුවන් අවශ්‍ය බව අවධාරණය කරන්නේ මොවුන්ය. එහෙත් විදේශ විනිසුරුවරුන්ගෙන් සාධාරණය බලාපොරොත්තු විය හැකිද? ඇත්තෙන්ම පැබ්ලෝ ප්‍රකාශ කරන පරිදි ලංකාවේ යුද අපරාධ සිදුවී නොමැත. යුද අපරාධ සිදුකළ මහා ජනඝාතකයා 2009 මැයි 19 වැනිදා ඝාතනයට ලක්‌විය. දැන් පැබ්ලෝට සෙවීමට ඇති අපරාධයක්‌ නොමැත. නමුත් ලංකා රාජ්‍යය අරාජිකත්වයට තල්ලු කිරීමට මේ නියෝජිතයා උත්සාහ කරන බව නම් පැහැදිලිය.

සාමාන්‍යයෙන් ලෝකයේ රිය අනතුරු ලෙස සලකනුයේ වාහන දෙකක්‌ ගැටී සිදුවන අනතුරුය. මේ අතරට ඉඳහිට මෝටර් රථයක්‌ මාර්ගයෙන් ඉවතට පැන සිදුවන අනතුරු ද නැතුවා නොවේ. නමුත් ලංකාවේ සිදුවන්නේ මීට හාත්පසින්ම වෙනස්‌ මඤ්ඤං අනතුරුය. මෙම අනතුරුවලට මූලික හේතුව මාර්ග නීති තඹයකට මායිම් නොකර රිය පැදවීමය. කටුනායක අධිවේගී පාරේදී කම්කරුවන් යටකරමින් රිය පැදවූ රියෑදුරුට බලපත්‍රයක්‌ තිබී නැත. මෙවැනි මඟමරුවන් අසරණ මිනිසුන් බිලිගන්නා තුරු පොලිසිය "පිට්‌ටු" තැම්බුවාද?

සාමා, අමර නම් අහිංසක ළමයි බව අපි දනිමු. ඔවුහු සල්ගස යට සිට සල්මල් ගැන කතා කළහ. නමුත් අවි ආයුධ රැගෙන මංකොල්ලකන මිනීමරන කප්පම් ගන්නා පාතාල සාමාජිකයන් අහිංසක ළමයි වන්නේ කෙසේ දැයි අපි නො දනිමු. නමුත් ඊයේ 'දිවයින' මුල් පුවත වූයේ මේ ඊනියා අහිංසක ළමයි දෙදෙනකු බේරාගැනීම සඳහා ඇමැති දෙපළක්‌ පොලිසියට හා විශේෂ කාර්ය බළකායට එල්ල කරන බලපෑම් පිළිබඳවය. රටේ ජනතාවට අවශ්‍ය ත්‍රස්‌ත බිය මෙන්ම පාතාල බිය ද නැති සමාජයක ජීවත්වීමටය. නමුත් ඒ දාමරික පාතාල සාමාජිකයන් අහිංසක ළමයි ලෙස හුවාදක්‌වන්නේ කවුරුද? බලවත් ඇමැතිවරුය. මේ ඇමැතිවරු නිසා කිසිම විටක පාතාල මර්දනය කිරීමට හැකි වන්නේ නැත. මිනීමරුවන් අහිංසක ළමයි නම් අහිංසක ළමයින්ට භාවිත කළ හැකි වචනය කුමක්‌දැයි අපි නො දනිමු. නමුත් මෙය බරපතළ තත්ත්වයකි. අපේ දේශපාලන ක්‌ෂේත්‍රය කෙතරම් දූෂිත ජරාජීර්ණ තත්ත්වයකට ඇදවැටී ඇති ආකාරය "අහිංසක ළමයි" කතාවෙන්ම ප්‍රකට වේ.

මේ අහිංසක ළමයි සමඟ එක්‌ව සිටි පළාත් සභා මන්ත්‍රීවරයෙක්‌ ද පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මඟින් දිවුලපිටියේදී අත්අඩංගුවට පත්විය. ඔහුගේ නිවසේ ආයුධ ගබඩාවක්‌ ද තිබී අසුවිය. මේවා සඟවා තබාගෙන සිටියේ අහිංසක ළමුන් සමඟ කෝම්පිට්‌ටු සාදන්නද? නැත්නම් සෙල්ලං ගෙවල් දැමීමටද? දේශපාලකයන් හා පාතාලය යනු දෙකක්‌ නොව එකක්‌ බව නම් දැන් පැහැදිලිව සාක්‌ෂි සහිතව ඔප්පු වී ඇත. පාතාලයෙන් බැටකන ජනතාව අවසානයේ මනාපය ලකුණු කර ඇත්තේ ද පාතාලය සුරතල් කරන්නන්ටම නොවේද? පාතාලය සුරතල් කරන ඇමැතිවරුන්ට නම් මාµsයා කල්ලි සාමාජිකයන් අහිංසක දරුවන්ම පමණක්‌ වේ. මේ අවනඩුව පැවසිය හැක්‌කේ කාටද?

පසුගිය සමයේදී පාතාල ක්‍රියාකාරකම් නිහඬව පැවතියේ මේ නායකයන් එකා දෙන්නා අතුරුදන්වීම නිසාය. නමුත් රෙජීම වෙනසත් සමඟ රට හැර ගොස්‌ සිටි පාතාල නායකයන් කටුනායකින් මෙරටට පැමිණ යළි සරඹ දක්‌වන්නට විය. පසුගිය මහ මැතිවරණ කාලයේදීත් කොටහේනේදී වෙඩි පත්තු වූයේ මේ ගැටුම් නිසාය. දේශපාලනඥයන්ට අනුව මේවා ගැටුම් නොව අහිංසක ළමයි අතර ඇතිවන ආරවුල්ය. එක්‌ එක්‌ ඇමැතිවරු එක්‌ එක්‌ පාතාල කණ්‌ඩායම්වල නායකයන් වන අහිංසකයන්ට ආරක්‌ෂාව සපයති. ඔවුන් අත්අඩංගුවට පත්වූ විට දරු කැක්‌කුම මතුවෙති. මේ දරු කැක්‌කුම නිසා විනාශ වන්නේ සමාජයේ සාධාරණත්වය නොවේද?

පාතාල මර්දනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකායට මෙහෙයුම් කිරීමට රජය මඟින් උපදෙස්‌ ලබාදී ඇත. එනිසාම මීගමුවේදීත් පාතාල කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකායට හැකි විය. උතුරේ ආවා කල්ලියට එරෙහිව මෙන්ම දකුණේ මධුෂ්ගේ කල්ලියට එරෙහිව ද මෙහෙයුම් සිදු වේ. එහෙත් මේ මෙහෙයුම්වලට බාධා කරන්නේ කවුරුන්ද? රජයේ ඇමැතිවරුම නොවේද? එයින් සිදු වන්නේ විශේෂ කාර්ය බළකායට නිදහසේ තම මෙහෙයුම් කිරීමට හැකියාව නොලැබීමය. මේ බාධා නිසා පාතාල ක්‍රියාකාරකම් උග්‍ර වී මහජන සාමය බිඳවැටීම වැළැක්‌විය නොහැක.

රටේ නීතිය හා සාමය සුරැකීම ආණ්‌ඩුවේ වගකීමයි. එහෙත් පාතාල මැරයන් අහිංසකයන් සේ සුරතල් කිරීමට ගියහොත් සිදු වන්නේ අනිකකි. සමාජ සාධාරණත්වය බිඳවැටී පාතාලය වැජඹීමය. එයට ඉඩදිය යුතු නැත.

රට පුරා සිදුවන අපරාධවල යම් පමණක වර්ධනයක්‌ පසුගිය කාලය පුරාම දක්‌නට ලැබිණි. අප ඒ ගැන බොහෝ වාර ගණනක්‌ කතා කර ඇත්තෙමු. අපරාධ වර්ධනයට සාපේක්‍ෂව අපරාධකාරයන්ගේ වර්ධනයක්‌ ද පෙනෙන්නට තිබේ. කොපමණ අත්අඩංගුවට ගත්තත්, පාතාලය මර්දනය වන වගක්‌ පෙනෙන්නටද නැත. පසුගිය 23 වැනිදා එස්‌.ටී.එෆ්. -පාතාල ගිනි අවි යුද්ධයක්‌ සිදුවූයේද එහි ප්‍රතිඵලයක්‌ ලෙසය.


බලපෑම් ගැන යළිත් කතා කිරීමට සිදුව ඇත. මේ බලපෑම් ග්‍රහ බලපෑම් නම් නොවේ. අප කතා කරන්නේ සෙනසුරු මාරුවේ බලපෑම් ගැන නම් නොවේ. පොලිසියට එල්ල වන බලපෑම් ගැනය. පාතාල අහිංසකයන් බේරා ගැනීම වෙනුවෙන් ඇමැතිවරු දෙපළක්‌ විශේෂ කාර්ය බළකායට කරන බලපෑම් ගැන ඊයේ කතු වැකියේ සටහන් විය. දැන් යළිත් බලපෑම් ගැන මෙනෙහි කරන්නට සිදුව ඇත්තේ අනිකා විඡේසූරිය මහත්මියට එල්ල වූ තර්ජනය පිළිබඳව රහස්‌ පොලිසිය සිදුකරන විමර්ශන වලටත් දැඩි බලපෑම් එල්ල වී ඇති බවට ඊයේ ජාතික පුවත්පත් රැසක ප්‍රමුඛ පුවත ලෙස වාර්තා කර තිබූ නිසාය. අනිකා විඡේසූරිය මහත්මිය බැඳුම්කර කොමිසමේ ලබාදුන් සාක්‍ෂිය නිසා රටේ බලවත් දේශපාලකයකුට ඇමැතිකමද අතහැර දමන්නට සිදුවිය. පසුව විඡේසූරිය මහත්මියට එල්ල වූ තර්ජන නිසා ඇය රට හැරගොස්‌ තිබේ. මේ තර්ජන ගැන රහස්‌ පොලිසිය ආරම්භ කළ පරීක්‍ෂණ වලටද බලවත් පාර්ශ්වයන්ගේ බලපෑම් එල්ල වී ඇත.
 
 පොලිසියට නිසි පරිදි පරීක්‍ෂණ සිදු කිරීමට බාධා පමුණුවන්නේ කවුරුන්ද? ආණ්‌ඩුවේ ප්‍රබල හස්‌තයන් බව පැහැදිලිsය. බැඳුම්කර කොමිසම ගැන රටේම අවධානය යොමුව ඇත. එය මහ දවාලේ සිදුකළ ප්‍රමුඛතම හොරකමක්‌ බව නොදන්නා කෙනෙක්‌ නැත. ඒ කොමිසමට සාක්‍ෂි දුන් අයටත් තර්ජන එල්ල වෙන්නේ නම් එය බරපතළ ප්‍රශ්නයක්‌ නොවන්නේද? බැඳුම්කර කොමිසමේ සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීම රජයේ වගකීමක්‌ නොවේද?
 
 පොලිසිය පාලනය විය යුත්තේ දේශපාලකයන්ට අවශ්‍ය පරිදිද? එසේ නම් රටේ රජවන්නේ කැලෑ නීතිය බව පැහැදිලිsය. පොලිස්‌ නීතිය පසෙකලා කැලෑ නීතිය රජවීමෙන් යහපාලනය සුරැකේද? නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ප්‍රමුඛ කාර්යය භාරවී ඇත්තේ පොලිසියටය. ඒ සඳහා පූර්ණ නිදහස පොලිස්‌පතිවරයා ප්‍රමුඛ පොලිසියට ලබාදිය යුතුය. නමුත් පාතාල සාමාජිකයන් නිදහස්‌ කර ගැනීමටත් රහස්‌ පොලිසියට බලපෑම් කිරීමටත් බලවතුන් උත්සාහ කරන්නේ නම් රටේ ඉදිරි මග යහපත් වන්නේද?
 
 පොලිසියට බලපෑම් කර සාධාරණ සමාජය බිහිකළ නොහැක. බැඳුම්කර කොමිසමට සාක්‍ෂි දුන් අයටත් රටේ විසීමටවත් නොහැකි වන්නේ නම් යහපාලනය මෙන්ම සාධාරණ සමාජය පෑල දොරින් පලා යන්නේය.
 
 අනිකා විඡේසූරිය මහත්මියට එල්ල වී ඇති තර්ජන පිළිබඳ මුලින්ම හෙළි වූයේ බැඳුම්කර කොමිසමේදීය. පසුව ඇය මේ තර්ජන ගැන පොලිස්‌පතිවරයාට විද්යුත් තැපෑල මගින් පැමිණිල්ලක්‌ සිදුකර ඇත. රහස්‌ පොලිසිය මේ ගැන පරීක්‍ෂණ ආරම්භ කර ඇතත් එයට බලවත්හු බාල්දි පෙරළති. මේ බලවතුන්ගේ බාල්දි පෙරළීම ගැන මාධ්‍ය මගින් හෙළි නොවන්නට මේ පරීක්‍ෂණ ඉබේම යටපත් වන්නට ඉඩ තිබිණි. බැඳුම්කර වංචාව ගැන මුල සිටම හෙළි කළේද මාධ්‍ය මගිනි. දැන් තර්ජන ගර්ජන ගැන විවිධ තොරතුරු හෙළිවෙමින් පවතී. කවරක්‌ නමුත් පොලිසියට නිසි ලෙස සිය කාර්යය ඉටුකිරීම සඳහා පූර්ණ නිදහස දීම ආණ්‌ඩුව සතුය. බැඳුම්කර කොමිසම හරහා වැරදිකරුවන්ට නිසි දඬුවම් ලැබෙනු ඇතැයි ජනතාව උදක්‌ම බලාපොරොත්තු වෙති. එහි සාක්‍ෂිකාරියකට එල්ල වූ තර්ජන ගැනත් නිසි පරීක්‍ෂණ සිදුකිරීමටත් හැකියාව තිබිය යුතුය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles