Divaina - Kathuwakiya

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කරත්තයක බැඳිය යුතු මී හරකෙකුට රියෑදුරු බලපත්‍රයක්‌ ලබාදීම නිසා සිදුවූ මාරක රිය අනතුරක්‌ ගැන පුවතක්‌ ඊයේ (15 දා) සියලුම පුවත්පත් වාර්තා කර තිබිණි. සිද්ධිය මෙසේය. අවිස්‌සාවේල්ල-කෑගල්ල ප්‍රධාන මාර්ගයේ පිංදෙණියේදී පසුගිය 13 වැනිදා පෞද්ගලික බස්‌ රථයක්‌ මහමග ගිය කුඩා දැරියන් දෙදෙනෙක්‌ද තවත් මහලු කාන්තාවක්‌ද යටකරගෙන ගොස්‌ තිබේ. එක්‌ දැරියක එතැනම මියගොස්‌ ඇත්තේ අදාළ බස්‌ රියේ රෝදයක්‌ ඇයගේ හිස මතින් ධාවනය වූ නිසාය. අනෙක්‌ දෙදෙනාද බරපතළ තත්ත්වයෙනි. මහ පාරේ ධාවනය වන සමහර පෞද්ගලික බස්‌ රථවල "ක්‍රමය" දැක ඇති කෙනෙකුට මෙවැනි අමන රියෑදුරන් ගැන අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. මේ අනතුර සිදුකළ මාර පුත්‍රයා බස්‌ රථයක්‌ නොව පාපැදියක්‌ ධාවනය කරන්නට හෝ සුදුසු නැති පුද්ගලයකු බව අපේ හැඟීමය. එවැන්නෙකු සුදුසු වන්නේම නාසය විද ලණු බැඳ කරත්ත ධාවනය පිණිසය. එතැනදීත් වූ කුලප්පු වුණොත් පාරේ යන එන අයට දෙවියන්ගේ පිහිටය. වාර්තා වන පරිදි මේ වසවර්තියා බස්‌ රිය ධාවනය කර ඇත්තේ නොගැලපෙන ආකාරයටය. බස්‌ රථයේ නරක ගමන් විලාශය ජංගම දුරකථනයකින් රූගත කළ අයෙක්‌ එය පොලිසිය වෙත ලබාදී ඇති බවද කියති. ඇත්තෙන්ම කීවොත් මහා මාර්ගයේ ගමන්කරන සියලු පුරවැසියන් මේ ආකාරයට රූගත කිරීම් පටන් ගත්තොත් දිනක්‌ ඇතුළත නොමනා රිය පැදවීම් රාශියක්‌ දකින්නට හැකි වනු ඇත.

බොහෝ පෞද්ගලික බස්‌ රියෑදුරන්, ත්‍රිරෝද රථ රියෑදුරන් මෙන්ම යතුරුපැදිකරුවන්ගේද මාර්ග විනය අන්තිම නරකය. කොටින්ම කීවොත් බොහෝ දුරගමන් සේවා බස්‌ රථ මංතීරු නීති සලකන්නේ නැත. මාර්ග සංඥ තුට්‌ටුවකට ගණන් ගන්නේද නැත. ඉදිරියෙන් යන රථ කාණුවකට ගෙන හෝ එම බස්‌ රථවලට ඉඩ දිය යුතුය. කතාවට කියන්නේ "හෙඩ් ලයිට්‌" (ප්‍රධාන ලාම්පු) සහ "හෝන්" එක නොමැතිව එම බස්‌ රථ රියෑදුරන්ට රිය ධාවනය කළ නොහැකි බවය. අනෙකාට පීඩනයක්‌ ඇතිවන පරිදි නලාව නාද කිරීමත්, පහන් දැල්වීමත් විනයගරුක රියෑදුරුවරයෙකුට නොගැළපෙන පුරුදු අතර වේ. මෙවැනි අවිනීත රියෑදුරන් නිසා 2016, 2017 වර්ෂයන්හි සිදුවූ අනතුරු සංඛ්‍යාව අපි වරින්වර සටහන් කර ඇත්තෙමු. රටේ මාර්ග පද්ධතිය තුළ සෑම විනාඩි 15 කට වරක්‌ම රිය අනතුරක්‌ සිදුවේ. සෑම විනාඩි අනූවකට වරක්‌ම බරපතළ රිය අනතුරක්‌ සිදුවේ. සංඛ්‍යා ලේඛනවලට අනුව සෑම පැය තුනකට වරක්‌ම වාහනයකට යටවී පුද්ගලයෙක්‌ මිය යන්නේය. එමෙන්ම සෑම දිනකම පුද්ගලයන් 7-8 ක්‌ අතර ප්‍රමාණයක්‌ මහ මග මියදෙන්නේය. ඒවා ස්‌වාභාවික මරණ නොව මාරක රිය අනතුරුවලින් සිදුවන මරණය. මහ මග අනතුරු වළක්‌වා මාර්ග විනය රැකීම උදෙසා රජය නීති රීතී ගෙන එනවිට දඬුවම් වැඩි කිරීමට පියවර ගන්නා විට ඊට එරෙහිව විරෝධතාවල යෙදෙන අය මෙවැනි සිදුවීමකදී රටේ නීතිය ගැන කතා කරන ආකාරය අහන්නවත් අප්‍රියය. එවැනි මොහොතක ඒ උදවිය ආණ්‌ඩුවට බණින්නේ හරි හැටි නීතිය ක්‍රියාත්මක කරන්නේ නැති බව කියමිනි. අප විශ්වාස කරන්නේ මහා මාර්ගයට පිවිසි පසු ඒ ඒ නීති කඩකරන්නන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක විය යුතු බවය. පවතින නීති රීති සංශෝධනය කර හෝ එවැන්නන්ට දැඩි දඬුවම් ලබාදීමේ ක්‍රමයක්‌ ක්‍රියාත්මක විය යුතුය. පිංදෙණියේ සිද්ධිය ඊට පූර්වාදර්ශයක්‌ කරගත යුතුය.

නුසුදුස්‌සන් සියයක්‌ පළාත් පාලන තරග බිමට පිවිස ඇත. අපරාධකරුවන් පළාත් පාලන තරග බිමට පිවිසෙන්නේ යහපත ඇති කිරීමටද? මේ පුද්ගලයන්ට නාම යෝජනා ලබාදී ඇත්තේ කවුරුන් විසින්ද? පාර්ලිමේන්තුවේද හොරු ගැන අසන්නට දකින්නට ලැබේ. හොරු පමණක්‌ නොව ගුටි කෙළිද එහි දකින්නට ඇත. මේ ගුටිකෙළිවලට අමතරව පුර සබයටත් මේ ගැටුම් ව්‍යාප්ත වන බව පැහැදිලිව පැවැසිය හැක්‌කේ අපරාධකරුවන්ටද නාම යෝජනා ලබාදී ඇති නිසාය. මැතිවරණ වේදිකාවල නම් අපරාධකරුවන්ට දූෂිතයන්ට වංචාකරුවන්ට එරෙහිව මහා හඬින් කෑ ගසනා නමුත් පස්‌සා දොරින් ඒ වැරදිකරුවන්ටම නාම යෝජනා ලබාදීමෙන් පෙනී යන්නේ කවරක්‌ද? දේශපාලනයේ නිරුවත්භාවය නොවේද?

නුසුදුස්‌සන් මන්ත්‍රී ධුරවලට පත්වූවද ඒ පුද්ගලයන් එම තනතුරුවලින් ඉවත් කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම පක්‍ෂ ලේකම්වරුන්ට දැනුම් දී ඇත. මෙය සැබවින්ම අගය කළ යුත්තකි. එය අපරාධකරුවන් තම ලැයිස්‌තුවලට ඇතුළත් කළ පක්‌ෂ නායකයන්ටද තරු පෙන්වීමකි.

කොළඹ නගර සභාවට තරග කරන සමහර අපේක්‌ෂකයන්ගේ පාතාල සබඳතා ද හෙළිව තිබේ. පළාත් පාලන මැතිවරණය හරහා පාතාලය ශක්‌තිමත් කිරීමේ වෑයමක්‌ තිබේද? මේ අපරාධකරුවන්ට පුර සබයේ දොර හැර දීමෙන් යහපතක්‌ සිදු වන්නේද? කිසිසේත්ම නැත.

තමන්ගේ මැතිවරණ කොට්‌ඨාසය නියෝජනය කරන අපේක්‌ෂකයා යහපත් පුද්ගලයෙක්‌ නම් පමණක්‌ ඔහු වෙනුවෙන් සිය කැමැත්ත ප්‍රකාශ කිරීම ඡන්ද දායකයාගේ යුතුකම විය යුතුය. සමාජයට රටට දැයට සේවයක්‌ නොකරන නුසුදුස්‌සන් පුර සබයට නොයෑවීම ඡන්දදායකයාගේ වගකීමක්‌ විය යුතුය.

දේශපාලන පක්‌ෂ සිය ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම කැප කිරීමක්‌ සිදු කිරීමට සූදානම්ය. ජයග්‍රහණය වෙනුවෙන් විවිධ බලවේගවල සහාය ලබාගනී. පාතාල නායකයන් සමඟ ගනුදෙනු සිදුවන්නේද දේශපාලන ආධිපත්‍ය පැතිරීම සඳහාය. හොඳින් හෝ නරකින් දේශපාලන ආධිපත්‍ය පැතිරවීමට උත්සාහ කරන විට නුසුදුස්‌සන්ටද දේශපාලන වටිනාකමක්‌ ලැබේ. යහපත් පුරවැසියන්ගේ යුතුකම විය යුත්තේ තක්‌කඩි අපේක්‌ෂකයන් හෙළා දැකීමය. එවන් පුද්ගලයන්ගෙන් පුර සබය බබළන්නේ නැත. පළාත් පාලන අපේක්‌ෂකයකු කසිප්පු ද සමඟ අත්අඩංගුවට පත්වූ බව මීට ටික දිනකට පෙර දකුණු පළාතෙන් අසන්නට ලැබිණි. කසිප්පු පෙරන්නේ පුර සබය වර්ණවත් කිරීමටද? මෙවැනි අපේක්‌ෂකයන් ගැන මැතිවරණ කොමිසම දෑස්‌ දල්වාගෙන සිටීම ඉතා වැදගත්ය. මන්ද යහපත් පුද්ගලයන්ට පමණක්‌ විවෘත විය යුතු පුර සබය දූෂිතයන්ට විවෘත විය යුතු නැත. දූෂිතයන් සිටිය යුතු තැන් වෙනම ඇත.

සාම්පූර් චෛත්‍යය ඩෝසර් කිරීමෙන් පසුව කුච්චවේලි ප්‍රදේශයේ බෞද්ධ කොඩියක්‌ ගැලවීම ගැන අසන්නට ලැබිණි. ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කය බෞද්ධයන්ට අකැපද? පෝය දිනයක බෞද්ධ කොඩිය එසවීම නුසුදුසුද. එක්‌ ජාතික පුවත්පතක සඳහන්ව තිබුණේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මෙම කොඩිය ගැලවීමට අණදී ඇති බවයි. කොඩි ගැලවීමේ අයිතිය ඔහුට ලබාදී ඇත්තේ කවරකු විසින්ද? බෞද්ධ කොඩිය එසවීම මැතිවරණ නීති කැඩීමක්‌ද? කුච්චවේලි සිද්ධියට මැතිවරණ නීති කිසිම සම්බන්ධයක්‌ නැත. යුද්ධයෙන් පසු නැවත පදිංචි වූ පිරිස කුච්චවේලි ප්‍රදේශයේ ජීවත් වෙති.

බැඳුම්කරය වෙනුවෙන් මන්ත්‍රීවරු ගුටි බැට ඇනගෙන තිබේ. බැඳුම්කර කොමිසමේ වාර්තාව ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ සභාගත නොකිරීම නිසා මේ ගුටි බැට හුවමාරුව සිදුව ඇති බව පෙනී යයි. මන්ත්‍රීවරුන්ගේ ගුටි බැට හුවමාරු නිසා රටට යහපතක්‌ අත්වන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය රජ වන්නේද නැත. පක්‍ෂ නායකයන්ගේ ඉල්ලීම පරිදි හදිසියේම පාර්ලිමේන්තුව කැඳවනු ලැබුවේ මෙලෙස ගුටි බැට හුවමාරු කර ගැනීමටද? බැඳුම්කරය නිසා පාර්ලිමේන්තුව පමණක්‌ නොව රටම උණුසුම්වී ඇත. මන්ත්‍රීවරුන්ගේ ගුටි බැට හුවමාරුව නිසා බැඳුම්කර ගනුදෙනුව නිසා රටට අහිමිවූ රුපියල් කෝටි එකොළොස්‌දහස ලැබෙන්නේද නැත. මේ කෝලාහල නිසා රටට අහිමිවන දැ වැඩිවනවා මිස අඩු වන්නේ නැත. මන්ත්‍රීවරුන්ට පමණක්‌ නොව සාමාන්‍ය ජනතාවටද පාර්ලිමේන්තුව දෙස බැලීම පිළිකුල් සහගත වෙයි. මන්ත්‍රීවරු ගුටිබැට හුවමාරු කරගෙන රටේ ප්‍රශ්න යට ගැසීම කළ යුතු නැත.
 
 2016 වසරේ මැයි 3 වැනිදා පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක්‌ ඇතිවිය. එහිදී බරපතළ තුවාල ලැබූ එජාප මන්ත්‍රී සන්දීප් සමරසිංහ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදි. හිටපු ජනපතිවරයාගේ ආරක්‍ෂාව සම්බන්ධව පාර්ලිමේන්තුවේදී ඇතිවූ කතා බහක්‌ මෙම ගැටුමට හේතුවිය.
 
 පාර්ලිමේන්තුවේ ගැටුම් අද ඊයේ ඇති වූවක්‌ නම් නොවේ. එය නිරන්තරව සිදුවන්නකි. ඊයේ බැඳුම්කරය නිසා ඇතිවූ ගැටුම හෙට පර්පෙචුවල් සමාගම වෙනුවෙන් ඇතිවිය හැක. නමුත් ජනතාව මන්ත්‍රීවරු මැති සබයට පත්කර එවන්නේ ගුටි බැට හුවමාරුව සඳහා නොවේ. මහජනයා පීඩාවට පත්කරන ප්‍රශ්න ගැන කතා කිරීමට ඇති වේලාව මේ ගුටි බැට හුවමාරු නිසා නිකරුනේ විනාශවී යයි. පොහොර හිඟය ගැන කතා කරන්නට මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නැද්ද? ගොවි දුක ගැන මන්ත්‍රීවරු ආරවුල් ඇතිකර නොගන්නේ මන්ද? බැඳුම්කරය වඩා බලවත් නිසා ගුටි හුවමාරු ඇති වන්නේද? ගුටිබැට හුවමාරු කරගන්නා මන්ත්‍රීන් කරනුයේ පාර්ලිමේන්තුව ගඳ ගැස්‌සීමය.
 
 මේ ව්‍යවස්‌ථාදායක ගැටුම් නොඑසේනම් මේ ගුටි බැට හුවමාරු ඇති වන්නේ මානසික ආතතිය හා ශාරීරික ආතතිය නිසා බව වෛද්‍යවරු පවසති. බැඳුම්කරය නිසා ආණ්‌ඩුවේ ආතතිය මෙන්ම ආයුෂ කාලයද ප්‍රශ්නකාරි වී ඇත. එජාපය හා ශ්‍රීලනිප මැති ඇමැතිවරු පෙරළා ඔවුනොවුන්ට ප්‍රහාර එල්ල කර ගන්නා තත්ත්වයට පත්ව තිබේ. මේ නොසන්සුන්තාව නිසා යහපාලන ආණ්‌ඩුව දෙදරන තත්ත්වයක්‌ මතුව තිබේ. මේ ගැටුම්වලින් කියන්නේද ඒ ආතතියේ තරම නොවේද?
 
 ලෝකයේ වැඩියෙන්ම ගැටුම් ඇති වන්නේ බොලීවියානු පාර්ලිමේන්තුවේ බව කියවේ. එහෙත් බැඳුම්කරය නිසා ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුවද බොලිවියාවට සමාන විණි. මන්ත්‍රීවරුන්ගේ ආතතිය ඉහළ ගොස්‌ ඇත. මේ ආතතිය ඡන්දදායකයන්ට බලනොපාන්නේද? ඡන්දදායකයා සිය ආතතිය පිටකරන අයුරු පෙබරවාරි 10 වැනිදා දැකගත හැකි වනු ඇත.

 ශ්‍රී ලංකාවේ සුරාසල් විවෘතව තබන වේලාවන් සංශෝධනය කිරීමට ආණ්‌ඩුව පියවර ගෙන තිබේ. මෙම සංශෝධන ඇතුළත් සුරාබදු ආඥ පනතට අදාළ ගැසට්‌ නිවේදනයට පෙරේදා (11 දා) මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් අත්සන් තබා තිබේ. මීට අමතරව වයස අවුරුදු 18 න් ඉහළ කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට අවසර ලබාදීමටද ආණ්‌ඩුව තීරණය කර තිබේ. 1955 වසරේ සිට වසර 60 කාලයක්‌ පොතට පමණක්‌ සීමාවී තිබූ මෙම නීතිය සංශෝධනය කිරීමත් සමඟ මත්පැන් අලෙවිසල් තුළ සේවය කිරීම සඳහා කාන්තාවන්ට පූර්ව අනුමැතියක්‌ අවශ්‍ය නොවනු ඇත.

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles