Divaina - Kathuwakiya

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


බලපෑම් ගැන යළිත් කතා කිරීමට සිදුව ඇත. මේ බලපෑම් ග්‍රහ බලපෑම් නම් නොවේ. අප කතා කරන්නේ සෙනසුරු මාරුවේ බලපෑම් ගැන නම් නොවේ. පොලිසියට එල්ල වන බලපෑම් ගැනය. පාතාල අහිංසකයන් බේරා ගැනීම වෙනුවෙන් ඇමැතිවරු දෙපළක්‌ විශේෂ කාර්ය බළකායට කරන බලපෑම් ගැන ඊයේ කතු වැකියේ සටහන් විය. දැන් යළිත් බලපෑම් ගැන මෙනෙහි කරන්නට සිදුව ඇත්තේ අනිකා විඡේසූරිය මහත්මියට එල්ල වූ තර්ජනය පිළිබඳව රහස්‌ පොලිසිය සිදුකරන විමර්ශන වලටත් දැඩි බලපෑම් එල්ල වී ඇති බවට ඊයේ ජාතික පුවත්පත් රැසක ප්‍රමුඛ පුවත ලෙස වාර්තා කර තිබූ නිසාය. අනිකා විඡේසූරිය මහත්මිය බැඳුම්කර කොමිසමේ ලබාදුන් සාක්‍ෂිය නිසා රටේ බලවත් දේශපාලකයකුට ඇමැතිකමද අතහැර දමන්නට සිදුවිය. පසුව විඡේසූරිය මහත්මියට එල්ල වූ තර්ජන නිසා ඇය රට හැරගොස්‌ තිබේ. මේ තර්ජන ගැන රහස්‌ පොලිසිය ආරම්භ කළ පරීක්‍ෂණ වලටද බලවත් පාර්ශ්වයන්ගේ බලපෑම් එල්ල වී ඇත.
 
 පොලිසියට නිසි පරිදි පරීක්‍ෂණ සිදු කිරීමට බාධා පමුණුවන්නේ කවුරුන්ද? ආණ්‌ඩුවේ ප්‍රබල හස්‌තයන් බව පැහැදිලිsය. බැඳුම්කර කොමිසම ගැන රටේම අවධානය යොමුව ඇත. එය මහ දවාලේ සිදුකළ ප්‍රමුඛතම හොරකමක්‌ බව නොදන්නා කෙනෙක්‌ නැත. ඒ කොමිසමට සාක්‍ෂි දුන් අයටත් තර්ජන එල්ල වෙන්නේ නම් එය බරපතළ ප්‍රශ්නයක්‌ නොවන්නේද? බැඳුම්කර කොමිසමේ සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීම රජයේ වගකීමක්‌ නොවේද?
 
 පොලිසිය පාලනය විය යුත්තේ දේශපාලකයන්ට අවශ්‍ය පරිදිද? එසේ නම් රටේ රජවන්නේ කැලෑ නීතිය බව පැහැදිලිsය. පොලිස්‌ නීතිය පසෙකලා කැලෑ නීතිය රජවීමෙන් යහපාලනය සුරැකේද? නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ප්‍රමුඛ කාර්යය භාරවී ඇත්තේ පොලිසියටය. ඒ සඳහා පූර්ණ නිදහස පොලිස්‌පතිවරයා ප්‍රමුඛ පොලිසියට ලබාදිය යුතුය. නමුත් පාතාල සාමාජිකයන් නිදහස්‌ කර ගැනීමටත් රහස්‌ පොලිසියට බලපෑම් කිරීමටත් බලවතුන් උත්සාහ කරන්නේ නම් රටේ ඉදිරි මග යහපත් වන්නේද?
 
 පොලිසියට බලපෑම් කර සාධාරණ සමාජය බිහිකළ නොහැක. බැඳුම්කර කොමිසමට සාක්‍ෂි දුන් අයටත් රටේ විසීමටවත් නොහැකි වන්නේ නම් යහපාලනය මෙන්ම සාධාරණ සමාජය පෑල දොරින් පලා යන්නේය.
 
 අනිකා විඡේසූරිය මහත්මියට එල්ල වී ඇති තර්ජන පිළිබඳ මුලින්ම හෙළි වූයේ බැඳුම්කර කොමිසමේදීය. පසුව ඇය මේ තර්ජන ගැන පොලිස්‌පතිවරයාට විද්යුත් තැපෑල මගින් පැමිණිල්ලක්‌ සිදුකර ඇත. රහස්‌ පොලිසිය මේ ගැන පරීක්‍ෂණ ආරම්භ කර ඇතත් එයට බලවත්හු බාල්දි පෙරළති. මේ බලවතුන්ගේ බාල්දි පෙරළීම ගැන මාධ්‍ය මගින් හෙළි නොවන්නට මේ පරීක්‍ෂණ ඉබේම යටපත් වන්නට ඉඩ තිබිණි. බැඳුම්කර වංචාව ගැන මුල සිටම හෙළි කළේද මාධ්‍ය මගිනි. දැන් තර්ජන ගර්ජන ගැන විවිධ තොරතුරු හෙළිවෙමින් පවතී. කවරක්‌ නමුත් පොලිසියට නිසි ලෙස සිය කාර්යය ඉටුකිරීම සඳහා පූර්ණ නිදහස දීම ආණ්‌ඩුව සතුය. බැඳුම්කර කොමිසම හරහා වැරදිකරුවන්ට නිසි දඬුවම් ලැබෙනු ඇතැයි ජනතාව උදක්‌ම බලාපොරොත්තු වෙති. එහි සාක්‍ෂිකාරියකට එල්ල වූ තර්ජන ගැනත් නිසි පරීක්‍ෂණ සිදුකිරීමටත් හැකියාව තිබිය යුතුය.
 

සාමා, අමර නම් අහිංසක ළමයි බව අපි දනිමු. ඔවුහු සල්ගස යට සිට සල්මල් ගැන කතා කළහ. නමුත් අවි ආයුධ රැගෙන මංකොල්ලකන මිනීමරන කප්පම් ගන්නා පාතාල සාමාජිකයන් අහිංසක ළමයි වන්නේ කෙසේ දැයි අපි නො දනිමු. නමුත් ඊයේ 'දිවයින' මුල් පුවත වූයේ මේ ඊනියා අහිංසක ළමයි දෙදෙනකු බේරාගැනීම සඳහා ඇමැති දෙපළක්‌ පොලිසියට හා විශේෂ කාර්ය බළකායට එල්ල කරන බලපෑම් පිළිබඳවය. රටේ ජනතාවට අවශ්‍ය ත්‍රස්‌ත බිය මෙන්ම පාතාල බිය ද නැති සමාජයක ජීවත්වීමටය. නමුත් ඒ දාමරික පාතාල සාමාජිකයන් අහිංසක ළමයි ලෙස හුවාදක්‌වන්නේ කවුරුද? බලවත් ඇමැතිවරුය. මේ ඇමැතිවරු නිසා කිසිම විටක පාතාල මර්දනය කිරීමට හැකි වන්නේ නැත. මිනීමරුවන් අහිංසක ළමයි නම් අහිංසක ළමයින්ට භාවිත කළ හැකි වචනය කුමක්‌දැයි අපි නො දනිමු. නමුත් මෙය බරපතළ තත්ත්වයකි. අපේ දේශපාලන ක්‌ෂේත්‍රය කෙතරම් දූෂිත ජරාජීර්ණ තත්ත්වයකට ඇදවැටී ඇති ආකාරය "අහිංසක ළමයි" කතාවෙන්ම ප්‍රකට වේ.

මේ අහිංසක ළමයි සමඟ එක්‌ව සිටි පළාත් සභා මන්ත්‍රීවරයෙක්‌ ද පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මඟින් දිවුලපිටියේදී අත්අඩංගුවට පත්විය. ඔහුගේ නිවසේ ආයුධ ගබඩාවක්‌ ද තිබී අසුවිය. මේවා සඟවා තබාගෙන සිටියේ අහිංසක ළමුන් සමඟ කෝම්පිට්‌ටු සාදන්නද? නැත්නම් සෙල්ලං ගෙවල් දැමීමටද? දේශපාලකයන් හා පාතාලය යනු දෙකක්‌ නොව එකක්‌ බව නම් දැන් පැහැදිලිව සාක්‌ෂි සහිතව ඔප්පු වී ඇත. පාතාලයෙන් බැටකන ජනතාව අවසානයේ මනාපය ලකුණු කර ඇත්තේ ද පාතාලය සුරතල් කරන්නන්ටම නොවේද? පාතාලය සුරතල් කරන ඇමැතිවරුන්ට නම් මාµsයා කල්ලි සාමාජිකයන් අහිංසක දරුවන්ම පමණක්‌ වේ. මේ අවනඩුව පැවසිය හැක්‌කේ කාටද?

පසුගිය සමයේදී පාතාල ක්‍රියාකාරකම් නිහඬව පැවතියේ මේ නායකයන් එකා දෙන්නා අතුරුදන්වීම නිසාය. නමුත් රෙජීම වෙනසත් සමඟ රට හැර ගොස්‌ සිටි පාතාල නායකයන් කටුනායකින් මෙරටට පැමිණ යළි සරඹ දක්‌වන්නට විය. පසුගිය මහ මැතිවරණ කාලයේදීත් කොටහේනේදී වෙඩි පත්තු වූයේ මේ ගැටුම් නිසාය. දේශපාලනඥයන්ට අනුව මේවා ගැටුම් නොව අහිංසක ළමයි අතර ඇතිවන ආරවුල්ය. එක්‌ එක්‌ ඇමැතිවරු එක්‌ එක්‌ පාතාල කණ්‌ඩායම්වල නායකයන් වන අහිංසකයන්ට ආරක්‌ෂාව සපයති. ඔවුන් අත්අඩංගුවට පත්වූ විට දරු කැක්‌කුම මතුවෙති. මේ දරු කැක්‌කුම නිසා විනාශ වන්නේ සමාජයේ සාධාරණත්වය නොවේද?

පාතාල මර්දනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකායට මෙහෙයුම් කිරීමට රජය මඟින් උපදෙස්‌ ලබාදී ඇත. එනිසාම මීගමුවේදීත් පාතාල කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකායට හැකි විය. උතුරේ ආවා කල්ලියට එරෙහිව මෙන්ම දකුණේ මධුෂ්ගේ කල්ලියට එරෙහිව ද මෙහෙයුම් සිදු වේ. එහෙත් මේ මෙහෙයුම්වලට බාධා කරන්නේ කවුරුන්ද? රජයේ ඇමැතිවරුම නොවේද? එයින් සිදු වන්නේ විශේෂ කාර්ය බළකායට නිදහසේ තම මෙහෙයුම් කිරීමට හැකියාව නොලැබීමය. මේ බාධා නිසා පාතාල ක්‍රියාකාරකම් උග්‍ර වී මහජන සාමය බිඳවැටීම වැළැක්‌විය නොහැක.

රටේ නීතිය හා සාමය සුරැකීම ආණ්‌ඩුවේ වගකීමයි. එහෙත් පාතාල මැරයන් අහිංසකයන් සේ සුරතල් කිරීමට ගියහොත් සිදු වන්නේ අනිකකි. සමාජ සාධාරණත්වය බිඳවැටී පාතාලය වැජඹීමය. එයට ඉඩදිය යුතු නැත.

මාස කිහිපයකට ඉහතදී කුලියාපිටියේ පාසල් සිසුවකු එච්.අයි.වී. ආසාදිතයකු යෑයි සැකකර එම දරුවා පාසලකට ඇතුළත් කර නොගන්නා තත්ත්වයක්‌ උද්ගත විය. පසුව මධ්‍යම පළාතේ කීර්තිමත් පාසලකට එම දරුවා ඇතුළත් කිරීමට කටයුතු යෙදුණේ එම විදුහලත්, අධ්‍යාපන අමාත්‍යාංශයත් මැදිහත් වීමෙනි. ඒ දවස මුළු කුලියාපිටියේම මහත් ආන්දොaලනයක්‌ ඇති කිරීමට සමත් වූ එම සිදුවීමට සමාන සිදුවීමක්‌ පසුගිය දිනවල කැකිරාවෙන් ද වාර්තා වී තිබිණි. ඒ මෙසේය. කැකිරාව මඩාටුගම රේවත නවෝද්‍යා විදුහලේ ඉගෙනුම ලැබූ කුස ගින්නේ සිටි සිසුවියක වමනය දැමීම නිසා ඇය ගැබ්ගෙන ඇතැයි අසත්‍ය චෝදනා කරමින් එම සිසුවිය විදුහලින් අස්‌ කිරීමය. මේ "බාල" වැඩේ කළ අදාළ විදුහලේ විදුහල්පතිනියට එරෙහිව අමාත්‍යාංශ මට්‌ටමින්ද පරීක්‍ෂණ සිදුවන බව දැනගන්නට ඇත.

2017 මාර්තු මාසයේදී ද ගණේමුල්ල ප්‍රදේශයෙන්ද මෙවැනි "ළමා මනසක්‌" ඇති "වැඩිහිටියන්" පිරිසක්‌ උද්ඝෝෂණයක නිරත වූහ. ඒ පාසලක ප්‍රාථමික ශ්‍රේණියක ඉගෙන ගන්නා සිසුවියකගේ මවට ඒඩ්ස්‌ වැළඳී ඇතැයි යන සැකයක්‌ නිසාය. මේ "විදුහල්පති ධුර" හොබවන "දරුවන්" ගැන කොහෙත්ම අනුකම්පා නොකළ යුතු බව අපේ විශ්වාසයයි. සොයන්නේ බලන්නේ නැතිව තකතීරු මත ඉදිරිපත් කරන කැත තීන්දු තීරණ ගන්නා අයට උඩගෙඩි දෙන කිසිදු වැඩිහිටියෙකුට අනුකම්පා කළ යුතු නැත. එවැනි "ළදරු මොළ" ඇති උදවිය විදුහල්පති තනතුර වැනි භාරදුර රාජකාරියකට තේරී පත්වූයේ කොහොම දැයි පුදුම සිතේ. මෙවැනි "විශේෂඥ තකතීරුවන්" සියලුම විෂයන් හි දැනුම ප්‍රකට කරන්නට යැමේ ගොන්කමේ ඉතාම නරක ප්‍රතිඵලය කැකිරාව දැරියට පාසලින් දොට්‌ට බසින්නට සිදුවීමය. නිකම්ම නොවේ. අපහාස උපහාස බරපතළ සමාජ අපවාද සමගිනි. ගමේ භාෂාවෙන්ම කීවොත් නවනිංගිරාවකි.

ඇත්තම කතාව නම් ලෝකය මේ වන විට තිබෙන්නේ කැකිරාවේ විදුහල්පතිනිය සිටින තැනටත් වඩා බොහෝ දියුණු තැනකය. දැනුම සොයන්නට පතපොත පමණක්‌ නොව නව තාක්‍ෂණය, අන්තර්ජාලය මේ ආදී පියවර ගණනාවක්‌ තිබේ. එහෙත් මේ "විදුහල්පති දැරිවිය" නව තාක්‍ෂණය නොව පතපොත පවා ඇසුරු නොකරන වර්ගයේ අමුතුම කෙනෙක්‌ බව කිව යුතුය. අවම වශයෙන් සමාජ ආචාරධර්ම, යුක්‌තිසහගත බව, කාරුණික බව මේ කිසිවක්‌ ගැන හෝ ඒ තැනැත්තිය දැන සිට නැත.

එවැනි සැකයක්‌ ඇතිවිණි නම් ඇය ඒ ගැන කටයුතු කළ යුතුව තිබුණේ කිසිවෙකුටත් අපහාසයක්‌ ඇති නොවන ආකාරයටය.

මේ සිදු වීමට අදාළ නොවුණද ඊයේ (23 දා) වාර්තා වී තිබූ තවත් "ළමා ගුරුවරියක" පිළිබඳ ලිවිය යුතුය. මේ සිදුවීම වාර්තා වන්නේද උතුරු මැද පළාතෙනි. එම ගුරුවරියක යෑයි කියන ළමයා විසින් කර ඇත්තේ තමන්ගේ "ටියුෂන්" පන්තියට නොපැමිණීම නිසා ශිෂ්‍යත්ව පහේ පන්තියේ සිසුවකුගේ පෙළ පොත් පුළුස්‌සා දැමීමය. කෙසේ හෝ මේ සිදුවීම ගැන තවමත් හරිහැටි පරීක්‍ෂණයක්‌ සිදුව නැති බව වාර්තා වේ. මේ වැනි සිදුවීම් ගැන අදාළ උදවිය ක්‍රියාත්මක වන්නේ කොහොමදැයි අප දන්නේ නැත.

අද පවතින්නේ සංකීර්ණ සමාජයකි. මේ සමාජය තුළ ජීවත් වන දරුවන් මුහුණ දෙන ප්‍රශ්න ද ඉතා සංකීර්ණය. පාසල් දරුවන්ගේ මෙවැනි ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා ගුරුවරයාගේ භූමිකාව මීට වඩා බුද්ධිමත් විය යුතුය.

වෛද්‍යවරයකුට වැරදුණ හොත් වරද මිහිදන් වනු ඇත. නීතිඥයකුට වැරදුණහොත් වරද සිරගත වනු ඇත. ගුරුවරයකුට වැරදුණහොත් වරද සමාජගත වනු ඇත. මෙම තියරිය සර්වකාලීනය.

බැඳුම්කර කොමිසම ගැන බොහෝ දෙනා උනන්දුවෙති. මහ දවාලේ මහ බැංකුව හොරා කෑ විස්‌තර එකින් එක හෙළි වී ඇත. එහිදී රුපියල් ලක්‍ෂ සිය ගණනින් පගාව ලබා දුන් අයුරු ද හෙළි විය. ලක්‍ෂ සිය ගණනින් පගාව දුන්නද, පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ලාභ ලබා ඇත්තේ රුපියල් බිලියන ගණනිනි. පගාව රටම වෙලාගෙන ඇත. ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් පැතිර ඇති මාරක වෛරසයක්‌ ලෙස පගාව හැඳින්විය හැක. මැතිවරණ කාලයේදී ඡන්දය වෙනුවෙන් අමු අමුවේ පගාව දීම සිදු කෙරේ. එය මැතිවරණ නීති කඩකිරීමකි. ඉන්දියාවේ නම් මැතිවරණ අල්ලස්‌ ලෙස වර්ණ රූපවාහිනි බෙදා දුන් පුවතක්‌ ද පසුගියදා අසන්නට ලැබිණි. එහෙත් වර්තමානයේ නම් පගාව දෙන්නටවත් ඉක්‌මනින් මැතිවරණයක්‌ පවත්වන පාටක්‌ ඇත.
 
 ඊයේ එක්‌ ජාතික පුවත්පතක ප්‍රධාන ඡායාරූපය වූයේ රුපියල් පන්දාහේ, දාහේ හා පන්සියයේ නෝට්‌ටු සිය ගණනක්‌ පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරියකු විසින් මේසයක අසුරන අයුරුය. මේ මුදල් මොනවාද? විශේෂ කාර්ය බළකා නිලධාරියාගේ පඩි සල්ලි නම් නොවේ. විශේෂ කාර්ය බළකා නිලධාරීන් පසුගිය දිනක කේරළ ගංජා කිලෝ හතරක්‌ සමඟ පුද්ගලයන් සිවුදෙනෙක්‌ අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ එයින් බේරීම සඳහා මේ ජාවාරම්කරුවන් ලක්‍ෂ තුනක පගාවක්‌ දීමට උත්සාහ කර ඇත. නීතියේ රැහැනින් මිදීමට ලක්‍ෂ තුනක්‌ විසි කළ ද විනයගරුක මේ නිලධාරීහු මේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගත්හ. ඡායාරූපයේ දැක්‌වෙනුයේ ඒ පගා මුදල්aය. විශේෂ කාර්ය බළකා නිලධාරීන් විශද කළ මේ ගුණය අප සැවොම අගය කළ යුතුය. මුදලට ඔවුහු සිය ගරුත්වය පාවා නොදුන්හ. බොහෝ ජාවාරම්කරුවන් නීතියට වැලි ගසා පැන ගන්නේ යහමින් සල්ලි විසි කරමිනි. බොහෝ දෙනා මුදලට වසඟ වෙති. ජාවාරම්කරුවන්ගෙන් අත යටින් මුදල් ලබාගෙන නීතියෙන් මුදවති. නමුත් මේ විනයගරුක නිලධාරීහු එසේ නොවූහ. ලේ වැකුණු මේ මුදල් පිළිsගන්නට ඔවුහු අකමැති වුහ. කේරළ ගංජා ජාවාරම දැන් ඉතා සරුවට සිදු වේ. රට පුරා කෝටි ප්‍රකෝටි ගණනින් වැයකර මේ ජාවාරම සිදුවන අන්දම දැක ගත හැකිය. රටින් මත් උවදුර තුරන් කිරීමේ කාර්යයට ප්‍රමුඛව අත ගසා සිටින විශේෂ කාර්ය බළකා නිලධාරීහු සමස්‌ත රාජ්‍ය සේවයටම වැදගත් ආදර්ශයක්‌ පෙන්වා දී ඇත. එය පොලිස්‌ දෙපාර්තමේන්තුවට ද ආඩම්බරයකි. මේ නිලධාරීන්ගේ විනය ගරුක භාවය රටේ ඉහළ විධායකයේ පවා අවධානයට යොමුවිය යුතු සේම ඔවුනට නිසි ඇගයුමකට ද ලක්‌විය යුතු ය.
 
 පගාව පරාජය කළ මේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඇගයීමට ලක්‌ කළ යුතු වන්නේ සමස්‌ත රාජ්‍ය සේවයටම ආදර්ශයක්‌ ලබා දීම සඳහා ය. එයින් රටටත් වඩා යහපත් පණිවුඩයක්‌ සැපයේ. සැම විටම මුදල් පසුපස යන සමාජයක ඒ සියල්ල පරයා උඩුගං බලා පිහිනන නිලධාරීන් ද සිටින බව රටම දැන ගත යුතුය. බැඳුම්කර වෙන්දේසියේදී ඔත්තු සපයා කෝටි ගණනින් මුදල් ඉපයූ රාජ්‍ය සේවකයන් සිටින රටක මෙවැනි ආරක්‍ෂක අංශ සාමාජිකයන් ගැන අසන්නට ලැබීමම සතුටකි. එදත් එදත් හෙටත් පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සිය හැකියාව දක්‍ෂකම මනාව ප්‍රකට කළා සේ ම සිය ගරුත්වය කිසි විටක පාවා නොදුන් බව පැහැදිලිය. ඒ නිසාම ඔවුනට පගාව පරාජය කළ හැකි විය.
  

රට පුරා සිදුවන අපරාධවල යම් පමණක වර්ධනයක්‌ පසුගිය කාලය පුරාම දක්‌නට ලැබිණි. අප ඒ ගැන බොහෝ වාර ගණනක්‌ කතා කර ඇත්තෙමු. අපරාධ වර්ධනයට සාපේක්‍ෂව අපරාධකාරයන්ගේ වර්ධනයක්‌ ද පෙනෙන්නට තිබේ. කොපමණ අත්අඩංගුවට ගත්තත්, පාතාලය මර්දනය වන වගක්‌ පෙනෙන්නටද නැත. පසුගිය 23 වැනිදා එස්‌.ටී.එෆ්. -පාතාල ගිනි අවි යුද්ධයක්‌ සිදුවූයේද එහි ප්‍රතිඵලයක්‌ ලෙසය.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles