Divaina - Kathuwakiya

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

ගිංතොට දැන් සන්සුන්ය. එය සතුටට කරුණකි. කිසිවකුට ආගමේ හෝ ජාතියේ නාමයෙන් ගහමරා ගැනීමට අවශ්‍ය නැත. නමුත් ගිංතොට ගිනි තැබූ ප්‍රාදේශීය දේශපාලකයා කවුදැයි සොයා බැලිය යුතුය. මෙරට සෑමවිටම සාමය ආරක්‌ෂා වන්නේ බහුතරයේ සංහිඳියාව නිසාය. වසර දෙදහස්‌ පන්සීයක සිට මහා කරුණාව පහළ කළේ බෞද්ධ සමාජය බව සැම දෙනාම හොඳින් අවබෝධ කර ගත යුතුය. එහෙත් ඇතැම් වහාබ්වාදි බලවේග මුස්‌ලිම් සමාජය යම් අන්තවාදයකට තල්ලු කිරීමේ වුවමනාවෙන් පෙළෙන බව සියලු දෙනා අවබෝධ කර ගත යුතුය. ගිංතොට වෙහෙර විහාරස්‌ථානවල නායක හිමිවරුන්ගේ මෙන්ම පල්ලියේ මවුලවිවරුන්ගේ මැදිහත්වීමෙන් සාමය වඩා සුරක්‌ෂිතව පවත්වාගෙන යා හැකිවිය. අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් මර්දනය නොකළ හොත් නම් ඉදිරියේදී මේ ප්‍රශ්න උග්‍රවිය හැකි බවට අපි අනතුරු අඟවමු.

ආගමික ගැටුම් නිසා කිසිවකුට යහපතක්‌ උදාවන්නේ නැත. පුරා වසර තිහක්‌ තිස්‌සේ ත්‍රස්‌තවාදයෙන් බැට කෑ අපට යළිත් ආගමික යුද්ධයක්‌ අවශ්‍ය වන්නේ නැත. බෞද්ධ සමාජය කිසිම විටක අන්තවාදීව කටයුතු කර නැත. දළදා මාලිගාවට බෝම්බ ගැසූ අවස්‌ථාවේදී පවා බෞද්ධයන් ආවේගශීලී වූයේ නැත. මෙරට සංහිඳියාව ආගමික සහයෝගය නවතින්නේ බහුතර බෞද්ධයන්ගේ ඉවසීම නිසා බව සියලු දෙනා ඉතා හොඳින් අවබෝධ කරගත යුතුය. සිංහල තරුණයකු පැදගිය යතුරුපැදියේ මුස්‌ලිම් කාන්තාවක්‌ ගැටීම මේ ප්‍රශ්නයට හේතු විය. මේ රිය ගැටුම ආගම්වාදී අරගලයක්‌ බවට පත්වීමට ඉඩ දුන්නේ කවරකුද? මෙය සාමකාමීව විස¹ ගැනීමට ඉඩ නොතිබුණේද? මීට පෙර ගාල්ල ප්‍රදේශයෙන් මෙවැනි කෝලාහල ගැන අසන්නට ලැබුණේ නැත. දැන් ගිංතොටට වහාබ්වාදීන් ඇතුළු වී තිබේද? මේ ගැන සොයා බැලිය යුතුය.

පසුගියදා ගම්පොලදී කඨින පෙරහැරකට ගල් ප්‍රහාරයක්‌ එල්ල විය. නමුත් එම විහාරස්‌ථානයේ නායක හිsමියන් ඉතාම කල්පනාකාරීව කටයුතු කළ නිසා විශාල අවුලක්‌ වැළකී ගිය බව අපි දනිමු. බෞද්ධයන්ගේ ප්‍රචණ්‌ඩකාරීත්වය ගැන ව්‍යාජ වාර්තා ඉදිරිපත් කරන ඇතැම් මාධ්‍ය ගම්පොල නායක හිමියන්ගේ ආදර්ශවත් ක්‍රියාව ගැන විශේෂ ප්‍රවෘත්ති පළ කළේ නැත. මෙය සැබැවින්ම කනගාටුදායක කරුණකි. කවරක්‌ වෙතොත් මෙරට බහුතර ජනතාව කිසිම විටෙක ජාතිවාදීව හෝ ආගම්වාදීව කටයුතු කර නැත. ජාතිවාදීව කටයුතු කළ බලවේගවල ආයුෂ ඉතා අඩු බවත් අපි දනිමු. දෙමළ නාසිවාදය ප්‍රකට කළ ත්‍රස්‌ත නායකයනට සිදුවූයේ කුමක්‌දැයි යන්න නැවත නැවතත් සටහන් කළ යුතු නැත.

මේ රට සාමකාමීව පැවතීම ඉතා අවශ්‍යය. ඒ සඳහා සාමය හා සහජීවනය සුරකිය යුතුය. අන්තවාදි සුළුතරයක්‌ ඕනෑම සමාජයක සිටින බව අපි දනිමු. ඒ සුළුතරයට බහුතර ජනතාව යට කිරීමට ඉඩ දිය යුතු නැත. ගිංතොට සන්සුන් වූයේ අන්තවාදීන් නිහඬ වූ නිසාය. බහුතර සිංහල බෞද්ධයන් කිසිම විටක ආගම්වාදීව කටයුතු කර නැත. ගිංතොට සිද්ධිය ඇවිළු අයට දැඩි දඬුවම් දෙන බව රජය ප්‍රකාශ කර තිබිණි. එසේ නම් මේ ගින්න ඇවිළුවේ කවුද? වඩා සාහසිකව ප්‍රචණ්‌ඩකාරී වූයේ කවුදැයි යන්න සොයා බැලිය යුතුය. එය සිදුකළ යුත්තේ මතු යහපත තකාය.

උතුරු පළාත් සභාව සැමවිටම උත්සාහ කරනු පෙනෙන්නේ ප්‍රශ්න ඇතිකර රටේ ගිනි ඇවිලීමය. ඒ ඇවිලීමෙන් රටටත් උතුරේ ජනතාවටත් යහපතක්‌ වන්නේ නම් නැත. ඒකීය රාජ්‍යයට එරෙහි වන විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා උතුරේ සෑම ප්‍රශ්නයක්‌ම ජාත්‍යන්තරීකරණය කිරීමට උත්සාහ දරයි. උතුරු මහ ඇමැතිගේ සහයට දැන් උතුරු පළාත් අධ්‍යාපන ඇමැතිද ඉදිරිපත්වී ඇත. රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට යටත්විය යුතු ඔහු ශ්‍රී ලංකා ධජය ලෙස ජාතික කොඩිය පිළිගැනීමට සූදානම් නැත. මෙවැනි පුද්ගලයකු ඇමැති ධුර දැරීම ප්‍රශ්නයකි. සැබවින්ම මොහු සිදුකර ඇත්තේ ත්‍රස්‌තවාදී ක්‍රියාවක්‌ නොවේද? ශ්‍රී ලංකා ධජය පිළිගන්නේ නැත්නම් මොහු පිළිගන්නේ කවර රටක කොඩියද? ඊළාම් කොඩියද නැත්නම් ඉන්දියාවේ කොඩියද? උතුරු පළාත් අධ්‍යාපන ඇමැතිවරයා රටේ ජාතික කොඩියට ගරහන්නේ නම් උතුරේ අධ්‍යාපනයට යන කල දසාව කුමක්‌ද?

ජාතික කොඩියෙන් පිළිබිඹු වන්නේ සිංහල බෞද්ධ රාජ්‍යය බව උතුරු පළාත් ඇමැති එස්‌. සර්වේෂ්වරන්ගේ අදහසයි. ජාතික කොඩිය ගැන මෙවැනි ප්‍රකාශ ප්‍රභාකරන් පවා ඉදිරිපත් කර නැත. ජාතික කොඩියට වෛර කරන මොහු රටේ ජනතාවට සේවය කරන්නේ කෙසේද? ජාතික කොඩියට වෛර කළද ආණ්‌ඩුවෙන් ලැබෙන දීමනා පඩි නඩි සන්තෝෂම් ලබා ගැනීම නම් මොහු විසින් නතර කර නැත.

උතුරු අධ්‍යාපන ඇමැති ජාතික කොඩියට නිග්‍රහ කිරීම තුළින්ම උතුරු පළාත් සභාව ක්‍රියාත්මක කරන සංහිඳියාව ගැන මනා අවබෝධයක්‌ ලැබේ. උතුරු පළාත් සභාවෙන් ප්‍රකට කරනු ලබන්නේ ජාතික කොඩියට, ජාතික ගීයට, ඒකීය රාජ්‍යයට එරෙහිව සිදුකරන බෙදුම්වාදී සංහිඳියාව බව පසක්‌ වෙයි. උතුරු අධ්‍යාපන ඇමැතිගේ ක්‍රියාව උතුරු මහ ඇමැති විසින් මෙතෙක්‌ හෙළා දැක නැත. එසේ නම් අපට කිව හැක්‌කේ මහ ඇමැතිවරයා ප්‍රමුඛ උතුරු පළාත් සභාවම ජාතික කොඩිය පිළිනොගන්නා බවද? මෙවන් තත්ත්වයක්‌ තුළ සාමය සංහිඳියාව පතුරුවන්නේ කෙසේද? වර්තමාන යහපාලන ආණ්‌ඩුව දකුණේ සිංහල බෞද්ධයාට වඩාත් උවමනාවෙන්ම සංහිඳියාව ඉගැන්වීමට උත්සහ කරද්දී එයට බරපතළ ප්‍රහාරයක්‌ උතුරු අධ්‍යාපන ඇමැතිවරයා විසින්ම එල්ලකර ඇත.

ජාතික කොඩියට වෛර කරන මේ ඇමැතිවරයා සිය ශ්‍රී ලංකා විරෝධී ස්‌ථාවරය ප්‍රකට කළේද වව්නියාව ඊරට්‌ටපෙරියකුලම් පැරකුම් විද්‍යාලයේ උත්සවයකට පැමිණි අවස්‌ථාවේදීය. පැරකුම් විද්‍යාලය සිංහල පාසලකි. සිංහල පාසලකදීම සිය අමනකම ප්‍රදර්ශනය කරමින් මොහු උත්සාහ කළේ රටේ බහුතර සිංහලයන්ට පණිවුඩයක්‌ දීමටය. සංහිඳියාව ප්‍රකට කිරීමට දෙමළ සන්ධානයට විපක්‍ෂනායක ධුරය පිරිනැමුවද එම පක්‍ෂය නියෝජනය කරන පළාත් සභා ඇමැතිවරයා ජාතික කොඩිය ප්‍රතික්‍ෂේප කරයි. එසේ නම් උතුරට වැඩියෙන් බලය ඉල්ලන්නේ අලුතෙන් ජාතික කොඩි නිර්මාණය කර ගැනීමටද? ජාතික කොඩිය ප්‍රතික්‍ෂේප කරන මොවුන්ට දෙමළෙන් ජාතික ගීය ගායනා කර සැනසිය නොහැකි බව මේ සිදුවීම ඉතා හොඳින් පසක්‌ කරවයි.

සැබැවින්ම මේ ඇමැතිවරයා ධුරයෙන් පහ කිරීමට ජනාධිපතිවරයා වහා කටයුතු කළ යුතුය. අධ්‍යාපන රාජ්‍ය ඇමැති පී. රාධක්‍රිෂ්ණන් මහතා වඩා නිවැරදි ලෙස ප්‍රකාශ කර ඇත්තේ ජාතික කොඩියට නිගරු කරමින් ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂේප කළ පුද්ගලයෙක්‌ මෙරට අමාත්‍ය ධුරයක්‌ දැරීමට සුදුසු නැති බවයි. උතුරු අධ්‍යාපන ඇමැතිගේ අමනකම ගැන අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයා විසින් නිසි පිළිතුරු ලබාදී ඇත. එනිසාම මොහු ධුරයෙන් පහකර දැමීම වහා සිදුවිය යුතුය.

කඩු සරඹ එතරම් සුබදායක නැත. මන්ද ඒ සරඹයෙන් ජීවිත හානි පවා සිදුවිය හැකි නිසාය. ත්‍රස්‌ත බිය තුරන් වී ඇති නමුත් යාපනයේ වැසියෝ පසුගිය කාලය පුරාම ආවා කල්ලියට බියවී කල් ගෙවූහ. විශේෂ කාර්ය බළකායේ මැදිහත්වීමෙන් මේ ආවා කල්ලියේ ක්‍රියාකාරකම් අඩු වුවද පසුගිය දින කිහිපය පුරාම යළිත් ත්‍රස්‌ත භීෂණයක්‌ පැතිර තිබේ.

උතුරේ ප්‍රශ්නය කුමක්‌ද? උතුරේ තිබූ සැබෑ ප්‍රශ්නය නම් කොටි ත්‍රස්‌තවාදයයි. මේ ත්‍රස්‌තවාදය 2009 මැයි මාසයේදී සහමුලින්ම අතුගා දැමීමට ශ්‍රී ලංකා හමුදාවට හැකිවිය. නමුත් 2009 න් පසුව උතුරේ උද්ගතව ඇති ප්‍රශ්නය කවරක්‌ද? උතුරු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් පසුගිය දිනක උතුරේ ප්‍රශ්නය විසඳන්නැයි ජාත්‍යන්තර මාධ්‍යයෙන් ඉල්ලීමක්‌ කර ඇත. ජාත්‍යන්තර මාධ්‍ය විසින් ලෝකයේ කවර ප්‍රශ්න විස¹ ඇත්ද? ජාත්‍යන්තර මාධ්‍ය මැදිහත්වී ලෝකයේ රටවල් කීයක සාමය ඇතිකර ඇත්ද? නමුත් විග්නේෂ්වරන් හැම විටම උතුරේ ප්‍රශ්න ජාත්‍යන්තර කිරීමේ වලිප්පුවකින් පෙළෙන බවනම් සහතිකය. මේ ඊනියා ජාත්‍යන්තර මාධ්‍යවලට අවශ්‍ය වන්නේ හමුදාවට යුද අපරාධ චෝදනා නඟා ශ්‍රී ලංකා රාජ්‍යය හුදකලා කිරීමටය. උතුරේ යුද්ධය පැවැති කාලයේදී මේ ඊනියා මාධ්‍ය සෑම විටම කොටි ත්‍රස්‌තවාදීන් වීරත්වයට පත් කිරීමට උත්සාහ කළ බව අපි දනිමු. මේ මාධ්‍යකරුවන් තුළ පැවැති කොටි හිතවාදීත්වය නිසා විග්නේෂ්වරන් ජාත්‍යන්තර මාධ්‍යයට ආරාධනා පත් යවන්නේද? බීබීසියේ ෆ්‍රන්සස්‌ හැරිසන් මාධ්‍යවේදිනියගේ කොටි හිතාවාදිත්වය ගැන අමුතුවෙන් කිවයුතු නැත. එසේනම් මෙවැනි මාධ්‍යකරුවන්ගෙන් උතුරේ මහ ඇමැති බලාපොරොත්තු වන්නේ කුමක්‌ද? ජාත්‍යන්තර මාධ්‍යවල මැදිහත් වීමෙන් ෆෙඩරල් ලබා ගැනීමටද? නැත්නම් ඊළම ලබා ගැනීමටද? බඩේ අමාරුව සුවකර ගැනීමටත් වැසිකිළියට නොගොස්‌ ජාත්‍යන්තර මාධ්‍යයට කතා කිරීමේ රුදාවක්‌ මේ මහ ඇමැතිට ඇතිව තිබෙන බව පැහැදිලිය. ඒකීය රාජ්‍යයට විරුද්ධව විග්නේෂ්වරන් ජාත්‍යන්තර මාධ්‍යයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්‌ද?
 
 රටේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය කිරීමෙන් උතුරේ වැසියන්ට යහපතක්‌ ඇති නොවේ. උතුරේ දුගී භාවය නැති නොවේ. උතුරේ ජල හිඟය දුරුනොවේ. නමුත් මහ ඇමැති ලෙස උතුරේ ජනයාට කිසි සේවයක්‌ කිරීමට නොහැකිවූ අකාර්යක්‍ෂම විග්නේෂ්වරන් දෙමළ ජනයා රැවටීම සඳහා ජාත්‍යන්තර මාධ්‍යවලට ආරාධනා කරයි. රටේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය වීමෙන් සිදුවන්නේ ලංකා ආණ්‌ඩුව අපහසුතාවයට පත්වීමය. එසේනම් විග්නේෂ්වරන්ගේ හිතුවක්‌කාරි කටයුතු පාලනයට යහපාලන රජය මැදිහත් විය යුතුය. සංහිඳියාව වෙනුවෙන් යෑයි කියමින් විග්නේෂ්වරන්ට ඩෙඟා නටන්නට ඉඩදිය යුතු නැත.
 
 "දෙමළුනි නැගිටිව්" ව්‍යාපාරය හරහා දෙමළ ජනතාව තුළ බෞද්ධ විරෝධය ඇවිළීමට උත්සාහ කළේද මේ මහ ඇමැතිවරයාය. දැන් එළුඟ තමිල් ව්‍යාපාරය ගැන හාහූවක්‌ නැත. එය අසාර්ථක ව්‍යාපාරයක්‌ වූ නිසා විග්නේෂ්වරන් ජාත්‍යන්තර මාධ්‍යයට ආරාධනා කරන්නේ යුද්ධය කාලයේ දෙමළ වැසියන්ට පීඩා සිදුවූවා යෑයි කියා නැවත නැවතත් ලෝක ප්‍රජාව හමුවේ කරුණු දැක්‌වීමටය. ඇත්තෙන්ම ජාත්‍යන්තර මැදිහත් වීමෙන් සිදුවන්නේ කුමක්‌ද? උතුරේ ප්‍රශ්න මෙන්ම රටේ ප්‍රශ්නද උග්‍රවීමය. එම නිසා හිටපු විනිසුරුවරයාගේ කූට උපායන්ට ඉඩ ලබාදිය නැත.
 
 යුද්ධය නිමාවී දස වසරකට ආසන්න වූවත් දෙමළ ජනතාව නිදහස්‌ නැති බව විග්නේෂ්වරන් ජාත්‍යන්තරයට පවසා ඇත. දෙමළ ජනයාගේ නිදහස නැති කළේ හමුදාවද? ප්‍රභාකරන්ද යන්න විග්නේෂ්වරන් ප්‍රකාශ නොකරයි. පාසල් යන ළමුන් බලහත්කාරයෙන් කොටි සංවිධානයට බඳවා ගත් යුගය අවසන් වීම ගැන දෙමළ ජනයා සතුටු වුවත් විග්නේෂ්වරන් සතුටු නැත. ජාත්‍යන්තර මාධ්‍ය ඔස්‌සේ හෝ බෙදුම්වාදය තහවුරු කිරීමට මොහුට අවශ්‍යව ඇත. එනිසාම විග්නේෂ්වරන්ගේ ජාත්‍යන්තර මාධ්‍ය කුමන්ත්‍රණය පරාජය කළ යුතුය.

රටක ජාතික කොඩිය යනු රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධානම සංකේතයයි. රටේ ඓතිහාසික පසුබිම, පෞඪත්වය, ස්‌වෛරීභාවය, ස්‌වාධීනත්වය පිළිබඳ උත්තුංග කාරණා පිළිබිඹු කරන ජාතික කොඩිය රටකට ඇති ගෞරවනීයම ආභරණයයි. රටේ පුරවැසියන් කළ යුත්තේ මෙම ආභරණය පැළඳ ගැනීම හෝ වැළඳ ගැනීම නොව ඊට නිසි ගෞරවය ලබාදීම ය. මන්ද ජාතික කොඩියට ගෞරව කිරීම උදාර මිනිස්‌ ගුණාංගයක්‌ බැවිණි. නමුත් මේ උදාර මිනිස්‌ ගුණාංගය "අදොa වාතයකට" තරම්වත් මායිම් නොකරන මිනිසුන් සිටින රටකි ශ්‍රී ලංකාව. විශේෂයෙන් රටේ අධ්‍යාපන බලධාරීන් ජාතික කොඩියට අගෞරව කරයි නම් එමඟින් ඔවුන් රටේ අනාගත දරු පරපුරට ලබාදෙන සංඥව ඉතා හානිදායක ය.
 
 පෙරේදා (16 දා) වවුනියාව ඊටම්ටපෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ උත්සවයකට සහභාගි වූ උතුරු පළාත් අධ්‍යාපන ඇමැති එස්‌. සර්වේශ්වරන් මහතා ජාතික කොඩිය එසවීම ප්‍රතික්‌ෂේප කර තිබේ. පසුගිය වසරේ ද මෙම පාසලේ පැවති උත්සවයකට සහභාගි වූ හිටපු උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ටී. කුරුකුලරාජා මහතා ද ජාතික කොඩිය එසවීම ප්‍රතික්‌ෂේප කර තිබිණි. රටක අධ්‍යාපන බලධාරීන් මෙලෙස හැසිරීම අපි කෙසේවත් අනුමත නොකරමු. මන්ද මේ අධ්‍යාපන ඇමැතිවරුන්ගේ චින්තනය රටක අනාගත පැවැත්මට ඉතා හානිදායක බැවිනි. උතුරු පළාත් අධ්‍යාපන ඇමැති එස්‌. සර්වේශ්වරන් ජාතික කොඩිය පිළිනොගැනීමෙන් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍යය පිළිනොගැනීම ය. රටක රාජ්‍යය පිළිනොගන්නා අධ්‍යාපන ඇමැතිවරුන් සම්බන්ධයෙන් ආණ්‌ඩුව ගන්නා පියවර කුමක්‌ද? හරි නම් සිදුවිය යුතුව තිබුණේ සිද්ධිය වූ දිනට පසු දිනම උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයා විසින් අදාළ ඇමැතිවරයා කැඳවා විනය පරීක්‌ෂණයක්‌ සිදුකර අධ්‍යාපන ඇමැති තනතුරෙන් ඔහු ඉවත් කිරීමය. එලෙස විනය පියවර ගැනීමට ව්‍යවස්‌ථාපිත බලයක්‌ නොමැති නම් කළ යුත්තේ ආණ්‌ඩුව විසින් සකස්‌ කරගෙන යන නව ව්‍යවස්‌ථා කෙටුම්පතට එම ව්‍යවස්‌ථාපිත බලතල ඇතුළු කිරීමය. මෙම ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද වීමෙන් සිදුවන්නේ නුදුරේදීම උතුරු පළාතම රටේ ජාතික කොඩිය ප්‍රතික්‌ෂේප කිරීමය. පෑනෙන් කළ යුතු වැඩේ මල්ටි බැරල් වලින් කළ යුතු තැනට කටයුතු සිදු නොකර ගැනීමේ වගකීමක්‌ ආණ්‌ඩුවට තිබේ. ආණ්‌ඩුව එය සිහියේ තබාගැනීම රටේ අනාගතයට වඩාත් හිතකරය.
 
 දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනය තවමත් නන්දිකඩාල් කලපුවෙන් ගොඩට පැමිණ නැත. ආණ්‌ඩුව පැය විසිහතර පුරාම සංහිඳියා මන්තරය ජප කළත් මේ කුම්භාණ්‌ඩයන් මට්‌ටු කිරීමට නොහැකි වී ඇත්තේ ඔවුන් තවමත් ජීවත් වන්නේ සිහින ඊළාම් රාජ්‍යයේ වීමය. ඔවුන්ගේ සිහින අයිති ඔවුන්ට ය. ඒ සිහිනවල නිදන්නට ඔවුන්ට අයිතියක්‌ තිබේ. නමුත් ඊළාම් සිහින දිගේ ඇවිද යමින් රටේ අනාගතය මංමුලා කිරීමට ඔවුන්ට ඉඩදිය යුතු නැත. විග්නේෂ්වරන්ගෙන් පාඩමක්‌ ඉගෙන නොගත් ආණ්‌ඩුව සර්වේශ්වරන්ගෙන්වත් පාඩමක්‌ ඉගෙනගනු ඇතැයි අපි බලා සිටිමු.

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles