Divaina - Kathuwakiya

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

හදිසි අනතුරු සිදුවන්නේ කවර වේලාවේද කවර ස්‌ථානයේදීද යන්න කිසිවකුට කිව නොහැකිය. අනතුරු විටක සාමාන්‍ය අනතුරු විය හැකි වුවත් සමහර අවස්‌ථාවක මාරාන්තික වේ. මරණය කොයි මොහොතේ අප සොයා එන්නේදැයි කිව නොහැකි ය. නමුත් වඩා කල්පනාකාරීවීම වැදගත්ය. මන්ද මනුෂ්‍ය ආත්මයක්‌ ලැබීම පහසු දෙයක්‌ නොවන හෙයිනි. ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ වාර්තා අනුව මාර්ග අනතුරු හා දියේ ගිලීම් නිසා පුද්ගලයන් හාර දහසක්‌ පමණ වසරක්‌ තුළදී පමණක්‌ මරණයට පත්වේ. මේ වසරේ එම ප්‍රමාණය තවත් ඉහළ යයිද?

නාත්තන්ඩියම කම්පා කරමින් මහා ඛේදවාචකයක්‌ සිදුව ඇත. නාත්තන්ඩියේ සිට ගිය විනෝද චාරිකාව අතිශය අභාග්‍යසම්පන්න ඉරණමකට ලක්‌ව ඇත. ලග්ගල තෙල්ගමුව ඔයට නෑම සඳහා ගිය පිරිස මෙවන් විපතක්‌ කිසිම විටක බලාපොරොත්තු නොවන්නට ඇත.

නමුත් වර්ෂාව දැඩි විය. නකල්ස්‌ කලාපයට වැස්‌ස වැඩිවෙත්ම තෙල්ගමු ඔයේ ජලය එක්‌ සැනින් ඉහළ යන්නේ කිසිවකුටත් දන්වා නොවේ. තෙල්ගමුව ඔයේ කෙලිදෙලෙන් සිටි රත්නායක පවුලටත් මේ මහා අනතුර ගැන අවබෝධයක්‌ තිබුණේ නැත. වැස්‌ස කඩා හැලුණ ද ඔයේ ජල කඳ සැහැසිවේ යෑයි ඔවුහු සිහිනෙනිදු පතන්නට නැත.

ජල කඳ මාරාවේෂවීම නිසා අට දෙනකුට තෙල්ගමුව ඔය මාරකයක්‌ම විය. ඉතිහාසයට මෙවන් අනතුරක්‌ වාර්තා වී නැති බව තෙල්ගමුව ඔය අවට වැසියෝ පවසති. වඩාත් කනගාටුදායක කාරණය ඔයේ ජලමට්‌ටම විටින් විට ඉහළ යා හැකි බවට අනතුරු අඟවන පුවරුවක්‌ හෝ කිසිම නැනක සවිකර නොතිබීමය. මේ විපතින් මරණයට පත්වූ සය දෙනෙක්‌ම කාන්තාවෝය. එයින් සිව්දෙනෙක්‌ කුඩා දැරියන් වීම සැවොම කම්පා කරන්නෙකි. දියනෑමට යැමේදී සැලකිල්ලට ගත යුතු කරුණු රැසකි. පිහිනීමේ ශූරයකු වුවද හදිසියේම ගලා එන මහා ජල කඳින් ගැලවෙන්නේ කෙසේ ද? අට දෙනකු දියෙහි සැඟවූයේද හදිසියේම ගලා ආ මහා ජල කඳ නිසාය. නොදන්නා ප්‍රදේශවල නොදන්නා ජලාශ ඇළ දොළ වල්වල නෑමට යැම නුවණට හුරු ක්‍රියාවක්‌ නම් නොවේ. තෙල්ගමුව ඔයේ නිරන්තරව ජල ප්‍රමාණය වෙනස්‌වීම් පිළිබඳව මේ පිරිසට යම් හෝ දැනීමක්‌ තිබුණේ නම් මේ අනතුර සිදුවන්නේ නැත. නමුත් දැන් ජීවිත අටකගේ ඉරණම තීරණය වී ඇත. කීදෙනකුගේ ප්‍රාර්ථනා තෙල්ගමුව ඔයේ ජල පහරට ගසා ගෙන ගොස්‌ ඇත්ද? පැය කිහිපයක්‌ ගතවූ පසු ජල ප්‍රවාහය නිසලව ගලා ගිය ද සඟවාගත් ජීවිතවලට යළි පණදිය නොහැකිය. මේ ඛේදවාචකයෙන් ඉගෙන ගත හැකි පාඩම් බොහෝය. එහෙත් මෙරට වැසියන් මේවා ගණනකට ගනී ද? වැස්‌ස අඩු වූ පසු තවත් කී දෙනෙක්‌ නැවත කෙළිදෙලෙන් පසුවන්නට තෙල්ගමු ඔයට බසීද? ඔයට බැස්‌ස ද අනතුර ගැන හොඳ අවබෝධයෙන් සිටිය යුතුය. අනතුර ගැන අවබෝධයෙන් සිටීමෙන් ඛේදවාචකයක්‌ වළක්‌වා ගැනීමට හැකිය. නමුත් තෙල්ගමුව ඔයේ ඛේදවාචකය වළක්‌වා ගැනීමට නොහැකිවූයේ කිසිවකු අනතුර වටහා නොගත් නිසාය.

ආණ්‌ඩුව උපක්‍රමශීලීව, තමන්ට ඉතා වාසිදායක අයුරින් රටේ මැතිවරණ ක්‍රියාවලිය කළමනාකරණය කරගනිමින් සිටිති. දේශපාලන විද්‍යාවේදී මැතිවරණ කළමනාකරණය නමින් විෂයයක්‌ නොතිබුණත් ශ්‍රී ලංකාවේ දේශපාලන විද්‍යාව පොත ඊට හාත්පසින්ම වෙනස්‌ය. එම පොත පුරා ඇත්තේ දේශපාලන විද්‍යාව නොව මැතිවරණ කළමනාකරණයයි.

පාතාල වෙඩි යළි යළිත් පත්තුවේ. මේ වෙඩි තැබීම් අවසන් වන්නේ කවදාද? කොස්‌ගොඩ සුජීගේ වෛරය නිමාවන දිනයේද? නැත්නම් ඔහුගේ ප්‍රතිවාදියා වන පාතාල නායක තාරකගේ වෛරය නිමාවන දිනයේද? දකුණු පළාතම පාතාල භීෂණයෙන් ඇළලී ඇත. වඩා කනගාටුව වන්නේ මේ පාතාල ගැටුමට දරුවන්ද බිළිවීමය. පසුගිය 30 වැනිදා කොස්‌ගොඩ ළමුන් දෙදෙනකු පාතාලයට බිළිවූ අතර ඒ බිල්ලට පළිගැනීමක්‌ වශයෙන් බටපොලදී දරු තිදෙනකුට වෙඩි ප්‍රහාර එල්ල විය. වාසනාවකට මේ දරු තිදෙනාට බරපතළ තුවාල සිදුවී නොමැත. තාත්තලාගේ බාප්පලාගේ මාමලාගේ ගැටුමට දරුවන් වගකියන්නේ කුමටද? බටපොලදී අවුරුදු තුනක දරුවකුද වෙඩි ප්‍රහාරයට ලක්‌ව ඇත. වෙනදා පාතාල ගැටුම්වලදී කාන්තාවන් දරුවන් ඉලක්‌ක කරගන්නේ නැත. එහෙත් දැන් පාතාල වෛරය පිරිමසන්නේ නිදියහනේ සිටින දරුවන්ද බිළි ගැනීමෙනි. මෙය බරපතළ ෙ€දයකි. ඉදිරියේදී දකුණේ පාසලකට, උපකාරක පන්තියකට ප්‍රහාර එල්ල වුවහොත් එයද පාතාල ගැටුමේ එක්‌ කෙළවරක්‌ වන්නට පුළුවන. මෙයින් ප්‍රකාශ වන්නේ කවරක්‌ද? මනුෂ්‍යාගේ උතුම් වස්‌තුව වන දරුවන්ද ආරක්‍ෂා කිරීම හෝ නොකිරීම පාතාලයට අයත් කටයුත්තක්‌ බවද?
 
 දරුවන්ගේ ආරක්‍ෂාව ගැන සිතා බලා හෝ ආණ්‌ඩුව මේ මැර කල්ලි පාතාල ලේ පිපාසිතයින්ගේ මර්දනය සඳහා මැදිහත්විය යුතුය. රෙජීම වෙනසත් සමග පාතාල ක්‍රියාකාරකම් ශීඝ්‍රයෙන් වැඩිවිය. ඒ ක්‍රියාකාරකම් දැන් කූට ප්‍රාප්තියට පත්ව ඇති බව පෙනෙන්නේ දරුවන්ටද ටී 56 අවියෙන් වෙඩි ප්‍රහාර එල්ලවන නිසාය.
 
 හෙට දිනයේ කවරකු මේ පාතාල භීෂණයට බිළිවෙයිද? දකුණේ පාසල්වල ආරක්‍ෂාවට පවා හමුදාව පොලිසිය කැඳවීමට සිදුවෙයිද? මේ අරාජිකත්වයට නිසි පිළියම් යෙදීම ඉක්‌මනින්ම සිදුනොවුණහොත් තවත් දරුවන් කී දෙනකු ඉලක්‌ක කරගෙන වෙඩි පත්තු වෙයිද? යන්න ගැටළුවකි. දරුවන් ඉලක්‌ක කිරීම ඉතා සාහසික අපරාධයකි. ඒ අපරාධකරුවන් ලෙයින් හා යකඩින් මර්දනය කර දැමීම හැර අන් විකල්පයක්‌ නැත.
 
 පාතාල ගැටුම් ගැන රජය නිද්‍රdශීලී පිළිවෙතක සිටීද? මේ ගැටුම් නැවැත්වීම සඳහා දේශපාලන විසඳුම් ක්‍රියාත්මක කළ නොහැක. නව ව්‍යවස්‌ථාවෙන් කොස්‌ගොඩ පාතාලය නිහඬ නොවේ. මේ භීෂණය තුරන් කිරීමට විශේෂ කාර්ය බළකායට පූර්ණ බලය ලබාදිය යුතුය. ඒ හැර අන් විකල්පයක්‌ නැත. ජිනීවා මානව හිමිකම් කොමිසමට බියෙන් පාතාලය මර්දනයෙන් වැළකීමට රජය උත්සහ කරන්නේද? එහෙත් පාතාලයට බිළිවන දරුවන්ගේ ජීවිත ගැන මානව හිමිකම් කොමිසම වගකියන්නේද? නැත. රටේ වැසියන්ට සාමයෙන් සහජීවනයෙන් ජීවත් වීමට හැකියාවක්‌ නැත්නම් එහි මූලික වගකීම භාරගත යුත්තේ රට කරවන ආණ්‌ඩුවම වේ. ආණ්‌ඩුව නිෂ්ක්‍රීය නම් පාතාලය රජවෙයි. පාතාලය රජවූ කල නීතිගරුක පුරවැසියන්ට සාමයෙන් විසිය නොහැක.
 
 පාතාල නයි මුගටි වෛරය නතර කිරීමට නම් මේ කණ්‌ඩායම් අත්අඩංගුවට ගෙන නිසි දඬුවම් පැනවිය යුතුය. අනුකම්පා විරහිතව ඔවුනට එරෙහිව මෙහෙයුම් සිදුවිය යුතුය. එසේ නැතිනම් වැඩිහිටියන් පමණක්‌ නොව දරුවන්ද අනාරක්‍ෂිත වනු ඇත.
 

නව ව්‍යවස්‌ථාව පිළිබඳව රටේ ඇතිවී තිබෙන ගැටලු නිරාකරණය කරගැනීම සඳහා දේශපාලනඥයන්ගෙන්, ආගමික නායකයන්ගෙන් සහ උගත් බුද්ධිමතුන්ගෙන් යුත් සමුළු තුනක්‌ කැඳවීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (30 වැනිදා) ප්‍රකාශ කර තිබිණි. ඊයේ (31 දා) සියලුම පුවත්පත් මේ බව වාර්තා කර තිබිණි.

පුංචි ඡන්දය ජනවාරි 20 - 31 යන දිනයන් අතරතුර පැවැත්වීමට නියමිත බව ඊයේ මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි. කෙසේ හෝ ඡන්දයක්‌ ළඟ එන බව පෙනේ. මෙය හදිසියේම වෙනස්‌ වීමටත් ඉඩ ඇත. එහෙත් ඡන්දය ගැන සෘනාත්මකව නොව ධනාත්මකව බලා ජනවාරියට ලක ලෑස්‌ති වීමට සියලුදෙනාම සූදානම් විය යුතුය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles