Divaina - Kathuwakiya

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ඊයේ (22 වැනිදා) සියලුම පුවත්පත්වල ශීර්ෂ පාඨය වූයේ "කතරගම ගිනි ගනී" යන්නය. පවතින වියළි කාලගුණය නිසා ඇතිවූ ලැව් ගින්නක්‌ හැටියට මෙය කිසිවෙකුත් වරදවා වටහා නොගත් බව සියයට සියයක්‌ විශ්වාසය. හේතුව මේ කතන්දරයට "පොලිසිය" ගෑවී ඇති නිසා ආරංචිය රට පුරාම පැතිර ඇති බැවිනි. සිද්ධිය ඉතාම කෙටියෙන් මෙසේය. කතරගම නගරයේදී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසිය එල්ල කළ වෙඩි තැබීමකින් පසු එක්‌දරු පියෙකු මියගොස්‌ තිබේ. අනතුරුව ඊට විරෝධය පා කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් 63 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. මේ හේතුව නිසා කතරගම පොලිසියේ මෙන්ම නගරයේ ද නිවාස ඇතුළු රජයේ දේපළ රැසකට හානි සිදුව තිබේ. ප්‍රදේශවාසීන් කියන ආකාරයට පොලිසිය යතුරුපැදියට වෙඩි තබා ඇත්තේ එය නතර කිරීමට සූදානම් වූ මොහොතේය.
 
 පොලිස්‌පතිවරයා විශේෂ චක්‍රලේඛයක්‌ මගින් ම ශ්‍රී ලංකාවේ සියලුම පොලිස්‌ නිලධාරීන් රාජකාරී ආරම්භ කිරීමට පෙර පැය භාගයක්‌ (එනම් උදැසන 8.30 සිට 9.00) භාවනා කර රාජකාරී ආරම්භ කළ යුතු බව දන්වා තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ පොලිස්‌ ස්‌ථාන 474 ක පොලිස්‌ නිලධාරීන් 85000 ක්‌ දෙනා සෑම සතියකම මේ චක්‍ර ලේඛයට අනුව කටයුතු කරති. කතරගම පොලිසිය ද ඊට අයත්ය. භාවනාවෙන් හිත පිරිසිදු කරගන්නා තැන්පත් කරගන්නා අතර ම කතරගම ශුද්ධ භූමියේ දේව බැල්ම ද මේ පොලිස්‌ ස්‌ථානයට ඇති බව නිසැකය. එහෙයින් කිසිවිටෙකත් රාජකාරියේ යෙදෙන පොලිස්‌ නිලධාරීන්ට මහසෝනා, රීරි යකා වැනි ප්‍රේත කුම්භාණ්‌ඩයන් ආවේස වීමේ කිසිදු අවස්‌ථාවක්‌ තිබෙන්නට බැරිය. එහෙත් මොකක්‌ හෝ අමුතු දෙයක්‌ සිදුව තිබේ. පොලිසියේ තුවක්‌කු නිකම් පත්තුවන්නේ නැත. ඒවා නිසි කලට, නිසි තැනදී, නිසි ආකාරයට පත්තුවන්නට අණපනත් නීති රෙගුලාසි තිබේ. එහෙත් පසුගිය කාලය පුරාම මේ සියලු ක්‍රමවේදයන් අතික්‍රමණය කරමින් තුවක්‌කු පත්තු වූ බව රටම දනී. එසේත් නැත්නම් පොලිස්‌ සිරකූඩුවක සැකකරුවෙකු මිය යයි. අතක්‌ පයක්‌ කඩා දමයි. ඊළඟට ජනතාව පාරට බසිති. දැන් මේ සිදුවීම් රටේ ජනතාවට අවුලය. ඒ නිසාම නීතිය තමන් අතට ගන්නට ජනතාව පුරුදුවී සිටිති. එසේ වන්නේ පොලිසිය කැලෑ වැදී (ගෝත්‍රිකවී) නීතිය වල් වැදී ඇතැයි මතයක්‌ සමාජයට කාන්දුවී ඇති නිසාය. එවැනි මතයක්‌ ක්‍ෂණිකවම සමාජය තුළ බිහිවන්නේද නැත. පරණ අත්දැකීම් එපමණකට ම නරක නිසා රටේ ජනතාවට එසේ සිතන්නට සිදුව තිබේ. සෑම විට ම පොලිසිය සියයට සියයක්‌ම වැරදි යයිද, සැකකරුවන් සියයට සියයක්‌ම නිවැරදි යෑයිද කියන්නට අප ඉක්‌මන් වන්නේ නැත. එහෙත් බොහෝ සිදුවීම්වලදී පොලිසිය "වැඩේ වල්" කරගෙන ඇති බව පරණ සිදුවීම් විමර්ශනය කිරීමේදී පෙනේ. කතරගම සිදුවීම පාදක කර ගනිමින් පොලිසිය "යහමගට" ගත යුතු යෑයි ද, භාවනා කරන පොලිසියට සිල් රෙදි පෙරවිය යුතු යෑයිද අප කියන්නේ නැත. එහෙත් මේ සිදුවීම පොලිසිය පෙර සිදුවීම් වලටත් වඩා අගනා පාඩමක්‌ කරගත යුතු බව අපේ අදහසය. කොටින්ම කීවොත් ඊළඟ වතාවේ දඩ කොළයක්‌ ලියන රාලහාමිට පවා මිනිසුන් එකතුවී ගහන තැනට සමාජය යොමු නොවිය යුතු වටපිටාවක්‌ ගොඩනඟන්නට පොලිසිය භාර වගකිවයුත්තන් කටයුතු කළ යුතුය.

බුද්ධගයා පින්බිම යළිත් අනාරක්‍ෂිත වී ඇත. එදා 2013 ජුලි 07 වැනිදා ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අතිශය පූජනීය පින්බිම ලේවලින් නාවන්නට ඉන්දීය මුජහිඩීන් ත්‍රස්‌තයන්ට හැකි විය. ඒ බෝම්බ වැලක්‌ පුපුරවමිනි. මේ ප්‍රහාරයෙන් භික්‍ෂුන් වහන්සේ දෙනමක්‌ ඇතුළු පස්‌දෙනෙක්‌ තුවාල ලැබූහ. මේ අතීත කතාව යළිත් මෙනෙහි කරන්නට අපට කැමැත්තක්‌ නැත. නමුත් ඉකුත් සිකුරාදා දිනයේ කිලෝ දහය බැගින් බරැති බෝම්බ දෙකක්‌ බුද්ධගයා භූමියෙන් හමුවීම නිසා ප්‍රකාශ වන්නේ කවරක්‌ද? මේ පුදබිමට යළිත් ත්‍රස්‌ත තර්ජනයක්‌ එල්ල වී ඇති බව නොවේද? බෞද්ධයන් කිසිම විටක ආගමේ නාමයෙන් යුද්ධ කර හෝ එවැනි යුද්ධයකට ආධාර අනුබල හෝ ලබා දී නැත. නමුත් බෞද්ධ විරෝධී බලවේග ලොව පුරා විසිර තිබේ. මියන්මාරයේ රොහින්ග්‍යා මුස්‌ලිම් ප්‍රශ්නය නිසා ද බෞද්ධ විරෝධයක්‌ ඇති කිරීමට යම් අන්තවාදී සංවිධාන උත්සාහ කරයි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස යළිත් බුද්ධගයා විහාරයේ බෝම්බ පිපිරීමට උත්සහ ගෙන ඇතිද?
 
 බුද්ධගයා පුදබිම හින්දු නොවන පූජා භූමියක්‌ නිසා මෙහි ආරක්‍ෂාව ගැන බිහාර් ප්‍රාන්ත ආණ්‌ඩුව උනන්දු නොවෙයිද? 2013 බෝම්බ ප්‍රහාරවලින් පසුව බුද්ධගයාවේ ආරක්‍ෂාව තර කිරීමට නොයෙක්‌ යෝජනා ඉදිරිපත් වුවද, ඒ සියල්ල සාකච්ඡා පමණක්‌ ද? බුද්ධගයා පරිපාලනය හා ප්‍රාන්ත බලධාරීන් අතර කඹ ඇදිල්ලක්‌ තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. නමුත් මේ පුදබිම ආරක්‍ෂා කිරීම ඉන්දීය මධ්‍යම රජයේ වගකීම නොවේද? සෑම වසරකම ඉන්දියාවට පැමිණෙන බෞද්ධ සංචාරකයන් නිසා එරටට හිමිවන ආදායම ඉන්දීය රුපියල් කෝටි සිය ගණනකි. යුනෙස්‌කෝ සංවිධානය විසින් ද ලෝක උරුමයක්‌ ලෙස ප්‍රකාශයට පත් කර ඇති බුද්ධගයා පුදබිම ආරක්‍ෂා කරදීම අගමැති නරේJද්‍ර මෝදිගේ වගකීම නොවේද?
 
 අගමැති මෝදි ආසියානු කලාපයේ බෞද්ධ රටවල් සමඟ සබඳතා වැඩිදියුණු කර ගැනීමට ඉතා උනන්දුය. මේ බෞද්ධ සබඳතා දියුණු කර ගැනීමට චීනය සමඟ තරගයක්‌ දීමට දිල්ලි මධ්‍යම ආණ්‌ඩුවට සිදුව ඇත. ලුම්බිණි පුදබිම දියුණු කිරීමට චීනය මැදිහත් වන විට ඉන්දියාව කලබල වෙයි. එහෙත් මේ උතුම් බුද්ධගයා පුදබිම රැකීමට නිසි පියවර නොගන්නේ මන්ද?
 
 එදා අනගාරික ධර්මපාලතුමා ප්‍රකාශ කර සිටියේ ''බෞද්ධයිනි, නැගිටිව්, බුද්ධගයාව බේරා ගනිව්'' යනුවෙනි. අදත් අපට මේ ප්‍රකාශය මෙනෙහි කරන්නට සිදුවේ. මන්ද ලෝකවාසී බෞද්ධයන් එක්‌වව් බුද්ධගයාව ආරක්‍ෂා කිරීමට ඉන්දියාවට බල කරව්" යනුවෙන් හඬ නඟන්නට කාලය උදා වී නැද්ද? ලොව වෙසෙන බෞද්ධයන්ගේ ප්‍රමාණය මිලියන හාරසියයක්‌ පමණ වේ. මේ සියලු දෙනාම එක්‌ව හඬ නැඟිය යුතු කාලය එළඹ ඇත. නැත්නම් අන්තවාදී ප්‍රහාරවලට බුද්ධගයාව බිලිවනු ඇත.
 
 නිරන්තරව බුද්ධගයාවේ ආරක්‍ෂාවට ප්‍රශ්න මතු වුවහොත් සිදුවන්නේ කුමක්‌ද? ලොව දස දෙසින් ඇදී එන බෞද්ධ සංචාරකයන් ප්‍රමාණය අඩුවීම නොවේද? මේ පුදබිම පාළුවට යැමට ඉඩදිය යුතු නැත. ඉන්දියාවට මේ පුදබිම ආරක්‍ෂා කිරීමට නොහැකි නම් ලොව ඕනෑම බෞද්ධ රටක හමුදාවක්‌ මෙහි ආරක්‍ෂාව භාරගනු ඇත.
 

වත්මන් ආණ්‌ඩුවට "අරක්‌කු" යනු අපල ගෙන දෙන වචනයකි. මේ රටේ මද්‍යසාර භාවිත කරන 30% -35% අතර ප්‍රමාණයකට (දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය කියන පරිදි) එය ගණ පිහිටන වචනයක්‌ වන බවට සැකයක්‌ නැති නමුදු ආණ්‌ඩුව අරක්‌කු ගැන කතා කරන්නට පටන් ගත් තැන සිටම වැඩේ අනාගත්තේය. කොටින්ම කීවොත් ආණ්‌ඩුව "අරක්‌කු" යෑයි කී සැනින් බොන මිනිහාත්, නොබොන මිනිහාත් බොන්නට බලාපොරොත්තුවෙන් සිටින මිනිසාත්, බොන්නට අකමැති ගැහැනුත්, බොන්නට කැමැති ගැහැනුත් යන සියල්ලෝම එකට එකතු වි සම්මුති ආණ්‌ඩුවටත් වඩා බලවත් ලෙස සන්ධානගත වී ආණ්‌ඩුවට බැණ වදිති.

 

උතුරේ හමුදාව ස්‌ථානගතවී සිටීම පිළිබඳව නිරන්තරව විරෝධය පළ කළේ දෙමළ ජාතික සන්ධානය හා උතුරේ මහඇමැති විග්නේශ්වරන් ය. ඔහු මීට කලකට පෙර "දෙමළුනි නැගිටිව්" යනුවෙන් උද්ඝෝෂණ මාලාවක්‌ පැවැත්වූවේද උතුරෙන් හමුදාව ඉවත් කිරීම සඳහා ය. කොටි හිතවාදීන්ට අවශ්‍ය ලෙස හමුදා කඳවුරු ඉවත් කිරීම ඉතා භයානක බව වත්මන් යහපාලන ආණ්‌ඩුව ද අවබෝධ කර ගෙන ඇත. එසේම හමුදාව මගින් භාවිත කළ පෞද්ගලික ඉඩම්වලින් අතිශය බහුතරය දැනටමත් අදාළ පුද්ගලයන්ට ලබාදී හමාරය. මුලතිව් හමුදා මූලස්‌ථානය මැදින් ද දැන් සාමාන්‍ය වැසියන්ට ගමන් කිරීමේ හැකියාව ලබාදී ඇත්තේ ඔවුන් සතු ඉඩම් භාරදී ඇති බැවිනි. සාමාන්‍යයෙන් හමුදා කඳවුරක්‌ මැදින් ගමන් කිරීමට සිවිල් වැසියන්ට ඉඩක්‌ නැත.

මෙවන් පසුබිමක ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වීරසිංහම් ආනන්ද සංගරී ප්‍රකාශ කරන්නේ කුමක්‌ද? උතුරේ හමුදාව රැඳී සිටීම දෙමළ වැසියන්ගේ ජීවිතයට විශාල බාධාවක්‌ බවයි. එමෙන්ම හමුදා කඳවුරු පැවතීම කාන්තා නිදහසටද බාධාවක්‌ බව ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායකයා කියයි. උතු=රේ හමුදා කඳවුරු නිසා දෙමළ කාන්තාවන් කීදෙනෙක්‌ දූෂණය වී ඇත්ද? ඝාතනයට ලක්‌ව තිබේද? එවන් කිසිම චෝදනාවක්‌ නැත. විද්‍යා දැරිය දූෂණයට ලක්‌ කර ඝාතනය කළ පුද්ගලයන් දැනටමත් පෝරකයට යවා ඇත. මේ සියලුදෙනා දෙමළ ජාතිකයන්ය. එසේ නම් ආනන්ද සංගරී කාන්තා ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වන්නේ ඡන්ද ගරා ගැනීමටද? මෙය සැබවින්ම කුහක ප්‍රකාශයකි.

ප්‍රභාකරන් බලවත්ව සිටි සමයේදී ආනන්ද සංගරී මහතා කොටි සංවිධානයේ ක්‍රියා කලාපය බලවත් සේ විවේචනය කළ බව අපි දනිමු. ඒ නිසාම ඔහුට බලවත් ජීවිත තර්ජනයක්‌ පැවතිණි. ඔහුගේ ආරක්‍ෂාව වෙනුවෙන් ද විශාල ආරක්‍ෂක අංශ සාමාජික පිරිසක්‌ යොදා තිබිණි. දැන් යුද්ධය හමාරය. සංගරී මහතාට එල්ල වූ ජීවිත තර්ජනය ද පහව ගොස්‌ ඇත. ඒ ජීවිත තර්ජන පහව ගොස්‌ ඇති නිසා හමුදාවට එරෙහි චෝදනා එල්ල කරන්නේද? උතුරේ ජනතාව හමුදාව නිසා ද බියෙන් සැකයෙන් ජීවත් වන බව ඔහු කියයි. පසුගිය කාලයේ හමුදාවට එරෙහිව උද්ඝෝෂණ පැවතියත් ඒවාට සහභාගි වූQයේ ඉතාම අතලොස්‌සක්‌ පමණි. උතුරේ බහුතර ජනතාව හමුදාව සමග කිසිම ආරෝවක්‌ නැත. හමුදාව සමග ගැටුමක්‌ ඇති කරන්නට දෙමළ සන්ධානය මෙන්ම විග්නේශ්වරන්ද උත්සාහ කළ ද ඒවා සාර්ථක වූයේ නැත.

උතුරේ හමුදාව රැඳී සිටීම දෙමළ සංස්‌කෘතියටද නොගැළපෙන බව සංගරී මහතාගේ මතයයි. පසුගියදා පැවැති තෛපොංගල් උළෙල සැමරීම සඳහා උතුරේ වැසියන්ට හමුදාවේ පූර්ණ සහයෝගය හිමි විය. හමුදා කඳවුරු මගින් දන්සල් පවා සංවිධානය කර තිබුණේ දෙමළ ජනතාවට සිය ආගමික උත්සවය වඩා උත්කර්ෂයෙන් සැමරීමටය. ඕනෑම හින්දු උත්සවයකට හමුදාවේ පූර්ණ අනුග්‍රහය ලැබේ. එහෙත් හමුදාව සිවිල් කටයුතුවලට මැදිහත් වීම ගැනත් සංගරී මහතා විරුද්ධය. සංගරී මහතා කොතෙක්‌ අවලාද නැඟුවද උතුරේ ජනයා තුළින් නම් හමුදා විරෝධයක්‌ පැනනැඟී නැත.

පෙරේදා (18 දා) ලංකා විදුලිබල මණ්‌ඩලයේ සේවකයන් විසින් අවසන් වරට ආරම්භ කරන ලද වැඩ වර්ජනය අවසන් වූයේ යළි වර්ජනයක පෙර නිමිති පළ කරමිනි. මෙම වර්ජනයට මුල් වූයේ සුපුරුදු වර්ජන මූලය වූ වැටුප් විෂමතාවයි. ඉදිරි දින කීපය තුළ මෙම අර්බුදය නොවිසඳුවහොත් විදුලිබල අමාත්‍යාංශය වටලන බව විදුලි පොදු සේවක සංගමය පවසා තිබිණි. විදුලි බල හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ සියලු සේවකයන්ට සතුටු විය හැකි විසඳුමක්‌ ළඟදීම ලබා දෙන බවය. අපගේ නිගමනයට අනුව වැටුප් විෂමතාව විසඳීමෙන් හැර සේවකයන් සතුටු කළ හැකි වෙනත් ක්‍රම නැත.

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles