Divaina - Kathuwakiya

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

කුණාටුවක්‌ හටගෙන තිබේ. ඒ තේ කෝප්පයේ නොව සමස්‌ත තේ කර්මාන්තයේය. මේ කුණාටුව බෙංගාල බොක්‌කෙන් හටගත් පීඩන අවපාතයක්‌ නිසා ඇතිවූ කුණාටුවක්‌ නොව රුසියාවේ ඇතිවූ කුණාටුවකි. එසේ මෙසේ කුණාටුවක්‌ නොව රබර්, පොල් දෙකම කුණාටුවකට නොව සුනාමියකට හසුව විනාශ වී ගොස්‌ තිබියදී ඇතිවූ නරකම වර්ගයේ කුණාටුවකි. (තේ. පොල්, රබර් යනු මේ රටේ අපනයන බෝග ලෙස වාර්තාගත සටහන් තැබූ යුගයක්‌ද තිබූ බව සිහිපත් කළ යුතුය.) දැන් රබර් ගැන වැඩි කතා නැත. පොල් "අපනයනයට" වඩා "ආනයනය" ගැන කතා කරති. තේ කතාව ගියේ කොහොමත් "රිම්" එකෙනි. මේ කුණාටුවට බලපෑ හේතු කාරණාව වූයේ රුසියාවට අපනයනය කරන ලද තේ ඇසුරුමක කෘමියෙකු (කුරුමිණියෙකු) සිටියා යෑයි කියන සිද්ධියකි. එම තේ අපනයනය කළ පෞද්ගලික සමාගමට එරෙහිව විශේෂ පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇති බවත් එම පරීක්‍ෂණයෙන් පසු අදාළ සමාගම වැරදිකරු වුවහොත් එම සමාගමේ තේ අපනයන බලපත්‍රය අහෝසි කරන බවත් කියෑවේ. බලපත්‍රය අහෝසි කළ පමණින් "තේ" සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ ඇතිවී තිබෙන කළු පැල්ලම අකා මකා දැමීම ලෙහෙසි පහසු නැති බව කිව යුතුය.
 
 වර්ෂ 1867 දී ඡේම්ස්‌ ටේලර් නම් සුද්දා මේ රටට තේ වගාව හඳුන්වා දුන්නේය. ඒ අනුව "තේ" යනු "සුද්දාගේ" වැඩකි. මේ රටේ බොහෝමයක්‌ දේ සුද්දා පටන් ගත් දේ වුවද එය කළමනාකරණය කරගෙන යැමේ භාරදූර වගකීම අපට නිදහසත් සමග හිමිව තිබේ. අද මේ අනාගෙන තිබෙන්නේ ඒ වගකීමයි. සුද්දා මේ රටට දායාද කළ තේ පැළ එදා සිට නඩත්තු කළේ අපය. උඩරට සිට පහත රට දක්‌වාම පසුව ව්‍යාප්ත වූ "තේ" "ගී්‍රන් ගෝල්ඩ්" හෙවත් කොළ රත්තරන් ලෙස හැඳින්වූයේ එමඟින් ඉපැයූ අසීමිත ලාභය නිසාය.
 
 ඉතා දීර්ඝ කාලයක්‌, එනම් දැනට අවුරුදු තුන හතරකට එපිට කාලය තෙක්‌ම අංක එක ස්‌ථානයේ සිටි ශ්‍රී ලංකා තේ කර්මාන්තය ඉතා ශීඝ්‍ර ලෙස පල්ලම් බසින්නට ගත්තේ තේ සමග කුරුමිණියන් රට පටවන ජඩ තේ කොළ වැද්දන් නිසාය. තරගකාරී ලෙස මෙරට තේ කොළ කර්මාන්තය ආක්‍රමණය කළ අමන වෙළෙන්දො අන්තිමේදී එය "ජාවාරමක්‌" වන තැනට පත් කළේය. සුද්දා අපට දී ගිය "කොළ රත්තරන්" ජාත්‍යන්තරය ද ප්‍රතික්‍ෂේප කරනු ලබන තඹයකුදු නොවටිනා "කසළ" ගොඩක්‌ බවට පත් කළේ මේ ජාවාරම්කරුවන්ය. "තේ" සමග ගැට ගැසී ඇති ජාවාරම් ගැනද "කසළ තේ" මාෆියාව ගැනද කතා බහ ඇසෙන්නට පටන් ගත්තේ අදක ඊයෙක නොවේය. ආගිය හැම ආණ්‌ඩුවක්‌ම මේ ගැන හොඳින්ම දැන සිටියේය. එහෙත් "කිසිවක්‌ම" කළේ නැත. ජාවාරම්කරුවෝ රිසිසේ සිය කටයුත්ත කරගෙන ගියේ "අත යට ගනුදෙනු" වල ප්‍රබලත්වය නිසාය. දැන් විය යුතු හරිය වී අවසන්ය. දැන් කළ යුත්තේ මේ කසළ ගොඩෙන් ගැලවිය හැකි මගක්‌ සෙවීමය.
 

තමිල්නාඩු දේශපාලකයෝ නිරන්තරව ලංකාවට අයිති කුඩා දූපතක්‌ ගැන අවධානයෙන් සිටිති. මේ දූපත පවරා ගන්නැයි නිරන්තරව දිල්ලි මහ ආණ්‌ඩුවට බලකරති. මේ සැමගේ අවධානය දිනාගත්තේ කච්චතිව් දූපතයි. කච්චතිව් දූපත තමිල්නාඩු දේශපාලනයේ ප්‍රබල මාතෘකාවකි. අභාවප්‍රාප්ත ජයලලිතා මහ ඇමැතිනිය නිරන්තරයෙන්ම කච්චතිව් ගැන හඬ නැගූ බව අපට අමතක නැත. කච්චතිව් ගැන තමිල්නාඩු දේශපාලකයන් හඬ නැගුවද එය පවරා ගැනීමට දිල්ලි මහ ආණ්‌ඩුව කටයුතු කරන්නේ නැත.
 
 යළිත් වරක්‌ කච්චතිව් ගැන සිහිවන්නේ තමිල්නාඩුවේ කලබලයක්‌ නිසා නම් නොවේ. උතුරේ ධීවර සමිතිවල විරෝධතාවක්‌ නිසාය. උතුරේ ධීවර සමිති විරෝධය පාන්නේ කුමකටද? කච්චතිව් දූපතේ ස්‌ථිර නාවික කඳවුරක්‌ ස්‌ථාපිත කිරීම පිළිබඳවය. ලංකාවේ නාවික කඳවුරු පිහිටුවීම ගැන ආරක්‍ෂක අමාත්‍යාංශය උපදෙස්‌ ගත යුත්තේ ධීවර සමිතිවලින්ද? ජාතික ආරක්‌ෂාව ගැන මේ ධීවර සමිතිවලට ඇති බලය කුමක්‌ද?
 
 මෙතෙක්‌ කාලයක්‌ කච්චතිව් දූපතේ ස්‌ථිර නාවික කඳවුරක්‌ පිහිටුවා නැත. එවැන්නක්‌ පිහිටුවීම වැදගත්ය. නමුත් ධීවර සමිති කලබල වන්නේ කුමකටද? යහපත් ෙච්තනාවෙන්ද?
 
 කූට ෙච්තනාවෙන්ද තක්‌කඩිකමටද? මොවුන් සැබවින්ම විරුද්ධ වන්නේ තමන්ගේ කූට ජාවාරම් සිදුකර ගැනීමට අපහසුවන නිසාය. උතුරු මුහුද හරහා මත්ද්‍රව්‍ය කේරළ ගංජා ජාවාරම ඉතා හොඳින් සිදුවේ. ධීවර කටයුතුවල යෙදෙන සමහරුන්ද මේවා සඳහා එක්‌වී ඇත. කච්චතිව් නාවික කඳවුර නිසා මේ ජාවාරම්වලට තිත තැබෙන නිසා ධීවර සමිති කලබල වී ඇත.
 
 අක්‌කර 285 ක පමණ භූමි ප්‍රදේශයක්‌ කච්චතිව් දූපතට අයත් වේ. මෙහි කිසිවකු වාසය කරන්නේද නැත. එසේ නම් නාවික හමුදා කඳවුරක්‌ පිහිටුවීමට ඇති බාධකය කුමක්‌ද? යාපනය වැසියන්ට මේ කඳවුර නිසා ප්‍රශ්නයක්‌ නැත. කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි පල්ලියේ බැතිමතුන්ටද ප්‍රශ්නයක්‌ නැත. එසේ නම් ජාවාරම්කරුවන්ගේ වුවමනාවට මේ නාවික කඳවුර පිහිටුවීම නැවැත්විය යුතු නැත. කච්චතිව් දූපත ලංකාවට හිමිවූයේ සිරිමා - ශාස්‌ත්‍රීය ගිවිසුම මගිනි. ලංකාවට පූර්ණ අයිතිය ඇති මේ දූපතේ නාවික කඳවුරක්‌ පිහිටුවීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය. එය මෙතෙක්‌ කල් ප්‍රමාද වූයේ මන්ද?
 
 උතුරු මුහුදේ ධීවර සම්පත ඉන්දීය ධීවරයන් කොල්ලකන්නේ ඉතා කෲර අන්දමිනි. මෙයින් පීඩාවට පත්වන්නේ දකුණේ ධීවරයන් නොවේ. උතුරේ දෙමළ ධීවරයන්ය. මේ කොල්ලය නැවැත්වීම සඳහා නාවික හමුදාවේ සහාය අනිවාර්යය. ඒ සඳහා කච්චතිව් කඳවුර විශාල මෙහෙයක්‌ සිදුකරනු ඇත. එසේ නම් උතුරේ ධීවර සමිති මේ කඳවුරට විරුද්ධවීම කිසි ලෙසකින් වත් පිළිගැනීමට නොහැකිය. කච්චතිව් කඳවුර පිහිටුවීම උතුරේ ධීවරයන්ටම යහපතක්‌ මිස අයහපතක්‌ නොවේ.
 
 උතුරේ හමුදා කඳවුරුවලට එරෙහිව නැගෙන විරෝධයත් සමගම නාවික කඳවුරට ද විරෝධය එල්ල වන බව පැහැදිලිය. නමුත් ධීවර සමිතිවලට අවශ්‍ය ලෙස උතුරු මුහුද ජාවාරම්කරුවන්ට බිලිදිය යුතු නැත. එම නිසා කච්චතිව් නාවික කඳවුර අනිවාර්යයෙන්ම පිහිටුවිය යුතුය.

මැතිවරණ සමය එළඹෙතAම දේශපාලකයෝ විවිධ ප්‍රකාශ කරති. මේ ප්‍රකාශ විටක තර්ජනාත්මකය. විටක හාස්‍යය උපදවයි. විටක පිළිකුල් සහගතය. මේ පිරිසට අවශ්‍ය කෙසේ හෝ බලය රැක ගැනීමටය. බලය රැක ගැනීම වෙනුවෙන් කටින් පමණක්‌ නොව අතින් පයින් පහරදීමට වුවද මොවුහු පෙළඹෙති. මේ සියල්ල සිදු කරන්නේ මහජන සේවය සඳහා ද? මහජන සේවය රැක ගැනීමට ද? නැත්නම් තම සේවාව වැඩි දියුණුවට ද?

නව ව්‍යවස්‌ථාවක්‌ අත්‍යවශ්‍ය බව කියමින් රටපුරා රැස්‌වීම් පවත්වමින් යන පිරිසක්‌ වෙති. සමහර අවස්‌ථාවල ඔවුහු මහපාරේ වාඩිවී උද්ඝෝෂණය කරමින් නව ව්‍යවස්‌ථාවම ඉල්ලා සිටිති. මෙරට සාමාන්‍ය ජනතාවට නම් ව්‍යවස්‌ථා උණක්‌ බෝවී නැත. ව්‍යවස්‌ථාවට වඩා තවත් බේරාගත යුතු ඉටුකර ගතයුතු ප්‍රශ්න බොහොමයක්‌ ඇති බව ජනයා හොඳින් දන්නා බැවිනි. අනෙක්‌ පැත්තෙන් නව ව්‍යවස්‌ථාවක්‌ හරහා කේතුමති රාජ්‍යය නිර්මාණය වන්නේද නැත. ස්‌ථාවර රට අස්‌ථාවර කරන නව ව්‍යවස්‌ථාව ගැන බොහෝ දෙනෙකු තුළ පැහැදීමක්‌ නැති බව ප්‍රකට ය.
 
 මේ අපැහැදිලිකම පසුගිය 11 වැනිදා පාර්ලිමේන්තුවේදී ද වඩාත් ප්‍රකට නොවූවේද? ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ අතුරු කමිටු වාර්තාව පිළිබඳ කල් තබන ලද විවාදය පැවතියේ විනාඩි හතරක්‌ පමණි. එයට හේතුව කුමක්‌ද? මේ සඳහා කිසිම මන්ත්‍රීවරයකු සහභාගි නොවී සිටීමයි.
 
 ව්‍යවස්‌ථාව ගැන නිරන්තරව උනන්දුව දක්‌වන මන්ත්‍රීවරු පවා මෙයට සහභාගි වී නොසිටියහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද නව ව්‍යවස්‌ථාව ගැන උකටලීව බලා සිටීද? ඔවුනට මේ නව ව්‍යවස්‌ථාව අවශ්‍ය නැද්ද? නව ව්‍යවස්‌ථාව ගැන රටේ ජනතාව පැහැදීමක්‌ නැති නිසා මන්aත්‍රීවරු ද මේ විවාදය උවමනාවෙන්ම මගහැර ඇත්ද?
 
 විශාල කාලයක්‌ මෙන්ම දැවැන්ත මුදලක්‌ වැය කරමින් මෙලෙස පාර්ලිමේන්තු විවාද සූදානම් කරන්නේ කා සඳහා ද? රටේ අභිවෘද්ධියට ද? මන්ත්‍රීවරුන්ටත් අවශ්‍ය නැති නව ව්‍යවස්‌ථාව සම්මත කරන්නේ කා වෙනුවෙන් ද? රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයින් පිනවීම වෙනුවෙන් ද? නව ව්‍යවස්‌ථාව සම්මත වීම ගැන මෙරට විදේශ තානාපති කාර්යාල නම් බලවත් උනන්දුවෙන් පසුවෙති. රටේ ජනතාවට නැති ව්‍යවස්‌ථා රුදාවක්‌ද මේ තානාපති බලධාරීන්ට නම් ඇති බව පෙනේ. රට යකාට ගියද මේ ව්‍යවස්‌ථාව කෙසේ හෝ සම්මත කර ගැනීම මේ පිරිසේ අරමුණයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ව්‍යවස්‌ථාව ගැන උනන්දුවක්‌ නැත්නම් නව ව්‍යවස්‌ථා කුමකට ද? කොස්‌ කොටන්න ද?
 
 දෙමළ ජනයාගේ දුක්‌ ගැනවිලි සමනය කරන්නට ව්‍යවස්‌ථා ලියවිල්ලට හැකියාවක්‌ ලැබෙයි ද? නැත. එය හිතළුවක්‌ පමණි. විදේශයන්හි වෙසෙන රට අස්‌ථාවර කිරීමට උත්සාහගන්නා බලවේග නම් මේ ඊනියා ව්‍යවස්‌ථාව ගැන උනන්දු වෙති. කොටි ඩයස්‌පෝරාව සතුටු කිරීමට නව ව්‍යවස්‌ථා ඉදිරිපත් කළ යුතු නැත.
 
 මහා සංඝරත්නය මේ නව ව්‍යවස්‌ථාව ඉදිරිපත් කිරීම සුදුසු නැති බව අවධාරණය කර ඇත. ඒ බව ජනපතිතුමාට පවා මැනවින් පහදා දී තිබේ. එසේ නම් කිසිවකුට උනන්දුවක්‌ නොදක්‌වන මේ නව ලියවිලි කුමකට ද? රට අරාජික කරන ව්‍යවස්‌ථාවක්‌ නම් අවශ්‍යම නැත.

ශ්‍රී ලංකාව 1991 දී විශ්ව ළමා ප්‍රඥප්තියට අත්සන් තැබීය. ඒ අනුව ළමා ප්‍රඥප්තියෙන් ස්‌ථාපිත කාර්යයන් ඉටු කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී. මෙම විශ්වය ළමා ප්‍රඥප්තියට අනුව දරුවාට ආරක්‍ෂාව සඳහා ඇති අයිතිය, පැවැත්ම සඳහා ඇති අයිතිය, සංවර්ධනය සඳහා ඇති අයිතිය සහ සහභාගීත්වය සඳහා දරුවාට ඇති අයිතිය සුරක්‍ෂිත කළ යුතුය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles