Divaina - Kathuwakiya

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

දකුණේ මධුෂ්ගේ පාතාලයේ ප්‍රබලයන් වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පසු ඒ පුද්ගලයන් නිදහස්‌ කර ගැනීමට දේශපාලකයන් උත්සාහ කර ඇතැයි මාධ්‍ය වාර්තා පළ විය. මෙය බරපතළ ෙ€දයකි.  පසුගිය රජය කාලයේ පාතාලය මර්දනය වී තිබිණි. නමුත් දැන් යළිත් පාතලය එළියට පැමිණ තිබේ.

 

අවුරුදු කන්නට පෙරට ජීවන බර තවත් දරුණු වන බවට ලකුණු පහළ වී තිබේ. ඒ මන්ද තෙල් මිලද යළි ඉහළ දමා ඇති නිසාය. ලංකා අයි.ඕ.සී. සමාගම මේ ඉහළ දැමීම සිදු කර ඇතත් ඛනිජ තෙල් සංස්‌ථාව කියන්නේ තමන් එවැන්නක්‌ සිදු නොකරන බවයි. ඉන්දියාවට තෙල් බෙදීමට ඉඩදීමෙන් ලැබෙන වාසිය මෙයද? තෙල් මිල ඉහළ යැම නිසා අත්‍යවශ්‍ය භාණ්‌ඩවල මිල ඉහළ යැම අනිවාර්යය. ජීවන බරින් බැට කන ලාංකිකයාට මේ සිංහල අවුරුද්දේ දී සැනසුම් සුසුම් හෙළිය හැකිද? කිසිසේත් නැත. රැය එළිපහන් වෙද්දී තෙල් මිල ඉහළ යැම පොදු ජනයා මවිතයට පත් කිරීමක්‌ විය. අනේ මේ විපත අපටම දැයි ඔවුහු විමසති. සිංහල අවුරුද්දට පසුව ගෑස්‌, කිරිපිටි මිලද ඉහළ යන බවට මාධ්‍ය වාර්තා පළවී තිබේ. එසේ නම් කවර සැනසුමක්‌ද? ගෘහස්‌ථ ගෑස්‌ සිලින්ඩරයක මිල රුපියල් 150 කින්ද කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් සියයකින්ද ඉහළ යැමට නියමිතය. මේ මිල ඉහළ යැමත් සමග ජනතාවට වැඩියෙන් දහඩිය දමනු ඇත. විශ්වාසභංගය ගැන නිරන්තරව කතාවෙද්දී ජීවන වියදම අහස උසට නැග තිබේ.
 
 ඉන්දියානු තෙල් සමාගම කලක පටන් ප්‍රකාශ කරමින් සිටියේ තමන් පාඩු ලබමින් සිටින බවයි. ඒ පාඩු පියවා ගැනීමට ලක්‌වැසියන්ට මරු පහරක්‌ දී ඇත. මොවුන් ලංකාවද ඉන්දියාවේ ප්‍රාන්තයක්‌ යෑයි සිතන්නේද? මේවා පාලනයට ආණ්‌ඩුවට හැකියාවක්‌ තිබිය යුතුය.
 
 තෙල් මිල ඉහළ යැමත් සමග ත්‍රිරෝද ගාස්‌තු ද ඉහළ දැමීමට තීරණය වී ඇත. ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියෑදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසන්නේ තමන් ගාස්‌තුව ඉහළ නංවන බවය. රුපියල් පනහට ගිය දුරට හැත්තෑවක්‌ ගෙවන්නට වෙයිද? එයින් ද සිදුවන්නේ පොකැට්‌ටුව හිස්‌වීමය. එනිසා ත්‍රිරෝද රථයේ ගමන නවතා පයින් යැම ශරීර සෞඛ්‍යයට ද ගුණදායක වනු ඇත.
 
 උද්ධමනය අඩු වී ඇති බව රජය ප්‍රකාශ කළත් මහජනයාට ඇඟට දැනෙන ලෙස කවර භාණ්‌ඩ හෝ සේවාවක්‌ අඩු වී තිබේද? අඩුවන කිසිවක්‌ නැතත් වැඩිවන භාණ්‌ඩ ගැන නම් නිතර තොරතුරු පළ වේ. තවටික දිනකින් ඛනිජ තෙල් සංස්‌ථාව ද ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළහොත් ජනතාවට සිදුවන්නේ අබ සරණ පැතීම පමණකි. එවන් තත්ත්වයක්‌ උදා නොවේවායි කියා අපි පතමු.
 
 ජීවන වියදම අඩු කිරීම වෙනුවෙන් ආණ්‌ඩුවේ ඇමැති අනුකමිටුවක්‌ ද ඇත. ඔවුන් මොනවා කරන්නේද? විශ්වාසභංග පරාජය කිරීම වෙනුවෙන් අනුකමිටු රැස්‌වන්නේද? ජීවන වියදම ඉහළ යැම නම් සමස්‌ත ආණ්‌ඩුව කෙරෙහිම විශ්වාසභංග එකක්‌ නොව සියයක්‌ ඉදිරිපත් කළ යුතු තත්ත්වයකි. එහෙත් කිසිදු බලවතෙක්‌ ජනතාවගේ පීඩාව ගැන කතා නොකරයි. ඔවුනට අවශ්‍ය තම මැති ඇමැතිකම් ආරක්‌ෂා කර ගැනීමය.

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා තමාට අයත් බලතල පාවිච්චි කරමින් රටේ තෙත් බිම් පරිසර පද්ධතිය රැකගැනීමට පෙරමුණ ගැනීම අගය කළ යුතුය. නමුත් අපට නැගෙන බරපතළ ප්‍රශ්නය ජනාධිපතිවරයා මුතුරාජවෙලට පැමිණෙන තෙක්‌ එහි ඉදිකිරීම් නතර කිරීමට අදාළ වගකිව යුතු ආයතනවලට නොහැකි වුණේ මන්ද යන්නය.

ඇමරිකානු ඔත්තු සේවා පුටින්ට එරෙහිව කුමන්ත්‍රණ දියත් කළ ද ජනපති ට්‍රම්ප් පුටින්ගේ ජයග්‍රහණය ගැන සුබ පැතුවේ රුසියානු නායකයාගේ වැදගත්කම හොඳින්ම දන්නා නිසාවෙනි. ඇමරිකාව ලොව පාලනය කළ යුගය වෙනස්‌ කළ නායකයා වන්නේ පුටින් මිස අනෙකෙක්‌ නොවේ.

යහපාලන ආණ්‌ඩුව 2015 ජනවාරි 08 වැනිදා බලයට එනවිට රටේ ජනතාවට අතිමනක්‌ බලාපොරොත්තු රාශියක්‌ තිබිණි. පරණ ආණ්‌ඩුව කළා යෑයි කියන නරකම දේවල් ගැන "ලැයිස්‌තු" තොග ගණනින් ඒ දිනවල මැතිවරණ වේදිකාවල පට්‌ට ගැසිනි. කන්ටේනර් පිටින් කුඩු, එතනෝල්, විෂ රසායන අඩංගු කෘෂි රසායන තොග පිටින් ගෙන්වන විට පොළොව හෙල්ලෙන්නට කෑගැසු අයගේ මේ දිනවල කටේ පිට්‌ටු හිරවෙලාය. කොටින්ම කීවොත් "ග්ලයිෆොසේට්‌" තහනම ඉවත් කරන්නට යන කාරණාවේදී මේ උදවියගේ කටේ පිට්‌ටු නොව ග්ලයිෆොසේට්‌ සහ ඩොලර් කුට්‌ටි ගණනින් හිරවී තිබේ දැයි සොයා බැලිය යුතුය.
 
 "ග්ලයිෆොසේට්‌ තහනමේ" ඉතා ඈත නොවන මෑත අතීතය යහපාලන ආණ්‌ඩුවේ අවුරුදු තුන තරම්ම පරණ එකකි. 2015 වර්ෂයේදී යහපාලන ආණ්‌ඩුව බලයට ඒමට භාවිත කළ ප්‍රධානතම සටන් පාඨය ද එයමය. එනම් රජරට ප්‍රදේශයේ බහුලව පැතිර ඇති "ග්ලයිෆොසේට්‌" රසායනිකය මෙරටින් තුරන් කිරීමට පියවර ගැනීමේ සටන් පාඨයයි. 2015 මැයි මාසයේ 22 වැනිදා ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක්‌ කරමින් කීවේ ග්ලයිෆොසේට්‌ අඩංගු කෘෂිරසායන ද්‍රව්‍ය අලෙවිය සහ ආනයනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන බවය. එහෙත් ඒ දිනවල පලිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා විසින් නිකුත් කළ යුතුව තිබූ ගැසට්‌ පත්‍රය එළියට ආවේ ඉන් මාස කිහිපයකට පසුවය. ඒ වනවිටත් සිංගප්පූරුව හරහා මෙරටට ගෙන්වා තිබූ ග්ලයිෆොසේට්‌ අඩංගු කන්ටේනර් 15 ක්‌ හොර රහසේම (තහනමද නොතකා) රේගුවෙන් පිටකර ගන්නට "අදාළ උදවිය" සමත් වී තිබිණි.
 
 ඊට පසුවද වරින්වර හලාවතින් හා රටේ විවිධ මුහුදු බඩ ප්‍රදේශවලින් ග්ලයිෆොසේට්‌ අඩංගු කෘෂි රසායන මෙරටට ගෙන්වා තිබිණි. 2015 ජුනි 15 තහනම බලාත්මක කෙරුණද රට පුරා ග්ලයිෆොසේට්‌ යහමින් භාවිත කෙරේ.
 
 ග්ලයිෆොසේට්‌ සොයාගත්තේ 1970 වර්ෂයේදීය. ඒ රසායන විද්‍යාඥ "ජෝන් ඊ. ෆ්‍රන්ස්‌ය." ඉන් පසුව වසර ගණනාවක ඇවෑමෙන් එම වල් නාශකය විවිධ වෙළෙඳ සන්නාම ගණනාවකින් ලොව පුරා බෙදා හැරිණි. ඇත්තම කතාව නම් ග්ලයිෆොසේට්‌ මේ රටේ ඉතා වේගයෙන් ජනප්‍රිය වන්නේ 1980 වර්ෂයේ සිටය. හරියටම කීවොත් සුද්දා මේ රටට තේ වගාව හඳුන්වාදී බොහෝ කලකට පසුවය. එනම් තේ., පොල්, රබර්, මේ රටේ ප්‍රධානතම අපනයන බෝග බවට පත් වීද බොහෝ කලකට පසුවය. එහෙත් "ග්ලයිෆොසේට්‌" තහනම ඉවත් කිරීම උදෙසා දිවි හිමියෙන් පෙනී සිටින වගකිව යුතු ඇමැතිවරු කියන්නේ ග්ලයිෆොසේට්‌ තහනම නිසා තේ වගාව අර්බුදයක තිබෙන බවය. ජනාධිපතිවරයා වෙනුවෙන් "වස විස නැති ගොවිතැන" ගැන කතා කරන්නේ මෙහෙයුම් කටයුතු කරන්නේ දුමින්ද දිසානායක ඇමැතිවරයාය. එම වැඩසටහන "පොඩි ජිමික්‌" එකක්‌, එනම් දේශපාලන මැජික්‌ එකක්‌ බව දැන් අපට ඉතා හොඳින් තේරේ. ඒ දුමින්ද දිසානායක තහනම ඉවත් කර ගැනීමේ කටයුත්තේ පුරෝගාමියකු බැවිනි. ඔහු කියන්නේ ලෝකයේ වෙනත් රටවල ග්ලයිෆොසේට්‌ භාවිත කරන බවත් එහි අනතුරක්‌ නැති බවත්ය. ලෝකයේ අනිත් රටවල් භාවිත කරන ඕනෑම "කුණු ගොඩක්‌" මේ රටට ගොඩ බැස්‌සවීම රටේ "ජාතික ප්‍රතිපත්තිය" දැයි අපි එතුමාගෙන් අසන්නෙමු.
 
 මේ කාට කාටත් සිහිපත් කළ යුතු දෙයක්‌ තිබේ. එනම් අනුරාධපුර, පොලොන්නරුව, මොනරාගල හා කුරුණෑගල යන දිස්‌ත්‍රික්‌කවලද මහියංගනය, රිදිමාලියද්ද, කන්දකැටිය, බදුල්ල යන දිස්‌ත්‍රික්‌කවලට අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්‌ඨාස තුළද පලිබෝධනාශක පාලනය කිරීමේ පනතක්‌ තිබේ. 2014 දෙසැම්බර් මස 22 වැනිදා නිකුත් කළ අංක 1894/4 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රය මගින් එම ප්‍රදේශවල ග්ලයිෆොසේට්‌ අලෙවිය තහනම්ය. එමෙන්ම ජනාධිපතිවරයාද මේ "තහනම්" කිරීමට එකඟ බවද සිහිපත් කළ යුතුව තිබේ.

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles