Divaina - Kathuwakiya

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

2018 වසර උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක්‌ පමණි. ශ්‍රී ලංකාව 2017 වසර පසුකරමින් සිටිනුයේ අභියෝග රැසක්‌ මැදය. ණය බර, දේශගුණික විපර්යාස, ස්‌වභාවික ආපදා, පාරිසරික ප්‍රශ්න, ඩෙංගු වසංගතය වැනි දැවෙන අර්බුද රැසකින් ශ්‍රී ලංකාව දැනටමත් බලවත් පීඩාවට පත් වී සිටියි. මේ අර්බුදවලින් මිදීමට පැහැදිලි යාන්ත්‍රණයක්‌ සකස්‌ කර ගැනීමට අපි තවමත් අපොහොසත් වී සිටිමු. ඒ අසමත් රාජ්‍ය පාලනය නිවැරදි මාවතට ගැනීමට නම් රාජ්‍යයේ අසමත්කම් පිළිබඳව පසුකථනයක යෙදීමත් රටක්‌ ලෙස පෘථිවි ගෝලය තුළ අප යා යුතු මාවත පිළිබඳව පුරෝකථනයක යෙදීමටත් මෙය අවස්‌ථාවක්‌ කරගත යුතුය.

සාම්පූර් චෛත්‍යය ඩෝසර් කිරීම ගැන පුළුල් විමර්ශනයක්‌ අරඹා ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්‌ඩාවල මහතා ප්‍රකාශකර තිබිණි. මේ විමර්ශනයට කොපමණ කාලයක්‌ ගතවේද? එයින් කවරකුට දඬුවම් හිමිවේද නැද්ද පිළිබඳව අපට අනාවැකි කිව නොහැක. පරීක්‍ෂණ සිදු කර වාර්තා ගොනු කළ ද රටට වැදගත් වන්නේ කුමක්‌ද? විනාශ කළ දාගැබ යළි ඉදිකිරීම නොවේද? නැත්නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවුරුදු දහයක්‌ පරීක්‍ෂණ සිදු කළ ද රටට ජාතියට අත්වන සෙතක්‌ නැත. සිදු කළ යුත්තේ එම දාගැබ යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමය.

ඉතිහාසය වනසා දැමීම මේ රටේ සම(හරක්‌) උදවියගේ ජනප්‍රියතම කෙරුවාව වී තිබේ. බොහෝ දෙනෙකුට ඒ ඉතිහාසය අපුලය, තිත්තය. ඒ නිසාම මෑතක පටන් ඉතිහාසය ගැන විකාර දොඩවන කිහිපදෙනෙකුගේ මතවාද ගැන සමාජයේ කතාබහක්‌ ඇතිවී තිබේ. ඒ අතරවාරයේම මේ රටේ ප්‍රෙෘඪ ඉතිහාසය හෙළිදරවු කරන පුරාණ නටඹුන් වෙහෙර විහාර විනාශ කර දමන වැඩපිළිවෙළක්‌ද ක්‍රියාත්මකය. දැනටමත් වාර්තා නොවන ප්‍රමාණයක්‌ එසේ වනසා දමා ඇති බව අපේ විශ්වාසයයි.
 
 ත්‍රිකුණාමලය, සෝමපුර හෙවත් සාම්පූර් ප්‍රදේශයේ සිදුකරන ලද පුරාවිද්‍යා කැණිම්වලින් මෑතක සොයාගත් චෛත්‍යයක නටඹුන් සම්පූර්ණයෙන්ම විනාශ කර දමා තිබුණේ ඩෝසර් යන්ත්‍ර භාවිතයෙනි. උතුර නැගෙනහිර ප්‍රදේශවලින් මෙවැනි සිදුවීම් වාර්තා වූ පළමු අවස්‌ථාව මෙය නොවන අතර එසේ වාර්තා වූ බොහෝ සිදුවීම්ද කවර හේතුවක්‌ නිසා හෝ බොහෝ දෙනෙකුට අමතකව තිබේ. නොඑසේ නම් බලෙන්ම අමතක කරවා තිබේ.
 
 ඇත්තම කතාව නම් මේ රටේ කවර හෝ ස්‌ථානයක හෝ කැණීම් කටයුත්තක්‌ කළහොත් පැරණි වෙහෙර විහාර නටඹුන් පැරණි රාජධානිවල නටඹුන් මතුවීම වැළැක්‌විය නොහැක. අපේ කල්පනාව නම් මේවා සිංහල බෞද්ධ ජනතාව සතු උරුමයන්ය. එපමණකින් නොනැවතී එය ලෝක උරුමයන් බවටද පත්වූ බව නැවත නැවතත් සිහිපත් කළ යුතු නැත. අතීත උරුමය යනු ඕනෑම රටක අනාගතය තීරණය කරන සාධකයෙකි. ඒ අතීත උරුමය තුළ බොහෝ සංස්‌කෘතික කාරණා ශිෂ්ඨාචාරය සම්බන්ධව බොහොමයක්‌ කරුණු සැඟව තිබේ. මේ අමු අමුවේ විනාශ කර දමන්නේ ඒ උරුමයයි. නිවැරදිව කිවහොත් 1940 පුරාවිද්‍යා ආඥ පනතට අනුව පුරාවිද්‍යා වටිනාකමක්‌ ඇති තැන් විනාශ කිරීම ඇප ලබා නොදෙන වරදකි. එසේ තිබියදීත් මෙවැනි විනාශකිරීම් ගැන වගකිවයුත්තන්ගේ උදාසීන පිළිවෙත ගැන අපට ඇත්තේ පුදුමයකි. (ඉතිහාසය විෂයය පවා පාසල් පෙළ පොතෙන් ඉවත් කිරීමට තැත් දරන යුගයක මෙවැනි දෑ සිදුවීම ගැන එක අතකින් පුදුම විය යුතුද නැත.) ඇත්ත වශයෙන්ම මේ සිදුවෙමින් තිබෙන්නේ ඉතිහාසය අතුගා දැමීමේ මූලික ව්‍යාපෘතිවල අයහපත් ප්‍රතිඵල ඇස්‌ පනාපිටම දකින්නට ලැබීමය. කොටින්ම කීවොත් මෑත පරම්පරා කිහිපයකම දරුවන්ට ඉතිහාසය ගැන පුළුල් අවබෝධයක්‌ නැත. ඉතිහාසය යනුවෙන් විෂයයක්‌ තිබූ පමණින් එය ප්‍රායෝගික තලයේ කාරණයක්‌ වන්නේ නැත. ඊට ලැබිය යුතු තැන පිළිබඳව නිසි අවබෝධයක්‌ ලැබෙන්නේ නම් කවරෙකු වුවද මෙවැනි විනාශයකට ඉඩ තබන්නේ නැත.
 
 කිසිවෙකුත් එවැනි විනාශ කිරීමකට ඉදිරිපත් වන්නේද නැත. කොහොමත් ඊනියා සතර දිසා බලමුළුවලටත්, බෙදුම්වාදී කල්ලිවලටත් එවැනි විනාශ කිරීමක අවශ්‍යතාව තිබෙන බව සිහිතබා ගත යුතුය. ඒ ඉතිහාසය බිඳලා දැමීම ඔවුන්ගේ පටු අරමුණු සාක්‌ෂාත් කරගැනීමට වැදගත් වන හෙයිනි.

පුංචි ඡන්දයට දින නියමව ඇත්තේ පෙබරවාරි දහවැනිදාටය. "කට්‌ටිය" දැන් වැඩ පටන් ගෙන තිබේ. අප "කට්‌ටිය" යෑයි කීවේ මැතිවරණ කොමසාරිස්‌වරයා ඇතුළු සියලුම නිලධාරීන්ට නොවේ. අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ටද නොවේ. පොලිස්‌ දෙපාර්තමේන්තුවේ අයටද නොවේ. වැඩ පටන් ගෙන තිබෙන්නේ ඡන්ද අපේක්‌ෂකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන්ය. ඒ උදවිය කොහොමත් වැඩ පටන් ගත යුතු නිසා එය අලුත් කතාවක්‌ නොවේ යෑයි යමෙකුට සිතෙන්නට පුළුවන. ඇත්තටම කල්පනා කළොත් මේ කියන "වැඩ" වල ස්‌වභාවය අනුව අප කියන දේ තේරුම්ගත හැකිය. පසුගිය දිනවල වාර්තා වූ කාරණා කිහිපයක්‌ උපුටා දක්‌වමින් විස්‌තර කළොත් ඒ මෙසේය.
 
 පොලිස්‌ මූලස්‌ථානය හා මැතිවරණ නිරීක්‌ෂණ සංවිධානය වාර්තා කරන පරිදි මේ වනවිට මැතිවරණ පැමිණිලි 186 ක්‌ වාර්තා වී තිබේ. ඒ අතර නීති විරෝධී ලෙස භාණ්‌ඩ බෙදා හැරීම, නීති විරෝධී පෙළපාලි ද වාර්තා වේ. ඊටත් අමතරව මේ මැතිවරණය ආරම්භ වීමත් සමගම දකින්නට ලැබෙන ප්‍රධාන කාරණයක්‌ද වේ. ඒ අපේක්‌ෂිකාවන්ගෙන් ලිංගික අල්ලස්‌ ගැනීම, ලිංගික හිංසා ක්‍රියා පිළිබඳ වාර්තාවීම්ය. (මෙවර මැතිවරණයට කාන්තා ප්‍රතිශතය වැඩි කිරීමක්‌ සිදු වූ බව නැවත සිහිපත් කරමු.) ඒ අනුව මැතිවරණය ප්‍රකාශයට පත් වූ දින සිට මේ දක්‌වා කාලය තුළදී අපේක්‌ෂිකාවන්ගෙන් ලිංගික අල්ලස්‌ ලබා ගැනීම හා ලිංගික හිංසා ක්‍රියා පිළිබඳ පැමිණිලි 6 ක්‌ ලැබී තිබෙන බව මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා නිරීක්‌ෂණ මධ්‍යස්‌ථානය වාර්තා කර තිබේ. ඇත්ත වශයෙන්ම බැලුවොත් පසුගිය කාලයට වඩා මෙවර එවැනි තත්ත්වයක්‌ දකින්නට ලැබීම ගැන පුදුම විය යුතු නැත. අප කල්පනා කළ යුත්තේ මැතිවරණ සමයකදී මෙසේ නම් පස්‌සෙන් පහු කුමන දෙයක්‌ සිදු වේද යන්න ගැනය. ලිංගික හෝ වේවා කුමන ආකාරයක හෝ අල්ලස්‌ ගැනීම මෙන්ම අල්ලස්‌ දීමද වරදකි. දැන් ගෙඩි පිටින් සිදු වන්නේ එවැනි දැය. ඊයේ (25 දා) "දිවයින" මුල් පිටුවේ පළ වූ ප්‍රවෘත්තියක සඳහන්ව තිබුණේ මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්‌ෂිකාවකගේ සැමියා රජයෙන් සහන මිලට ලැබුණු පොහොර මිටි තොගයක්‌ එම ප්‍රදේශයේ තෝරා ගත් ගොවීන් පිරිසකට බෙදා දීමට සූදානම් වූ මොහොතේ එම පොහොර තොගය පොලිසිය භාරයට ගත් බවය. එම අපේක්‌ෂිකාවගේ සැමියා කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාරවරයකු ලෙස රජයේ සේවයේ කටයුතු කරන්නෙකි. කවුරු කළත් මේ සියල්ල වැටෙන්නේ අල්ලස්‌ ලබාදීමේ කොටසටය. එය සරල කාරණයක්‌ නොවේ. ඡන්දය කිට්‌ටු වූ සැණින් රෙදි බෙදා දීම්, උදලු තල බෙදා දීම්, (නව යුගයට සරිලන ලෙස ජංගම දුරකථන පවා පසුගිය මැතිවරණවලදී බෙදා දුන් බව සිහිපත් කළ යුතුය.) සෙවිලි තහඩු බෙදා දීම් මේ ආදී වශයෙන් බෙදන්නට හැකි බොහෝ දේ බෙදා දීම ඒ අතර වේ. මේවා ගැන කියන විට කියවෙන අනිවාර්යය කාරණයක්‌ තිබේ. ඒ "අපේ කාලයේ විතරක්‌ නොවෙයි, පසුගිය ආණ්‌ඩුවෙනුත් දුන්නා" යන්නයි. මෙය කිසිවිටෙකත් සාධාරණ හෝ සදාචාරාත්මක පිළිතුරක්‌ නොවේ. එවැනි කතා කියන කවර හෝ අපේක්‌ෂකයකු හෝ එවැනි ක්‍රියාවල යෙදෙන කවර හෝ අපේක්‌ෂකයකු ප්‍රතික්‌ෂේප කිරීම ජනතාවගේ වගකීමකි. (කවරාකාරයක හෝ) අල්ලස්‌ ගත් හෝ අල්ලස්‌ දුන් අපේක්‌ෂකයකු ජනතා නියෝජිතයකු ලෙස පත් කර ගැනීමෙන් ජනතාවට ඇති සෙතක්‌ නැත.

ආවා කල්ලියේ භීතියෙන් පෙළුණු යාපනයේ ජනතාව දැන් අමනුෂ්‍ය බියකින් පෙළෙන බව වාර්තා වේ. මේ භූත බිය නිසා යාපනය වැසියෝ බලවත් මානසික පීඩනයකට පත්ව සිටින බව ඊයේ අප පුවත්පතේ මුල් පුවතින් වාර්තා කර තිබිණි. කාලයෙන් කාලයට විවිධ බියකරු සිද්ධීන් උතුරෙන් අසන්නට දකින්නට ලැබෙයි. මේ භූත බියෙන් යාපනය වැසියන් ගලවා ගත හැක්‌කේ කාටද? උතුරු මහ ඇමැති විග්නේෂ්වරන්ට මේ ප්‍රශ්නය විසඳිය හැකිද? ඔහු අනිවාර්යයෙන් ම මේ ප්‍රශ්නය විසඳීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ බලාපොරොත්තු විය හැකිය.
 
 යාපනය ජනතාව බියෙන් පෙළෙද්දී රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ කුමක්‌ද? පසුගිය යුද්ධයේදී දෙමළ ජනයා ලක්‍ෂ දෙකක්‌ ඝාතනය වී ඇති බවත්, 2005 ජනපතිවරණයේදී දෙමළ ජනතාව ඡන්ද වර්ජනය නොකළා නම් ප්‍රභාකරන් ද තවමත් ජීවතුන් අතර සිටිනු ඇති බවත් ය. ලංකා ආණ්‌ඩුව යුද අපරාධ උගුලෙන් ගැලවීමට උත්සාහ කරද්දී යහපාලන ආණ්‌ඩුවේ රාජ්‍ය ඇමැතිනිය පවසන්නේ කුමක්‌ද? යුද්ධය නිසා ලක්‍ෂ දෙකක දෙමළ ජනතාවක්‌ මරණයට පත්වී ඇති බවයි. යාපනය සඳහා තරගවදින එක්‌සත් ජාතික පක්‍ෂය පළාත් පාලන නියෝජිතයන්ගේ නාමයෝජනා භාරදීමෙන් පසුව විජයකලා මහත්මිය මේ කරුණු අනාවරණය කර ඇත. ඇමැතිනිය යළි ප්‍රභාකරන් සිහිකරන්නේ තම පක්‍ෂයට වාසි ලබා ගන්නද?. නැත්නම් දෙමළ ජනතාව යළිත් ජාතිවාදී උගුලකට තල්ලු කිරීමට ද. 2005 ජනාධිපතිවරණය ගැන යළි සිහිකිරීමේ ඇති ඵලය කුමක්‌ද? එය ඉතිහාසයට එක්‌ වී හමාරය. නමුත් ප්‍රභාකරන්ගේ මිනී වළ යළි හෑරීමට මේ රාජ්‍ය ඇමැතිනියට අවශ්‍ය වී තිබෙන බව නම් පැහැදිලිය. ප්‍රභාකරන්ගේ අවතාරය නම් යාපනයේ සැරිසරනවාට ඇය අකැමැති නොවනු ඇත. ඒ පිළිබඳ යාපනය ජනතාව සතුට පළකරයිද?
 
 එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන් නිරන්තරව ලංකාවට එති යති. ඔවුන් බලාපොරොත්තු වන්නේ ලංකා රජය කෙසේ හෝ යුද අපරාධ උගුලට හිර කිරීමය. ඒ සඳහා විජයකලා ඇමැතිවරියගේ ප්‍රකාශවලින් යළිත් උද්දීපනයක්‌ ලැබෙයිද?
 
 ප්‍රභාකරන් අහිමි වීම ගැන කතා කිරීමෙන් ඇය බලාපොරොත්තු වන්නේ තම පක්‍ෂයට ලැබෙන ඡන්ද ප්‍රමාණය වැඩිකර ගැනීමට විය හැකිය. දෙමළ සන්ධානය ද ප්‍රමුඛ සටන් පාඨය ලෙස තෝරා ගන්නේ කොටි අවතාර ගැන බව සහතිකය. එසේ නම් මෙවර උතුරේÊපළාත් පාලන මැතිවරණයේදී ප්‍රමුඛ සටන් පාඨය වන්නේ ප්‍රභාකරන් ද?
 
 විජයකලා මහත්මිය මීට පෙර අවස්‌ථාවල ද ප්‍රභාකරන්ගේ ගුණ වැයුම් සිදුකළ බව අපි දනිමු. විද්‍යා සිසුවිය ඝාතනයෙන් පසු මේ රාජ්‍ය ඇමැතිනිය ප්‍රකාශ කළේ කොටි පාලන කාලයේදී යාපනය කාන්තාවන් වඩා ආරක්‍ෂිත වූ බවයි. කොටි මරාගෙන මැරෙන බෝම්බකාරියන් ගැන විජයකලා නිහඬය. එසේම පාසල් යද්දී බලහත්කාරයෙන් කොටි සංවිධානයට බඳවා ගත් සිය ගණන් දරුවන් ගැන ඇය කිසිවක්‌ ප්‍රකාශ කරන්නේ නැත. නමුත් විද්‍යා සිසුවිය දූෂණය කර මරා දැමුවේ දෙමළ ජාතිකයන් පිරිසක්‌ ම විසිනි. මේ ඇමැතිනිය ප්‍රභාකරන්ගේ අවතාරයට පූජා පැවැත්වීම ගැන දකුණේ ජනතාව නම් සතුටු නොවනු ඇත.
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles