Divaina - Kathuwakiya

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

බැඳුම්කර කොමිසම ගැන බොහෝ දෙනා උනන්දුවෙති. මහ දවාලේ මහ බැංකුව හොරා කෑ විස්‌තර එකින් එක හෙළි වී ඇත. එහිදී රුපියල් ලක්‍ෂ සිය ගණනින් පගාව ලබා දුන් අයුරු ද හෙළි විය. ලක්‍ෂ සිය ගණනින් පගාව දුන්නද, පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ලාභ ලබා ඇත්තේ රුපියල් බිලියන ගණනිනි. පගාව රටම වෙලාගෙන ඇත. ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් පැතිර ඇති මාරක වෛරසයක්‌ ලෙස පගාව හැඳින්විය හැක. මැතිවරණ කාලයේදී ඡන්දය වෙනුවෙන් අමු අමුවේ පගාව දීම සිදු කෙරේ. එය මැතිවරණ නීති කඩකිරීමකි. ඉන්දියාවේ නම් මැතිවරණ අල්ලස්‌ ලෙස වර්ණ රූපවාහිනි බෙදා දුන් පුවතක්‌ ද පසුගියදා අසන්නට ලැබිණි. එහෙත් වර්තමානයේ නම් පගාව දෙන්නටවත් ඉක්‌මනින් මැතිවරණයක්‌ පවත්වන පාටක්‌ ඇත.
 
 ඊයේ එක්‌ ජාතික පුවත්පතක ප්‍රධාන ඡායාරූපය වූයේ රුපියල් පන්දාහේ, දාහේ හා පන්සියයේ නෝට්‌ටු සිය ගණනක්‌ පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරියකු විසින් මේසයක අසුරන අයුරුය. මේ මුදල් මොනවාද? විශේෂ කාර්ය බළකා නිලධාරියාගේ පඩි සල්ලි නම් නොවේ. විශේෂ කාර්ය බළකා නිලධාරීන් පසුගිය දිනක කේරළ ගංජා කිලෝ හතරක්‌ සමඟ පුද්ගලයන් සිවුදෙනෙක්‌ අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ එයින් බේරීම සඳහා මේ ජාවාරම්කරුවන් ලක්‍ෂ තුනක පගාවක්‌ දීමට උත්සාහ කර ඇත. නීතියේ රැහැනින් මිදීමට ලක්‍ෂ තුනක්‌ විසි කළ ද විනයගරුක මේ නිලධාරීහු මේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගත්හ. ඡායාරූපයේ දැක්‌වෙනුයේ ඒ පගා මුදල්aය. විශේෂ කාර්ය බළකා නිලධාරීන් විශද කළ මේ ගුණය අප සැවොම අගය කළ යුතුය. මුදලට ඔවුහු සිය ගරුත්වය පාවා නොදුන්හ. බොහෝ ජාවාරම්කරුවන් නීතියට වැලි ගසා පැන ගන්නේ යහමින් සල්ලි විසි කරමිනි. බොහෝ දෙනා මුදලට වසඟ වෙති. ජාවාරම්කරුවන්ගෙන් අත යටින් මුදල් ලබාගෙන නීතියෙන් මුදවති. නමුත් මේ විනයගරුක නිලධාරීහු එසේ නොවූහ. ලේ වැකුණු මේ මුදල් පිළිsගන්නට ඔවුහු අකමැති වුහ. කේරළ ගංජා ජාවාරම දැන් ඉතා සරුවට සිදු වේ. රට පුරා කෝටි ප්‍රකෝටි ගණනින් වැයකර මේ ජාවාරම සිදුවන අන්දම දැක ගත හැකිය. රටින් මත් උවදුර තුරන් කිරීමේ කාර්යයට ප්‍රමුඛව අත ගසා සිටින විශේෂ කාර්ය බළකා නිලධාරීහු සමස්‌ත රාජ්‍ය සේවයටම වැදගත් ආදර්ශයක්‌ පෙන්වා දී ඇත. එය පොලිස්‌ දෙපාර්තමේන්තුවට ද ආඩම්බරයකි. මේ නිලධාරීන්ගේ විනය ගරුක භාවය රටේ ඉහළ විධායකයේ පවා අවධානයට යොමුවිය යුතු සේම ඔවුනට නිසි ඇගයුමකට ද ලක්‌විය යුතු ය.
 
 පගාව පරාජය කළ මේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඇගයීමට ලක්‌ කළ යුතු වන්නේ සමස්‌ත රාජ්‍ය සේවයටම ආදර්ශයක්‌ ලබා දීම සඳහා ය. එයින් රටටත් වඩා යහපත් පණිවුඩයක්‌ සැපයේ. සැම විටම මුදල් පසුපස යන සමාජයක ඒ සියල්ල පරයා උඩුගං බලා පිහිනන නිලධාරීන් ද සිටින බව රටම දැන ගත යුතුය. බැඳුම්කර වෙන්දේසියේදී ඔත්තු සපයා කෝටි ගණනින් මුදල් ඉපයූ රාජ්‍ය සේවකයන් සිටින රටක මෙවැනි ආරක්‍ෂක අංශ සාමාජිකයන් ගැන අසන්නට ලැබීමම සතුටකි. එදත් එදත් හෙටත් පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සිය හැකියාව දක්‍ෂකම මනාව ප්‍රකට කළා සේ ම සිය ගරුත්වය කිසි විටක පාවා නොදුන් බව පැහැදිලිය. ඒ නිසාම ඔවුනට පගාව පරාජය කළ හැකි විය.
  

බඩු මිල අහස උසට නැඟ තිබීම නිසා රටේ ජනතාව දැඩි අසීරුවට පත්ව සිටිති. සාමාන්‍ය සම්බා සහල් කිලෝවක මිල මේ වන විට රුපියල් සියය පසු කර තිබේ. පොල් ගෙඩියක මිල රුපියල් සියයකි. අත්‍යවශ්‍ය මිල ගණන් මෙලෙස ඉහළ යද්දී ආණ්‌ඩුව ඒ සම්බන්ධයෙන් කිසිදු සාධනීය පියවරක්‌ ගත් බවක්‌ නො පෙනේ.
 
 සහල්වල පාලන මිල ඉවත් කිරීම නිසා සහල් මිල අහස උසට ඉහළ ගොස්‌ තිබේ. ආණ්‌ඩුව හිටි අඩියේම සහල්වල මිල පාලනය ඉවත් කිරීමේ හේතුව තවමත් පැහැදිලි නැත. ආණ්‌ඩුව සතොස හරහා අඩු මිලට සහල් අලෙවි කරන බව පැවසුවද එය තවමත් සාර්ථක වී නැත. රට පුරා සතොස අලෙවිසල් 370 හරහා පමණක්‌ මෙය සිදු කළ නොහැක. අනෙක්‌ අතට රට පුරා ඉල්ලුමට සරිලන සහල් සැපයුමක්‌ තනිවම කරන්නට හැකියාවක්‌ සතොස ආයතනයට නැත.
 
 දැන් රටට අවශ්‍යව ඇත්තේ රට පුරාම කිසියම් පාලන මිලක්‌ යටතේ සහල් අලෙවි කරන ක්‍රමවේදයක්‌ සෑදීමය. අනෙක්‌ අතට විවිධ නම්වලින් එකම සහල් වර්ගය අලෙවි කිරීම වැළැක්‌වීමට වහා පියවර ගත යුතුව තිබේ. එනම් සම්බා සහල් වලට පනවන පාලන මිල සියලුම සම්බා වර්ග වලට අදාළ විය යුතුය. කැකුළු සහල් නාඩු සහල් ආදී සියල්ලටම එලෙස කළ යුතුය. එසේ නොමැතිව මේ සහල් මාµssයාව බිඳ දැමිය නොහැක.
 
 පොල් මිල ඉහළ යැම පාලනය කරන්නටද රජය ගත් ක්‍රියාමාර්ග සාර්ථක වී නැත. පාට කරන ලද පොල් රුපියල් 65 බැගින් මිලදී ගත හැකි බව ආණ්‌ඩුව කීවද එම මිලට පොල් කොතනකවත් මිලදී ගත නොහැක. මේ නිසා පොල් ගෙඩියක්‌ මෙරට විකිණිය හැකි උපරිම මිලක්‌ නියම කළ යුතුව තිබේ.
 
 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට ආණ්‌ඩුව බදු ගසන ආකාරයේ කිසිදු ක්‍රමවේදයක්‌ නොමැත. ආණ්‌ඩුවේ මුදල් අවශ්‍යතා අනුව ආණ්‌ඩුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලට බදු ගැසීම සිදු කරයි. දේශීය ගොවියා ආරක්‌ෂා කළ යුතු බවට විවාදයක්‌ නැත. එහෙත් ගොවියා පෙන්වමින් ආණ්‌ඩුව අත්‍යවශ්‍ය ආහාර වලට අධික බදු පැනවීම අනුමත කළ නොහැක.
 
 ජීවන වියදම අඩු කිරීමට සඳහා විවිධ කමිටු පත් කර තිබුණත් අඩුවූ ජීවන වියදමක්‌ නැති නිසා එම කමිටු විසුරුවා හැරිය යුතු බව ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පසුගිය කැබිනට්‌ රැස්‌වීමේදී පවසා තිබිණි. ආණ්‌ඩුවේම ඇමැතිවරු මේ පවසන සත්‍යය ආණ්‌ඩුවේම බොහෝ දෙනකුට තේරෙන්නේ නැත. එසේත් නැත්නම් මේ ආණ්‌ඩුව මැතිවරණ නොපවත්වන බැවින් ජනතා අමාරුකම් ගැන ඔවුන්ට වගේ වගක්‌ නැත.
 
 ජීවන වියදම අඩුකිරීම සඳහා වන ජීවන වියදම් කමිටුවට අමතරව තවත් කමිටු ගණනාවක්‌ ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇතත් ජීවන වියදම අඩු වී නැතැයිද එනිසා මෙම කමිටු විසුරුවා හැරීම සුදුසු බව ද අනුර යාපා ඇමැතිවරයා පෙන්වා දී ඇත. මෙහිදී ඇමැතිවරුන් අතර වචන හුවමාරුවක්‌ සිදුව තිබේ. බඩු මිල ගැන නියම තත්ත්වය දැන ගන්නට නම් වෙළඳපොළට පැමිණ මේ ගැන සොයා බලන්නට ආණ්‌ඩුවේ ප්‍රධානීන් කටයුතු කළ යුතුව තිබේ. එසේ නොමැතිව වීදුරු කාමරවල සිට තීරණ ගෙන මාධ්‍ය නිවේදන නිකුත් කළ පමණින්a බඩු මිල අඩු නොවේ.
 
 සහල් පොල් ඇතුළු කෘෂි නිෂ්පාදන රැසක මිල ඉහළ යැමට හේතුවී ඇත්තේ ප්‍රමාණවත් අස්‌වැන්නක්‌ නොලැබී යැම බව ද ඊට හේතුව නිසි පරිදි පොහොර නොදීම බවද පැවසේ. පසුගිය ආණ්‌ඩුව ලබාදුන් පොහොර සහනාධාරය නැවත්වීම නිසා මේ තත්ත්වය උද්ගතවී තිබේ. මේ නිසා නිසි ක්‍රමවේදයක්‌ යටතේ ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දීමට වැඩපිළිවෙලක්‌ නැවත ආරම්භ කළ යුතුව තිබේ.
 
 ආණ්‌ඩුව බඩු මිල ප්‍රශ්නය වහා විසඳිය යුතුව තිබේ. අඩුම තරමින් අවම ජීවන තත්ත්වයක්‌ පවත්වා ගනිමින් නොමැරී ජීවත් විය හැකි තත්ත්වයක්‌වත් ජනතාවට ලබාදිය යුතුව තිබේ. අහස උසට බලාපොරොත්තු හා විවිධාකාර පොරොන්දු ලබාදී බලයට පැමිණි යහපාලන රජයෙන් ජනතාව මීට වඩා බොහෝදේ බලාපොරොත්තුවූ බව ආණ්‌ඩුව මතක තබාගත යුතුය.

 

 

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා උතුරේ සංචාරය කරනවිට නිරන්තරව ඔහු පිළිගැනීමට පැමිණෙන උතුරු මහඇමැති විග්නේෂ්වරන් මහතා පසුගිය සතියේ නම් රාජ්‍ය නායකයා පිළිගැනීමට පැමිණ සිටියේ නැත. විග්නේෂ්වරන් ජනපතිවරයා සමග උරණ වී සිටීද? දෙමළ සන්ධානය ජනපතිගේ උතුරේ සංචාරය වර්ජනය කිරීමේ තීරණය අනුව යමින් උතුරු මහ ඇමැතිවරයා හින්දු විද්‍යාලයේ පැවැති දෙමළ දින උත්සවයට නොපැමිණියේද? ත්‍රස්‌තවාදී සැකකරුවන් නිදහස්‌ නොකිරීම සම්බන්ධව උතුරු පළාත් සභාවම අමනාපයෙන්a සිටින බව පෙනේ. එහෙත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිදහස්‌ කිරීමට වගකිව යුතු ආණ්‌ඩුවකට හැකියාවක්‌ තිබේද?

දෙමළ සිරකරුවන්ගේ ප්‍රශ්නය කවරක්‌ වෙතත් උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා යළිත් දෙබරයකට ගල් ගසා ඇත. ඒ අනුරාධපුර බන්ධනාගාරයට නොවේ. මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් මේ හිටපු ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ උතුරු නැගෙනහිර අනාගමික කළ යුතු බවයි. ලංකාව සම්පූර්ණ බෞද්ධ රාජ්‍යයක්‌ බව සිදුකරන ප්‍රකාශ තමා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරන බවත් හෙතෙම අවධාරණය කරයි. ශ්‍රී ලංකාව සම්පූර්ණ සිංහල බෞද්ධ රටක්‌ යෑයි කරන ප්‍රකාශය ඉතිහාසය වැරදි ලෙස කියවීමක්‌ය යන්න උතුරු මහ ඇමැතිගේ අදහසය. 2013 දී මහඇමැති ධුරයට පත් වූ දා සිටම විග්නේශ්වරන් අනුගමනය කළේ උග්‍ර සිංහල බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියකි. දෙමළුනි නැගිටිව් යනුවෙන් උද්ඝෝෂණ පැවැත්වූවේ ද හර්තාල සංවිධානය කළේද උතුරෙන් බුදු පිළිම ඉවත් කිරීම මෙන්ම හමුදාව ඉවත් කිරීම සඳහා ය. මේ ඉලක්‌ක සාර්ථක නොවීම නිසා මහ ඇමැතිවරයා යළිත් වරක්‌ සිය ජාතිවාදී ව්‍යාපාරය ආරම්භ කර ඇත. රටක විශේෂ පළාතක්‌ හෝ දෙකක්‌ පමණක්‌ අනාගමික කළ හැකිද? උතුරු නැගෙනහිරට පමණක්‌ විශේෂ නීති සම්මත කළ හැකිද? මේ ප්‍රදේශ අනාගමික කිරීමෙන් දෙමළ හින්දූන්ට යම් සාධාරණයක්‌ ඉටුවේද?

උතුර නැගෙනහිර පළාත්වල බහුතරය බෞද්ධයන් නොවන නිසාම ඒ පළාත් අනාගමික කළ හැකිද? එසේ නම් රටේ සෙසු පළාත්වල රාජ්‍ය ආගම බුද්ධාගම කළ හැකිද? මෙරට බෞද්ධයන් කිසි විටක බුද්ධාගම රාජ්‍ය ආගම කරන්නැයි ඉල්ලා නැත. නමුත් ඔවුන් රට අනාගමික කිරීමට බරපතළ ලෙස එරෙහිව වෙති. නව ව්‍යවස්‌ථාව හරහා රට අනාගමික කිරීමේ කුමන්ත්‍රණයක්‌ද සිදුවන බවට මෙරට බහුතරය තුළ සැකයක්‌ මතුව තිබේ. විග්නේෂ්වරන්ගේ නිවේදන හරහා තහවුරු වන්නේ එවන් සැක සංකාද?

දෙමළ භාෂාව කතා කරන ජනතාව පවා මෙරට බෞද්ධ රාජ්‍යයක්‌ වීම ගැන උරණ වන්නේ නැත. දෙමළ හින්දුන් හා බෞද්ධයන් අතර යහපත් සබඳතාවක්‌ පවතී. එසේ නම් විග්නේශ්වරන් මේ උත්සාහ කරන්නේ හින්දුන් හා බෞද්ධයන් අතර බෙදීමක්‌ ඇති කිරීම සඳහා දැයි පැහැදිලි නැත.

උතුරු පළාත් මහ ඇමැතිවරයාගේ උග්‍ර බෞද්ධ විරෝධය නිසා සංහිඳියාව දොaරේ ගලා යන බව නම් පැහැදිලිය. උතුරු නැගෙනහිර පළාත් අනාගමික කිරීමෙන් සංහිඳියාව ඇති කළ හැකිද? මෙරට සංහිඳියාව ආරක්‍ෂා වූයේ බෞද්ධ සංස්‌කෘතිය නිසාය. උතුරේ කඳවුරුවල වෙසෙන හමුදා සාමාජිකයන්ට වන්දනාමාන කිරීම සඳහා බුදු කුටියක්‌ ඉදි වුවද උතුරු මහ ඇමැතිවරයා එය දකින්නේ බලවත් සංස්‌කෘතික ආක්‍රමණයක්‌ ලෙසය.

නිහඬ බහුතරයට එරෙහිව උතුරු මහඇමැතිවරයා බරපතළ කුමන්ත්‍රණයක්‌ ආරම්භ කර ඇති බව පැහැදිලිය. උතුරු නැගෙනහිර පළාත් පුරාම බෞද්ධ පුරාවස්‌තු නටබුqන් සිද්ධස්‌ථාන විසිරී පැතිරී ඇත. මේවායේ පූජනීය උරුමය බෞද්ධයන්ට අහිමි කර ඒවා වාර්ගික ශුද්ධකරණයට ලක්‌ කිරීමට මහ ඇමැති උත්සාහ කරන්නේද? විග්නේෂ්වරන් මහතා බහුතර ආගමික අයිතියට අත තැබීම සංහිඳියාවට කිසිසේත් ම ගැලපෙන්නක්‌ නොවේ.

පසුගිය දිනෙක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උතුරේ සංචාරයක නිරත වන කාලය අතරතුර යාපනයේ උද්ඝෝෂණයක්‌ පැවැත්විණි. එම උද්ඝෝෂණයේ මූලිකත්වය ගෙන සිටියේ පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් ඇතුළු පිරිසකි.

රටක ආර්ථිකයේ කොඳුනාරටිය වන්නේ මූල්‍ය වෙළෙඳපොළයි. නමුත් ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළ කෙතරම් දූෂණය වී ඇත්ද යන්න තේරුම් ගැනීමට පසුගියදා විභාගයට ගැනුණු බැඳුම්කර කොමිසමේ සාක්‍ෂි පමණක්‌ කියෑවීම හොඳටම ප්‍රමාණවත්ය. මේ මූල්‍ය වෙළෙඳපොළ තුළ රටේ ආණ්‌ඩු ලාභ ලැබීම කෙසේ වෙතත් ජාමෙ බේරාගත් ඉතිහාසයක්‌ අප දැක නැත.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles