Divaina - Kathuwakiya

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

සැබෑ රණවිරුවකු ලෙස බ්‍රිගේඩියර් ප්‍රනාන්දු රටට ආදර්ශයක්‌ දුන් බව බොහෝ දෙනාගේ අදහස විය. එහෙත් මෙරට විදේශ අමාත්‍යාංශයේ කළු සුද්දන් ලන්ඩන් මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකයාගේ සේවය අත්හිටුවීමට වහා ක්‍රියාත්මක විය. මෙය සිදුවූයේ කොටි ඩයස්‌පෝරාවේ වුවමනාවට දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරන්නට විය.

අධ්‍යාපන ඇමැතිවරයා පාසල්වලට දෙනවා යෑයි කී ටැබ් දීම නවතා ඇත. ටැබ් දීම නැවතීම ගැන හොඳ නරක දෙකම කතා කරති. ටැබ් ලබාදීම සඳහා රුපියල් බිලියන හතරක්‌ වෙන්කර තිබිණි. එය 2016 අයවැය යෝජනාවකි. බොහෝ අයවැය යෝජනා ක්‍රියාත්මක වූයේ නැත. යථාර්ථයක්‌ බවට පත්වූයේ නැත. එසේම ටැබ් යෝජනාවද ඉවත දමා ඇත.
 
 නමුත් ටැබ් දීමට වඩා කළයුතු වැඩ බොහෝ ඇත. මේ වසරේ මුලදී දඹුල්ල ප්‍රදේශයේ පාසලක පළමු වසර දරුවන්ගේ මව්පියන් හඬා වැටෙන අයුරු දක්‌නට ලැබිණි. ඔවුන් හඬා වැටුණේ තම දරුවන්ට ලැබුණු පන්ති කාමරය කූඩාරමක්‌ වීම නිසාය. පන්ති කාමරයක්‌ නැතිව දරුවන් ලතැවෙන රටේ ටැබ් දීම එක්‌ අතකින් විහිළුවකි. කෙසේ නමුත් දඹුල්ලේ දරුවන්ට වසරක්‌ ගත වන්නට පෙර පොලිසියේ මැදිහත් වීමෙන් නව පන්ති කාමරයක්‌ ලැබිණි. එය සතුටට කරුණකි. නමුත් මේ දරුවන්ට පහසුකම් ලබාදීමට අධ්‍යාපන බලධාරීන් මැදිහත් වූයේ නැත. මැදිහත් වූයේ හදවත උණු වූ කාරුණික මහත්වරුන් පිරිසකි.
 
 රටපුරා රජයේ පාසල් 10123 තිබේ. ඒවායේ ඉගෙනුම ලබන දරුවන්ගේ ප්‍රමාණය ලක්‍ෂ හතළිහ ඉක්‌මවයි. මේ සෑම සියලු දෙනාටම එකලෙස පහසුකම් සැලසීම රජයකට අපහසුය. ලංකාවේ පාසල් පන්සියයකට එකදු වැසිකිළියක්‌ හෝ නොමැත. තවත් පාසල් දෙදහස්‌ පන්සියයකට පිරිසිදු ජල පහසුව නැත. ටැබ් ලබාදීමට යොදන මුදලින් මේ පහසුකම් සපුරන්නේ නම් එය ටැබ් දීමට වඩා අගනේය. අප යථාර්ථයට මුහුණ දිය යුතු නොවේද?
 
 පාසලට දමා එන්නට සපත්තු කුට්‌ටමක්‌ නැති දරුවන් කොපමණ සිටීද? උදැසන බඩගින්නේ පාසල වෙත පැමිණෙන දරුවන්ගේ ප්‍රමාණය කොපමණද? එවන් ෙ€දනීය තත්ත්වයක්‌ රටේ තිබියදී ටැබ් බෙදීමෙන් සිසු දරුවන්ට යහපත සැලසෙන්නේ නැත. ගමේ පාසල හොඳම පාසල කිරීමේ වැඩපිළිවෙළද සාර්ථක වූ බවක්‌ පෙනෙන්නට නැත. එවන් තත්ත්වයක්‌ තුළ ටැබ් බෙදීම තුළින් පමණක්‌ දරුවන්ට ප්‍රඥව පහළ වේයෑයි සිතිය නොහැකිය. දරුවන් නවීන ලෝකයට හුරු කළ යුතු බව ඇත්තකි. ඒ වෙනුවෙන් සුහුරු පන්තිද සමහර පාසල්වල නිර්මාණය වී තිබේ.
 
 කොළඹ 7 පාසල්වල ඇති පහසුකම් ඈත පිටිසර ගම්වල ඇති ප්‍රාථමික පාසල්වල දැකිය නොහැකිය. පාසලට වැසිකිළියක්‌ නොමැතිව සුහුරු පන්ති කාමර සකස්‌ කළ නොහැකිය. එසේනම් ලංකාවේ සෑම පාසලක්‌ම සුහුරු පාසලක්‌ කරන්නට ටැබ් වෙනුවෙන් වෙන් කළ බිලියන හතර ලබාදිය හැකිය. එසේ නොමැතිව පාසලට වතුර ගෙන එන්නට කිලෝ මීටර් ගණන් පයින් යන දරුවන්ට ටැබ් ලබාදීමට වඩා ලබාදිය යුතු දේ තිබේ. යථාර්ථය ගැන අවබෝධයෙන් කටයුතු නොකර පාසල් අධ්‍යාපනය දියුණු කළ නොහැක.

දැන් රට තිබෙන්නේ සුනාමියක්‌, කුණාටුවක්‌ ආ ගාණටය. රටේ ජනතාව හිඳින්නේ "බ්‍රේකින් නිව්ස්‌" (BREAKING NEWS) මානසිකත්වයකය. දැන් සියල්ලන්ටම රටේ ප්‍රශ්න අමතකය. බඩු මිල ඉහළ යැම ගැන, රුපියල අව ප්‍රමාණය වීම දැන් මේ රටේ ප්‍රශ්න නොවේය. දැන් රටේ ජනතාවට බැඳුම්කරය ගැන වගේ වගක්‌ නැත. "අල්ලන්නට යෑයි කියන හොරු පිරිසක්‌" සිටි බවද සියල්ලන්ටම අමතක වී තිබේ. වෛද්‍ය ශිෂ්‍යයන් සයිටම් විරෝධී සටන නැවත ආරම්භ කරන බව කීවත් ඒ ගැන උනන්දුවක්‌ දක්‌වන කෙනෙක්‌ දකින්නට නැත. රටේ ගොවියාට පොහොර ප්‍රශ්නයක්‌ තිබුණු බව දේශපාලන අධිකාරියට අමතකය. ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට ජය මඟුල් කීවා සේ ඒ වාසිය ගන්නේ නිලධාරි පැලැන්තියය. ගොවි ප්‍රශ්න නොව රටේ කිසිදු ප්‍රශ්නයක්‌ වගකිවයුත්තන් කිසිවෙකුත් මායිම් කරන්නේ නැත. එකම උත්තරය "රටේ විශාල දේශපාලන අර්බුදයක්‌ මතුව ඇති නිසා, මේ මොහොතෙහි කිසිවක්‌ කළ නොහැකිය" යන්නය. රටේ ප්‍රශ්නයක්‌ නැති විටදීත් වගකිවයුතු අය ක්‍රියා කළේ ඔය ආකාරයටම නිසා ඒ ගැන එතරම් සිතිය යුතු නැත. කෙසේ හෝ මේ සියල්ල ඇත්තය. දැන් රටේ කිසිවක්‌ සිදුවන්නේ නැත. ඉලව් ගෙදරක්‌ වුව හත් දවසේ දානයෙන් පසු හොඳ අතට පෙරළෙන නමුත්, මේ රටේ පුංචි ඡන්දයෙන් පසු සිද්ධ වුණේ හත් දවසේ මඟුල් කෑමක්‌ය. ඒ ආණ්‌ඩුව නොව ඒකාබද්ධ විපක්‍ෂයය. එතැනින් එහාට සතියක්‌ ගතවූ පසු රට ඇත්තේ මළ ගෙදරක ස්‌වරූපයෙනි. රූපවාහිනි නාලිකාවල දේශපාලනඥයන්ගේ කතා ඇසෙන විට හිතෙන්නේ ඒ අය නොහඬා හඬන බවය. ඒ අය සමග එකතුවී රටේ ජනතාවද හඬා වැටේ. නොඑසේනම් එදා වගේ මොකක්‌දොa එකක්‌ වැටෙන කල් බලා හිටියා මෙන් ආණ්‌ඩුවක්‌ හදන පක්‍ෂය දෙස බලා සිටී.

පුංචි ඡන්දයේදී ජනතාව ඡන්දය භාවිත කළේ ආණ්‌ඩුව පෙරළන්නට නොවේ. වල් වැදී ඇති ගම හදන්නට ජනතා නියෝජිතයන් පත්කර ගන්නටය. එහෙත් දැන් ආණ්‌ඩුව කරන උදවියටත්, විපක්‍ෂයේ සියලුම පක්‍ෂවලටත්, රටේ ජනතාවටත් ඒ බව අමතක වී තිබේ. අවුරුදු ගණනාවක්‌ කල් ගතවී ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූයේ ගමට වැඩක්‌ කරගන්නට වුව දැන් සිදුව තිබෙන්නේ ඊටත් වඩා අලකලංචියකි. එක්‌කෝ ගම හැදිය යුතුය. නැතිනම් රට හැදිය යුතුය. දැන් කිසිවක්‌ සිදුවන්නේ නැත. රටේ පවතින දේශපාලන අස්‌ථාවරත්වය රටේ ඉදිරි ගමනට ඉතා නරක අන්දමින් බලපාන බව කිව යුතුය. එළැඹෙන මාර්තුවට පෙර තෙල් මිල හා විදුලිය මිල ඉහළ දැමිය යුතු බව මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන මීළඟ ණය වාරිකය මාර්තුවේ නිදහස්‌ කිරීමට පෙර එය සිදුකළ යුතු බව කියෑවේ. ඇත්තම ප්‍රශ්න, අර්බුද යනු ඒවාය. රටේ ජනතාවට දැනෙන එවැනි ප්‍රශ්න අමතක කර මෙවැනි දේශපාලන අර්බුදයක්‌ තොරොම්බල් කරමින් සිටීම ගැන ආණ්‌ඩුවත්, පක්‍ෂ විපක්‍ෂ කවර දේශපාලන පක්‍ෂයක්‌ වුව වරක්‌ දෙවරක්‌ නොව කිහිප වරක්‌ කල්පනා කළ යුතුය.

රුපියල රැකීම සඳහා මේ වසරේ මුල් මාසයේදී ඩොලර් මිලියන 194ක්‌ විදේශ වෙළෙඳපොළෙන් මිලදී ගත්බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර ඇත. වත්මන් දේශපාලන අස්‌ථාවරත්වය නිසා රුපියල බාල්දුවීම නැවැත්වීමට ඩොලර් මිලියන ගණනින් නොව බිලියන ගණනින් වැය කරන්නට වේ දැයි පැහැදිලි නැත. ආර්ථික විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ රට අස්‌ථාවර වීම විශේෂයෙන් දේශපාලන අස්‌ථාවර භාවය ආර්ථිකයට ඉතාම නරක අන්දමින් බලපාන බවයි.
 
 පොහොට්‌ටුව ජයග්‍රහණය කර දැන් සතියක්‌ ගතවී ඇතත් රටේ දේශපාලන ස්‌ථාවරත්වය ශක්‌තිමත් වී නැත. කවර පාර්ශ්වයකට රට යයි ද නැද්ද යන්න අවිනිශ්චිතය. මේ අවිනිශ්චිතභාවය රජ කිරීම පැතූ වෙනසද? වෙනස නිසා නම් සිදුව ඇත්තේ අරාජිකත්වයට පාර කැපීම නොවේද? රටේ නායකයා වශයෙන් ජනපතිවරයා පැහැදිලි තීන්දුවක්‌ ගත යුතුය. ඒ පැහැදිලි තීන්දුව මත අනාගතය රැඳී තිබෙන බව සටහන් කළ යුතුය. එසේ නොවන්නේනම් රුපියලට මුක්‌කු ගැසීමට මහ බැංකුවට මහත් වෙහෙසක්‌ ගැනීමට සිදුවනු ඇත. රුපියල බාල්දුවෙන් සිදුවන්නේ කවරක්‌ද?. සෑම භාණ්‌ඩයකම මිල ඉහළ යැම නොවේද? ජනතාව ආණ්‌ඩුqවට රතු එළි දැල්වූයේ ජීවන වියදම අහස උසට ඉහළ ගොස්‌ ඇති නිසාය. මේ දේශපාලන අස්‌ථාවර භාවය නිසාම තවදුරටත් අත්‍යවශ්‍ය භාණ්‌ඩවල මිල ඉහළ යැමේ අනතුර මතුව ඇත.
 
 වෙනදා නම් මහ මැතිවරණයක්‌ පවත්වා දින කිහිපයක්‌ ඉක්‌ම යන්නට මත්තෙන් ආණ්‌ඩුව පිහිටුවා කැබිනට්‌ මණ්‌ඩලය දිවුරුම් දී රට ස්‌ථාවරත්වයට පත් වේ. එහෙත් වෙනදා අත් නොදකින අමුතුම දේශපාලන අත්දැකීමක්‌ මෙවර දර්ශනය වේ. ජනවාරි 08 වැනිදා වෙනසින් පසුව ද රටේ අස්‌ථාවර භාවයක්‌ ඇතිවූයේ නැත. නමුත් ජනවාරි 08 වෙනස පෙබරවාරියේදී ලොප් වූ විට අවිනිශ්චිතභාවයක්‌ පැතිර යමින් තිබේ.
 
 ඇත්තෙන්ම මේ අවුල විස¹ ගත හැකි හොඳම මාර්ගය නම් මහා මැතිවරණයක්‌ කැඳවීමය. එසේ නොවන්නේ නම් රට එකතැන පල්වීම වැළැක්‌විය නොහැකිය. එවිට ඩොලරයක්‌ සඳහා රුපියල් දෙසීයක්‌ ගෙවන්නට වේ දැයි අපි නොදනිමු. මේ අස්‌ථාවරභාවය නිසා අයෝජකයන් ලංකාවට පැමිණෙයිද? කොටස්‌ වෙළෙඳපොළ බිඳ වැටෙන්නේ ද මේ අස්‌ථාවර භාවය නිසාය.
 
 යහපාලනය වෙනුවෙන් ඇතිකළ 19 වැනි සංශෝධනය නිසා සිදුව ඇත්තේ කුමක්‌ද? රටේ විධායකය සතු බලතල කප්පාදුව නොවේද? විධායකය අඩපණ වීම නිසා අගමැති ඉවත් කිරීම ගැන සෙවීමටත් නීතිවේදීන් පසුපස යන්නට සිදුව ඇත. එනිසාම මේ අස්‌ථාවරත්වයට 19 වැනි සංශෝධනයත් වගකිවයුතු නොවේද? පළාත් පාලන මැතිවරණයෙන් පසු ආරම්භ වී ඇති දේශපාලන නාටකය දෙස ජනතාව බලා සිටින්නේ කලකිරීමෙනි. ඒ මන්ද මේ දේශපාලන රැඟුම් ජවනිකා නිසා රට ස්‌ථාවරත්වයට ගමන් නොකරන නිසා ය. මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් එකතු කිරීම හැම පැත්තෙන්ම සිදුවේ. පිල්මාරු, නව සන්ධාන, නව විපක්‍ෂ නායක ගැන විවිධ කතා පැතිරේ. එහෙත් මේ නාටක වල අවසානයක්‌ නැත. මහජනතාව කියන්නේ කුමක්‌ද? කරන දෙයක්‌ ඉක්‌මනට කරපල්ලා කියා නොවේද?

ශ්‍රී ලංකා කණ්‌ඩායම අළු මතින් නැඟී සිටීමේ රහස වෙන කිසිවක්‌ නොව නව 'ක්‍රිකට්‌' පුහුණුකරු චන්දික හතුරුසිංහගේ ආගමනය බව 'ක්‍රිකට්‌' සුවඳ හඳුනන ඕනෑම පුද්ගලයකු හිස්‌මුදුනින් පිළිගන්නා සත්‍යයකි. චන්දික හතුරුසිංහ යනු ශ්‍රී ලංකාව විසින් නිෂ්පාදනය කරන ලද ගෝලීය සන්නාමයකි (Global Brand), නමුත් රටේ අවාසනාවට එම සන්නාමයට වටිනාකමක්‌ ලබාදෙන්නේ බංගලාදේශය විසිනි. ඉන්දියාවේ 'ද හින්දු' පුවත්පත වාර්තා කළ ආකාරයට 'බංගලාදේශයේ ක්‍රිකට්‌ රසවත් කළ ශ්‍රී ලංකා වට්‌ටෝරුව (Recipe)' යළිත් ශ්‍රී ලංකාවේ 'ක්‍රිකට්‌' රසවත් කිරීමට පැමිණ තිබේ. ශ්‍රී ලාංකිකයන්ට එම රසය විඳීමට සැලැස්‌වීම ක්‍රිකට්‌ පරිපාලකයන්ගේ වගකීමකි.

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles