Divaina - Kathuwakiya

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

හත් හැවිරිදි පියකරු දැරියක්‌ වූ සෙයිනාබ් ජීවත් වූයේ පකිස්‌තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ කසුර් නගරයේ ය. පසුගිය ජනවාරි 04 වැනිදා මේ දැරිය හදිසියේ අතුරුදන් වීම බොහෝ දෙනා විමතියට පත් කරන්නක්‌ විය. දින ගණනාවක්‌ තිස්‌සේ කරන ලද පරීක්‍ෂණවලින් අනතුරුව මේ කුඩා කු=මරියගේ දේහය හමුවිය. අතුරුදන් වී දින නවයකට පසුව ඇගේ සිරුර සොයාගත් අතර දරුණු වදහිංසනයට මෙන්ම දූෂණයට ද ලක්‌ කර සෙයිනාබ් ඝාතනය කර තිබිණි. මේ මරණයත් සමඟ මුළු පකිස්‌තානයම කැළඹෙන්නට විය. වහා මිනීමරුවා සොයා ගත යුතු යෑයි පොලිසියට බලකරමින් ජනයා වීදි බැසි අතර, රජයේ ආයතන හා දේශපාලනඥයන්ගේ නිවාසවලට ද ප්‍රහාර එල්ල විය. මේ මහජන පීඩනය හමුවේ මොහොමඩ් ඉම්රාන් අලි නම් පුද්ගලයා අත්අඩංගුවට පත් විය. සිදුකළ පරීක්‍ෂණ අනුව මොහු සෙයිනාබ් මෙන්ම තවත් දැරියන් අටදෙනකුගේ ඝාතකයා බව තහවුරු විය. එම නිසාම මේ ඝාතනය සිදු වී සති හයක්‌ යැමට ප්‍රථම 2018 පෙබරවාරි 18 වැනිදාම මේ ඝාතකයාට මරණ දඬුවම නියම විය. පකිස්‌තාන වැසියෝ සැනසුම් සුසුම් හෙලූහ.

සෙයිනාබ් ගැන සිහිකරන්නට සිදුවූයේ මන්ද?. ඉරණවිල සමිදුගම පදිංචිව සිටි නව හැවිරිදි සුසිත් නිර්මාල් දරුවා ද සැහැසි ලෙස ඝාතනය වී ඇති නිසා ය. සෙයිනාබ්ට අත් දකින්නට සිදු වූ කුරිරු ඉරණම අපේ සුසිත්ට ද උරුම විය. මෙය කිසිවකු සිහිනෙකින් හෝ ප්‍රාර්ථනා කළ දෙයක්‌ නොවේ. දින දෙකක්‌ තිස්‌සේ සුසිත් දරුවා අතුරුදන්ව සිටි අතර පසුව හමුවූයේ ප්‍රාණය නිරුද්ධ සිරුරය. මේ සිරුර දකිත්ම මවුපියන්ට ඇතිවන්නේ කවර හැඟීමක්‌ද?. මෙවන් විපත් කිසිවකුට ප්‍රාර්ථනා කළ යුතු නැත.

එහෙත් මේ අපරාධකරුවන්ට නම් උපරිම දඬුවම් ලබා දිය යුතුය. පකිස්‌තානයේ නම් මහජන නැගිටීම නිසාම ඉතා ඉක්‌මනින් අපරාධකරුවාට මරණ දඬුවම නියම විය. අපේ සමාජය ද මේ අපරාධ හමුවේ චූදිතයන්ට උපරිම දඬුවම් දිය යුතු බවට බලකළ යුතුය. නැත්නම් මේ දරුවා අපේ නොවේ යෑයි අහක බලා ගෙන සිටිය යුතුද?. එය කිසි විටෙක සාධාරණය කළ නොහැකිය. ළමා අපචාර සිද්ධීන් නිරන්තරව අසන්නට දකින්නට ලැබේ. වරදකරුවන් අත්අඩංගුවට ගත්තද මේවායේ අඩුවක්‌ නැත.

දෙමාපියන් ද තම දරුවන් ගැන දැඩි අවධානයෙන් සිටිය යුතුය. දරුවන් ඉබාගාතේ යන්නට ඉඩ දුනහොත් සිදුවන්නේ ෙ€දයක්‌ම පමණි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී දූෂණයට ලක්‌ව ඝාතනය වූ සේයා දැරිය ගැන රටම කම්පාවට ලක්‌විය. මේ දූෂකයන්ට එරෙහිව ජනතාව වීදි බසින්නට විය. එහෙත් දැන් බොහෝ දෙනෙකුට සේයා දැරිය අමතක වී තිබේ. සේයා දැරියගෙන් පසු බිලි වී ඇත්තේ සුසිත් ය. එහෙත් මේ විපත ඉන් පසු උරුමවන්නේ කාටද? මේ ගැන සමාජය විමසිල්ලෙන් සිටිය යුතුය.

අපේ ළමා පරපුර සුරක්‍ෂිත නොවේ නම් අනාගත පරපුරම අනාරක්‍ෂිත බව පැහැදිලිව සටහන් කළ යුතුය. එම නිසාම සුසිත්ගේ ඉරණම තව දරුවකුට උරුම විය යුතු නැත.

ආණ්‌ඩුවේ ජනප්‍රියතාව අඩු වීමට මේ උද්ඝෝෂණ බලපෑවේය. ආණ්‌ඩුව ජනහිතකාමීව කටයුතු කරන්නේ නම් උද්ඝෝෂණ විරෝධතා පෙළපාලි දකින්නට ලැබෙන්නේ නැත. යහපාලන ආණ්‌ඩුව මේ උද්ඝෝෂණ දෙස බැලුවේ උකටලීවය. ගත වූ වසර දෙකක කාලයේදී කොළඹදී උද්ඝෝෂණ 1414 ක්‌ පැවැති බවත් එයින් 341 ක්‌ සයිටම් විරෝධී උද්ඝෝෂණ බවත් ඇමැතිවරයා කියයි.

සිදු වෙනවා යෑයි කී කැබිනට්‌ වෙනසින් භාගයක්‌ සිදුව ඇත. ඉදිරියේදී තවත් වෙනස්‌කම් සිදුවන බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ඊයේ දින සිදුවූයේ එජාපයේ මැති ඇමැති තනතුරු වෙනස්‌වීම් කිහිපයක්‌ පමණි. සමහර ඇමැති තනතුරු හුවමාරුවක්‌ ද සිදුවිය. මේ හුවමාරුවලින් රටට යහපතක්‌ සිදුවේද? එළඹ තිබෙන අස්‌ථාවරත්වය නිමා වේද? කවරක්‌ නමුත් මේ වෙනසින් රටට යහපතක්‌ වනු ඇත්දැයි ජනතාව මහත් ඕනෑකමින් බලා සිටිති. පෙබරවාරි දහවැනිදා පැවැති පළාත් පාලන ඡන්දයෙන් යපාලනය දෙදරුම් කෑ නිසා මේ වෙනස සිදු වූ බව නම් පැහැදිලිය.

අගමැතිවරයා යටතට පොලිසිය පවරා තිබේ. නීතිය හා සාමය අමාත්‍යාංශයේ ඉදිරි ක්‍රියාකාරිත්වය කෙසේ වෙයිද? අපි බලා සිටිමු. මේ වෙනස ගැන ජනතාව කෙසේ වෙතත් යහපාලන ඇමැතිවරු ද සතුටට පත් නොවූ බව පැහැදිලය. රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා කළ ප්‍රකාශය ඊට හොඳම නිදසුනකි. ජනපති ලේකම් කාර්යාලයේ පැවැති කැබිනට්‌ සංශෝධනයට සහභාගි වී ආපසු යන අතරතුර ඔහු මාධ්‍යයට පවසන්නේ කුමක්‌ද? මේ වෙනස්‌ කිරීම කොමඩි නාට්‍යයක්‌ බවයි. මේ කොමඩි නාට්‍යයේ දෙවන කොටස ඉදිරියේදී විකාශ වනු ඇති බවත් ජනතාව මීට ප්‍රතිචාර දක්‌වමින් සිනහසෙයිද, හඬාවැටෙයිද, ගල් ගහයිද යන්න තමා නොදන්නා බව රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ජනතා අසහනය මෙන්ම ඇමැතිවරයා තුළත් අප්‍රසන්නභාවයක්‌ ගොඩනැඟෙන බව පැහැදිලිය. ආණ්‌ඩුවම ගිනියම් වී ඇති සෙයකි. ඇමැතිවරයා කියන අයුරින් කැබිනට්‌ සංශෝධනය කොමඩි නාටකයක්‌ නම් එහි බරපතළ හිඩැසක්‌ ඇති බව පැහැදිලිය. කොමඩි නාටක රඟදක්‌වා බඩපැලෙන්නට සිනහසිය හැකිය. නමුත් එයින් රටට යහපතක්‌ අත්වන්නේ නැත. කොමඩි නාටකවලින් අස්‌ථාවර රට ස්‌ථාවර වන්නේ නැත. කඩාවැටෙන රුපියල ශක්‌තිමත් වන්නේ ද නැත. රුපියල තවත් දුරට අස්‌ථාවර වන විට බඩේ පහර වදින්නේ සාමාන්‍ය පාරිභෝගිකයන්ටය. බඩගිනි සෑදුනු විට කොමඩි නාටක පෙන්වීමෙන් ඵලක්‌ නැත. මේවා කොමඩි නාටක යෑයි කියන්නේ අප නම් නොවේ රාජ්‍ය ඇමැති සේනානායකයි. එසේ නම් ආණ්‌ඩුවට එරෙහිව ආණ්‌ඩුව ඇතුළතින් ම බරපතළ විවේචන එල්ලවෙමින් පවතින බව පැහැදිලිය.

කැබිනට්‌ සංශෝධනයට සති දෙකකට අධික කාලයක්‌ ගතවිය. එහෙත් එය සම්පූර්ණ වී නැත. කඹ ඇදීමෙන් හෝ එකිනෙකාට පන්දුව පාස්‌ කිරීමෙන් රටට යහපතක්‌ සිදු නොවේ. මේ දේශපාලන දාදු ක්‍රීඩාව පිළිබඳව ඉදිරියේදී තව කී දෙනෙක්‌ මෙලෙස අදහස්‌ දක්‌වයිද යන්න පැහැදිලි නැත.

කෙසේ නමුත් පසුගිය 23 වැනිදා අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යවරුන් පිරිසක්‌ සමඟ පැවැති සාකච්ඡාවේදී කළ ප්‍රකාශය ඉතා වැදගත්ය. ආණ්‌ඩුවක්‌ ලෙස ජනතාවගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන් ඉටුකර දීමට නොහැකි වීම අගමැතිවරයාම පිළිගෙන ඇත. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ලැබුණු ප්‍රතිඵලය දෙස අවධානය යොමුකර වැරදි අඩුපාඩු සකස්‌ කර ගනිමින් ඉදිරියට යා යුතු බව ද එහිදී අවධාරණය කර ඇත. රජයක්‌ ලෙස ස්‌වයං විවේචනයක යෙදී වැරදි අඩුපාඩු හදා ගැනීමට තීරණය කිරීම අගය කළ යුතුය. මේ සියලු දේවල අවසානය විය යුත්තේ රටට, ජනතාවට දැනෙන වෙනසක්‌ සිදුකිරීමය.

සැබෑ ලෙසම විදුහල්පතිවරුන් වෙනුවෙන් මෙවැනි නායකත්ව පුහුණු වැඩමුළු පැවැත්වීම ප්‍රායෝගිකද යන්න සලකා බැලිය යුතුය. රෝහිණී කුමාරි අතපත්තු මහත්මිය 53 හැවිරිදි සිව්දරු මවකි. මෙම වැඩමුළුවට සහභාගි වූ අනෙක්‌ විදුහල්පතිවරුන් ද දරු මල්ලන් සිටින, විශ්‍රාම ලැබීමට සූදානම් ශරීරයකින් සිටින රාජ්‍ය සේවකයන්ය.

හැමදාමත් කියනවා මෙන් මේ ආණ්‌ඩුව තමන්ට තිබෙන ප්‍රශ්න මදිවාට රටේ ජනතාවටද හිත හිතා ඉන්නට ප්‍රශ්න නිර්මාණය කර දෙයි. ආණ්‌ඩුවට තිබෙන අර්බුද වහගන්නට එසේ කරනවා යෑයි කියන්නට තරම් අප සැහැසිවන්නේ නැති නමුදු පෙනෙන්නට තිබෙන්නේ එහෙම එකක්‌ය. මේ දිනවල රටේ ජනතාව අතර උභතෝකෝටික ප්‍රශ්නය වන්නේ ඇමැති මණ්‌ඩල සංශෝධනයයි. එය දැන් ආණ්‌ඩුවේ ප්‍රශ්නයක්‌ නොව ජනතාවගේ ප්‍රශ්නයක්‌ බවට පත්ව තිබේ. පාර්ලිමේන්තුවේ සිටින්නේ කවර මට්‌ටමේ සුදනකු වුව දුදනකු වුව පත්ව ඇත්තේ ජනතා ඡන්දයෙන් නිසා ජනතාවට එහෙම ප්‍රශ්නයක්‌ ඇති වීම සාධාරණය. ඒ අතරේ රටේ ජනතාවටත්, ආණ්‌ඩුවටත් (හිතා මතා හෝ) අමතකව යන ප්‍රශ්නයක්‌ අර්බුදයක්‌ තිබේ. ඒ "විගණන පනත් කෙටුම්පත" සම්බන්ධ ප්‍රශ්නයයි. මෑත කාලයේ සම්මත කර ගැනීමට තිබූ අණ පනත් නිකුත් කිරීමට තිබූ ගැසට්‌ නිවේදන අතර වැඩිම කාලයක්‌ "බාලගිරි දොaෂය" ලද පනත වන්නේ විගණන පනතයි. අද (27 දා) එම විගණන පනත් කෙටුම්පත වගන්ති හතරක්‌ ඉවත්කර එක්‌ සංශෝධනයක්‌ සහිතව කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව ඊයේ (26 දා) වාර්තා වී තිබිණි. විශේෂයෙන් කිව යුත්තේ වර්තමාන ආණ්‌ඩුව යටතේ එම කෙටුම්පත කැබිනට්‌ මණ්‌ඩලයට අවස්‌ථා හයකට වැඩි ප්‍රමාණයක දී ඉදිරිපත් කර ඇති බවය.

පසුගිය කාලයේ ජනාධිපතිවරයාම කී පරිදි කෙටුම්පතට අනුමැතිය නොමැති නිසා විගණන කොමිසම පැවතියේ අක්‍රීයවය. විගණන කොමිසම යනු යහපාලන ආණ්‌ඩුවේ ප්‍රධාන පොරොන්දු අතර එකකි.

වත්මන් ආණ්‌ඩුව දින සියයේ "මධුසමය" ගත කරන විට කඩිමුඩියේ ම 19 වැනි සංශෝධනය සම්මත කර ගත්තේය. ඒ අනුව විශාල සද්දයක්‌ දමා "විගණන කොමිසම" (පටලවා ගන්න එපා "විගණන පනත" නොවේ.) සම්මත කරන්නට යෙදුණේය. එහෙත් කොමිසමට කළ හැකි කෙන්ගෙඩියක්‌ නැත. කොටින්ම කීවොත් ඇල්ලුවාට හපන්නට බැරිය. ඊට හේතුව කොමිසම බලාත්මක වීමට නම් ජාතික විගණන පනත සම්මත කරගත යුතු වීමය. කලකට ඉහත දී ç ලංකා විගණන සංගමය කියා තිබූ පරිදි විගණන කොමිසමෙන් රටට සේවයක්‌ කිරීමට නොහැකි වුවද කොමිසම නඩත්තු කිරීමට මසකට රුපියල් ලක්‌ෂ 30 ක මුදලක්‌ වියදම් වේ. වංචාව දූෂණය නතර කරන්නට යයි කියමින් බලයට පැමිණි රජයක්‌ මෙවැනි සුදු අලි නඩත්තු කරන විටත්, වංචාව දූෂණය පිටු දකින්නට හැකි විගණන පනත ගෙන ඒමට පමා කරන විටත් රටේ ජනතාවට එය බරපතළ ප්‍රශ්නයක්‌ වීම සාධාරණය. ඇත්ත වශයෙන්ම විගණන පනත ගෙන ඒමෙන් සිදුවන්නේ දේශපාලනඥයා වේවා, රජයේ නිලධාරියා වේවා, වංචාවට, දූෂණයට යොමු වීමේ ඉඩකඩ වසා දැමීමය. එහෙත් විගණන පනත මේ තරම් කාලයක්‌ ප්‍රමාද කරන විට අපට හිතෙන්නේ ආණ්‌ඩුවටද මේ ගැන සැබෑ වුවමනාවක්‌ නැති බවයි. පළාත් පාලන ඡන්දයේදී රටේ ජනතාව ආණ්‌ඩුව කෙරෙහි සිය කේන්තිය මුදා හැරියේ මෙන්න මෙවැනි කාරණා නිසා බව ආණ්‌ඩුව සිහි තබා ගැනීම ඉදිරි අවුරුදු දෙකට වඩාත් යහපත්ය.

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles