Divaina - Kathuwakiya

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

වී ගොවියා ගසා කෑම යළිත් ආරම්භ වී ඇතැයි සමස්‌ත ලංකා ගොවිජන සම්මේලනය ප්‍රකාශ කර ඇත. සහල් මිල රුපියල් සියයට ආසන්න වෙද්දී ගොවියාගෙන් ගසා කෑම සිදු වන්නේ කෙසේද? මෙය ගොවි පුතුන් මුහුණ දෙන බරපතළ ඛේදයක්‌ නොවන්නේද? අනෙක්‌ අතින් පිටරටින් සහල් ආනයනය සිදු කරද්දී ගොවීන්ගෙන් රුපියල් 28-29 ට වී කිලෝව මිලදී ගැනීම ආරම්භ වී ඇතැයි ගොවිජන සම්මේලනය කියයි.

සෞදි අරාබියේ සේවයේ නිරතව සිටි ප්‍රියන්තා ජයසේකර නම් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට වෙඩි තබා ඝාතනය කර ඇගේ හාම්පුතාගේ පුත්‍රයාද වෙඩි තබාගෙන සිය දිවි හානිකරගත් පුවතක්‌ ඊයේ (14 දා) සියලු පුවත්පත් වාර්තා කර තිබිණි. මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් කාන්තාව ගාල්ලේ කටඹුරාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇයට දරුවන් තිදෙනෙකි. ඉන් දෙදෙනකු පාසල් යන වයසෙහි පසුවෙති. කොහොමත් මැදපෙරදිග රටක සේවයට යන කාන්තාවක්‌ කොළඹ හතෙන් සොයාගැනීමේ හැකියාවක්‌ නැත. කොළඹ හතේ කාන්තාවන්ට ඇති ප්‍රශ්න මැදපෙරදිග මෙහෙකාරකමට ගොස්‌ අනේක වධබන්ධනයන්ට හසුවන, ඇණ ගිල්ලවා අතපය කඩා දමන, මරාදමන, කාන්තාවන්ගේ ප්‍රශ්න වලට වඩා වෙනස්‌ය. බොහෝ විට කොළඹ හතේ කාන්තාවන්ට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය වන්නේ "ඊළඟ කාන්තා දිනයට සූදානම් වන්නේ කොහොමද?" යන්න පමණි. රටේ කාන්තා දිනය "උපන් දින සාදයකටත්" වඩා අපූරුවට සංවිධානය කරන්නේ ඒ උදවියයි.

අප මේ කතා කියන්නේ කොළඹ හතේ හෝ ඉහළ පැලැන්තියේ ජීවත්වන නෝනලා ගැන ද්වේෂයෙන් ඊර්ෂ්‍යාවෙන් නොවේ. සැබෑ තත්ත්වය හරි හැටි තේරුම් ගන්නටත්, අදාළ උදවියට තේරුම් කර දෙන්නටත් තාමත් මේ "කාන්තා සංවිධාන" වලට හෝ "කාන්තා නායකත්වයකට" හැකියාව ලැබී නැති නිසාය. මැදපෙරදිග ගොස්‌ මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් පළමු කාන්තාව ප්‍රියන්තා ජයසේකර නොවේ. එවැනි සිදුවීම් ගණනාවක්‌ පසුගිය කාලය පුරාම දිගින් දිගටම වාර්තා විය. එහෙත් අවාසනාවකට මෙන් "කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටිනවා" යෑයි කියන කිසිදු කාන්තා නියෝජනයකට මේ ගැන අදාළ අමාත්‍යාංශය සමඟ හෝ වගකිවයුතු ආයතන සමඟ සාකච්ඡා කරන්නට හැකියාවක්‌ ලැබී තිබුණේ නැත. ඒ ගැන පුදුම විය යුතු නැත. ජිනීවා ගොස්‌ අපේ රටේ සිදුවූ යුද අපරාධ ගැන කතා කිරීම තරම් "මැද පෙරදිග ගෘහ සේවිකා" ප්‍රශ්නයේ එතරම් ත්‍රිල් එකක්‌ නැත. කතා කළ යුත්තේ එවැනි ඇඟ කිළිපොලා යන මාතෘකා ගැනය. කොහොමත් ඒවා ගැන කතා කරන විට සැබෑ ප්‍රශ්න ඉබේම යට යන්නේය. රිසානා නµsක්‌ට සෞදියෙන් මරණීය දණ්‌ඩනය නියම වූ සිදුවීමේ පටන් මේ දක්‌වා සිදුවූ සිදුවීම් එකින් එක ගත්විට වගකිව යුතු කිසිවෙකුත් ඉක්‌මන් පියවර ගත්තේ නැත. එයින් අදහස්‌ කරන්නේ ප්‍රියන්තා ජයසේකරට වෙඩි තැබීමට පෙර "විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ" ආරක්‍ෂක නිලධාරීන්ට ගොස්‌ ඇයගේ හාම්පුතාගේ අත තිබූ ගිනි අවිය උදුරාගෙන ඔහු මෙල්ල කරගන්නට උත්සාහ කළේ නැතැයි නොවේ. අදාළ කාන්තාව විදේශගත වූයේ කෙසේදැයි අපි දන්නේ නැත. එහෙත් අනුමාන කළ හැක්‌කේ ඒජන්සියක්‌ හරහා විදේශගතව ඇති බවය. ඇය මීට පෙරද විදේශගතව ඇති තැනැත්තියකි. අපගේ අදහස නම් අහඹු සිදුවීමක්‌ වුව වළක්‌වා ගත හැකි මට්‌ටමේ ආරක්‍ෂණයක්‌ විදෙස්‌ගත කාන්තාවන්ට ලැබිය යුතු බවය. මැදපෙරදිග රටවල ගෘහ සේවිකාවක ලෙස පිටත්ව ගිය බොහෝ දෙනකුට "කරදර" සිදුවේ යෑයි කියන්නට අප ඉක්‌මන් වන්නේ නැත. එහෙත් තවදුරටත් මේ රටේ කාන්තාවන් පිටරට යෑවීමේදී ඇය ආරක්‍ෂා වන අන්දමේ වැඩපිළිවෙළකට යා යුතුය.


 

පසුගිය සතිය අවසන් වන විට මහනුවර තෙල්දෙණියේ සිදුවීමට අමතරව බොහෝ දෙනකුගේ අවධානයට ලක්‌ වූයේ "ගිනි අවි හරඹ" ගැන ඇතිවූ කතා බහය. ඉන් පළමු වැන්න වාර්තා වූයේ තලංගම කොස්‌වත්ත මංසන්ධියේදීය. කෙටියෙන් කීවොත්, හැම කසඩ වැඩකම යාන්ත්‍රණයේ අනිවාර්ය චරිතයක්‌ වන දේශපාලනඥයකු (පළාත් සභා මන්ත්‍රී්‍ර) මහ මඟදී පුද්ගලික බස්‌රථ කොන්දොස්‌තරවරයකුට පහරදී තිබුණේ සිය බිරිඳ ද සමගිනි. නිකම්ම නොවේ මන්ත්‍රීවරයාගේ බලපත්‍ර සහිත පිස්‌තෝලය ළෙලවමින් ජනාකීර්ණ මහා මාර්ගයේ පාතාල සංදර්ශනයක්‌ මවා ඇත්තේ මන්ත්‍රීවරයාගේ බිරිඳය. කොහොමත් දේශපාලනයට ගෑවුණු එකෙකුගෙන් පවා හොඳ වැඩ බලාපොරොත්තු විය හැක්‌කේ ඉතාම කලාතුරකින් නිසා ඒ ගැන වැඩි යමක්‌ කතා කළ යුතු නැත. දැනටමත් මේ ප්‍රශ්නය ඇත්තේද අධිකරණය හමුවේය.
 
 ඊළඟ සිදුවීම වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්‌වැල්ලගේ පුත්‍රයා ද ගිනි අවි සරඹ දක්‌වමින් සිය රියෙහි ගැටුණු යතුරුපැදියක ගමන් ගත් නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනකුට ප්‍රහාර එල්ල කිරීමය. එම පිස්‌තෝලයට බලපත් තිබේද නැද්ද යන්න ගැන අපට අවබෝධයක්‌ නැත. එසේ දැනගැනීමේ අවශ්‍යතාවක්‌ ද නැත. අපට (රටේ ජනතාවට) වැදගත් වන්නේ දේශපාලනඥයන්ට ලබාදෙන බලපත් සහිත ගිනි අවි වෙනත් පුද්ගලයකු පරිහරණය කරන්නේ කොහොමද යන්න පමණි. ඊට හේතුව අවසානයේ මේ ගිනි අවිවලට ඉලක්‌ක වන බොහෝ දෙනා නිරායුධ පුද්ගලයන් වන බැවිනි.
 
 පසුගිය කාලය පුරාම දිගින් දිගටම රට පුරාම අනවසර ගිනි අවි භාවිතය, ගිනි අවි වලින් සිදු කළ ඝාතන බොහෝ ප්‍රමාණයක්‌ වාර්තා විය. මේ බොහෝ අවස්‌ථාවල පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලදැයි කී නමුත් අනවසර ගිනි අවි භාවිතය වැළැක්‌වීමටත්, එම ගිනි අවි අදාළ පුද්ගලයන්හට ලැබී තිබුණේ කෙසේ දැයි යන්න ගැන නිසි පරීක්‍ෂණ සිදු කෙරුණේ නැති බවත් අපේ විශ්වාසයයි.
 
 මේ රටේ අවස්‌ථාවන් කිහිපයකදීම ගිනි අවි භාවිතාව ගැන විටින් විට ප්‍රශ්න කෙරිණි. එය ගල්කටස්‌, පෙට්‍රල් බෝම්බයේ, ඩප්පියේ සිට ටී පනස්‌ හය, ග්‍රෙනේඩ්, අත්බෝම්බ දක්‌වා ව්‍යාප්ත වූවකි. 71 කැරැල්ලේදීත්, 88-89 භීෂණ යුගයේදීත් ඒ අතර වාරයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදය ව්‍යාප්ත වන යුගයේදීත් ගිනි අවි භාවිතයෙහි නරක අත්දැකීම් රාශියකට ශ්‍රී ලාංකිකයන් මුහුණ දී තිබුණු බව අමතක කළ යුතු නැත. දැන් පෙනෙන්නට තිබෙන හැටියට පාතාල සාමාජිකයන් අත තිබෙන ආයුධ සංඛ්‍යාව යුද්ධයකට වුව ප්‍රමාණවත්ය. කොහේ ගබඩා කර තිබුණත් අවශ්‍ය වේලාවට ඒවා භාවිතයට ගනී. ආරක්‍ෂාව භාර උදවියට තවමත් බැරි වී තිබෙන්නේ මේ තැන් සොයා ගැනීමය. ඒ මදිපාඩුවට දේශපාලනඥයන් ද, ගෝල බාලයන්ද, බිරින්දෑවරුන් ද පුත්‍රයන් ද ආදි වශයෙන් බුරුතු පිටින් ගිනි අවි සරඹ සංදර්ශන පෙන්වීම අති භයානකය. එවැනි තත්ත්වයක්‌ සමාජගත වීම ඇඟට ගුණ නැති බව නොකියාම බැරිය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පවා ඇමරිකාවේ ගිනි අවි භාවිතාවේ නරක පැත්ත ගැන අදහසක්‌ ඇති විට සාමය, සංහිඳියාව පතන ශ්‍රී ලාංකිකයන් ඊටත් වඩා දුර දැකිය යුතුය. නැතිනම් නුදුරු අනාගතයේදී මෙවැනි කව්(ද) බෝයිලාගේ ගණනය වැඩිවීමේ ඉඩකඩ බොහෝ වැඩිය.

මහනුවර දැන් සන්සුන්ය. මහනුවර සන්සුන්ව ඇති නිසා රටම සන්සුන්ය. එක්‌ ප්‍රදේශයක අස්‌ථාවරත්වය සමස්‌ත රටම අරාජික කිරීමට බලපාන බව පැහැදිලිය. කවරක්‌ නමුත් සමහර කණ්‌ඩායම් දිගනේ සිද්ධිය පෙන්වා බෞද්ධයින්ට නිග්‍රහ කිරීමේ වැඩපිළිවෙළක්‌ අරඹා ඇත. එහෙත් මෙය සාධාරණ ක්‍රියාවක්‌ නොවේ. බෞද්ධයා සැමවිටම සංහිඳියාව පැතිරවීමට මූලිකවූවා මිස එය කඩාකප්පල් කිරීමට කටයුතු කළේ නැත. කිහිපදෙනෙකුගේ ක්‍රියා නිසා සමස්‌ත බෞද්ධ සමාජය නිග්‍රහයට ලක්‌විය යුතු නැත.
 
 තෙල්දෙණිය ගිනිගද්දී ගොමගොඩ ගමේ මුස්‌ලිම් වැසියෝ ජීවිතාරක්‍ෂාව පතා දිවගියේ මුස්‌ලිම් පල්ලියට නොව ගමේ පන්සලටය. එතැන නිසි ආරක්‍ෂාව ඇති බව ඔවුහු හොඳින් දැන සිටියහ. ගොමගොඩ ශ්‍රී ජිනාලංකාර විහාරයේ කහගල ධම්මානන්ද හිමියෝ ඒ වැසියන්ට උපරිම ආරක්‍ෂාව ලබාදුන්හ. බෞද්ධයන්ට නිග්‍රහ කරන පුද්ගලයන් මේවා ගැන කතා කරන්නේද නැත. ඊනියා බටහිර ජනමාධ්‍යවලටද අවශ්‍ය මෙරට බහුතර බෞද්ධයන්ට නිග්‍රහ කිරීමටය. අන්‍යාගමික අන්තවාදය ගැන ඔවුහු නිහඬවෙති.
 
 ගොමගොඩ විහාරස්‌ථානය පමණක්‌ නොව නුවර සෑම ප්‍රදේශයකම බෞද්ධ වෙහෙර විහාර මුස්‌ලිම් වැසියන්ට ආරක්‍ෂිත නවාතැන් බවට පත්විය. එයින් පෙන්වූයේ බෞද්ධ සමාජයේ සංහිඳියාව නොවේද? එහෙත් බෞද්ධයන්ට සංහිඳියාව ගැන කියාදුන් අයටම දැන් ජාතිවාදී ගිනි ඇවිලීම ගැන චෝදනා එල්ලවනු පෙනේ.
 
 දෙහිගම, මුරුතලාව, කුරුගම, දෙහිඅංග වැනි ප්‍රදේශවල වෙසෙන මුස්‌ලිම් ජනතාව භීතියට පත්ව සිටියදී ඒ පිරිස ආරක්‍ෂා කළේ නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්‌ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමියන් ප්‍රමුඛ බෞද්ධ ජනතාවයි. පසුගිය සිකුරාදා දිවයින පුරා මුස්‌ලිම් පල්ලිවල දේවමෙහෙයන් සිදුකරද්දී භික්‍ෂූන් වහන්සේලාද එතැනට වැඩම කර සිටියේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහාය. බෞද්ධ ජනතාව විසින් සිදුකරන මේ කැපවීම් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට නම් පෙනෙන්නේ නැත.
 
 රටේ නැවත යුද්ධයක්‌ ඇතිවීමට කිසිවෙකුත් කැමැති නැත. එහෙත් මේ ගැටුම් ඇතිවීමට හේතු කවරේද යන්න සොයා බැලිය යුතුය. සුළු ජාතිකයන් ගැන පමණක්‌ නොව සිංහල සමාජයද පීඩාවට පත්කරන ප්‍රශ්න ගැන සොයා බැලිය යුතුව ඇත. අන්‍යාගමික ආක්‍රමණයන් ගැන බෞද්ධ ජනතාව තුළ ඇති සැක බිය තුරන් කළ යුතුව ඇත. එසේ නොවන්නේ නම් මේ ගැටුම් යළි ඇතිවීම වැළැක්‌විය නොහැකිය. මෙරට බහුතරය කිසිවිටක සුළු ජාතීන්ගේ අයිතීන් සීමා කිරීමට ඉල්ලීම් කර නැත. නමුත් සුළු ජාතීන් බහුතරයේ මතය ගැනද අවධානයෙන් සිටිය යුතුය. එයට ගරු කළ යුතුය. සියලු දෙනාට මනුෂ්‍ය ගුණධර්ම පුරුදු පුහුණු කළ යුතුය. මනුෂ්‍ය ගුණධර්ම වියෑකී ගිය කල්හි නිර්මාණය වන්නේ තිරිසන් ගති ලක්‍ෂණයි. තිරිසනාට අවශ්‍ය කා කොටා ගැනීමට මිස අන්දෙයක්‌ නම් නොවේ.
 
 ජාතිවාදී ගැටුම් නිසා ජාතික ආරක්‍ෂාවටද බරපතළ ප්‍රශ්නයක්‌ පැන නගී. එසේම ඩොලර් බිලියන ගණනක ආදායමක්‌ රටට උපදවන සංචාරක ව්‍යාපාරයටද මේ ප්‍රශ්න නිසා බලවත් පහරක්‌ එල්ලවිණි. බහුතර වැසියන් ප්‍රචණ්‌ඩත්වයට අතවනන්නේ නැත. එය සුළු පිරිසකගේ අවශ්‍යතාවයි. කවරක්‌ නමුත් දිගන පෙන්වා බෞද්ධයන්ට ප්‍රහාර එල්ල කරන පිරිස දැනගත යුතු එක්‌ කරුණක්‌ ඇත. එනම්, සියලු ජාතීන්ට රැකවරණ සැලසෙන්නේ බෞද්ධ සමාජය ආරක්‍ෂාවීම මත පමණක්‌ බවය.
 

කෝලාහල නිසා සමාජ ජාලා වෙබ් අඩවි වාරණය වී තිබීම බොහෝදෙනකු නොසන්සුන් කිරීමට හේතු වී ඇත. නුවර ගැටුම් සමථයකට පත්වී දින ගණනාවක්‌ ඉක්‌ම ගොස්‌ ඇතත් මුහුණු පොත තවමත් වසා දමා ඇත. අදහස්‌ ප්‍රකාශ කිරීමේ අයිතියට අත තැබීම කිසිසේත් යහපත් දෙයක්‌ නොවේ. සමාජ ජාලවලට උපරිම නිදහස ලබාදෙන බවට ප්‍රකාශ කරමින් බලයට පත්වූ දේදුනු සන්ධානයටම ෆේස්‌ බුක්‌a වාරණය කිරීමට සිදුව ඇත. ෆේස්‌ බුක්‌a නිසා බලය ලබාගත් ආණ්‌ඩුව දැන් එයටම එරෙහි වී ඇත. සංහිඳියාව බලහත්කාරයෙන් ඇති කළ නොහැක්‌කා සේම ෆේස්‌බුක්‌ පාලනය කිරීමටද ආණ්‌ඩුවට නොහැකිය. සමාජ ජාල හරහා ආණ්‌ඩුව නිරුවත්වීම නිසාම මේ තහනම ක්‍රියාත්මක වන්නේද? ඒකාධිපති පාලනයක්‌ ඇති රටවල නම් සමාජ ජාලා තහනම්ය. නමුත් ලංකාවේ තහනම හා ජාතික ආරක්‌ෂාව අතර සබඳතාවයක්‌ තිබේද?

සමාජ ජාලා වාරණය ආර්ථීකයටද නරක ලෙස බලපා ඇත. සංචාරක ව්‍යාපාරයටද මෙය අහිතකර ලෙස බලපෑ ඇති බව මාධ්‍ය මගින්ද වාර්තාකර තිබිණි. අරාබි වසන්තය ඇති කිරීමට මුල් වූයේද සමාජ ජාලාය. අරාබි වසන්තය නිසා ඒ කලාපය වසන්තයක්‌ නොව විනාශයක්‌ අත්වූ බව සත්‍යයකි. නමුත් සියල්ලේම හොඳ මෙන්ම නරක ද ඇත. එහෙත්a ලංකාවේ තහනම නිසා ආණ්‌ඩුවට එරෙහිවද අරාබි වසන්තය හා සමාන කැරැල්ලක්‌ නිර්මාණය වීමේ අවදානම මතුව තිබේ.

මෙරට සමාජ ජාලා තහනම ඉවත් කරන ලෙස විදේශ රාජතාන්ත්‍රිකයන්a රැසක්‌ රජයට දැනුම්දී ඇත. ඇමැති මණ්‌ඩලයේද මේ තහනම ගැන මත ගැටුමක්‌ පවතී. හදිසි නීතියද ඉක්‌aමනින් අහෝසි කිරීමේ සූදානමක්‌ නැති නිසාම සමාජ ජාලා තහනම ඉවත් කිරීමට අද නොවේ හෙට වී ඇත්ද? එයට බාලගිරි දොaෂය වැළඳී ඇති බව පෙනේ.

මෙරට ලක්‍ෂ පනහක්‌ සමාජ ජාලා භාවිත කරන බව සංඛ්‍යාලේඛන වාර්තා පෙන්වා දෙයි. ඒ ලක්‌ෂ පනහ නිහඬ කරවීම රජයට වාසිදායකද?

එය සැබවින්ම පාරා වළල්ලක්‌ වනු ඇත. සමාජ ජාලා භාවිත කරන ලක්‌ෂ පනහම ජාතිවාදය පතුරුවන්නේ නැත. එය සිදුකරන්නේ ඉතා සුළු පිරිසක්‌ පමණි. අසත්‍ය පැතිරවීම දඬුවම් ලැබිය හැකි වරදකි. එසේම පොලිසිය ෆේස්‌ බුක්‌ ගිණුම් 186 ක්‌ පසුපස පන්නන බව වාර්තා වී තිබේ.

එසේ නම් ෆේස්‌ බුක්‌ ගිණුම් 186 ක්‌ වෙනුවෙන් ලක්‌ෂ පනහකට වාරණයක්‌ පැනවීම සාධාරණද? මේ ආණ්‌ඩුව බලයට පත්වූ විගසම බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගනිමින් එවැනි නිලධාරීන් අධෛර්යයට පත් කළේය. එම නිසාම රටේ සමස්‌ත බුද්ධි අංශ ක්‍රියාකාරිත්වයම කඩා වැටිණි. ඒ ක්‍රියාකාරිත්වය කඩා වැටීම නිසා රටට කොතරම් පාඩුවක්‌ අත්ව තිබේද? දිගන ගැටුම් ඇතිවන බව කිසිවකුට මුලින් දැනුම් දිය නොහැකි විය. සියල්ල අසාර්ථක වූ විට දැන් ෆේස්‌ බුක්‌ තහනම් කිරීමෙන් පමණක්‌ සියලු ප්‍රශ්න විසඳේයෑයි සිතීම අනුවනකමකි.

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles