Divaina - Kathuwakiya

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

පවතින බස්‌ ගාස්‌තුව අවමය රුපියල් 10 සිට 15 දක්‌වාද බස්‌ ගාස්‌තු 20% කින්ද ඉහළ නැංවීම සඳහා අද (15 දා) මධ්‍යම රාත්‍රියේ සිට අනුමැතිය ලබා නොදුනහොත් 16 වැනිදා (හෙට) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා බස්‌ සංගම් බස්‌ ධාවනයෙන් ඉවත්වන බව ඊයේ වාර්තා වී තිබිණි. තෙල් මිල ඉහළ දැමීමෙන් පසු මෙවැනි තත්ත්වයක්‌ උද්ගත වීමට නියමිත බව අපි නිතර කීවෙමු. බොහෝ දෙනෙක්‌, තෙල් මිල ඉහළ යැමත් සමගම ආණ්‌ඩුවට දිගට හරහට දෙස්‌ දෙවොල් තබන්නට පුරුදු පුහුණුවී සිටීම සාමාන්‍ය තත්ත්වයකි. සුපුරුදු පරිදි විපක්‍ෂ කණ්‌ඩායම්ද ආණ්‌ඩුවට බැණ වදිති. තමන් බලයේ සිටි කාලයේ මෙවැනි මිල ඉහළ දැමීම් සිදුවූයේ නැති බවක්‌ ඒ උදවියට අමතක වී තිබේ. කෙසේ හෝ දැන් සිදුවිය යුක්‌ත සිදුවී තිබේ. ලෝක තෙල් වෙළෙඳ පොළේ තෙල් බැරලයක මිල ඉහළ දැමූ විට මෙසේ තෙල් මිල ඉහළ යැම නිසා ඉදිරියේදී තවත් "කරදර" ගෝරියක්‌ ජනතාවට ඇති වීමට නියමිතය. ඉදිරියේදී ත්‍රිරෝද රථ ගාස්‌තු මිල ඉහළ යා හැකිය. දුම්රිය ගාස්‌තු, පාසල් වෑන් රථ ගාස්‌තු, ජල විදුලි ගාස්‌තු ද ඉහළ යැම වැළැක්‌විය නොහැකි කාරණයකි. රාජපක්‍ෂ ආණ්‌ඩුව කාලේ තෙල් මිල මීටත් වඩා වැඩි යෑයි කියන උදවිය ඒ ගැනද කතා කළ යුතුය. කොයි ආණ්‌ඩුව යටතේ වුව මෙවැනි මිල ඉහළ යැම් ජනතාවට ඉතාම නරක අන්දමට බලපාන කාරණයක්‌ බව අමුතුවෙන් කිව යුතු නැත.
 
 දැන් නැවත "මිල සූත්‍ර" ගැන කතා කරන්නට පටන්ගෙන තිබේ. ඒ කවර සූත්‍ර ගත කිරීමකදී වුව එය ජනතාව අන්දන සූත්තරයක්‌ බවට පත්ව නතර වන බව 77 න් පසු මේ රටේ දේශපාලන පෙරළිවලට මුහුණදුන් සිහිබුද්ධිය ඇති ජනතාව දන්නා කාරණයකි. ජනතාව කෙරෙහි යහපත් අන්දමින් බලපානු ලබන මිල සූත්‍රයක්‌ සකස්‌ කිරීම කෙරෙහි ආණ්‌ඩුවේ අවධානය යොමු වී නැති බවක්‌ පෙනේ. කිරිපිටි හා භාණ්‌ඩ මිල ඉහළ යැම නිසාද රටේ ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටින මොහොතක ආණ්‌ඩුව කිසියම් හෝ සහනදායී වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමට කටයුතු නොයෙදීම ප්‍රශ්නකාරීය.
 
 ඇත්ත වශයෙන්ම කීවොත් රටේ ජනතාවට පමණක්‌ බදු බරට ජීවන වියදමට මුහුණ දෙමින් ඉල්ලංකන මට්‌ටමේ කැප කිරීම් කළ නොහැකිය. ආණ්‌ඩුව පාර්ශ්වයෙන්ද අවම වශයෙන් සියයට දශම ගණනක හෝ කැපකිරීමක්‌ ඊට අවශ්‍ය වේ. තවමත් මේ රටේ නන්නත්තාර වියදම් රැසකි. පසුගිය ආණ්‌ඩුවේ දශකයක කාලයක සිදුකළැයි කියන හොරකම් මේ ආණ්‌ඩුවේ තෙවසර තුළදී මදි නොකියන්නට සිදුවේ. දූෂණය, වංචාව ඉහවහා ගොසිනි. නිවැරදිව කීවොත් රාජ්‍ය යාන්ත්‍රණයම කඩා වැටී තිබේ. නිසි ආර්ථික කළමනාකරණයක්‌ ගැනත්, රටේ ජනතාවට සහන සැලසීම ගැනත් ආණ්‌ඩුව විකාර කියන්නේ එවැනි තත්ත්වයක්‌ තුළය. කොටින්ම කීවොත් මේ කරන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමකි. ආණ්‌ඩුවේ වගකිවයුතු කිසිවෙක්‌ තවමත් හරියටම නාඩි අල්ලා නැත. ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය නොකර ජනතාව මතට බර පටවමින් ආර්ථිකය ගොඩනඟන්නට යැම විහිළුවකි. ඇත්ත වශයෙන්ම එහිදී සිදුවන්නේ සමාජයම තව තවත් අර්බුදයට යැම විනා ගොඩ යැමක්‌ නොවේ. අඩුම වශයෙන් බස්‌ ගාස්‌තු (සමස්‌ත ප්‍රවාහන ගාස්‌තු) වැඩිවීමකට පෙර හෝ ආණ්‌ඩුව ඒ ගැන කල්පනා කිරීම හොඳය.
 

අද ජාතියට ශෝක දිනයකි. මන්ද මීට වසර තිස්‌තුනකට පෙර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට කොටි ත්‍රස්‌තවාදීහු ප්‍රහාර එල්ල කළේ අද වැනි දිනකය. සිංහල බෞද්ධ ආධ්‍යාත්මයට පහරදීමේ අරමුණින් මේ ප්‍රහාරය දියත් කළ බවට සැක නැත. සිංහල ශිෂ්ටාචාරයට අභියෝග කිරීම ප්‍රභාකරන්ගේ අරමුණ විය. මේ ප්‍රහාර කිසිදිනක අමතක කළ යුතු නැත. කනගාටුවට කරුණක්‌ වන්නේ බොහෝ දෙනකුට පුරා තිස්‌වසරක්‌ පැවති යුද්ධය මෙන්ම ජාතිය හෙළු ලේ කඳුළු අමතක වී යැමයි. මේ කවර ෙ€දයක්‌ද? අනුරාධපුරයට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරය ගැන අද කීදෙනෙක්‌ කතා කරයිද? නමුත් උතුරු පළාත් සභාව නම් අනුරාධපුරයට ප්‍රහාර එල්ල කළ ත්‍රස්‌තයන් සැමරීමට සූදානම් වන බව පෙනේ. මේ ත්‍රස්‌තයන් සැමරීම සිදු කරන්නේද මහජන මුදලිනි. එසේම මැයි 18 වැනිදා ශෝක දිනයක්‌ ලෙසද උතුරු පළාත් සභාව මගින් ප්‍රකාශයට පත්කර ඇත. මෙලෙස ශෝක දින ප්‍රකාශයට පත් කිරීමට උතුරු පළාත් සභාවට බලය පැවරුවේ කවරකු විසින් ද ත්‍රස්‌තයන් සැමරීමට උතුරු පළාත් සභාව ශෝක දින ප්‍රකාශ කරද්දී ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය අයට පිංපෙත් ලබා දීමට හෝ උතුරු මැද පළාත් සභාවෙන් පිංකමක්‌ සංවිධානය කර ඇත්ද? ඇත්තෙන්ම උතුරු පළාත් සභාව ක්‍රියාකරන්නේ ලංකා ආණ්‌ඩුවෙන් කැඩී බිඳී ගිය වෙනම කොටසක්‌ ලෙසය. උතුරු පළාත් සභාවටද ත්‍රස්‌තයන් සැමරීම හැර අන් කටයුත්තක්‌ නොමැති බව පැහැදිලිය. උතුරේ ජනයාට යහපත උදාකරලීම කෙසේ වෙතත් ඔවුනට අවශ්‍ය මුල්ලිවයික්‌කාල් වෙත ගොස්‌ පහන් දැල්වීම පමණකි. මුල්ලිවයික්‌කාල් වෙත ගොස්‌ පහන් දැල්වීමෙන් දෙමළ ජනතා දුක නැති වන්නේද? අතුරුදන් වූවන් යළි ගෙදර පැමිණෙන්නේද? කවරක්‌ නමුත් උතුරු පළාත් සභාවේ ත්‍රස්‌ත හිතවාදීත්වය රටම අර්බුදයට ලක්‌ කරන්නක්‌ බව සටහන් කළ යුතුය. විග්නේශ්වරන් මහ ඇමැතිගේ ත්‍රස්‌ත හිතවාදීත්වය සාමකාමී හෙට දවසක්‌ බලාපොරොත්තු වන දෙමළ ජනයාද අනතුරේ හෙළන්නකි.
 
 මැයි 18 උතුරේ ශෝක දිනයක්‌ වන විට කොටි සංවිධානය අතින් ඝාතනය වූ සියදහස්‌ ගණන් වැසියන් සමරන්නේ කෙසේද? ත්‍රස්‌තයන් සැමරීම සඳහා ශෝක දිනයක්‌ ප්‍රකාශයට පත් කර ඇති එකම රට වන්නේ ලංකාවද? සංහිඳියාව වෙනුවෙන් යෑයි කියමින් යහපාලන ආණ්‌ඩුව විජයග්‍රහණයේ පෙළපාලිය නවත්වද්දී උතුරු පළාත් සභාව කොටි හිතවාදීත්වය ප්‍රකට කරවමින් ශෝක දින ප්‍රකාශයට පත් කරයි. මෙය රට ත්‍රස්‌තවාදයෙන් ගලවා ගැනීම සඳහා දිවිදුන් රණවිරුවන්ට කරන නිග්‍රහයකි. කොටි ගිනි අවියට ගොදුරු වූ දහස්‌ ගණනක්‌ වූ සිවිල් වැසියන්ගේ සොහොනටද කරන නිග්‍රහයකි. එහෙත් මධ්‍යම ආණ්‌ඩුව උතුරු පළාත් සභාවේ හිතුවක්‌කාරි තත්ත්වයට එරෙහිව කිසිම පියවරක්‌ ගෙන නැත. ඉදිරියේදී ප්‍රභාකරන් වෙනුවෙන් ප්‍රතිමා ඉදිකිරීමටත් උතුරු පළාත් සභාව කටයුතු කළ හොත් එය වැළැක්‌වීමටද මධ්‍යම ආණ්‌ඩුව ක්‍රියා කරයිද? ඇත්තෙන්ම මැයි 18 ශෝක දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පෙනී යන්නේ ජාතියේ දීනභාවය ප්‍රකටවීම නොවේද?

විජයග්‍රහණයේ සැමරුම නොඑසේනම් කොටි ත්‍රස්‌තවාදය පරාජය කර ආරක්‍ෂක හමුදා ලැබූ ජය සමරමින් පවත්වන රණවිරු පෙළපාලිය දැන් පැවැත්වෙන්නේ නැත. රණවිරු සැමරුම් පැවැත්වීමෙන් ජීනීවා මානව හිමිකම් කමිටුව කලබලයට පත්වන්නේ යෑයි ආණ්‌ඩුව තුළ බියක්‌ පවතී. එහෙත් ත්‍රස්‌තවාදය පරාජය කර අපේ රණවිරුවන් ලැබූ ජය සැමරීම නතර කිරීම බලවත් අපරාධයකි. එය සැබවින්ම දිවි පිදූ රණවිරුවන්ට සිදුකරන ලද නිග්‍රහයක්‌ ලෙස සැලකිය යුතුය.

අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් පෙරේදා (8 දා) ජනාධිපතිවරයා වැදගත් කතාවක්‌ කියා තිබිණි. ඒ පක්‍ෂ අතර බල පොරයෙන් ජනතා අපේක්‍ෂා සුන්වී ඇති බවය. ජනාධිපතිවරයා කල් යල් බලා වුව මේ කියා ඇත්තේ ඇත්තකි. නිතර අප විසින් සඳහන් කරනු ලබන දෙයකි. එමෙන්ම ජනාධිපතිවරයා තවත් වැදගත් කාරණයක්‌ ඉස්‌මතු කර තිබිණි. ඒ කෝටි දසලක්‍ෂයක්‌ වන ණය බර ජනතාව මත පැටවීමෙන් තොරව කළමනාකරණය කිරීම අත්‍යාවශ්‍ය බවයි. මේ සියලු කාරණා ඇත්තය. එහෙත් ප්‍රායෝගිකව සිදුනොවන්නේද එයමය. පසුගිය කාලවකවානුව පුරාම එනම් පසුගිය තෙවසර පුරා රට හරි පීල්ලට වැටෙන බවක්‌ අප දුටුවේ නැත. ජනාධිපතිවරයා කියන ආකාරයට 2020 දී විශ්‍රාම යැමටද බලාපොරොත්තුවක්‌ නැත. ඊට හේතුව ලෙස ජනාධිපතිවරයා දක්‌වන්නේ තමන්ගේ වැඩ කොටස අහවර නොවීම බවය. ජනාධිපතිවරයා තමන්ගේ වැඩ කොටස අවසන් කරන්නට උත්සාහ දරන්නේ. ඔහුම කියන පරිදි මේ තරම්ම කුරුවල් වූ ආණ්‌ඩුවක්‌ යටතේ නම් එම බලාපොරොත්තු සාක්‍ෂාත් වීම පිළිබඳව ගැටලුවක්‌ ඇති බව රටේ ජනතාවගේ ගොං මොළවලට වුව තේරෙන කාරණයකි. කරන්නට ඇති වැඩ කොටස නම් අතිමහත් බව රටම දක්‌නා කාරණයකි. ජනතාවට බලපාන ප්‍රශ්න බොහෝය.
 
 රටේ ජනතාව සිටින්නේ කිරෙන් කා තෙලෙන් අත සෝදමින් නොවේ. මේ වන විට ගෑස්‌ සිලින්ඩරයක මිල රුපියල් 245 කින් වැඩිවී තිබේ. කිරි පිටි මිල රුපියල 50 කින් වැඩිවී තිබේ. ඉදිරියේදී ජල ගාස්‌තු වැඩි කිරීමේ කැබිනට්‌ පත්‍රිකාවක්‌ද ඉදිරිපත් කිරීමට නියමිත බවට වාර්තා පළවේ. යන හැටියට විදුලිය ගාස්‌තු ද ඉක්‌මනින්ම වැඩිවීමේ අවදානමක්‌ ඇති බව තේරුම්ගත යුතුය. ජනතාව මේ සියල්ල දරාගන්නේ දැඩි පීඩාවකින් යුතුවය. කොටින්ම කීවොත් වර්තමානය වන විට ජීවන වියදම යනු රටේ ජනතාවට අකැමැත්තෙන් වුව විඳ දරාගෙන සිටිය යුතු තත්ත්වයක්‌ උදාකරදී තිබෙන එකකි. දෛනික වැටුපකින් ජීවත්වන ජනතාවට මේ වියදම දරාගත නොහැකි එකක්‌ බවට පත්ව තිබේ. රටේ බඩු මිල ඉහළ යැම, ජීවන වියදම ඉහළ යැම, ආර්ථිකයේ ඇතිවන විවිධ අර්බුද ගැන වගකිව යුතු ඇමැතිවරුත්, අවශේෂ දේශපාලනඥයන්ද කියන කතා කොමඩි චිත්‍රපට ගාණට ගොස්‌ය. එහෙත් නිසි ආර්ථික කළමනාකරණයක්‌ පෙනෙනතෙක්‌ මානයක නැත. එළවළු අතිරික්‌තයක්‌ ඇතිවිට රජය වියදම් කර ඒවා සහන මිලට ගැනීමත් එළවළු හිඟ වන විට රටින් එළවළු ගෙන්වීමත්, ගොවියාට සහනාධාර ලබාදීමත් වැනි කෝකටත් තෛලයේ විසඳුම් නිතර දෙන්නටනම් ආණ්‌ඩුවකින් ඇති ඵලක්‌ නැත. රටේ ජනතාව ඉතාම නරක අන්දමට කරදරයට පීඩාවට පත්ව සිටින විට අවුරුදු තුනක්‌ම "නිසි ආර්ථික කළමනාකරණයක්‌" ගැන වැදි බණ කියන වගකිවයුත්තන්ගෙන් රටට වැඩක්‌ නැත. අවශ්‍ය වන්නේ නිසි කළමනාකරණයකි. ගෑස්‌ මිල වැඩිවීමත්, ඉදිරියේදී සිදුවීමට නියමිත තෙල් මිල වැඩිවීමත් යනු මේ ආර්ථික අර්බුදය වඩාත් සංකීර්ණ කරන තත්ත්වයක්‌ බව අපේ හැඟීමය. සරලව කීවොත් අප කන ආප්පයේ සිට සුපිරි හෝටලයේ කෑම වේල පවා හදන්නේ ගමේ ගොඩේ ගොස්‌ දර අහුලාගෙන පැමිණ නොවේ. ගෑස්‌ වලිනි. ඒ ගෑස්‌ මිල ඉහළ යැම අදාළ වෙළෙන්දා අල්ලන්නේ තමන්ගේ නිෂ්පාදනයේ මිල වැඩි කිරීමෙනි. තෙල් මිල ඉහළ යැමේදී වුව සිදුවන්නේ රුපියලකින් දෙකකින් වුව අප කන කෑම වේලක මිල ඉහළ යැමයි. කළමනාකරණය කර ගත යුත්තේ එවැනි කාරණාය. ආණ්‌ඩුවේ ඉතිරි මාස දහඅටක කාලය තුළ වැඩ පෙන්නිය හැකි අවස්‌ථා බහුල බව අපි පෙන්වා දෙනු කැමැත්තෙමු.

ආණ්‌ඩුවේ දේශපාලන සූත්තරයට අනුව මිල සූත්‍රයක්‌ නොමැතිව ඉන්ධන මිල ඉහළ දමා තිබේ. මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පෙරේදා (10 වැනිදා) මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබුණේ මින් පසු සෑම මාස දෙකකට වරක්‌ මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කරන බවයි. මෙම ඉන්ධන මිල සංශෝධනයන් රටේ පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් ගෙන එනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. නමුත් අර්බුදය වන්නේ ආණ්‌ඩුවට ඉන්ධන මිල ඉහළ දැමීමට තිබූ හදිසිය මිල සූත්‍රය සකස්‌ කර ගැනීමට නොමැති වීමය.

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles