Divaina - Kathuwakiya

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

දෙමළ ජන සංහාර දිනය උතුරු මහ ඇමැතිවරයා ප්‍රකාශයට පත් කර ඇත. ජන සංහාර දිනය ප්‍රකාශයට පත් කර ඇත්තේ මියගිය කොටින් යළිත් ජීවත් කරවීමේ අරමුණිනි. යුද්ධය දරුණුවට පැවැති සමයේ උතුරේ කිසිම ප්‍රදේශයකට නොගිය මහ ඇමැති විග්නේෂ්වරන් දැන් සෑම වසරකම මැයි 18 වැනිදා වෙල්ලමුල්ලිවයික්‌කාල් වෙත පිය නගයි. 2008 - 2009 කාලයේදී ඔහු ඉතා සුවපහසු ලෙස කොළඹ 07 කේම්බ්‍රිඡ් පෙදෙසේ පිහිටි තම නිවසේ කාලය ගත කළේය. එදා දෙමළ ජන ඝාතන ගැන වචනයක්‌ හෝ නොදෙඩූ මේ විනිසුරුවරයා දැන් අවසන් සටන සිදු වූ තැනට ගොස්‌ පහන් දල්වයි. පහන් දල්වා උතුරෙන් හමුදාව ඉවත් විය යුතු යෑයි හඬනඟයි. ඇත්තෙන්ම මැයි 18 වැනිදා ජන සංහාරක දිනය වන්නේ කෙසේද? එදිනෙන් පසුව ජන සංහාර පැහැදිලිව අවසන් විය. 2009 මැයි මාසයෙන් පසුව පැහැදිලිව සිදු වූයේ නිකරුණේ දෙමළ වේවා, මුස්‌ලිම් වේවා, සිංහල වේවා ජන ඝාතනය අවසන් වීමයි. ප්‍රභාකරන්ගේ මරණයෙන් පසුව වසර 9 ක්‌ උතුරේ කිසිම ප්‍රශ්නයක්‌ නැත. දෙමළ ජනතාව සතුටින් ජීවත් වේ. එහෙත් විග්නේෂ්වරන් මහ ඇමැතිවරයාට නම් සතුටක්‌ නැත. විග්නේෂ්වරන් අසතුටින් පසුවන්නේ දෙමළ ජීවිත බිලිගැනීමට මාරක සංවිධානයක්‌ බිහිව නැති නිසාද? උතුරේ මහ ඇමැති ලෙස ජනහිතකාමී වැඩපිළිවෙළක්‌ දියත් කිරීමට ඔහුට හැකි වූයේ නැත. බලයට පත් වූදා පටන් මේ මහ ඇමැතිවරයා සිදුකරන්නේ ජාතිවාදය පැතිරවීමය. ඒ ජාතිවාදය පැතිරවීම තුළින් හෝ මියගිය කොටින්ට ප්‍රාණවායුව පිඹීමෙන් ජයග්‍රහණය ලබන්නේ කවරකුද? යළිත් වරක්‌ ලේ වැකුණු අතීතයට දෙමළ ජනයා ඇදගෙන යැමට මොහුට වුවමනා වී ඇති සේය.
 
 වෙල්ලමුල්ලිවයික්‌කාල් හි මහවිරු සැමරුම්වලට සහභාගි වූයේ විග්නේෂ්වරන් පමණි. දෙමළ සන්ධානයේ නායකයන් වුවමනාවෙන් ම මේ සැමරුම් මඟහැර ඇත. එයින් ප්‍රකාශ වන්නේ කවරක්‌ද? මහ විරු සැමරුම් පැවැත්වීමෙන් හෝ ජන සංහාර දින සිහිකිරීමෙන් පලක්‌ නොවන බව විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් අවබෝධ කර ගෙන සිටීමද? විග්නේෂ්වරන් ගෙනයන වැඩපිළිවෙළ නිසා සිදුවන්නේ සිංහල ජනතාව හා දෙමළ ජනතාව අතර පැහැදිලි දුරස්‌ථ භාවයක්‌ නිර්මාණය වීමය. 2009 මැයි මාසයෙන් පසු සංහිඳියාවේ මාවත විවෘත විය. මෙරට සංහිඳියාවට බාධා කළ ප්‍රධාන පුද්ගලයා වන්නේ වේලුපිල්ලේ ප්‍රභාකරන් ය. සිංහල ජනයාට මෙන්ම දෙමළ ජනයාට මාරක බිය ඇති කළ මේ ත්‍රස්‌තයාගේ අවසානය සටහන් වූ පසු සාමයට කැමැති සියලු ජනතාව සැනසුම් සුසුම් හෙළුEහ. එහෙත් දැන් මහ ඇමැතිවරයාගේ නාඩගම් නිසා සිදුවන්නේ සිංහල දෙමළ අවිශ්වාසය තිව්‍ර වීමය.
 
 ප්‍රභාකරන් ද ජන සංහාරයෙන් මිය ගිය පුද්ගලයකු ලෙස විග්නේෂ්වරන් විසින් සලකනු ලබයි. එසේ නම් ප්‍රභාකරන් අහිංසකයෙක්‌ ද? පූස්‌ පැටියෙක්‌ද? වෙල්ලමුල්ලි වයික්‌කාල්හි සිදු කෙරෙන්නේ අහිංසකයන් සිහිකිරීමක්‌ නම් නොවේ. එය ඝාතකයන් සැමරුමකි. යහපාලනය බලයට පත් වීමෙන් පසුව ඝාතකයන් සැමරීම වඩා උත්කර්ෂයෙන් සිදුවේ. යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ද මේ සඳහා එක්‌ව සිටිනු දක්‌නට ලැබිණි. මෙය යහපත් වාතාවරණයක්‌ නොවේ. මියගිය අය සිහිsකිරීමට වඩා මැයි 18 වැනිදා සිදුවන්නේ යළිත් වරක්‌ බෙදුම්වාදී මතවාදය ප්‍රකට කිරීමය. බෙදුම්වාදය නිසා දෙමළ ජනතාවට අත් වූ යහපත කුමක්‌ද? දස දහස්‌ ගණනින් පරලොව යැමට අවස්‌ථාව සැලසීමය. ජාතියට අත් වූ දියුණුවක්‌ නැත. එසේ නම් විග්නේෂ්වරන්ගේa සංහාර දින සමරුවෙන්ද දෙමළ ජනයාට අත්වන යහපතක්‌ නැත.

  නිරිත දිග මෝසම සක්‍රීයවීමත් සමඟ කළු වළාකුළුවලින් අහස්‌ ගැබ පිරීගොස්‌ තිබේ. ඇත්තටම මේවා කළුවලා නොව සුදු කොඩිවල මඟ සලකුණුය. මේ වැසි මාරයාගේ අවදානම කල්තියා හඳුනාගත හැකි විද්‍යාත්මක රේඩාර් පද්ධතියක්‌ මීට වසර 07 කට පෙර එනම් 2011 වසරේ දෙනියාය ගොංගලකන්ද මුදුනේ සවි කරනු ලැබුවේ ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාවේ පෙරළියක්‌ සිදු කරමිනි.

මගියා සුරකිමු

මහජනයාට ප්‍රහාර එල්ල වීම ආරම්භ වී ඇත. ඒ ප්‍රහාර අතින් පයින් එල්ලවන ප්‍රහාර නොවේ. ජීවන බරින් පීඩා විඳින ජනතාවට බස්‌ ගාස්‌තු ප්‍රහාර එල්ලවීමට පටන් ගෙන ඇත. ඉන්ධන මිල ඉහළ යැමත් සමඟම බස්‌ ගාස්‌තු ඉහළ යැමේ පීඩාවත් දරන්නට වන්නේ සාමාන්‍ය මගියාට ය. රුපියල් දහයේ අවම ගාස්‌තුව ද රුපියල් පහළොව කළ යුතු යෑයි පෞද්ගලික බස්‌හිමියෝ කියති. එසේ වුවහොත් නම් පයින් යැම ශරීර සෞඛ්‍යයට මෙන්ම පොකැට්‌ටුවටත් හොඳ වනු ඇත. පෞද්ගලික බස්‌ රථ හිමියන්a ඉල්ලන ආකාරයට ගාස්‌තු ඉහළ නැංවුවහොත් බස්‌ රථයේ ගමනත් ත්‍රිරෝද රියේ ගාස්‌තුවත් අතර වැඩි වෙනසක්‌ නොවනු ඇත. සියලුදෙනාම උත්සාහ දරන්නේ අසරණ මගී ජනතාව පීඩාවට පත් කිරීමට නොවේද? ප්‍රවාහන ඇමතිට එරෙහිව මේ වර්ජන දියත් කරන බව පෞද්ගලික බස්‌ රථ සංගම් පවසන නමුත් ප්‍රවාහන ඇමැති නම් බස්‌ රථයේ ගමන් කරන්නේ නැත. ඉන්ධන මිල ඉහළයැම බස්‌ රථ හිමියන්ටද ප්‍රශ්නයක්‌ බව පැහැදිලිය. නමුත් රටේ ජනතාව දැඩි ආර්ථික පීඩනයක සිටින බව අමතක නොකළ යුතුය. එවැනි අවස්‌ථාවක 20% කම ගාස්‌තු වැඩිවීමක්‌ ඉල්ලා සිටීම ජනතාවට කරන අසාධාරණයකි.

පෞද්ගලික මගී ප්‍රවාහනය ආරම්භ වී දැන් වසර හතළිහක්‌ සම්පූර්ණ වී ඇත. දරාගත නොහැකි ලෙස ගාස්‌තු ගෙවමින් සිදු කරන බස්‌ ගමන සතුටුදායක එකක්‌ නම් නොවේ. එය හිරිහැර දායකය. වෙනත් විකල්ප නොමැති නිසාම සිරවෙමින් දාඩිය පෙරමින් විවිධ අපහසුතා දරා ගනිමින් සිදු කෙරෙන බස්‌ ගමන එක්‌තරා මානසික වධයකි. මහජනයා ලංගමයේ යැමට කැමැති වුවත් ඒ බස්‌ රථ හමුවන්නේ කලාතුරකිනි. ලංගමයට බස්‌ රථ හයදාහක්‌ සතු වුවද පෞද්ගලික බස්‌ රථ විසිහතර දහසක්‌ රටේ ක්‍රියාත්මක වේ. බොහෝ මාර්ගවල ලංගම බස්‌ රථ ධාවනය වනුයේ නැත. ඒ නිසාම ජනයාට විකල්පද නැත. විකල්ප නැති නිසාම පෞද්ගලික බස්‌ රථයට අතදාන්නට මගියාට සිදු වේ. ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලය ඉහළ යනවිට ආණ්‌ඩුවටත් ඉන්ධන මිල ඉහළ නංවන්නට සිදුවේ. එහෙත් ඩීසල්, පෙට්‍රල් සඳහා රජය පනවා ඇති බදු මුදල් නම් අඩු කර නැත. ඒ බදු මුදල් අඩු කර ජනතාවට සහනය සලසන්නට මැති ඇමැතිවරුන්ට සිත් පහල වන්නේ ද නැත. ඔවුහු තීරු බදු රහිතව ගෙන්වූ සැප වාහනවල ගමන් කරති. ඇමැතිවරු කොළඹින් බැහැරව යැමටත් හෙළිකොප්ටර් භාවිත කරති.

නමුත් මගියාට හෙළිකොප්ටර් නැත. පාරේ ගමන් කරන විට අහසේ ගමන් කරන හෙළිකොප්ටර් දැක ගත හැකිය. කවරක්‌ වෙතත් රජය යෝජනා කර ඇති 6.5% ගාස්‌තු වැඩි කිරීම පෞද්ගලික බස්‌ හිමියන්ටත් ප්‍රමාණවත්ය. එයින් ඔවුනට කිසිම පාඩුවක්‌ අත් නොවේ. කෙසේ නමුත් රජයේ බලධාරීන් 12.5%ක ගාස්‌තු වැඩි කිරීමකට ඊයේ එකඟ වී ඇත. මස්‌ රාත්තලම ඉල්ලන පෞද්ගලික බස්‌ රථ හිමියන් හමුවේ ප්‍රවාහන අමාත්‍යාංශය අඩියක්‌ පස්‌සට ගෙන ඇති බව පෙනේ. මගී ජනයා සුරැකීම වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යංශය ක්‍රියා කරන්නේ මෙසේද? අසරණ මගියා වෙනුවෙන් හඬ නගන්නේ කවුරුද?

2012 වර්ෂයේදී මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව විධිමත් ලෙස සැලසුම් කරන ලද වැඩපිළිවෙළක්‌ යටතේ නොවූවද උපාධිධාරීන් 52,000 කට ආසන්න සංඛ්‍යාවක්‌ රාජ්‍ය සේවයට බඳවා ගත්තේය. ඉන් අනතුරුව එම පිරිස විවිධ රාජ්‍ය ආයතනවල සේවයේ ස්‌ථාපිත කළේ විධිමත් ලෙස නොවේ.

වසර 2018 දී නොව වසර 2800 දී වේවා මේ ජය සැමරිය යුතු නොවේද? එහෙත් අද රණවිරු සැමරුම් ගැන ආණ්‌ඩුවේ කැමැත්තක්‌ නැත. මෙරට ත්‍රස්‌තවාදීන්ගෙන් මුදා ගැනීමට දිවිදුන් රණවිරුවන් විසිඅටදහසට ප්‍රණාමය පුද කරන්නේ මෙසේද? අප කළගුණ අමතක කළ ජාතියක්‌ද? විසිදහසක්‌ රණවිරුවන් යුද්ධය නිසා ආබාධිත වී ඇති බව සිහි කරන්නේ කවරෙකුද? එළාර පරාජය වසර දෙදහසක්‌ තිස්‌සේ සිහිකරන ජාතිය ප්‍රභාකරන් පරාජය වසර කිහිපයකින්ම අමතක කිරීම ෙ€දයක්‌ම නොවන්නේද? වසර හයසීයකට පසු ලංකාව එක්‌සේසත් වූයේ 2009 මැයි මාසයේදීය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles